රාවය

ජනාධිපතිවරයාගේ රාජ්‍ය වගකීමත් එක්ක අපි ඉන්නවා මහාචාර්ය උපුල් අබේරත්න

ජනාධිපතිවරයාගේ රාජ්‍ය වගකීමත් එක්ක අපි ඉන්නවා මහාචාර්ය උපුල් අබේරත්න

සංවාදය හා ඡායා – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

හිටපු ජනාධිපතිවරුන්ට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ව්‍යවස්ථාමය ඉඩක් තියෙනවා කියන අදහස ආයෙම වටයකින් ඉස්සරහට ඇවිත් තියෙනවා?

මේ අදහස ගේන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් කණ්ඩායම්ග විශේෂයෙන්ම ජීඑල් පීරිස් සහ චන්දිම වීරක්කොඩි වගේ මන්ත්‍රීවරු ඒ අතර ඉදිරියෙන් ම ඉන්න බව මාධ්‍යයෙන් පේනවාග මෙතනදි ඉස්සෙල්ලාම කියන්න ඕන දේ තමයි නීතිය පිළිබඳ හිටපු මහාචාර්යවරයෙක් වන ජීඑල් පීරිස්ගේ මේ කල්ක්‍රියාව ඉතාම ජුගුප්සාජනකයිග මොකද ඔහු හිතා මතා රටේ ජනතාව නොමග යවනවාග ඔවුන් මේ විදිහට මේ රටේ මිනිස්සු නොමග යවද්දි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය පිළිබඳ අවබෝධයක් තියෙන කණ්ඩායමක් විදිහට මෙතනදි අපිට නිහඬව ඉන්න බෑග
කොහොම වුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තනියෙන් ඉදිරිපත් වෙලා උසාවියෙන් විමසයි කියලා හිතන්න විදිහක් නෑ තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්ද කියලාග ඒත් ඔහු ඒ විදිහට ඉදිරිපත් වුණොත් මේ රටේ සිවිල් පුරවැසියන් හැටියට අපිත් ඉස්සරහට එනවා.

මේ තර්කයේ පදනම විදිහට ඔවුන් ගේන්නෙ දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන්නේ නෑ කියන කාරණය?

මේක පදනමක් තියෙන තර්කයක් නෙමෙයිග දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අතීතයටත් බලපානවා කියන එක ගැන අධිකරණය දැනටමත් තීන්දුවක් දීලා තියෙනවා. අපි දන්නවානෙ වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය කොච්චරද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුවා කියලාග එතනදි අධිකරණ තීන්දුව පදනම් කරගත්තෙ දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනයග ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේ ඉන්න ජනාධිපතිවරයාටත් දහ නම වන සංශෝධනය අදාළයි කියලාග ඉතිං ඒ වගේ පසුබිමක් තුළ මහින්දවාදීන් මේ විදිහේ අදහසක් ඉදිරිපත් කළත් ශ්‍රේෂ්ඨාධිකරණයට මීට වඩා වෙනස් තීන්දුවක් ගන්න පුළුවන්කමක් නෑ.

ඒ නිසා ඉතාම පැහැදිලිව පේනවා මේ අය මේ කරන්නේ බොරුවක්ග මේ අය මෙහෙම දේවල් සමාජගත කරන්නේ මේ පිළිබඳ කාරණා නොදැන වෙන්න බෑග දේශපාලන සාක්ෂරතාව නැති සහ දේශපාලනය පිළිබඳ අවබෝධය අඩු පිරිසකට මේ වගේ මුසාවක් තාවකාලිකව පවත්වාගෙන යන්න තමන්ට පුළුවන් කියලා ඒ අය දන්නවාග ඒ නිසා තමයි මහාචාර්ය ජීඑල් පීරිස්ලා වගේ අය මේ විදිහේ ප්‍රබන්ධයක් ගොතන්නේ. ප්‍රබන්ධ කියන්නේ සත්‍යය නෙමෙයිග ඒවා තියෙන්නෙ පරිකල්පිත ලෝකයේ.

මේ විදිහේ මිථ්‍යාවක් ගොඩනැගුවට එය සැබෑ ලෝකයට ගේද්දි ගැටලුවක් ඇතිවෙනවා. ඒ වගේ තත්ත්වයක් තුළ මෙහෙම මතවාදයක් ගොඩ නගන එකේ අර්ථය මොකක් කියලද ඔබ කල්පනා කරන්නේ?

