ඒරන් යුද සාහිත්‍යයේ නොමැකෙන ලකුණක් ප්‍රවීණ ලේඛක රෝහණ වෙත්තසිංහ

එන්. ලංකා මාගම්මන

ඇමරිකානු ලේඛක ජිම් ෂෙපර්ඞ්ගේ විශිෂ්ට නවකතාවක් වූ The Book of Aron  කෘතිය ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන රෝහණ වෙත්තසිංහ විසින් ‘ඒරන්ගේ ලෝකය’ ලෙස පරිවර්තනය කරන ලදී. ‘ඒරන්ගේ ලෝකය’ සරසවි ප්‍රකාශනයකි. මිල රු. 575%කි.

යුදෙව් සංහාර සාහිත්‍යයේ එක් අගනා නිර්මාණයක් ලෙස සැලකෙන Jimshepard ගේ  The Book of Aron  නවකතාව පරිවර්තනය කිරීම සඳහා ඔබ යොමු වූ විශේෂිත හේතුවක් තියනවාද? 

Jim shepard ගේ The Book of Aron  හි සංසිද්ධිය විටෙක ‘ඈන් ෆ්‍රෑන්ගේ දින පොත සිහි ගන්වනවා.’අනික් අතට යුද සාහිත්‍ය සිහි ගන්වන ද බෝයි ඉන් ස්ටි්‍රප්ඞ් පිජාමා  (The Boy in the striped pytama) කෘතියද එක් වතාවක් පිජාමා කොලුවා ලෙසද අනික් වතාවේදි ඉරි ඇඳි පිජාමාගේ කඳුළු කතාව ලෙසද සිංහල භාෂාවට පරිවර්තනය වී තිබෙනවා. යුද්ධයේ ඇති අති අමානුෂීය බව, බිහිසුණු බව පුංචි දරුවකුගේ චරිතය පාදක කරගනිමින් ගොඩ නැගීම ඒරන්ගේ ලෝකය පිළිබඳ මා ඇද බැද ගබාගන්න සමත් වුණ එක හේතුවක්. පුංචි දරුවාගේ දෘෂ්ටියෙන් යුද්ධය දෙස බැලීම අප නිතර දකින කතාවලින් එහා ගිය අපුරු දෙයක්. අනිත් අතට ‘ඈන් ෆ්‍රෑන්ගේ දිනපොතේ සඳහන් දරුවා මධ්‍යම පන්තිය නියෝජනය කරන දරුවෙක්. ඒරන්ගේ ලෝකය තුළ අපට හමුවන දරුවා අන්ත දිලිඳු අන්ත පීඩිත පවුල් පසුබිමක් උරුම වූ දරුවෙක්. ඒ වෙනසත් මගේ හදවක කම්පනය කරන්න සමත් වුණා. ලිතුවේනියාවේ සිට පෝලන්තයේ වෝර්සෝ නගරයට මේ දරු පවුල පැමිණෙන්නේ ජීවිතයේ යම්කිසි වෙනසක් අපේක්ෂාවෙන්. එහෙත් දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මේ දරු පවුලේ ජීවිත සම්පුර්ණයෙන්ම සුණු විසුණු වෙලා යනවා. ඒරන් ඇත්තටම ඉගෙනීමට දක්ෂ දරුවෙක් නොවේ. ඒ නිසාම අම්මා තාත්තාගෙන් නිතරම ගැරහුමට ලක් වූ ඒරන්ගේ ජීවිතය කුඩා කළ සිටම නන්නත්තාර වන ආකාරය හදවත සසල කරනවා. දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමග මේ දරුවා අනෙකුත් කුඩා දරුවන් සමග හොරකමට පුරුදු වීමත්, ඉන් ජීවිතය ගැටගහ ගන්න විදින දුකත් ඒරන්ගේ ලෝකය දෙස අනෙකාගේ දෑස් විවර කරන්න සමත් වෙනවා. ඒරන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ අනාථ ළමා නිවාසයයි. එතනදි මේ කුඩා ඒරන්ගේ මෙතුවක් කල් නොතිබුණු මානව දයාවක්, අනුන් ගැන හිතන ස්වභාවයක්, ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒරන්ගේ සගයන් ඔහුට සැම විටම කියන්නේ ‘සමායා’ කියලා කෙටි නමකින්. ඔහුට ඒ නම යාළුවන් යොදන්න හේතු වන්නෙත් ඔහු ඔහු ගැනම පමණක් හිතන ආත්මාර්ථකාමි දරුවෙක් ලෙස යහළුවන් අතර ප්‍රකට වූ නිසයි. ඒරන් සංකීර්ණ චරිතයක් ලෙස සමහර විටකදී පාඨකයාට දකින්න පුළුවන් වන්නේ ඔහු අනාථ ළමා නිවාසයේදී හැසිරෙන ආකාරය අනුවයි. මේ අනුව දරුවෙක් තුළින් ඔහුගේ දෘෂ්ටිය තේමා කර ගනිමින් යෑමට පුළුවන් උපරිම සීමාව දක්වා ‘ඒරන්ගේ ලෝකය’ ඔස්සේ පාඨකයාව ගෙන යෑමට සමත් වී තිබෙන කෘතියක් ලෙස මෙය හඳුවාදෙන්න මා කැමතියි. මේ සියලුම කාරණා ‘ඒරන්ගේ ලෝකය’ සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට මා පෙළඹවුවා.

ඇමරිකානු ලේඛක ජිම් ෂෙපර්ඞ්ගේ ලේඛන කලාව පිළිබඳ ඔබේ මතය මොකක්ද?

ලංකාවේ යම් පාඨක පිරිසක් ජිමි ෂෙපර්ඞ්ගේ The Book of Aron  කියවලා තිබෙන බවට මට කරුණු දැනගන්න ලැබුණා. ඔහු දැනට මැසචුසෙට්ස් හි විලියම් විiාලයේ නිර්මාණාත්මක ලේඛනය හා සිනමාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා.

The Book of Aron  කෘතිය ලිවීම සඳහා ඔහු යුදෙව් සාහිත්‍ය පිළිබඳ වසර ගණනාවක් අධ්‍යයනය කරලා ඉතා නිර්මාණාත්මක ශෛලියකින් මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා. ඔහුගේ ලේඛන ශෛලිය තුළ මම දුටු අනෙක් විශේෂිත කාරණය වන්නේ සිනමාත්මක ලක්ෂණ එහි අන්තර්ගත වීමයි. මෙම කතාවේ ඇතැම් තැන් කූටප්‍රාත්තියට පැමිණ ඡේදනය වනවා. එය ඔහු ඉතා අපූරුවට නිර්මාණාත්මකව ඉදිරිපත් කර තියෙනවා. ඔහුගේ නවකතා වල ශෛලිය වන්නේ අවසානය දක්වා කතාව ගෙන නොයන එකයි.  The Book of Aron  කෘතියේ පවා කූටප්‍රාත්තියට පැමිණ පාඨකයාට හිතාගන්නට තියලා ඔහු කතාව අවසන් කරනවා. ඊට පසු ගොඩනැගෙන පසු වදනක තමයි යළි කියවෙන්නේ ඒරන් තවම ජීවත් වනවාද නැද්ද පිළිබඳ විස්තරය. ජිම් ෂෙපර්ඞ් දෙවන ලෝක යුද්ධයේ අමානුෂික බව මෙන්ම මානුෂික බැඳීම් පිළිබඳවද ඉස්මතු කර පෙන්වීමට අමතක කරන්නේ නැහැ. එකළ සැබවින්ම ජීවත් වූ පුරාවෘත්තයක් බඳු යානුෂ් කොර්චැක්ගේ චරිතය ජිම් ෂෙපර්ඞ් මහතා සංයමයකින් හසුරුවා සිය ආත්ම ප්‍රකාශනයෙහිලා යම් පමණකට උපයෝගි කරගෙන තිබෙනවා. කුඩා දරුවකු ඔස්සේ කතාව ගලා ගියද එහි දයාව, අනුකම්පාව, හාස්‍යය වැනි සියලු සංවේදිතා දැනවීමට ඔහුගේ කතා ශෛලිය සමත් වී තිබෙනවා. මෙහිදි ඔහු ආගන්තුක යුදෙව් ගති සිරිත්, කෑම බීම, ආගමික පසුබිම, යුදෙව් උත්සව ආදී සංසිද්ධීන් රැසක් පිළිබඳ ඉතා ක්‍රමවත්ව අධ්‍යයනය කර ඇති ආකාරය මනාව පැහැදිලි වෙනවා. අසාන වශයෙන් ජිම්ෂෙපර්ඞ් ගේ The Book of Aron  හි කතා ශෛලිය වාර්තා කථනයට එක්වූ නාටකීය ස්රූපයකින් ලියවී තිබෙනවා. එය හරිම අපූරු තත්ත්වයක් ලෙසයි මා දකින්නේ.

අවුරුදු 8 සිට 13 දක්වා දිවෙන ඒරන්ගේ ලෝකය ඒරන්ගේ දෘෂ්ටි කෝණයෙන් දෙවන ලෝක යුද්ධයේ අමානුෂිකබව හා හද කම්පනය කරන ආකාරය පාඨකයාට කියා පෑම යම් විටකදී සාධාරණ නැති බව හැගෙනවා නේද?

මