එජාපෙ පුළුල් පෙරමුණට ජවිපෙ – ටීඑන්ඒ නැහැ

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂද සමග එජාපය ඉදිරියේදී ගොඩනැගීමට නියමිත, පුළුල් සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එක් නොවන බව එම පක්ෂ නියෝජිතයෝ රාවයට ප්‍රකාශ කළහ.

ජවිපෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී, සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ ජවිපෙ එම සන්ධානයට කිසිසේත්ම එක් නොවන බවය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයද එජාප සන්ධානයේ සාමාජිකත්වය ලබා නොගන්නා බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටි ආකාරයට ඉදිරියේදීත් ස්වාධීනව කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් එම පෙරමුණ, පක්ෂයක් ලෙස ලියාපදිංචි කරන බවත් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ, ගාලුමුවදොර පිටියේ පැවති රැලියේදී පැවසීය. සිකුරාදා (21) ඊට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබිණි. ■