ඒකාබද්ධ විපක්ෂය කියන එක පදනම්වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගිලා තියෙන වර්ගෝත්තමවාදී අදහස් මතග එක පුද්ගලයෙක් වටේ බලය කේන්ද්‍රගත විය යුතුයි කියලා හිතන පිරිසක් විසින් දේශපාලනික තලයේ අතිකරනු ලබන මිථ්‍යාවන් හරහා ගොඩනගන ලද දෙයක් තමයි මේ වර්ගෝත්තමවාදයග ඒකාධිපති පාලනතන්ත්‍ර සියල්ල තුළම පාහේ නායකත්වාභිවන්දනය කියන එක හිතා මතා පවත්වාගෙන යනවා. නායකයා වැරදි කරන්නෙ නෑ කියන මිථ්‍යාව ඒ එක්ක සමාජගත කරනවාග මේ විදිහේ පාලනතන්ත්‍රයන් තියෙන ලෝකයේ වෙනත් රටවලිනුත් පේන දෙයක් තමයි, මේ විදිහේ මිථ්‍යාවන් පරාජය වුණත් ඒවා ටික කාලයක් යනකන් ඒ රටේ ජනතාවගේ හිත්‍ තුළ තවදුරටත් ක්‍රියාත්ම වෙනවාග ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ වැරදි කරන්නේ නෑ ඔහුගේ පවුලේ අය විතරයි වැරදි කරන්නේ කියන එක සමහර මිනිස්සු හිතන්නේ.

ඒත් නායකත්වය ඒ විදිහට පින්තාරු කරමින් ගෙනියන මේ ව්‍යාපෘතිය දහනමවන ව්‍යවස්ථා සංශෝධනය නිසා අවුලට ගියාග මොකද ඒ විදිහට පින්තාරු කළ චරිතයට තවදුරටත් ජනාධිපතිවරයෙක් විදිහට ඉදිරිපත් වෙන්න බෑ කියන කාරණය ඒ නිසා මතුවුණාග ඒ වගේම පක්ෂය ඇතුළෙත් රාජපක්ෂ පවුල ඇතුළෙත් විශාල අර්බුද නිර්මාණය වුණාග ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් දාලා මේ අර්බුදය ජයගන්න බැරිබව තේරුණාග මොකද සිංහල නොවන ජනතාව විතරක් නෙමෙයි බොහෝ කාලයක් පක්ෂය ඇතුළේ ඉන්න අය පවා ඔහුට කැමැත්තක් නැති බව තේරුණාග කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වගේ දිගු කලක් දේශපාලනයේ සිටි අය මේ පිළිබඳව දක්වන ප්‍රතිචාර දිහා දැක්කාම ඒ බව ඉතාම හොඳින් පැහැදිලි වෙනවාග ඒ වගේම බැසිල් රාජපක්ෂ පිළිබඳව මේ රටේ කොහොමටවත්ම වැදගත් චිත්‍රයක් නෑග ඉතිං මේකෙන් තාවකාලිකව හරි ගැලවෙන්න තමයි ජීඑල් පීරිස්ලා වගේ අය මේ මතේ ගෙනියන්නේග අනික් වැදගත් කාරණාව තමයි මහින්ද රාජපක්ෂ තමන්ගේ විස්තෘත පවුල ගැන හිතනවාට වඩා තමන්ගේ න්‍යෂ්ටික පවුල ගැන කල්පනා කරනවා.

නාමල් බලයට ගේනතුරු තමන් පිළිබඳ මතවාදී පරිවාරයන් ආරක්ෂා කරගැනීම මහින්ද කරන බවද ඒකෙන් ඔබ අදහස් කරන්නේ?

ඔව් ඒක ඉතාම පැහැදිලියිග මේ වෙලාවේ ඔහුගේ ප්‍රධානතම අරමුණ මේ සඳහා පිඹුරුපත් සකස් කිරීම තමයිග ගෝඨාභය බලයට ගෙනඒම ගැනත් බැසිල්ව බලයට ගෙන ඒම පිළිබඳවත් පක්ෂයට තුළට වඩා පවුල තුළ ගැටලු තියෙන බව පේනවා.

මහින්ද රාජපක්ෂ දන්නවා නාමල් බලයට ගේන්න තරම් තවම මෝරලා නෑ කියලාග හැබැයි ඔහු ඉතාම සැලසුම් සහගත විදිහට ඔහුට අවශ්‍ය පසුබිම සකසනවා. වෙන එකක් අවශ්‍ය නෑ. ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක විදිහට පවා පත් කරන්නේ නාමල් රාජපක්ෂගේ සුවච කීකරු ගෝලයෙක්ග ඒක ගෝඨාභය පවා විශ්මයට පත් කරන කරුණක්ග ඒකෙන්ම පේනවා නාමල් තමයි මේ ව්‍යාපෘතියේ අභිලාෂය කියලා.

අනික මේ රටේ මිනිස්සු දකින්නෙ නැති කරුණ තමයි රාජපක්ෂ පවුල සූක්ෂ්මව සලකුණක් හදාගන්නවාග කුරහන් සාටකය කියන්නේ ඒ සලකුණග මේකෙ ඇති කුරහනක්වත් මොකුත් නෑග මේවා කථිකාමය වශයෙන් සියුම්ව ගොඩනගපු සංකල්පග අනික කුරහන් සාටකය කියන මිථ්‍යාවට ඔය පාට ආවේ කුරහන්වලින් නෙමෙයි සුද්දාගේ සපත්තුවෙන් කියලා කතාවකුත් තියෙනවාග

ඔබ නිතර පෙන්වා දුන් කාරණයක් තමයි මහින්ද රාජපක්ෂ මහතාට නැවත මේ රටේ අගමැතිවරයා හැටියටවත් ඉදිරිපත් වෙන්න බෑ කියන එක. ඒත් ඒ අදහස පිළිබඳව විකල්ප ඉදිරිපත් වුණා?

