පොලිසිය ජනපතිටම යයි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු/ කෝසල කුරුවිට බණ්ඩාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පොලිස් දේපාර්තමේන්තුව තවදුරටත් ඔහු යටතේ තබා ගැනීමට නියමිත වුවත් රාජ්‍ය මාධ්‍ය ආයතන පවරා ගැනීමට තීරණයක් කර නැතැයි, ජනාධිපති ලේකම් කාර්යාල අරංචි මාර්ගවලින් රාවයට වාර්තා වේ.

කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතනවල මුල් පුටු හැර දෙවන පෙළ තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයින් පත් වනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
මේ අතර අදාළ අමාතයංශවල විෂය පථයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය එළඹෙන සතියේ මුල් දින කීපය තුළ නිකුත් වනු ඇතැයිද දැනගන්නට තිබේ.

19 වන සංශෝධනය අනුව ආරක්ෂක, මහවැලි සහ පරිසර යන විෂයන්වලට අදාළ අමාත්‍යාංශ හැර වෙනත් අමාත්‍ය ධූර හෝ ආයතන පවරා ගැනීම, අභිප්‍රායිකව, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව, අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම රාවයට පැවසීය. ■