රාවය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

මේ දිනවල කොළඹ පුරවරයේ බොහෝ තැන්වල “රාජිත -භඨධ කුමන්ත්‍රණය පරදවමු! රෝගි ජීවිත අනතුරේ !! ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අත නොතබනු” යනාදි සටන් පාඨ ඇතුළත් පෝස්ටර් දැකිය හැකිය. එපමණක් නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරිය යුතු බවටත් එය රැකගත යුතු බවටත් සඳහන් ප්‍රවෘත්ති, තීරු ලිපි, සම්මුඛ සාකච්ඡා, සහ විශේෂාංග වලින් පුවත්පත් පිටු පිරී ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා වෛi සභාව තුළ බරපතළ ගැටලුවක් තිබෙන බව පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකා වෛi සභාව ස්ථාපිත කරන ලද්දේ වෛද්‍ය ආඥා පනතේ 1998/40 දරණ සංශෝධනය කිරීම තුළය. එහි ඉපැරණි නාමය වන්නේ ‘ලංකා වෛi සභාව’වන අතර එය ස්ථාපිත කරන ලද්දේ අංක 1924/24 දරණ වෛi සභා ආඥා පනත අනුවය. ඒ අනුව ශ්‍රී ලංකා වෛi සභාව ක්‍රියාත්මක වනුයේ අවුරුදු 94ක් ඉපැරණි පනතක් තුළින් බව අප අමතක කළ යුතු නොවේ. මෙම පනතට සංශෝධන ගණනාවක් ගෙන එනු ලැබුවද එහි අත්තිවාරම අවුරුදු 94ක් පැරණිය. අවුරුදු 94ක් යනු ශ්‍රී ලංකාවේ සම්මත උපරිම ආයු කාලයද ඉක්මවා යාමකි. ශ්‍රී ලංකා වෛi සභාව පත්වාගෙන යනු ලබන්නේ ජනතා බදු මුදල් වලින් වන හෙයින් එය මුළුමනින්ම විනාශ කර දැමීමද ජාතික අපරාධයක් බව කීමට අටුවා ටීකා අවැසි නොවේ. එය එසේ වුවද ශ්‍රී ලංකා වෛi සභාව තුළ තිබෙන ගැටලු හුදු පිළිකාවක් බවට පත්ව ඇති බව කිවයුතුය. මෙම පිළිකාව පොදු සමාජය තුළ දැනුවත්ව තිබෙන පිළිකාවට වඩා අතිශය සංකීර්ණය.

ලංකා වෛi සභාවේ (ක්‍ැහකදබ ඵැාසජ්ක ක්‍දමබජසක) මුල්ම රැස්වීම ක්‍රි.ව. 1925 ජුනි මස 22 වැනි දින පස්වරු 3.00ට කොළඹ වෛi පුස්තකාල ශාලාවේ පවත්වා ඇති අතර එහිදී වෛiවරු දස දෙනකුගෙන් සමන්විත වෛi සභාවක් පිහිටුවා ගන්නා ලදී. මුල්ම සභාපතිවරයා බවට පත් වූයේ වෛi එන්. ඩන්කන් වෝකර් (ෘරග ෘමබජ්බ උ්කනැර) මහතාය. එම සභාවේ ලේඛකාධිකාරිවරයා ලෙස මහාචාර්ය එෆ්. ඕ. බි. එලිසන් (ඡරදග ත්‍ග ධග ඊග ෑකකසිදබ) මහතා කටයුතු කළ අතර ක්‍රි.ව. 1930 දක්වා එහි රැස්වීම් වෛi පුස්තකාල ශාලාවේ පැවැත්විණ. මෙම සභාවේ ලිපිකාර සහ ලේඛන කටයුතු වෛi විiාලයීය සේවක මණ්ඩලය විසින් සිදු කර තිබෙන අතර එම සේවාව ක්‍රි.ව. 1986 දී වෛi පීඨය තුළ වෛi සභාවට පරිපාලන කාමරයක් පිහිටුවන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිණ.
ක්‍රි. ව. 1948 දි පටන් ශ්‍රී ලංකාව ගොඩ නැඟීමට රට පාලනය කරන ලද දේශපාලනඥයන්ට ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතු කොට ගෙන සමාජය තුළ බොහෝ විෂමතා හටගෙන ඇත. ඒ අනුව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීමටද ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබී නැත.

ලංකාවේ අලුත් තත්ත්වය

වෛද්‍ය අරගල වල යෙදෙන බොහෝ දෙනෙක් පුද්ගලික වෛද්‍ය  විiාල පිහිටුවීමට විරුද්ධ වන අතර ශ්‍රී ලංකා පොළොවේ පුද්ගලික වෛද්‍ය විiාල බිහි කිරීමට ඉඩ නොදෙන බවත් එවැනි විiාල බිහි වීම තුළින් සුදුසුකම් නොමැති වෛiවරු බිහිවී රෝගීන්ගේ ජීවිත වලට බරපතළ හානියක් සිදු කරන බව ශපථ කරති. සැබවින්ම ඔවුන් එසේ කියා සිටිනුයේ රෝගීනට තිබෙන අපරිමිත දයාව නිසාමද? පැහැදිලිවම නොමැත. ඒ තුළින් විiමාන වනුයේ ඔවුන්ගේ බඩගෝස්තරවාදී හා බලලෝභී ගෝත්‍රික හැඟීම්ය. විදේශීය විශ්වවිiාල වලට ගොස් වෛi විiාව ඉගෙන ගන්නා ශ්‍රී ලංකේය සිසුන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ සායනික පුහුණුවේ ගුණාත්මකභාවය ගැන පරීක්ෂා කිරීම සඳහා අදාළ විශ්ව විiාල වලට ගොස් පරීක්ෂා කිරීමට පුද්ගලික වෛi විiාල ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අකමැති වෛiවරු කටයුතු කර තිබේද? ඉතා පැහැදිලිවම නොමැත. ඒ අනුව තමන් ගැනම පමණක් සිතන පතන වෛiවරුන් සිටින ශ්‍රී ලංකාව වැනි රටක ශ්‍රී ලංකා වෛi සභාව කඩා වැටීමට ලක් වීමද වැලැක්විය නොහැක. ශ්‍රී ලංකා වෛi සභාවේ සභාපති ධූර දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලංකා වෛi සභාව පිළිබඳ ආකල්ප මොනවාද යන්න විමසීමේදී ඔවුන් විසින් දක්වන ලද ප්‍රතිචාර තුළින් වෛiවරු තුළ තිබෙන නරුම ආකල්ප තේරුම් ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා වෛi සභාව ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් එහිදී වෛi ආඥා පනත සංශෝධනයට ලක් කිරීම ප්‍රධාන තැනක් ගන්නා බවත් ඔවුහු පැවසූහ. තවද ඔවුන් සභාපති ධූරය දැරූ කාල සීමාව තුළදී වෛi සභාව ගොඩනැගීමට අවශ්‍ය කටයුතු කිරීමට වෛiවරුන්ගෙන්ම බාධා එල්ල වුණු බව ඔවුන් දෙදෙනාම පැවසූ අතර තමන්ගේ සේවා කාලයේදිත් වැඩි කොටසක් වෛiවරුන්ගේ සයිටම් අරගලය වෙනුවෙන් තම කාලය වැය කිරීමට සිදු වූ බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය.

ඔවුන් දෙදෙනාට පමණක් ඇහුම්කන් දී තීරණවලට එළඹීම යුක්ති සහගත නොවන හෙයින් සෞඛ්‍ය අමාත්‍ය වෛi රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛi නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය, වෛi විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති වෛi එස්. ආර්. විජයසිංහ යන මහත්වරුන්ට පමණක් නොව රාජ්‍ය සේවා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, වෛi පීඨ සිසුන්ගේ මව්පිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් සමඟද සංඥා දුරකතනය මගින් සංවාදයක යෙදෙමින් ශ්‍රී ලංකා වෛi සභාව තුළ හටගෙන තිබෙන අවුල කුමක්ද? ඒ අවුල විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විමසුවෙමි.

වෛi ආඥා පනත සංශෝධනයට ලක් කිරීම, ශ්‍රී ලංකා වෛi සභාව ජනතාවාදී වෛi සභාවක් බවට පත් කරමින් එංගලන්තයේ මෙන් වෛi සභාවේ සංයුතියේ මෙන් වෙනසක් කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් එම සභාව විසුරුවා හැරීමට යන බව සඳහන් ප්‍රචාරය අමූලික බොරු බවත් සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය.

වෛi අනුරුද්ධ පාදෙණිය මහතාට අනුව ශ්‍රී ලංකා වෛi සභාව අඩු සුදුසුකම් තිබෙන සිසුන් වෛi විiාලවලට බඳවා ගැනීම අනුමත කර ඇත. විදේශීය වෛiවරු ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හෝ ඔවුන්ගේ මව් රටින් සේවා සහතිකයක් ගෙන ඒම නීත්‍යනුකූල අවශ්‍යතාවක්ව තිබියදී ඒ ගැන නොතකා ක්‍රියාකර එම වෛiවරුන් රජයේ රෝහල්වල සේවයේ යෙදවීම සම්බන්ධයෙන් මෙන්ම වෛi අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට සිදුවන හානිකර තත්ත්වය ගැන ලංකා වෛi සංගමය තුළ ප්‍රශ්න කරන තම සංගමය කෙරෙහි ඔවුන් අප්‍රසාදය පළ කරන බවත් කියයි. වෛi සභාවේ සංයුතිය වෙනස් කිරීම සාකච්ඡා කොට සම්මුතියකට එළඹීම වෛi සභාවේ උන්නතිය උදෙසා ගන්නා ක්‍රියාමාර්ග වලට කිසිදු විරෝධතාවක් නොමැති බවද ඔහු පැවසූ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රකාශ කළේ වෛi සභාවේ සංයුතිය කිසිසේත් වෙනස් නොකොට වර්තමානයේ පවතින අයුරින් පවත්වාගෙන ගොස් එහි අඩුපාඩුකම් තිබේ නම් ඒවා සකස් කරගත යුතු බවය.

වසන්ත අල්විස් මහතාට අනුව වෛi සිසුන් වෛi සභාවේ සංයුතිය වෙනස් කොට වෛiවරුන් නොවන අය ඊට ඇතුළත් කර ගැනීමට එරෙහි මතවාදයක සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාට සාමාජිකයන් බඳවා ගැනීමට තිබෙන අයිතිය අහෝසි කළ යුතු බවත්ය.
විශේෂඥ වෛi සංගමය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය වන්නේ වෘත්තීය සමිති වලින් සමාජිකයන් බඳවා නොගෙන එංගලන්තයේ මෙන් සංයුතියේ වෙනස්කම් සිදු කිරීමට විරෝධතාවක් නොමැති බවත් ඒ සියල්ලට පළමුව වෛi ආඥා පනත සකස් විය යුතු බවත්ය. එමෙන්ම ක්‍රි.ව. 2006 දී වෛi ලලිතා මෙන්ඩිස් මහත්මිය වෛi සභාවේ සභාපති ධූරය දරන යුගයේදී වෛi ආඥා පනත සකස් විය යුතු ආකාරය කෙටුම්පත් කළ බවත් එය සංශෝධිත පනතක් ලෙස නීතිගත කර ගැනීමට අපහසු වීම අඩුපාඩුවක් බවත් පැවසීය.
ශ්‍රී ලංකා වෛi සභාව ජනතා බදු මුදල් වලින් නඩත්තු වන අතර ඒ සභාව තුළ වෛiවරුන්ගේ ඒකාධිකාරයක් දැකිය හැකි බවත් වෙනත් රටවල මෙන් වෛiවරු නොවන නියෝජිතයන් ඊට පත්කර ජනතාවාදී ආයතනයක් බවට පත් කළ යුතු බවත් සමන් රත්නප්‍රිය මහතා කීය.

ඒ අනුව ශ්‍රී ලංකා වෛi සභාව තුළ කිසියම් ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බවත් වෛi ආඥා පනත සංශෝධනය කළ යුතු වාතාවරණයක්ද උදා වී තිබෙන බව පැහැදිලිය.
ශ්‍රී ලංකා වෛi සභාවේ වර්තමාන සංයුතියට අනුව සමාජිකයින් 25 දැනට සිටින අතර සෑම වෛi පීඨයකම පීඨාධිපතිවරයා සාමාජිකයකු ලෙස පිළිගැනීම තුළ වෛi පීඨ වෙනුවෙන් 8 දෙනකුද, වෛi අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයා, දන්ත වෛi සංගමයේ නියෝජිතයකු, ශික්ෂණ රෝහල් භාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන රජයේ රෝහල් වල සේවය නොකරන හෝ රජයේ සේවයෙන් විශ්‍රාම ගිය වෛiවරු හතර දෙනකු, ශ්‍රී ලංකා වෛi සංගමයේ ඡන්දයෙන් පත් වන වෛiවරු 8, රජයේ ඇපොතිකර වෛi සේවා නියෝජිතයා යනාදී වශයෙන් නියෝජනය වීමක් සිදු කෙරෙන අතර ඒ සියලු දෙනා වෛiවරු වෙති. මෙම සභාවට පත් වන සෑම සාමාජිකයකුම වෛiවරයකු විය යුතු බව වෛi ආඥා පනතේ 1987/20 සංශෝධනය යටතේ සඳහන් කොට තිබේ.

අනේකවිධ අවුල්-වියවුල් සහගත තත්ත්වයන් ශ්‍රී ලංකා වෛi සභාව තුළ තිබුණද දකුණු ආසියාතික රටවල්වල තිබෙන වෛi සභා හා සැසඳීමේදී එය ඉහළ ස්ථානයක පවතින බවද පිළිගත යුතු සත්‍යතාවකි.
කෙසේ වුවද ලෝකයේ වෛi විiාල, වෛi සභා අතර එංගලන්තයේ පිහිටි වෛi සභාව සහ වෛi විiාල අග්‍රගණ්‍ය ස්ථානයක තිබෙන බවට ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබේ. එංගලන්තයේ වෛද්‍ය සභාව 12 දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් සය දෙනෙක් වෛiවරුන් හා ඉතිරි සය දෙනා වෙනත් වෘත්තිකයෝ වෙති. එංගලන්තයේ එම පූර්වාදර්ශය ලොව අනෙකුත් රටවල් කිහිපයක් විසින් සැලකිල්ලට ගෙන තම රටවල වෛi සභාවේ සංයුතිය සකස් කිරීමේදී වෛi වෘත්තියෙන් තොර පුද්ගලයන්ද යොදා ගෙන තිබේ. ඒ අනුව නවසීලන්තයේ වෛi සභාව 12කින් සමන්විත වන අතර වෛiවරු සිටින්නේ 4 දෙනකු පමණි. අන් අය වෙනත් වෘත්තිකයෝ වෙති. අයර්ලන්තයේ වෛi සභාව සාමාජිකයන් 25 දෙනකු සිටින අතර වෛiවරු 12ක්ද වෛiවරු නොවන පුද්ගලයෝ 13ක්ද ඊට ඇතුළත් වෙති. කැනඩාවේ වෛi සභා සාමාජිකත්වය 50 දෙනකු වන අතර වෛiවරු 24ක් සිටිති. අවශේෂ සියලු දෙනා වෙනත් වෘත්තිකයින් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කිරීමක්ද දැකිය හැක. මෙම වෛi සභාව තුළ වෛi සිසුන් වෙනුවෙන් නියෝජිතයන්ද සිටීම සුවිශේෂිතය. මෙයාකාර වෛi සභාවක් ශ්‍රී ලංකාවේ කවදා බිහි වේවිද? එය කිසිදා සැබෑ නොවන සිහිනයක්ම විය හැකිය.
ශ්‍රී ලංකා වෛi සභාවේ සභාපති ධූරයේ සිටි මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ ඉල්ලා අස් වීමත් සමඟම එම ධූරයට වෙනත් කෙනකු පත් කර ගැනීමට නොහැකිව මසක් පමණ කාලයක් ගතවී ඇත්තේය. ඒ සඳහා සුදුස්සකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා රජය අසමත් වී තිබෙන්නේ ඇයි? ඊට මූලික හේතුවද ගෝත්‍රිකත්වයයි. දේශපාලනඥයෝ තමන්ට හිතවත් අය එම තනතුරට පත් කරගෙන තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරති.

ශ්‍රී ලංකා වෛi සභාව වෛiවරුන්ගේ ඒකාධිකාරියක් නොවිය යුතු බවත් එය ජනතාවාදී විය යුතු බවත් කියන වෛi සේවාවට අනුබද්ධ වෘත්තිකයන්ගෙන් ප්‍රවේශම් වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගබලා ගත යුතුය. එම වගකීම ජාතික වගකීමක් මෙන්ම ජාතික යුතුකමක් ලෙස සලකා ශ්‍රී ලංකා වෛi සභාව නිර්දේශ පාලනිකරණය කොට වෛiවරු සහ උගත් බුද්ධිමත් වෛiවරුන් නොවන වෘත්තිකයන්ගෙන්ද සමන්විත ස්වාධීන වෛi සභාවක් ගොඩ නැගීමට උත්සුක විය යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකා වෛi සභාවේ සංයුතිය පහත දැක්වෙන අයුරින් සැකසෙන්නේ නම් එය වෛi සභාව, වෛiවරුන් සහ රෝගීන්ගේ සෞඛ්‍යයට හිතකර වනු ඇතැයි හැඟේ.

1. රජයේ විශ්වවිiාල වලට අනුයුක්ත වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු
2. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සමාජිකයන්ගේ ඡන්දයෙන් තෝරා ගන්නා වෛද්‍යවරු 10
3. වෛද්‍ය අධක්‍ෂ ජනරාල්වරයා
4. දන්ත වෛද්‍යසංගමයේ සභාපතිවරයා
5. ශික්‍ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ ඡන්දයෙන් තෝරා ගනු ලබන ශික්‍ෂණ රෝහල් අධ්‍යක්ෂ නියෝජිතවරයා
6. රජයේ විශ්වවිiාල වලට අනුයුක්ත වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා
7. වතුකර ආශ්‍රිත රෝහල්වල සේවය කරන ඇපෝතිකවරුන්ගේ ඡන්දයෙන් තෝරා ගන්නා නියෝජිතයා
8. රජයේ රෝහල්වල සේවයේ නියුතු නොවන පුද්ගලිකව හෝ විශ්‍රාමිකව වෛද්‍ය වෘත්තියේ නියුතු වෛද්‍යවරුන්ගේ ඡන්දයෙන් තෝරා ගන්නා ලද නියෝජිතවරු දෙදෙනෙක්
9. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කිරීමේදී වෛද්‍ය වෘත්තියේ පෘථුල දැනුමැති ඉහළම සුදුසුකම් තිබෙන විවෘත මනසකින් යුතුව කටයුතු කළ හැකි මෙන්ම දේශපාලනඥයන්ගේ ඇබිත්තයකු සේ කටයුතු නොකරන වෛද්‍යවරයාගේ ගෞරවයත්, රෝගීයාගේ අභිමානයත් සුරැකෙන පරිදි අපක්ෂපාතීව කටයුතු කළ හැකි පුද්ගලයන් තිදෙනකුගේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කළ යුතු අතර ඔවුන්ගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදු කළ යුතුයි.
10. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති
11. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති
12. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති
13. ශ්‍රී ලංකා සමාජ විiාඥයන්ගේ සංගමයේ සභාපති
14. ශ්‍රී ලංකා පුරා විiා විiාඥයන්ගේ සංගමයේ සභාපති