අපේක්ෂාභංගත්වයට පිළිතුර වටිනාකම් අධ්‍යාපනයයි – ගුල්බායි ගුණසේකර

පරිවර්තනය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

රට තුළ සිටින සියලු දෙනා රජය කෙරෙහි සෑහීමකට පත් වී නොමැත. අප ඵල රහිතව බලාපොරොත්තු තැබුවෙමු. ඒ වෙනුවට අපි දුටු දේ මෙයයි. ඔවුන්ගේ ආයෝජන ක්‍රීඩාවේ අතීතය සිහිපත් කරමින් අපි ළමයි ලෙස ක්‍රීඩාවේ යෙදුනාක් මෙන් ඇමතිවරු සංගීත පුටු තරඟ ක්‍රීඩාවේ නියැලෙමින් සිටියදී සුපිරි වාහනවල සිටින දේශපාලනඥයෝ එකිනෙකා අතර සාකච්ඡාවල නිරතව සිටිති. ඔවුහු ඔවුන්ගේ සුපිරි වාහන නවතා අරලිය ගහ මන්දිරේ ගේට්ටුව අසල සිටින මාධ්‍යවේදියා සමඟ දිගු වේලාවක් මුළුල්ලේ කතා බහක යෙදෙමින් තව දුරටත් ඔවුන්ගේ උඩඟු බව පෙන්නුම් කරමින් කරුණු ලබන මෝඩ කතා තුළින් අප පීඩාවට පත් කරනු ලබන්නාහ.

ඇත්තෙන්ම අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයන්ගෙන් 80%කට ඔවුන්ගේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම වත් නොමැති බව අපි කීවෙමු. මෙය ඇත්තටම සත්‍යයක්ද? එසේත් නොමැති නම් සියුම් ප්‍රශ්නයකට පිළිතුරක් දිය නොහැකි අය වර්ගීකරණය කිරීම සඳහා භාවිතයේ යෙදෙන අලුත්ම වචනයක් වන ‘අවිඥාපනයද?’

මා සිතීමට මුල පුරමින් සිටිනුයේ දැඩි උද්යෝගයකින් යුතුව පසුගිය ආණ්ඩුව විසින් බැහැර කරන ලද අති විශාල එකතුවකින් සමන්විත සියලු චෝදනා අවසානයේදී අවිඥාපනයක් බවට පත් වනු ඇති බවය. අපි දැන් ඊළඟ මැතිවරණ වලට සමීපව සිටියදී බලයේ සිටි එකදු දේශපාලනඥයකුගෙන් ඔවුන් විසින් බිලියන ගණන් මුදල් ලබාගත් බවට උපකල්පනය කොට එය ආපසු ලබා දෙන ලෙසට ඉල්ලා සිටීම වැදගත් නොවේ. ඒ තරමට ඔවුන් විසින් විශාල මුදලක් ලබා ගත්තාද? සැබවින්ම යමෙක් පුදුමයට පත්වනු නිසැකය. මා සිතීමට මුල පුරමින් සිටිනුයේ ඔවුන් විසින් එසේ නොකළ බවත්, එතරම් විශාල මුදලක් අතිශයෝක්තියෙන් යුතුව සඳහන් කරන්නට ඇති බවත්ය. ගාමිණි දිසානායක මහතා විසින් ඔහු ඕස්ටේ්‍රලියාවේ ඇපල් වත්තක අයිතිකරු බව පවසා සිටි අයුරු මතකද? හොඳයි එය ඉහළ නියෝගයකට අනුව අවිඥාපනයක් බවට පත් වුව ද එය නිශ්ප්‍රභ කිරීමට පළමුව මෙම දිළිඳු මිනිසා සිය දිවි හානි කරගත යුතුය.

මැලේසියානු අගමැතිවරයා නීතිය හමුවට කඩිනමින් ගෙනෙන ලද සිද්ධිය ගන්න. ප්‍රත්‍යක්ෂ ලෙසම ඔහු වැරදිකරුවකු බවට පත්ව සිටි හෙයින් නව ආණ්ඩුව කඩිනමින් ක්‍රියාත්මක විය. පසුගිය ආණ්ඩුව විසින් කරන ලද සියලුම දූෂණ ක්‍රියා සැබවින්ම සත්‍ය නම් ඔවුන් නීතිය හමුවට ගෙන ඒම ප්‍රමාද කිරීමට මහ පොළොවේ තිබෙන්නේ කුමක්ද? නිතර-නිතර පීඩා ගෙන දෙන අයුරින් මහ ඉහළින් වර්ණනා කෙරෙන තරම් පරිමාණයක දූෂණයක් සිදු නොවූ බවට අප විසින් උපකල්පනය කළ යුතුය. සැබවින්ම එහි කිසිදු අතුරු ඵලයක් නොමැත. එසේ නම් අපට විශ්වාස කිරීමට ඇත්තේ කුමක්ද?

