රාවය

සිංහලයන්ගේ සුන්දර දෙමළ සැදෑව

සිංහලයන්ගේ සුන්දර දෙමළ සැදෑව

නිමල් අබේසිංහ

යමක් හරිහැටි නොවැටහෙන්නේ නම් එය අණ්ඩර දෙමළ යැයි අපේ ජන වහරේ භාවිතා වෙයි. මෙයින් ගම්‍යවන ප්‍රධාන දේ නම් අප දෙමළ භාෂාවට දී තිබෙන තැනය. අනාදිමත් කාලයක පටන් අපේ රටේ සිංහල සහ දෙමළ කතා කරන ජනවර්ග විසුවත් සිංහල අපි දෙමළ භාෂාවට පිළිගැනීමක් දෙන්නට අසමත් වී ඇත්තෙමු. එය ජන වර්ග අතර සහජීවනයට බරපතළ බාධාවක් ද වෙයි. මේ කඩුල්ල බිඳිණු වස් අපූරු ආයතනයක් අගලවත්තේ පිහිටා තිබේ. ඒ ජාතික භාෂා අධ්‍යාපන ආයතනයයි. ජාතික සංවාද සහජීවන සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය යටතේ පිහිටුවා තිබෙන ජාතික භාෂා ආයතනයේ පුහුණුව ලැබුවන්ගේ විසිර යෑමේ උත්සවයක් දක්නට අපට අවස්ථාවක් උදා විය.

සොඳුරු සැඳෑවක්

එය අපූරුතම සොඳුරු සැඳෑවකි. දෙමළ භාෂා පුහුණුව ලැබුවේ වෛiවරුන් වෛiවරියන්ය. මුළු පිරිස 64 දෙනෙකි. එදින ජාතික භාෂා ආයතනය ද්‍රවිඩ මඟුල් ගෙයක සිරිගෙන තිබුණේය. දෙමළ සංස්කෘතික ඌරුවට ජාතික භාෂා අධ්‍යාපන ආයතනය හැඩවැඩ කර තිබුණේද දෙමළ භාෂාව ඉගෙන ගත් පිරිසමය. උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් නලලත කුංකුම තවරා පිළිගත්තෝ වරළස සුදුමල් ගවසාගෙන සාරියෙන් හැඩ වැඩ වු වෛiවරියෝය. ගෙල මල්දම් පළඳවා බුලත් හුරුළු දී පිළිගත්තෝ වෛiවරුය. ඔවුහු ද වෙනදා හුරුපුරුදු යුරෝපීය ඇඳුමට ආයුබෝවන් කියා දෙමළ ඌරුවට සරොම් කමිස වලින් සැරසී හුන්හ.

පිටත සිට බලන්නෙකුට මේ නම් සිංහලයින් යැයි කිසිදු විටෙක නොසිතෙන තරමට ගතින් මෙන්ම සිතින් ද දමිළ වී හුන්හ. දින දොළහක කාලයකදී කෙනකු තුළ මෙතරම් වෙනසක් කරන්නට හැකිවේද යන්න පවා විමතියට හේතු විය හැක්කක් වුව එය එසේ නොවන බව අත්විඳීමෙන් අපි පසක් කර ගත්තෙමු.

පුහුණු විධික්‍රමය

දිනපතා පෙරවරු අටේ සිට රාත්‍රී අට දක්වා නොකඩවා දින එකොළහක් දෙමළ භාෂාව ඉගෙන ගත් ඔවුන් එයින් හෙම්බත් වූ බවක් කිසිදු මුහුණකින් පෙනෙන්නට නොතිබුණේය. ඒ වෙනුවට සෑම මුහුණකම ප්‍රබෝධය, ආත්ම තෘප්තිය මැනවින් පිළිබිඹුව තිබුණේය.

දන්නවද අපි මේ නාට්‍ය ඇතුළු සංස්කෘතික අංග සියල්ල පුරුදු වුණේ එක දවසකින් එක් වෛiවරයකු මා හා පැවසුවේ අභිමානයෙනි. ඒ නිසා ඇතැම් නාට්‍ය පිටපත් ඔවුන් අතේම තබාගෙන වරින්වර බලමින් සිහිපත් කරනු අයුරුද දකින්නට තිබුණි. ඇතැම් ඒවා කටපාඩමින් පැවසූ බව පැහැදිළිව පෙනෙන්නට තිබුණි.

