රාවය

විෂයමාලා ජාතික සංවර්ධනයට ගැලපෙන්නේ නැහැ

විෂයමාලා ජාතික සංවර්ධනයට ගැලපෙන්නේ නැහැ

නිමල් අබේසිංහ
ඡායා – ටී නඩරාසා

පේරාදෙණිය විශ්වවිiාලයේ අධ්‍යාපන විiා අංශයේ හිටපු මහාචාර්ය සිල්වි සේනාධීර

පේරාදෙණිය විශ්වවිiාලයේ අධ්‍යාපන විiා අංශයේ මහාචාර්යවරියක ලෙස සේවය කර ඉසිඹු ලබා සිටින සිල්වි සේනාධීර මහත්මිය අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගුරුවරියක ලෙසිනි. විදුහල්පතිවරියක සේම විශ්වවිiාල කථිකාචාර්යවරියක ලෙස ද සේවය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල විෂයමාලා සම්පාදනය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන්, අධ්‍යාපන මනෝවිiාව ආදී අධ්‍යාපනයට සම්බන්ධ විෂයන් රාශියක් අරභයා ග්‍රන්ථ විසි දෙකක් ප්‍රකාශයට පත්කර ඇත්තීය. පර්යේෂණ ඇසුරින් විෂයමාලා සම්පාදනය මෙන්ම ප්‍රතිසංවිධානය පිළිබඳව මහඟු ග්‍රන්ථ කීපයක් ඇය සම්පාදනය කර තිබුණද පාසල් විෂයමාලා සම්පාදනයේ දී ඇයගේ දායකත්වය ලබා ගන්නට ශ්‍රී ලංකා අධ්‍යාපනයට සම්බන්ධ සැලසුම් සම්පාදනය කරන ආයතන පෙළඹී නැත. විෂයමාලා සම්පාදනයේ දී ඇය පළකරන අදහස් අතිශය සාරගර්භ වුව ඒවායින් පල ප්‍රයෝජන ගන්නට ඒ ආයතන යොමු නොවීම කනගාටුදායකය. පාසල් අධ්‍යාපනයේදී විෂයමාලා සම්පාදනය විය යුත්තේ කෙසේද ඒවා සැලසුම් කළ යුත්තේ කුමන ආකාරයට ද ඒ සඳහා පාදක කරගත යුතු කරුණු මොනවාද යන්න කෙරෙහි ඇය දක්වන අදහස් මෙහි පෙළ ගැසේ.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ දී භාවිත වන විෂයමාලා පිළිබඳව ඔබගේ ආකල්පය කුමක්ද?

ශ්‍රී ලංකාවේ විධිමත් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන විධිමත් අධ්‍යාපනය 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිවෙනවා. කනගාටුව මේ මුල් ප්‍රජාවගෙන් විශේෂයෙන් අධ්‍යාපනයේ ප්‍රධාන මංසන්ධියක් වන අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ගේ අනාගතය ගැන සලකන එම පිරිසගේ අභිවෘද්ධියට ගැලපෙන රටේ සංවර්ධනයට ගැළපෙන අධ්‍යාපන සැලසුම් සකස්වෙලා නැ.
විiාත්මක වගේම තාක්ෂණික දැනුම වර්ධනය වන මේ යුගයේ දී ගුරුවරයාගෙන් වාචිකව යමක් නිශ්චිත කාල පරාසයකදී ඉගෙනගෙන පැය තුනක් විතර කාලයකදී ඒ කරුණු ආශ්‍රයෙන් පිළිතුරු ලියන විභාගයකට පෙනී ඉඳලා ගන්න සහතිකය මාර්ගයෙන් ශිෂ්‍යාගේ අනාගතය තීරණය කරන උත්සාහය අධ්‍යාපනයේ සීමාසහිත පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීමට දරන උත්සාහයක් ලෙසටයි මම දකින්නේ. මෙය කාලයක සිට පැවතෙන්නක්. මේ නිසා ශිෂ්‍යයාට අත්වන ඉරණම ගැන අපි තවමත් අවධානය යොමු කර නැහැ.

විෂයමාලා සම්බන්ධයෙන් පවතින ගැටලු ඔබ හඳුනාගන්නේ කෙසේද?

විෂයමාලාවේ ශාස්ත්‍රීය නැඹුරුව ශිෂ්‍යයාගේ පෞද්ගලික සංවර්ධනයට වගේම ඔවුන්ගේ කුසලතා ප්‍රමාණවත් අයුරින් සංවර්ධනය කර ගැනීමට උපකාරී වන්නක් නොවෙයි. එනිසා විෂයමාලා ප්‍රායෝගික කිරීමේ අවශ්‍යතාව ඉස්මතු වී පෙනෙනවා. එසේ ප්‍රායෝගික නොවීම නිසා ඉංග්‍රීසි භාෂාව ප්‍රමාණවත් ලෙස ඉගෙනීමට තිබෙන බාධක, බුද්ධි වර්ධනය, මතකය, සංජානනය, ගැන අවධානය යොමු වී නැහැ. ශිෂ්‍ය හැකියා හා ළැදියාවට අනුකූලව විෂය මාලාව වගේම පාඨ ග්‍රන්ථ ආදියේ වෙනසක් ක්‍රමානුකූලව සිදු නොවීමත් දැකිය හැකියි. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා විෂයන් තෝරාගැනීමට පුහුණු මාර්ගෝපදේශකයින්ගේ මෙන්ම විෂය විශාරදයින්ගේ උපදෙස් ලබාදීමේ මාර්ගත් විරලවී තිබෙනවා.

ඕනෑම විෂයමාලාවක් කලින් කලට සංවර්ධනය විය යුතුයි නේද? ඒ ගැන ඔබගේ දැක්ම කෙබඳුද?

ඔව්, වර්තමාන සමාජයේ මෙන්ම අනාගත සමාජයේ ද ජීවත් වීමට අදාළ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනයට සරිලන සේ විෂයමාලාව සංවර්ධනය කිරීම, නවීකරණය කිරීම අධ්‍යාපන කාර්යයේදී විය යුත්තක්. තවදුරටත් දැනුම ලබා දීම අභාවයට යන සංකල්පයක්.
ඒ වගේම නූතන සංවර්ධන ප්‍රවණතාවන්ට යෝග්‍ය වන ආකාරයෙන් විෂය මාලා සංවර්ධනය විය යුතු වෙනවා. ජාති කුල ගෝත්‍ර ආගම් අතර අනෝන්‍ය සුහදතාව සේම සමස්තයක් වශයෙන් සමාජ ප්‍රවර්ධනයට හේතු වන සදාචාරය, මනුෂ්‍යත්වයේ අගය පිළිබඳ ලබා දෙන විෂයක් තවම නිසියාකාරයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළත් වී නැහැ.

අපට ගැලපෙන විෂයමාලා සැලසුම් කිරීමේදී සැලකිය යුතු කරුණු ලෙස ඔබ දකින්නේ මොනවාද?

අපේ විෂයමාලා සැලසුම් කිරීමේදී ශිෂ්‍ය හැකියාවන් වගේම ළැදියාවන් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ ක්‍රමයක් භාවිත වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලිඛිත මෙන්ම වාචික පරීක්ෂණ ක්‍රම භාවිත විය යුතුයි. එලෙසම විභාග වලදී දුර්වල ප්‍රතිඵල නිසා අසහනයට පත්වන පිරිස් වල යහපත වෙනුවෙන් ද මේ සැලසුම් වලදී අවධානය යොමු විය යුතුයි. අපේ අධ්‍යාපන රටාව තුළ පහ වසරින් පසුව නැවත දැනුම මනින පරීක්ෂණයක් පැවැත්වෙන්නේ එකොළහ වසරේදීය. මේ අතර කාලයේදී ශිෂ්‍යයින්ගේ ළැදියා හා හැකියා මිනිය හැකි පරීක්ෂණ ක්‍රමයක් පැවැත්වීම යෝග්‍යයි. ඒ ඔස්සේ ඔවුන්ට සිය අනාගත වෘත්තීය ලෝකයට පිවිසෙන්නට හැකියාවක් තිබෙනවා. එහෙත් මෙවැනි යෝජනාවක් මුදල් වැය වන්නක් ලෙස කෙනකුට පෙනුනත් එය කළයුත්තක් ලෙසටයි මා දකින්නේ.

බලාපොරොත්තු රැසක් තබාගෙන පාසල් අධ්‍යාපනයට පිවිසෙන දරුවන්ගෙන් වැඩි දෙනෙක් ඉන් පිට වීමෙන් පසුව ඉච්ඡාභංගත්වයට පත් වෙනවා නම් ඒ අධ්‍යාපන ක්‍රමයෙන් ඵලක් වන්නේ නැහැ. එනිසා ශිෂ්‍ය ළැදියා පරීක්ෂා කිරීමේ හැකියාවක් ඇති අධ්‍යාපන ප්‍රායෝගික කරුණු අපට අවශ්‍යයි. ශිෂ්‍ය ළැදියා හා හැකියා පරීක්ෂා කිරීමට අභියෝගතා පරීක්ෂණයක් පැවැත්වීම මෙහිදී වඩාත් වැදගත් වෙනවා.

