ඉහළ විරෝධයක් නිසා රවි නොකැඳවන ලකුණු

නිමල් අබේසිංහ

 

නාවික හමුදාවේ නිලධාරීන් විසින් කොළඹ සහ ඒ අවට දී 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රහස් පොලිසියට කැඳවා ප්‍රකාශයක් ගැනීම හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවට රාවයට දැනගන්නට ඇත.

රජයේ ඉහළම බලධාරියකුගේ විරෝධතාව නිසා මෙය සිදුනොවන බවත් එම තොරතුරු වලින් තහවුරු වේ. මේ 11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකුට මෙරටින් පිටවීම සඳහා ආධාර කළ බවට වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට තිබෙන චෝදනාවයි. මේ කරුණු සනාථ කිරීමට තොරතුරු ඇත්නම් හිටපු නාවික හමුදාපතිවරයාද වන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් රහස් පොලිසියට නියෝගයක්ද ලබා දී තිබුණි.

ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මීට පෙර හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට රහස් පොලිසියෙන් කැඳවීමක් කර තිබුණද ඔහු විදේශගතවීම හේතුවෙන් එකී දිනය හැර වෙන දිනයක පැමිණෙන බවට රහස් පොලිසියට ලිපියක්ද භාරදී තිබුණේය. ■