දින ගණන් ගෙවී යාමත් සමඟම උනන්දුවකින් යුතුව කියවීම පුවත්පත් විසින් වලක්වා තිබේ. නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු දිවුරුම් දී තිබෙන බව ජුලි 11 වැනිදා මම දුටුවෙමි. මෙවැනි උත්සව වල හා නව පත්වීම් වල නිරර්ථක භාවය ගැන මා කියනවාට වඩා වැඩියෙන් අප තුළ වෛරය ඇති කරයි. මෙම නව පත්වීම් සැබවින්ම අපට උදව් වෙන්නේ කෙසේ දැයි මට ඇසිය හැකිද?

මම නිතරම තාජුඩීන්ගේ මව්පියන් ගැන සිතන්නෙමි. ඔවුන්ගේ ඉච්ඡාභංගත්වය සාමාන්‍ය තරාදියක දමා හෝ මැන බැලිය හැකිද? චෝදනාත්මක ඇඟිලි බොහෝ දෙනකු වෙත යොමු වේ. පැහැදිලිවම වැරදිකරුවන් කිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබියදී හෝ අවම වශයෙන් ඇතැම් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට හෝ කටයුතු කළ යුතුව තිබෙන නමුදු අපට හැගෙන්නේ සමස්ත කාරණය සම්බන්ධයෙන් අධික ලෙස ප්‍රවේශම් සහිත මඟකින් හැසිරෙන බවය. මෙය සහ අනෙකුත් ඒ ආකාරයේ ප්‍රශ්න ගැන දේශපාලන පක්ෂපාතීත්වයක් හෝ අප රැකබලා ගන්නා සංවේදී ආණ්ඩුවක් පමණක් අපේක්ෂා කරන මා වැනි සාමාන්‍ය පුරවැසියන්ගේ මතය තුළ අසහනය ඇති කරන්නේය.

අපගේ තෝරා පත්කර ගන්නා ලද සහ නාමයෝජනා කරන ලද අපේක්ෂකයන්ගෙන් අවංක, සරල දිවි පැවැත්මක් ඇති, අවධානය ලබා ගැනීමේ චේතනාවක් නොමැති, උත්සාහවන්ත වැඩක යෙදවිය හැකිව තිබෙන, මූල්‍ය ගනුදෙනුවලදී විනිවිදිභාවයක් පෙන්නුම් කරන සහ අතිශයින්ම මනා අධ්‍යාපනයක් තිබෙන පොදු මිනිසකු කෙරෙහි සැලකිලිමත් වීමට දක්ෂතාවක් අපට අවැසිය. අ.පො.ස. සාමාන්‍ය පෙළ තරම්වත් අධ්‍යාපන සුදුසුකමක් නැති අපගේ දේශපාලනඥයන්ගේ නිරපේක්ෂ මෝඩකම් අප විසින් පිළිකුල් කළ යුතුය. කාර්යාලයක් පවත්වාගෙන යාමට ඔවුන්ට අවසර දෙන්නේ කෙසේද? දේශපාලන පක්ෂ බැනරයක් යටතේ මැතිවරණයකදී ඡන්දයට පෙනී සිටීමට ඔවුන්ට අවසරය ලබා දීම තුළ අපගේ නායකයෝ සිතන්නේ කුමක්ද? ලෝකය ගැන කියා සිටීමට කිසිවක් නොදන්නා මිනිසුන්ට රටක් පාලනය කිරීමේ සංකීර්ණතාව ගැන අවම වශයෙන් තේරුම් ගැනීමටවත් මුල පුරන්නේ කෙසේද?

අපි අධ්‍යාපනය අරගෙන බලමු. එය මම සම්බන්ධ වී සිටි ක්ෂේත්‍රයයි. එහි පවතින්නේ දැනුමෙහි පිරිහීගිය තත්ත්වයකි. එහි වැඩි දියුණු කිරීම් ඇති කරන්නේ කෙසේද කියා යෝජනා කිරීමට මනා හැකියාවක් තිබෙන රජයේ අධ්‍යාපන පද්ධතියෙන් පරිභාහිර පුද්ගලයන්ගෙන් අධ්‍යාපන ඇමතිවරයා උපදෙස් ලබාගෙන තිබේද? එමගින් විiාගාරය හෝ කොම්පියුටර් හෝ ක්‍රීඩාව හෝ වැඩි දියුණු කිරීම ගැන මම අදහස් නොකරන්නෙමි.

