ව්‍යවස්ථාව් දළ කෙටුම්පත විසිවෙයි !

කෝසල කුරුවිට බණ්ඩාර

 

බ්‍රහස්පතින්දා (25) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ ඇති වූ උණුසුම් වාද විවාද නිසා එක් මතයකට පැමිණීමට නොහැකි වී ඇති අතර ඒ හේතුවෙන් විශේෂඥ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව, නව ව්‍යවස්ථවේ දළ කෙටුම්පත ලෙස ව්‍යවස්ථා සභාව වෙත (ව්‍යවස්ථා සභාව ලෙස රැස්වන පාර්ලිමේන්තුව වෙත) එළඹෙන නොවැම්බර් 7 වැනිදා ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබේ.

අදාළ වාර්තාව නව ව්‍යවස්ථවේ දළ කෙටුම්පතක් සේ සැලකීමට වලංගුභාවයක් නොමැති බව දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රෙමජයන්ත, නිමල් සිරිපාලද සිල්වා පෙන්වා දී ඇතැයිද දැනගන්නට තිබේ. සියලු අදහස් එම වාර්තාව හරහා ඉදිරිපත් නොවන බවද ඔවුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර, පාර්ලිමේන්තුව ව්‍යවස්ථාධායක සභාව සේ පැය භාගයක් සඳහා රැස්වීමට නියමිත අතර එහිදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවක් සැකසීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳ දැනුවත් කිරීමටද තීරණය කර තිබේ. ■