පළාත් සභා 6ක් ගැන අනතුරු අැඟවීමක් 

වින්ද්‍යා ගමගේ

 

මේ වනවිට පළාත් පාලන ආයතන 6ක කාලය අවසන් වීම නිසා ඒවා නිලධාරී පාලනයට යටත් වී ඇති බවත් මේ නිසා ඉදිරියේදී අහිතකර ප්‍රතිඵල රාශියක් ඇතිවිය හැකි බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි රාවයට පැවසීය.

මේ වන විට නැගෙනහිර හා සබරගමුව පළාත් සභාව මාස 13ක්ද, උතුරු මැද පළාත් සභාව මාස 12ක කාලයක් තිස්සේ කල් ඉකුත් වී ඇති අතර උතුරු, වයඹ හා මධ්‍යම යන පළාත් සභා 2018 ඔක්තෝබර් මස අවසන් වන විට කල් ඉකුත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පළාත් සභා ක්‍රමයක් පිහිටුවීමේ අරමුණ වූයේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස වුවත් මෙසේ නිලධාරී පාලනයට යටත්වීම ජනවාර්ගික ගැටලු ඇති කිරීමට හේතුවක් විය හැකි අතර අතීත අත්දැකීම් අනුව මෙසේ ඡන්ද කල්යාම තරුණ කැරලි ඇති කිරීමට පවා හේතුවිය හැකි බව ඔහු තවදුරටත් පැවසීය.

මෙසේ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පළාත් සභා පනත පාර්ලිමේන්තුව විසින්ම උල්ලංඝනය කිරීමක් වන අතර එය සංචරණය හා තුළනය (Check and balance) සඳහා බලපාන බවත් මෙය ආණ්ඩුවේ මෙන්ම ජනතා නියෝජිතයන් 225 දෙනාගේද අසාර්ථකභාවය පිළිබිඹු කරන සලකුණක් බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියි. ■