ජනපති සමඟ යළිත්, රනිල් ලෑස්තියි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබා දුන්නොත් තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ද හින්දු (ඔයැ ්‍යසබාම) පුවත් පත සමඟ අරලිය ගහ මැදුරේදී පැවති පුවත් පත් සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූ බව හින්දු පුවත් පත වාර්තා කර තිබේ.
ජනාධිපතිවරයා සමඟ තමන්ට ගැටලුවක් නොමැති බවත්, පුද්ගලික පක්ෂපාත කම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නියමයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ.
පාර්ලිමේන්තු බලය උත්තරීතර බවත්, කතානායකවරයා විසින් එය සුරක්ෂිත කර ඇති බවත් ඉකුත් සඳුදා කතානායක කරූ ජයසූරිය විසින් නිකුත් කරන ලද නිවේදනය උපුටා දක්වමින් රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවට තමන්ට විශ්වාස බවත්, ඔවුන්ට බහුතරයක් නොමැති වීම නිසා පාර්ලිමේන්තුව කැඳවීමට ප්‍රමාද කරන බවත් හින්දු පුවත් පතට හිටපු අගමැතිවරයා පවසා ඇත. ■