චෝදනා 24ක් සමඟ අලි රොෂාන්ට නඩු

රසික ගුණවර්ධන

ත්‍රිපුද්ගල ස්ථිර විශේෂ මහාධිකරණයේ තුන්වන නඩුව ලෙස විභාගයට ගැනීමට නීති විරෝධි ලෙස අලි ඇතුන් ළඟ තබා ගැනීමට චෝදනා එල්ල වූ ‘අලි රොෂාන්’ නමැත්තාගේ නඩුව අගවිනිසුරුවරයා විසින් අනුමත කර නීතිපති වෙත එවා ඇති බව රාවයට වාර්තා වේ.

අවුරුදු එකහමාරක කාලයක් තුළ නීති විරෝධි ලෙස අලි ඇතුන් හතර දෙනකු ළඟ ගබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම යටතේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් අතුළු සැකකරුවන් 7 දෙනකුට චෝදනා ගොනුකර ඇත. එම පුද්ගලයන් හත්දෙනාගෙන් දෙදෙනකු වන ජීවී දෙපාර්තමේන්තුවේ වන අතර ඔවුනට චෝදනා එල්ල වී ඇත්තේ අලි පොත ඇතුළු ලේඛන නිසි පරිදි පවත්වාගෙන නොයෑම සම්බන්ධවය.

කෙසේ වෙතත් මොවුන් හත් දෙනාට විරුද්ධව චෝදනා 24ක් ගොනු කර ඇති අතර නඩුවේ සාක්ෂිකරුවන් 30 දෙනකු නම් කර ඇත. ඒ සාක්ෂිකරුවන් 30 දෙනා තුළ පේරාදෙණිය විශ්වවිදයාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්යවරු දෙදෙනෙක්ද සිටිති. මොවුන්ට විරුද්ධව නඩු ගොනුකර ඇත්තේ වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ සහ පොදු දේපල වැරදි පනත යටතේය. ■