ජනපති මුළුමනින් ව්‍යවස්ථා විරෝධියි

නීතිඥ සූරි රත්නපාල
ක්වින්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයේ
සම්මානිත මහාචාර්ය

සංවාදය – නීතිඥ උපුල් ජයසූරිය
පරිවර්තනය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

අගමැති තනතුරෙන් ඉවත් කිරීම සහ අගමැති ලෙස තවත් පුද්ගලයකු පත්කිරීම
වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත.
අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ බලය අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආවේණික බලයක් කරගැනීම කියන තර්කය සාවද්‍යයය. වෙස්ට්මිනිස්ටර් සම්මුතිය හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ එවැනි බලයක් නොමැත. අගමැතිවරයා ජනාධිපතිවරයාගේ අභිමතය මත කටයුතු කළ යුතු බවට කියනු ලබන තර්කය පදනම් වී ඇත්තේ වැරදි අවබෝධයක් මතය. පොදු නීතිය යටතේ වුවද සේවා යෝජකයකුට පවා කොන්ත්‍රාත්තුවේ නියමයන් හා අදාළ නීතිවලට අනුකූල නොවන පරිදි සේවකයකු නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් කළ නොහැකිය.
අග්‍රාමාත්‍ය ධුරයෙහි නිල කාලය පිළිබඳ ව්‍යවස්ථාවේ 46 (2) මගින් නිර්වචනය කර ඇත්තේ;
“අග්‍රාමාත්‍යවරයා

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්; හෝ
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත්; හෝ
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.”
වික්‍රමසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී නැත. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු නොකළේය. (මෙම නිගමනයේ සඳහන් පරිදි, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අහෝසි කිරීමකි.) මරණය හේතු කොටගෙන ඔහු සිය කාර්යාලය අත්හැර දමා නොමැත. එවිට ප්‍රශ්නය වන්නේ, අමාත්‍ය මණ්ඩලය අඛණ්ඩව ක්‍රියාත්මක වී හෝ නතර වී තිබේද යන්නය. මෙම කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) සහ (2) වගන්ති තුළින් නිර්වචනය කෙරේ.

“48 (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසානවීමත් අතර කාලය තුළ හැර, මරණය, ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යධුරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය…..
(2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළහොත් එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.”

වික්‍රමසිංහ මහතා නැවතත් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයකු වශයෙන් සිය මරණය, ඉල්ලා අස්වීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නෙරපීම තුළින් මිස එම තනතුර නතර කර නොමැති බවය. එබැවින්, පාර්ලිමේන්තුවේ ජීවිත කාලය තුළ කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය හැකිවන්නේ පාර්ලිමේන්තුවේ;

(i) ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීම.
(ii) විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීම.
(iii) ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මතවීම තුළින් පමණි.

මෙම සිදුවීම් කිසිවක් සිදුවී නැත. වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය ව්‍යවස්ථානුකූලව නතර කර දැමීමේ සිද්ධීන් කිසිවක් සිදුවී නොමැති නිසා, ඔහු අග්‍රාමාත්‍යවරයකු ලෙස කටයුතු කරන අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පුරප්පාඩුවක්ද නොමැත.

වත්මන් පාර්ලිමේන්තුව වලංගු ලෙස විසුරුවා හරිනු ලැබුවද, වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලය 47 (1) ව්‍යවස්ථාවේ නියමයන් අනුව මහ මැතිවරණයක් පවත්වන තුරු භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කළහැකි වන්නේය. ඒ අනුව, ජනාධිපතිවරයාට රාජපක්ෂ මහතා අගමැතිවරයකු ලෙස පත්කිරීමට ව්‍යවස්ථාපිත අධිකාරිත්වයක් නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පාඨයද එම ප්‍රතිඵලයමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) ව්‍යවස්ථාවේ සිංහල අනුවාදය පදනම් කරගෙන අග්‍රාමාත්‍ය ධුරයෙන් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා බලය තිබෙන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය අනවශ්‍යය. ඊට අදාළ සිංහල වචන වන්නේ, ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින්’ යන්නය. මෙහි ඉංග්‍රීසි පරිවර්තනය ‘තනතුරෙන් ඉවත් කිරීම, ඉල්ලා අස්වීම හෝ අන්‍යාකාරය’ යන්න අදහස් කෙරේ. ‘තනතුරෙන් ඉවත් කිරීම’ යන වචනවලින් අදහස්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තනතුරෙන් ඉවත් කිරීමට ඇති අවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ, විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීම සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වීම තුළින් පමණි.

එහෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල අනුවාදය මත පදනම් වූ ප්‍රකාශිත බලයට පදනමක් නොමැත.

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

2018 නොවැම්බර් මස 9 වැනි දින වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදි. 2018 නොවැම්බර් මස 13 වැනි දින ඉදිරිපත් කරන ලද පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දෙසැම්බර් 7 වැනි දින දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලදි. දෙසැම්බර් 4. 5, 6 යනාදී දිනවලදී තර්ක ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් අවස්ථාව ලබාදී ඇත.

පහත සඳහන් පරිදි 70 (1) ව්‍යවස්ථාව පැහැදිලිව හා ඍජු ලෙස උල්ලංඝනය ප්‍රකාශයට පත් කර ඇත:
(1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය:
එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් (එහි නොපැමිණි මන්ත්‍රීවරයාද ඇතුළුව) මුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයන් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.”

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ඉල්ලීමක් කර නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව කැඳවීම, අත්හිටුවීම සහ විසුරුවා හැරීම’ (33 (2) වන ව්‍යවස්ථාව)ට ජනාධිපතිවරයාට බලය ඇත්තේය. කෙසේ වුවද, මෙම බලය නිරපේක්ෂ නොවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුය. එබැවින්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 70 (1) වන ව්‍යවස්ථාව අනුව භාවිත කළ යුතුය. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත අර්ථනිරූපණය සම්බන්ධයෙන් ඉතා වැදගත් උපකල්පනයන් දෙකක් දැක්විය හැකිය.

පළමුවැන්න, පොදු ප්‍රතිපාදනය විශේෂිත විධිවිධානයන්ගෙන් නිෂ්ප්‍රභ නොකෙරේ. වෙනත් වචනවලින් කියතොත්, එම විෂය සඳහා විශේෂ විධිවිධාන මගින් සාමාන්‍ය විධිවිධාන මගින් සාමාන්‍ය විධි විධාන සුදුසුකම් ලබා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) සහ 70 වන ව්‍යවස්ථාවට බලය ලබාදී ඇති බලය සීමා කර ඇත. දෙවැනි කාරණය, ඊට පෙර අනුපූරක ක්‍රියාවලිය මත පසුකාලීනව ක්‍රියාත්මක වන බවට අනුමාන කිරීමයි. දහනව වන සංශෝධනය මගින් හඳුන්වා දෙන ලද 70 (1) ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම අදහස් කරනුයේ පසුකාලීන බලාත්මක කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාගේ බලය, සුදුසුකම් හා සීමා කිරීමය.

නීතිපතිවරයාගේ තර්කයේ පදනමක් නැත.

2018 නොවැම්බර් 13 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් පහත දැක්වෙන තර්ක ඉදිරිපත් කරන ලදි.
“ජනමත විචාරණයක් කැඳවීම සඳහා 19 වැනි සංශෝධනයේ විධි විධාන නොමැති අතර ජනාධිපතිවරයාගේ බලතල අඩු කළ හැකිවන්නේ ජනමත විචාරණයක් මගිනි. 19 වැනි සංශෝධනය මගින් ජනමත විචාරණයක් ඉල්ලා නැත. මක්නිසාද, ජනමත විචාරණයක් ඉල්ලා පෙරාතුව පැමිණි විධායක බලය බිඳ දැමිය නොහැක. එය බලය ලත් පුද්ගලයන්ට අනුමත කළ හැකිය.
19 වැනි සංශෝධනයේ සියලු විධිවිධාන සියල්ලම ජනාධිපතිවරයාගේ බලතල ඛාදනය නොකිරීමෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන විට 70 (1) ව්‍යවස්ථාව හුදකලාවකින් කියවිය නොහැකිය.” (ඬේලි මිරර් 2018-11-13)

මෙම තර්කයේ පදනමක් නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 අප්‍රේල් මස 1, 2 සහ 6 යන දිනවල විභාගයට ගන්නා ලද එස්ඩී අංක 4-19/2015 දරන දහනව වන සංශෝධන පනත් කෙටුම්පත සැලකිල්ලට ගෙන තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට සංශෝධනයක් වශයෙන් දිගු නමකින් මෙම කෙටුම්පත විස්තර කරනු ලැබුවද, එකම ප්‍රශ්නය වූයේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 83 වන ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව ජනතාව විසින් ජනමත විචාරණයක් මගින් කෙටුම්පත අනුමත කිරීම අවශ්‍ය බව නිවැරදිව තහවුරු කරගනු ලැබිණ. (120 ව්‍යවස්ථාවේ (අ) අනු ව්‍යවස්ථාව)ට අනුව පනත් කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නිවැරදිව තහවුරු කෙරේ.

එම පෙත්සම්කරුවෝද දැන් නීතිපතිවරයා විසින් හුවා දක්වනු ලබන එකම තර්කයට ඒකාන්තයෙන්ම ඉදිරියට ගෙන එමින් ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාගේ විධායක බලය සීමා කළ නොහැකි බව පෙන්වා දෙති. එම තර්කය කෙරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කොට එය නිෂ්ප්‍රභ කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීම මගින් ජනාධිපතිවරයාගේ අභිමතය සීමා කිරීමට අදාළ 17 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කලින් ලබාදෙන ලද නඩු තීන්දුව කෙරෙහි, ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමුව තිබේ. උසස් නිලතල සඳහා පත්වීම් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 යන ව්‍යවස්ථාවන් යටතේ ස්ථාපිත කර ඇති ජනතා පරමාධිපත්‍යයට අනුකූලව කටයුතු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට තිබේ.

දහනව වන සංශෝධනය පිළිබඳ විනිශ්චයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයාගේ වගකීම අවධාරණය කරනු ලැබිණ:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් ලෙස කියවිය යුතු අතර 4 (ආ) ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම කියවීමේදී 42 වන ව්‍යවස්ථාව කෙරෙහිද සැලකිල්ලට ගත යුතුය.
පැහැදිලිවම, අනෙකුත් පාලන අංශ විසින් නිර්බාධිත ලෙස නිර්බාධිත විධායක බලය ජනාධිපති වෙත තබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපේක්ෂා නොකෙරේ. (අවධාරණය කිරීමට)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය උපුටා ගනු ලැබූයේ පැරණි රාජකීය පුද්ගල වරප්‍රසාද මගින් මැඬ පවත්වන ලද අතීත සම්මුතියක් මගිනි. එය ස්වභාවයෙන්ම දැඩි විධායක බලයක් නොවේ. එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය හා කැනඩාව යනාදී රටවල් තුළ එය රාජාණ්ඩුවේ සංචිත බලයෙහි කොටසකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තුව තුළ පිහිටීම සඳහා ජනාධිපති බලය සීමා කිරීම පමණක්ම ජනතාවගේ පරමාධිපත්‍යය බලය වැඩි කෙරෙන්නකි.

නිගමනය

ඉහත සඳහන් හේතු සඳහා
(1) අගමැති කාර්යාලයෙන් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම හිතාමතාම කිරීම ව්‍යවස්ථා විරෝධිය.
(ආ) අග්‍රාමාත්‍යවරයා ලෙස රාජපක්ෂ මහතා හිතාමතාම පත් කිරීම ව්‍යවස්ථා විරෝධිය.
(ඇ) 2018 අංක 9 දරන ප්‍රකාශය මගින් වත්මන් පාර්ලිමේන්තුව කඩාකප්පල්කාරී ලෙස විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධිය.