නාලක සිල්වා අත්අඩංගුවට

ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බ්‍රහස්පතින්දා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ නාමල් කුමාර නැමැත්තෙක් කළ හෙළිදරව්වක් අනුව පස් වන දිනටත් බ්‍රහස්පතින්දා රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණි. ■