ඔව්ග මුලින්ම කියන්න ඕනෑ, මේ පිළිබඳව මැදිහත් වෙන්න වර්තමාන ජනාධිපතිතුමාට රාජ්‍ය වගකීමක් තියෙනවා කියන එක.
ඒකාබද්ධ විපක්ෂය මේ වගේ මිථ්‍යා මතවල රට අතරමං කරද්දි සහ හිටපු ජනාධිපතිවරයා දිගින් දිගට ඒකාබද්ධ විපක්ෂයේ එල්ලී රට අර්බුදයට ලක් කරමින් ඉන්නකොට වර්තමාන ජනාධිපතිවරයා කරන්න ඕනැ තමාම ඉදිරිපත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසන එකග ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තවදුරටත් අග්‍රාමාත්‍ය තනතුරට පත්විය හැකිද කියන එකග ජනාධිපතිතුමා ඒ පියවරට ගියහොත් පුරවැසියන් හැටියට ඒ වෙනුවෙන් අපිත් අපේ කරුණු දක්වන්න ඕනෑම වෙලාවක සූදානම්.

මේ දේ මේ වෙලාවෙ කරන්න පුළුවන්නෙ ජනාධිපතිතුමාට විතරයි. එතුමා ඒකට ඉදිරිපත් වුණේ නැත්නම් ඒ සඳහා ජනතාව විදිහට අපිට ගොඩක් කාලයක් බලාගෙන ඉන්න වෙනවාග ඒ ඔහු මැතිවරණයකින් තේරීපත්වෙලා අගමැති තනතුරේ වැඩ බාරගන්න සූදානම් වන තෙක්ග ඒත් එච්චර කාලයක් ඉඳලා මහ ජනතාව හැටියට අප ඒ දේට බහිනකම් ඉන්න එක නෙමෙයි මේ වෙලාවෙ ජනාධිපතිතුමා කරන්න ඕනග මොකද මේ ගැටුම නිරාකරණය කිරීම අරබයා කලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ බලය සහ වගකීම තියෙන්නේ එතුමාට.

දහනමවන ව්‍යවස්ථා සංශෝධනය හරයක් විදිහට ගත්තාම කියන කාරණය තමයි ධුර දෙකකින් පස්සේ ජනාධිපතිවරයා විශ්‍රාම ගන්න ඕන කියන එක. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන අනුව අගමැති තනතුරට පත්වන තැනැත්තා අවස්ථානෝචිත පරිදි ජනාධිපති තනතුරේ වැඩබලන්න ඕන. ජනාධිපති තනතුරට තරග කරන්න බැරි නීතියෙන් ම ඒ සඳහා ඉඩ අහුරලා තියෙන පුද්ගලයෙක්ට කිසිසේත්ම පුළුවන්කමක් නෑ. ජනාධිපති තනතුරක වැඩ බැලීමට සිදුවන තනතුරකට පත්වෙන්නග ඒ නිසා දහනමවැනි ව්‍යවස්ථාවේ සාරයක් විදිහටම කියවෙනවා දෙවරක් ජනාධිපති ධුරයේ හිටි කෙනෙක්ට අගමැති තනතුරට පත්වෙන්නත් බෑ කියලා.

ඔබ ඇහුවා වගේල මම මේ මතය කිව්වට පස්සෙ සමහර නීතිවේදීන් කියලා තිබ්බා නෑ එහෙම නෑ මහින්ද රාජපක්ෂට පුළුවන් අවශ්‍ය නම් අග්‍රාමාත්‍ය තනතුරට පත්වෙන්න කියලාග ඔවුන් කියන විදිහට ජනාධිපතිවරයාට යම් ගැටලුසහගත තත්ත්වයක් ඇති වුණොත් ඔහු වෙනුවෙන් වැඩ බලන්න කතානායකතුමාට පුළුවන්ග එතකොට සමාජයක් විදිහට රටේ දේශපාලනය ගැන ඇතිවෙන්නේ ඉතාමත් අජූත චිත්‍රයක්ග යම් රටක ජනාධිපතිවරයා වෙනුවට කතා නායකවරයාට වැඩ බලන්න පුළුවන් වෙන්නේ ඒ රටේ ඇමතිවරයාත් නැති අවස්ථාවක හා අගමැතිවරයාත් සම්බන්ධ ගැටලුවක් තියෙන අවස්ථාවක විතරයිග කතානායකවරයාටත් එහෙම දෙයක් තිබුණොත් තමයි ජනාධිපති ධුරයේ වැඩ බැලීම තාවකාලිකව අග්‍රවිනිශ්චයකාරයාට හිමිවෙන්නේ.
ඒ නිසා හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකරන්න යන මේ කටයුතුවලට එරෙහිව ජනාධිපතිවරයා මැදිහත් වෙන්න ඕනග කලින් කිව්වා වගේ එතකොට අපි අපේ යුතුකමත් කරනවාග