TNA වැට උඩ

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

පාර්ලිමේන්තුවේදි බහුතරය පෙන්වීමේ කාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ස්වාධීනව සිටීම පිළිබඳ දෙමළ ජාතික සංධානය විසින් තවම කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරම් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්නුවහොත් විපක්ෂ නායක ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් එවිට ව්‍යවස්ථානුකූලව එම පක්ෂයට හිමිවිය යුතු බවත් ඔහු අනාවරණය කළේය. ■