දමිළ සංස්කෘතිකාංග රැසක් තිබූ අතර ඒවා ඉදිරිපත් කිරීමට පූරක භූමිකාව කළ නාදා සහ දේවියගේ රංගනය මෙහිදී කැපී පෙනුණි. ඒ ඔවුන් දෙදෙනාම මතකයෙන් දෙබස් උච්චාරණය කිරීමත් වාස්තවික අභිනයේ සේම රංගන අභිනයේදීත් සුරුවිරුකම් පෑමෙන්ය. ඒ නිසාම දෝ මේ දෙදෙනාගේ රංගනයන් අවසානයේදී උත්සවයට සහභාගී වී සිටි සහජීවන ජාතික ඒකාබද්ධතා ජාතික භාෂා නියෝජ්‍ය අමාත්‍ය අලිසහිර් මව්ලානාගේ මුවින් එක්සලන්ට් (අතිවිශිෂ්ටයි), බෙස්ට් (නියමයි) වැනි වදන් නිරායාසයෙන් නිකුත් විය.
මෙතනට සිමෙන්ති කොට්ටයක් ගෙනත් දැම්මත් දවස් දොළහෙන් දෙමළ ඉගෙන ගන්නවා. මමත් හිතුවේ නැ දවස් දොළහකින් දෙමළ ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ නිසා මම ආවේ අපිව මෙහාට එව්ව නිසා මිසක දෙමළ ඉගෙන ගන්න නම් නෙවෙයි. ඒත් මම හිතුවටත් වඩා මේ වැඬේ සාර්ථකයි. මම මාස කීපයක් ඉඳන් කිළිනොච්චිය රෝහලේ වැඩ කරන්නේ. ඒත් මට දෙමළ කතා කරන්න බැහැ. ලියන්න නම් පුළුවන්. දැන් මට දෙමළ කතා කරන්න පුළුවන්. සිංදු කියන්නත් පුළුවන්.
වඩමුනිවිල් නී සිරිපායි……… ඔහුගේ මුවින් අපූරුවට ළයාන්විතව “උතුරු කොනේ නුඹ හිනැහේ” තනුවෙන් ගීතය ගැයෙයි.
ඔහු ගීතය ගයා අවසන් වන තුරුම මම නිහඬව අසා සිටියෙමි. මේ යොවුන් වෛiවරයා ලහිරු ප්‍රසංග කල්පගේය.

භාෂාවට ආශාවක්

“භාෂාවක් ඉගෙන ගන්න කොට ඒ භාෂාවට අදාළ සංස්කෘතියක් ඉගෙන ගන්න ලැබෙනවා නම් භාෂාව හොඳට ඉගෙනගන්න පුළුවන්. මෙතන උගන්වන්නේ පන්ති කාමරවල සිදු කෙරෙන විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයට නොවෙයි. විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් යොදා ගනිමින් තමයි උගන්වන්නේ. අපිට වෛiවිiාල වලදිත් ඒ වගේ ඉගැන්නුවා නම් අවුරුදු පහකට ඉස්සරත් වෛi විiාවන් ඉගෙන ගන්න තිබුණා.” කල්පගේ වෛiවරයා සිනහසෙමින් කිවේය.

රඟ සොබා

පැරණි සාහිත්‍ය මෙන්ම නූතන ද්‍රවිඩ සිනමාවද මේ ඉගැන්වීමේදී අපූරුවට භාවිත කරගෙනතිබූ බව සංස්කෘතික උළෙලේදී දකින්නට තිබුණි. නූතන දමිළ සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් අනුකරණය කරමින් එකී චිත්‍රපට ගීත ගයමින් රංගනයේ යෙදුන තුරුණු වෛiවරු වෛiවරියෝ එකී රංගනයේ යෙදෙද්දී තමුන් සහමුලින්ම වෛiවරු යන්න අමතක කර දමිළ නළුනිළියන්ට ආවේශ වී සිටියෝය. මාතර මහරෝහලේ පුහුණුව ලබන වෛi ඩබ්ලිව් එල්. ජී. එස්. කුමාර නුදුරේදීම උතුරු නැගෙනහිර රෝහලක සේවයට යන්නට සූදානමින් සිටින්නෙකි.

උත්සවයේ පිළිගැනීමේ කතාව සහ ස්තූති කතාව කළේ වෛi නදීරය. ඔහු හඳුන්වා දෙද්දී ඔහුගේ නම කුමාර් යනුවෙන් පැවසුවේ නම් ඔහුගේ භාෂා උච්චාරණයම ඔහු දමිළයකු බවට සහතික කරනු ඇතිවාට සැක නැත.

මේ අය කැම්පස්වල ලෙච්චරස්ලට වඩා ඉගැන්වීමට දක්ෂයි. මේ අය හොඳ ටේ්‍රනස්ලගෙන් පුහුණුව ලබලා තියනවා. නැත්නම් දවස් එකොළහකින් මේ වගේ දැනුමක් අපට දෙන්න පුළුවන්ද? ඔහු ප්‍රශ්න කරයි.

මොනරාගල මහ රෝහලේ සේවය කරන වෛiවරියක වන ඩබ්ලිව්. එම් විරාජිනී අපූරු කතාවක් කීවාය. ඇය පවසන්නී ලංකාවේ තිබෙන ජාතික ප්‍රශ්නයෙන් 75%ක් දෙමළ භාෂාව සිංහල අයටත්, දෙමළ අයට සිංහල භාෂාවත් ඉගැන්නුවා නම් විසඳන්න හැකි බවය. අපේ ප්‍රදේශයෙත් දමිළ අය ජීවත් වෙනවා. ඒ සිංහල බැරි ඒ අයට ලෙඩක් දුකක් ගැන කීවහම අපිට තේරෙන්නේ නෑ. අපි දෙමළෙන් ඒ අයගේ ලෙඩ රෝග ගැන රෝග ලක්ෂණ ගැන ඇහැව්වොත් ඒ අය කොච්චර සතුටු වේවිද? අපිට දෙමළ භාෂාව උගන්වන කොට ලෙඩ රෝග ගැන කියන ඒවත් ඉගැන්නුවා. දැන් නම් මෙතන දාලා යන්නත් දුක හිතෙනවා. ඒ තරම් ආත්මීය බැඳීමක් මේ ජාතික භාෂා පුහුණු ආයතනය එක්ක මට ඇතිවුණේ.
දෙමළ වුවත් දෙමළ නොදනී

වී.එස්. සෞම්‍යකලා දෙමළ සම්භවයක් ඇති වෛiවරියකි. ඇය ජාතික භාෂා පුහුණු ආයතනයට පැමිණෙන්නේද දෙමළ ඉගෙන ගැනීමටය. සිංහලයන් ඇසුරේ දිවිය ගෙවූ ඇයට යම්තම් මතකයේ ඇත්තේ සීයා සහ ආච්චි කතාකළ දමිළ වදන් කීපයක් පමණය. ඉදින් ඇයට ද දෙමළ ඉගෙන ගැනීමට සිදුව තිබේ. එය ද දිවියේ අපූරු අත්දැකීමකි. මේ වැඩසටහනේදී නිවේදිකාව වූයේ සෞම්‍යකලාය.

“අපිට මේ කොන්සට් එකට පුහුණු වෙන්න කාලයක් තිබුණේ නැහැ. එක දවසක් විතරයි අපිට කාලය තිබුණේ. අනෙක් සෑම දවසකම අපි ඉගෙන ගත්තා. පොඩි කාලෙදිම ළමයින්ට සිංහල දෙමළ වගේම ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්න පහසුකමක් සපයනවා නම් ඉතා හොඳයි කියලයි මම හිතන්නේ.” සෞම්‍යකලා කියන්නීය.
ජාතික භාෂා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයේම ප්‍රාමාණිකයෙකි. ඔහු සිංහල හැසිරවීමේදී මහ කළු සිංහලයෙකි. දමිළ භාෂාවේදීත්, ඉංග්‍රීසියෙදීත් එයට ආවේණික සුරුකමම දක්වයි.

“ව්‍යාකරණ ඉගැන්වීමෙන් තොරව සහභාගීත්ව ආවර්ජනීය හෘදයාංගම බැඳීමේ ඉගැන්වීම් ක්‍රමවේදය මගින් තමයි අපේ භාෂා ඉගැන්වීම සිදු කරන්නේ. එය භාෂාව ඉගෙන ගන්නා අය ඉගැනීමේ කුතුහලය හා ඉගැනීමේ අශාව ඇති කරවන ක්‍රමවේදයක්. ඔබ දකින්න ඇති මෙතනට ආව අය ආපු හැටි සහ පිටත්ව යන හැටි.”
“හැබැයි මෙය පටන් ගැන්ම මූලික හුරුව ලබා දුන්නට පස්සේ ඒ අයගේ උවමනාව අනුව ස්වයං ඉගැනුම් ක්‍රියාවලියෙන් ඒ අයගේ දැනුම වර්ධනය කරගත හැකියි.”
ප්‍රධාන වශයෙන් චිත්‍රපටි නැරඹීම මේ අයට ඉතා වැදගත් වේවී. එතකොට දමිළ සංස්කෘතිය භාෂාව වචන වගේම උච්චාරණ ක්‍රමවේදයත් ඉගෙන ගන්න පුළුවන්. ඒ අතරේ පුවත්පත් එහෙමත් කියවිය හැකියි. කොහොමත් නිරන්තරයෙන් භාෂාව පාවිච්චි කරනවා නම් ඒ අභ්‍යාසයත් ඉතා වැදගත්.
කොහොම වුණත් අණ්ඩර දෙමළ කියන වචනය විතරක් දැනගෙන සිටි මේ අය මෙතනින් පිටවන්නේ සුන්දර දෙමළ දැනගෙනයි. මේ වන විට වෛiවරු 4000ක් මේ පාඨමාලාව හදාරා තිබෙනවා.