මිනීමරු අපේක්ෂකයන් එපා

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ

බලය රැක ගැනීම උදෙසා, තමන්ව විවේචනය කරන, තමන්ට විරුද්ධ වන ජනතාව රජයේ ත්‍රිවිධ හමුදාව – පොලිසිය යොදවා මරා දමන පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට හෝ වෙනත් ජනතා නියෝජිතයකුවීමට හෝ සුදුසු නොවන බව එජනිස පා.ම. කුමාර වෙල්ගම රාවයට ප්‍රකාශ කළේය.

බලය උදෙසා මරා දැමුණු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් වුවද කීමට තමාට හැකියාව ඇතැයි පැවසූ ඔහු එවැනි අයකු ජනාධිපතිවරණ හෝ වෙනත් ඡන්ද අපේක්ෂකයකු වුවහොත් තමා නිසැකවම ඔහුට එරෙහිව ක්‍රියාකරන බවද කීය.

එක්වරම ගහෙන් ගෙඩි එන්නා සේ පැමිණෙන මෙම චරිත මුළු රටම දන්නා බවත්, ඔවුන් පෙන්වන චරිතය, අභ්‍යන්තරයේ නොමැති බවත් කී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, මෙවැනි ජනතාව ඝාතනය කරන ජනතාවට අඩන්තේට්ටම් කරන පුද්ගලයන් සියලු පක්ෂවල සිටින බවත් පැවසීය.

තම මතය දරන බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටියත් විවිධ හේතු නිසා ඔවුන් සිය අදහස් ඉදිරිපත් නොකරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය අගයන මහින්ද රාජපක්ෂ මහතා, තම නායකයා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ■