ලිවීම නිරායාසයෙන් ලැබුණු දෙයක් – වී.එස්. නායිපෝල්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

වී.එස්.නායිපෝල් ක්‍රි.ව. 1932.08.17 වැනි දින ටි්‍රනිඩැඞ් (Trinidad)  දිවයිනේ චගුවානස්  (Chaguanas) හි උපත ලැබුවේය. ඔහුගේ සම්පූර්ණ නම සර් විදිආධර් සුරාජ් ප්‍රසාද් නායිපෝල් (Sir Vidiadhar Surajprasad Naipaul) වන අතර විදියා නායිපෝල්  (Vidia Naipaul) හෝ වී.එස්. නායිපෝල්  (V.S.Naipaul) යනුවෙන් බොහෝ දෙනා විසින් ඔහු අමතනු ලැබිණ.
නායිපෝල්ගේ පරපුරේ මුතුන් මිත්තෝ ඉන්දියානු සම්භවයක් ඇති අය වූ අතර ඔහුගේ සීයා ක්‍රි.ව. 1880 දී ඉන්දියාවේ සිට ටි්‍රනිඩෑඞ් දිවයිනට සංක්‍රමණය වූයේය. නායිපෝල්ගේ පියා ටි්‍රනිඩෑඞ් ගාර්ඩියන්  (Trinidal Guardian) පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස කටයුතු කළේය. ඔහුගේ කණිටු සහෝදරයකු වන ශිවා නායිපෝල් (Shiva Naipaul) ලේඛකයකු ලෙස කටයුතු කිරීම තුළ නායිපෝල් ලේඛන කලා පවුලකින් පැවත එන පුද්ගලයකු විය. නවකතා 15ක් සහ ප්‍රබන්ධ කතා 17ක් ලියා පළ කළ නායිපෝල් විසින් ලියන ලද පළමුවන නවකතාව ද මිස්ටික් මැස්අ (The Mystic Masseur) වන අතර එය ක්‍රි.ව. 1957දී ප්‍රකාශයට පත් විය.

ක්‍රි.ව. 1990 දී ‘ටි්‍රනිට් ක්‍රොස්’  (Trinity Cross) සම්මානය සහ ‘සර්’  (Sir) යන නයිට් පදවිය නායිපෝල්ට පිරිනමනු ලැබිණ. නායිපෝල් විසින් සිදු කරන ලද සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් ක්‍රි.ව. 2001 දී ඔහුට නොබෙල් ත්‍යාගය හිමි විය.

ඔහුගේ 86 වන උපන් දිනය සැමරීමට දින 6ක් ඉදිරියෙන් තිබියදී ක්‍රි.ව. 2018 අගෝස්තු මස 11 වන දින ලන්ඩන් නුවර පිහිටි සිය නිවසේදී ඔහු මිය ගියේය. ඔහු මිය යන විට ඔහු අසල සිටි ‘ද මේල් ඔන් සන්ඬේ’ (The Mail on Sunday) පුවත්පතේ සංස්කාරක ජෝඩි ග්‍රේග්  (Geodie Greig) බී.බී.සී. ගුවන් විදුලියේ 4 වන නාලිකාවට දුරකතන ඇමතුමක් ලබා දෙමින් ටෙනිසන් සාමිවරයා  (Lord Tennison) විසින් ලියන ලද ‘ක්‍රොසින් ද බාර්’ (Crossing the Bar) නමැති කවිය ප්‍රතිපාදනය කරන ලෙස නායිපෝල් මිය යාමට ආසන්නව සිටියදි ඔහු ඉල්ලා සිටි බවත් තම දුරකතනය මගින් අන්තර්ජාලයේ සැරි සරමින් එම කවිය සොයාගෙන එය කියවූ බවත් ප්‍රකාශ කරන ලද බව පැවසේ. නායිපෝල්ගේ මරණය ආරංචි වූ සැනෙකින් බොහෝ දෙනෙක් ශෝක පණිවිඩ නිකුත් කරනු ලැබූහ. එවැනි ශෝක ප්‍රකාශ අතර සර් සල්මන් රුෂ්ඩි  (Sir Salman Rushdie) විසින් නිකුත් කරන ලද පණිවිඩය සුවිශේෂ වූ එකක් ලෙස සැලකෙන අතර ඔහුගේ ශෝක පණිවිඩයෙහි මෙසේ සඳහන්ව තිබිණ. “සාහිත්‍යයේ දේශපාලනය ගැන අපි එකඟ නොවීමු. මගේ ආදරණීය ලොකු අයියා කෙනකු මිය ගියා සේ හැඟීමක් මට දැනෙනවා. විදියා සමාදානයේ සැතපේවා !”

නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම සඳහා සුදුස්සන් තෝරා ගනු ලබන ස්විස් ඇකඩමියේ  (Swedish Academy) ස්ථීර ලේකම් හොරෙස් එංග්ඩාල්  (Horace Engdahl) විසින් ක්‍රි.ව. 2001 දෙසැම්බර් 12 වැනි දින නායිපෝල් සමඟ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාව ඇසුරින් තෝරා ගන්නා ලද කොටස් කීපයක පරිවර්තනය පහත දැක්වේ.

ඔබ කිසිදු කෘතියක් පළ නොකළ තරුණයකුව සිටියදී කුමන ආකාරයක ලේඛකයකු විය යුතු යැයි ඔබ තුළ ආදහසක් තිබුණාද? කුමන ආකාරයක සාහිත්‍යයක් නිර්මාණය කිරීමට ඔබට අවශ්‍ය වී තිබුණාද? ඒ කුමන සම්ප්‍රදායක් තුළද?

ලේඛකයකු වීම කියන කාරණාව වෙනම දෙයක්. ලේඛන කලාවට වෙනත් ආකාරයක අභ්‍යන්තර ජීවිතයක්, පෙළඹවීමක් සහ ආතතියක් තිබෙනවා. මට ඒක ඉගෙන ගැනීමට සිද්ධ වුණා. ඒත් එක්කම, හුදෙක් ආරම්භයේදී මට තිබුණු බරපතළම ප්‍රශ්නය වුණේ මම කවුරුන් වගේ කෙනකු විය යුතුද කියලා සිතා ගැනීමටයි. දැන් මෙය ආරූඪ කරගත් මහන්තත්වයක් නෙමෙයි. එව්ලින් වෝෆ් (Evelyn Waugh) ගේ පෙළඹවීම මත මම අවුරුදු 17දි ලේඛන කලාවට පිවිසුනා. මම ටි්‍රනිඩෑඞ් වලදි ප්‍රහසනයක් ලිවීමට පටන් ගෙන අවුරුදු දෙකක් පුරාම ඒ කටයුත්තේ නියැලුණා. ඒකට මොකුත් වුණේ නැහැ. මම දැඩි කම්පාවට පත් වුණා. ඒත් අධෛර්යට පත් වුණේ නැහැ. මට එයින් ලැබුණු වටිනාම දේ තමයි පොතක් ලියා අවසන් කිරීමට මම ඉගෙන ගත්තා. මම දුරස්ථව සිට ලේඛන කලාව ඉගෙන ගත්තා. ඒත් ප්‍රහසනය මට ගැලපුනේ නැහැ.

තවදුරටත් මම ඔබට බාධා කළහොත් “මිගෙල් ස්ටී්‍රට්” (Miguel Street) කෙටි කතා කෘතිය තුළ ඔබගේ ලේඛන ශෛලියේ තිබෙන ප්‍රහසන ලක්ෂණ දකින්න ලැබෙනවා.
මම සුරක්ෂිතව සිටි විට, ප්‍රහසනකාරී ඒව්ලින් වෝෆ් වැනි පොත් නිසා වඩාත් සංකීර්ණ, වඩාත් උද්යෝගයකින් තොර දේවල් වල නිරත වෙමින් කටයුතු කිරීමට බොහෝ කාලයක් වැය කළා. ඒ වගේම මා සම්බන්ධ වී සිටි බී.බී.සි (B.B.C) වැඩසටහනකට ඒවා යොමු කළා. ඒවා සංස්කරණයද කළා. සතියකට වරක් සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකු පැමිණ එම වැඩසටහනට දායක වෙනවා. මගේ වැඩ කටයුතු ගැන සොයා බලන ලෙස ඔහුට කිව්වා. ඔහු ඉතා උනන්දුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් කරුණාකර මෙය අත්හැර දමන්නැයි කියා සිටියා. මෙය ඉතා සංකීර්ණ පොතක්.
ප්‍රාතිහාර්යකට මෙන් දවසක් දා ඔබ විසින් දැන් සඳහන් කළ වෙනත් ආකාරයකට තිබෙන ‘මිගෙල් ස්ටී්‍රට්’ කෘතිය මගේ මතකයේ ගොඩ නැඟුණා. ඉන් පස්සේ මම එහි ප්‍රභවය ගැන කල්පනා කළා. ඊට ස්පාඤ්ඤ වික්‍රමාන්විත කතා ලිවීමේ ශෛලියේ පදනමක් තිබූ බවට මට විශ්වාසයක් තිබුණා. එක් දෘෂ්ටියක් ‘ලසාරිලෝ ඩී තොමස්’  (Lazarillo de Tormes)   කෘතියෙන් මතු වන බව මම විශ්වාස කළා. ඒ තමයි මම ඔක්ස්ෆර්ඞ් යාමට පෙර හය වන ආකෘතියේ කෘතිය, මම ඔක්ස්ෆර්ඞ්වල සිටියදී මින් පරිබාහිරව කුමක් ගැන ලිවිය යුතු දැයි කියා නොදැන ලේඛකයකු වීමට මම අපේක්ෂා කළා. මගේම යහපත සඳහා ලසාරියෝ කෘතිය පරිවර්තනය කළා. මම ඒක පෙන්ගුවින් ක්ලැසික්ස්  (Penguin Classics) හි සංස්කාරවරයා වෙත යවමින් එය පරිවර්තනය කිරීමට ඔහුගේ කැමැත්ත විමසා සිටියදී ඔහු එය සම්භාවනීය කෘතියක් ලෙස සිතුවේ නැහැ. ඒ හින්දා ඒකට මොකුත් වූණේ නැහැ. ඒත් ඒක මගේ ළඟ ගොඩක් කාලයක් තිබුණා. මම හිතනවා ඒ දෘෂ්ටිය තවමත් මා ළඟ තිබෙනවා කියලා. මට දැන් වුණත් ලසාරිලෝගේ භාෂාව සහ රිද්මය එහි තිබුණු අයුරින්ම ඔබට ලබා දීමට මට පුළුවන්. හොඳයි ඔක්කෝටම ඉස්සෙල්ලා, මගේ නම මේකයි කියලා, මම අසවලාගේ පුතායි කියලා, මම රිවර් තොමස් (River Tormes) හි ඉපදුණු කෙනෙක් කියලා, ඒක එහෙම වුණේ මෙන්ම මේ විදිහට කියලත් ඔබ දැනගත යුතුයි. ඒ හින්දා යම් දෙයක රිද්මය මම දන්නවා. ඔව්, ඇත්තටම ඒ ආකාරයට තමයි පටන් ගත්තේ.

පසු කාලයකදි ඔබ වෙනත් නව කතා ලිව්වා. ඒත් ඔබ ක්‍රමානුකූලව සම්භාව්‍ය ශෛලියකින් ඉවත් වූ මඟකට යොමු වෙනවා. මට අනුව, මෙම ක්‍රියාවලිය පටන් ගත්තේ සමානතාවන් කිසිවක් නොමැති ‘ද ලොස් ඔෆ් එල් ඩොරාඩෝ’  (The Loss of El Dorado) කෘතිය තුළින්, එම පොත සම්බන්ධයෙන් සමගාමි අදහස් කීපයක් ගැන සිතා ගැනීමට පුළුවන්. ඉන් මම අදහස් කළේ, ඒක සාමාන්‍ය හැඟීම තුළ ඉතිහාසයේ කොටසක් නොවේ, එය තුළ නව කතාවක් නොවේ. එය මනඃකල්පිතයක් නොවේ. එය කිසියම් හැඟීමක් තුළ වාර්තාවක්, එත් ඒ තුළ එක් අයකුන් තොරව ප්‍රබන්ධ කතා කොටසක ස්වභාවයක් පවතිනවා. ඔබ කොහොමද එවැනි ආකෘතියක් සොයා ගත්තේ?
නගරයක් පිළිබඳ තිබෙන මෙම පොත ලිවීමට මා පෙළඹුන නිසා ඒ ආකෘතිය ස්වාභාවයෙන්ම මා තුළට පැමිණියා. ඒ හින්දා මම ස්පාඤ්ඤයේ නැව්තොට තෝරා ගත්තා. ඊට පස්සේ, ඊට අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය එහි නොමැති බව මට දැනුණා. ඒ නිසා ලන්ඩනය තුළ ජීවත් වෙමින් එහි මූලයන් සොයා යාමට මට සිදු වුණා. ඇත්තෙන්ම මම ඉතිහාසඥයෙක් නොවේ. මම ශාස්ත්‍රීය අධ්‍යයනවල යෙදෙන ඉතිහාසඥයෙක් නොවේ. මම මිනිසුන් දිහා බැලුවා. මම කතන්දර ගැන සිතා බැලුවා. මම ඒක මගේ ක්‍රමයකට ලිව්වා. ඒ සඳහා වැය කළ ශ්‍රමය අති විශාලයි. කතන්දරයේ ඡේදයක් ලිවීමට පෙනෙන විදිහට සරල කතන්දරයක් වුවත්, වාර්තාවන් විස්සකින් පමණ තොරතුරු ලබාගැනීම සිදු වුණා.
කෙටි විස්තර සියල්ලක්ම වාර්තාවන් හරහා ලැබුණු දේවල්. ඒ වගේම මට වෙනත් ආකාරයක ඉතිහාසයක් ගැන උනන්දුවක් නැහැ. මිනිස් ඉතිහාසය ගැන පමණයි උනන්දු වන්නේ. මම ඒ සඳහා විශාල කැපවීමක් කළා.
ඒ කුමන සංවේදිතාවකින්ද?
ඒ ගැන කිසිම කෙනෙක් උනන්දු වුණේ නැහැ. ඒ ගැන සිතා ගැනීම දැන් ඉතාමත් අසීරුයි. ඒත් අවුරුදු හැට නවයකට පෙර නව ලෝකය සහ මා නියෝජනය කරන නව ලෝකයේ මෙම ස්ථානය ගැන ඒ ආකාරයේ වැඩක් කිරීම පිළිබඳවත් මම යොමු වූ ආකාරයත් ඉතිහාසය ගැන ලිවීමේදී එය හොඳ ක්‍රමයක් ලෙස පිළිගෙන තිබුණෙත් නැහැ. ඒ වගේම එම ක්ෂේත්‍රය ඉතා වැදගත් ලෙසට සැලකිල්ලක් යොමු වී තිබුණෙත් නැහැ. ඒක ලෝකය දෙස ඒකපාර්ශ්වීය ලෙස බැලීමක්, ඒත් ඒ දවස්වල ඒ ආකාරයෙන්ම පැවතුණා.
මට මතකයි ‘ද ටයිම්ස්’  (The Times) වලට ලියනු ලබන මනුෂ්‍යයා ගැන, ඇත්තෙන්ම ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. මගේ පොත ගැන අකමැත්ත පළ කරමින් ඔහු කියා තිබුණේ මා විසින් පොත් පිංචක් ලිවිය යුතු බවයි.

මම හිතනවා ඔබ සමස්තයක් ලෙස ඔබගේ ලිවීම දිහා බැලුවහොත්, මට හිතෙන විදිහට පොත් තුනක් ඉතා ඉහළින් තියෙනවා කියලා. අපි කලින් එකක් ගැන සඳහන් කළා. ‘අ හවුස් ෆෝ මිස්ටර් බිස්වාස්’  (A House for Mr. Biswas) තවත් එකක් වන්නේ ‘ද එනිග්මා ඔෆ් අරයිවල්’  (The Enigma of Arrival) එම පොත් මට අනුව නූතන සාහිත්‍යයේ උසස්ම නිර්මාණයන්, ඒ වගේම මවිතයට පත්විය හැකි කාරණාව වන්නේ ඒ පොත් ගැන විග්‍රහ කිරීමට තිබෙන අපහසුතාවයි. යමකු එය කුමක්ද කියලා සම්පූර්ණයෙන් නොදන්නවා විය හැකිය. එය ක්‍රමානුකූලව ඇති වන දෙයක්ද?

ඒ අයුරින් ලිවීම නිරායාසයෙන්ම මට ලැබුණු දෙයක්. එය නිසැකවම නිරායාසයෙන්ම මා වෙත පැමිණියේ ලේඛකයකු ලෙස කටයුතු කරන මිනිසකු ගැන මෙවැනි ස්වයං චරිතාපදාන ස්වරූපයෙන් පරිබාහිරව, අවිiාවෙන් පරිබාහිරව, මෙවැනි අපේක්ෂා වලින් පරිබාහිරව, ලේඛකයකු වන්නේ කෙසේද යන්න ගැන ලිවීමටයි. ඔහු කියවා ඇති දේවල් ගැන තවමත් බලමින් සිටින, එමෙන්ම ඔහු එංගලන්තයට පැමිණි විට ක්‍රි.ව. 1950 ගණන්වල එංගලන්තයේ පිරි පැවතුනු මෙන්ම අදත් පවතින ඔහු වටා තිබුණු කතන්දර අතුරුදන් වීම ගැනත්, ඔබ දන්නවාද ඔවුන් විසින් අතුරුදන් වූවන් ලෙස සලකනු ලබන්නේ පශ්චාත් යුධ සරණාගතයෝ, මට ඒ සියල්ල මඟ හැරුණා. හෝ ලේඛකයාට ඒ සියල්ල මඟ හැරුණා. ඒ වගේම ඔහු බලමින් සිටියේ පොත් මගින් ඔහු කියවා තිබූ දේවල් දිහා, අවසාන පෙළ සැකසීමේදී, පෙළෙහි බරිභාහිර දේ ලෙස ඔහු සොයා ගත්තේ ඔහුගේම පසුබිම, ඔහුගේ අතීතය, අධිරාජයා යනාදි ඔහුගේ ද්‍රව්‍යයන් තුළ ඔහු පැකිලෙමින් සිටින බව මෙන්ම එය එක දිගටම විශාල වි අවසාන ඇනුම් පදයේදී දැන් ක්‍ෂය වෙමින් පවතින මහේශාක්‍ය ඉරණමෙන් නිර්මාණය කරන ලද ක්‍රමයක් තුළ විවේකීව සිටීමට ඔහු තීරණය කළා. ඒ තමයි පරිබාහිර කොටස වශයෙන් පැවතියේ.