9වන ශ්‍රේණියේදී ඔවුන්ගේ සාමාන්‍ය දැනුම අනාවරණය කරගත හැකි පරීක්ෂණයක් පැවැත්වීමත් යෝ්‍යයයි. එවැනි ක්‍රමවේද ඔස්සේ ශිෂ්‍ය ලැදියා හා හැකියා හඳුනාගෙන ඔවුන්ට ඉදිරියේදී මොනවගේ අධ්‍යාපනයකට පිවිසිය යුතුද යන්න ගැන මාර්ගෝපදේශනයන් ද ලබා දෙන්න පුළුවන්.

මේ වගේ විෂයමාලා සැලසුම්කරණයෙන් දරුවන්ගේ අනාගත වෘත්තීය ලෝකය ජයගන්න හැකි වේවිද?

දැනුම ශීඝ්‍රයෙන් වර්ධනය වන වත්මන් ලෝකයේ පන්තිකාමරයක් තුළ දී ගුරුවරයාගෙන් පමණක් ලබා ගැනීම අදට වලංගු වන්නේ නැහැ. ඒ වගේම ප්‍රායෝගික දැනුම පන්තිකාමරය තුළදී ලබා දීමත් සාර්ථකව කළ හැක්කක් නොවෙයි. එනිසා ද ශිෂ්‍ය ප්‍රජාව විවෘත ප්‍රායෝගික මධ්‍යස්ථාන වලට යොමු කළ යුතු වෙනවා. පාසල් වේලාවෙන් පසුව කැමති දරුවන්ට මේ සඳහා යොමු වීමට ඉඩ ප්‍රස්ථා සැලසිය යුතු වෙනවා. එවිට ඔවුන්ට පොත පතින් ලත් දැනුම ප්‍රායෝගිකව ක්ෂේත්‍රය තුළ අත්හදා බැලීමට මෙන්ම ස්වකීය නිර්මාණාත්මක අභ්‍යාසයන් කිරීමටත් අවස්ථාව හිමි වෙනවා. මේ ක්‍රමය වර්ධනය කර ගනිමින් විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරගත හැකියි.

අධ්‍යාපන සැලසුම් වලදී ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෙන්ම ඔවුන්ට උගන්වන ගුරුවරුන් කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා ඔබගේ යෝජනා කවරේද?

දුර්වල සිසුන් සිටින පන්තිවල ඉගැන්වීමට පවා ඇතැම් ගුරුවරු අකමැත්තක් දක්වන බව පෙනෙන්නට අද දකින්නට තිබෙන කනගාටුදායක තත්ත්වයක්. මෙය හොඳින්ම පෙනෙන්නට තිබෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව පන්ති දක්ෂ සහ දුර්වල යනුවෙන් වර්ගීකරණයක් කර තිබීමෙන්. මේ දුර්වල යැයි කියන පන්තිවලට ඉගැන්වීමට ගුරුවරු ඉදිරිපන් වන්නේ නැහැ. ඒකටත් හේතුවත් තිබෙනවා. ගුරුවරුන්ගේ කාර්ය සාධනය මනින්නේ විභාග ප්‍රතිඵල මතයි. මෙය මුළුමනින්ම වැරදි සහගතයි. ගුරු සේවයට බඳවාගන්නා සෑම කෙනකුටම ඉගැන්වීම් පිළිබඳව පූර්ව පුහුණුවක් නොමැති නිසා විශේෂයෙන්ම උපාධිධාරීන් සේවයට බඳවා ගන්නා විට ඔවුන්ට පූර්ව පුහුණුවක් ලබාදීමේ වැඩ පිළිවෙළක් තිබෙන්න ඕනෑ. ගුරුවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන අශ්‍රීතව තිබෙන ගුරු පුහුණු පාසල් වලට මේ අය යොමු කළ හැකියි. මේ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් සැකසීමත් අත්‍යවශයි.
ඊළඟ වැදගත්ම කාරණය වන්නේ ශිෂ්‍යයා ගුරුවරුන්ගේ ඉගැන්වීම සාවධානව අසා සිටින්නකු බවට පත් නොකරණ ඉගැන්වීම් ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමයි. ඒනිසා ශිෂ්‍යයා ඉගෙනීමේදී ඇහුම්කන් දෙන්නකු නොකරන ක්‍රියාශිලී, නිරීක්ෂණ ගවේෂණ තුළින් මෙන්ම කණ්ඩායම් ඇසුරෙන් ඉගෙනුම ලබන්නකු බවට පත්කෙරෙන ඉගැන්වීමේ ක්‍රමවේදයක් අපට අවශ්‍යයි.