මම අදහස් කරන්නේ ගුරුවරුන් වැඩි දියුණු කිරීමය. ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ට (ඉතා උසස් උපාධි තිබෙන සහ/හෝ ඉංග්‍රීසි කියවීමට හැකියාවක් තිබෙන අය හැර) ඉංග්‍රීසි කියවීමට නොහැකි නම් හෝ සිංහල බසින් ඉගෙනුම ලැබූ සීමාසහිත අධ්‍යාපනයට පරිබාහිර යමකට ප්‍රවේශ වීමට හැකියාවක් ඔවුන්ට නොමැති වීම තුළ කිසියම් පද්ධතියක් වැඩි දියුණු කරන්නේ කෙසේ ද? නිසැකවම ප්‍රමාණවත් පරිමාණයෙන් පරිවර්තන නොතිබේ. බොහෝ තොරතුරු ඉංග්‍රීසි බසින් තිබියදී ඔවුන්ගේම පර්යේෂණවත් ඔවුහු සිදු නොකරති.
අධ්‍යාපන ඇමතිවරයා විසින් සත්තකින්ම දරුවන්ගේ කාරණා වලට උදව් නොවන ටැබ් ලබාදීම සිදු කෙරේ. එය දේශපාලන ඇස් බැන්දුමක් වගේම ප්‍රශ්නයේ මූලය සමඟ ගනුදෙනු නොකිරීමකි. අපිට හොඳ ගුරුවරු අවශ්‍යය. අපට එවැන්නෝ නොමැත! හැකිතරම් උපරිමයෙන් දරුවන්ට මඟ පෙන්විය හැකි සෑම අතකින්ම දක්ෂතා පෙන්නුම් කළ හැකි ආකාරයට පුහුණුවක් ලබා දීම සඳහා වූ වැඩ පිළිවෙළක් අපට නොමැත.

දූෂණය කිරීම් සම්බන්ධයෙන් රජයේ පාසල්වල විදුහල්පතිවරු අත්අඩංගුවට ගැනීමත්, හිංසා පීඩා කිරීම් සම්බන්ධයෙන් ගුරුවරුන්ට චෝදනා එල්ල වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. අධ්‍යාපන ආයතන සහ එහි ප්‍රධානීන් දූෂණ ක්‍රියා වලට සම්බන්ධ බවට පෙළ පොත් මුද්‍රණය කිරීමේදී මහා පරිමාණ වශයෙන් මූල්‍ය අලාභයන් රජයට සිදු වූ බවට යළිත් අවධානයට ලක් වීම සහ අදහාගැනීමට නොහැකි අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කියා කියන්නේ මෙයටද? (ඉගැන්වීමේ ප්‍රමිතියක් සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලයට මඟ පෙන්විය හැකි බොහෝ නගරවල තිබෙන හොඳ පුද්ගලික පාසල් බොහෝමයක් මීට ඇතුළත් නොවන බවට මම ප්‍රත්‍යක්ෂ ලෙසින්ම කිව යුත්තෙමි.)

මා විසින් ලබා දෙනු ලබන උදාහරණ දෙක තුළින් හොඳ සදාචාර සම්පන්න පසුබිමක් සැපයීමට අපගේ අධ්‍යාපනය අසමත්ව ඇති බවට ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරේ. අපගේ ළමයින්ට වසර 9කට අධික කාලයක් පුරා අනිවාර්ය ලෙසින් ආගමික අධ්‍යාපනයක් ලබා දුන්නද එය ළමයින්ගේ මනස්වලට බලපෑමක් සිදු කර නොමැත. මේ බව මෑතකදී සිදු වූ දරුණු අපරාධ දෙකක් මගින් සනාථ කෙරේ.

එක. වයස අවුරුදු 17ක ගැහැනු ළමයකු වයස අවුරුදු 18ක ඇගේ පෙම්වතා සමඟ එක්වී ඇගේ ආච්චි ඇගේ ප්‍රේම සබඳතාවට විරුද්ධ වීම නිසා ප්‍රපාතයකට තල්ලු කොට ඇයව මරා දැමීම.

දෙක. සිතාසියක් රැගෙන පන්සලට පැමිණි පොලිස් නිලධාරියකුගේ ගෙල මිරිකා මැරීමට බෞද්ධ භික්ෂුවක් සම්බන්ධ බවට ජුලි 11 දින වාර්තා වීම.
දරුණුම මිනීමැරුම් කළ මෙම පුද්ගලයින් තිදෙනා කෙරෙහි ආගම කරන ලද බලපෑම කුමක්ද? පාසැල්වල සිටින සමතාවයෙන් යුත් වෙහෙසකර බවින් පිරුණු ගුරුවරුන් විසින් සම්පූර්ණ කරුණු ලබන නීරස විෂයක් බවට ආගම පත් වී ඇති බව මෙයින් පැහැදිලි නොවේද? අප විසින් විෂයක් ලෙස ආගම විෂය ඉගැන්වීම නවතා දමා ඒ වෙනුවට වටිනාකම් අධ්‍යාපන ඉගැන්වීම කළ යුතුය. මම එය ආසියානු ජාත්‍යන්තර පාසලේ අවුරුදු 4ක් මුළුල්ලේ සිදු කිරීම තුළ විශාල බලපෑමක් ඇති කළ අතර එය රජය විසින් ජාත්‍යන්තර පාසල් වලද ආගම ඉගැන්වීමට පවත්වා ගත යුතු යැයි ස්ථිරවම කියා සිටීම තුළ එය නතර කර දැමීමට සිදු විය.

“අවංකත්වයේ හා පුද්ගලිකත්වයේ මුල් මතුවන්නේ අධ්‍යාපනය තුළිනි”(Plutarch) . අපි මෙම විෂයේදී අතීතයේ සිටි දාර්ශනිකයින්ට සවන් දිය යුතුය.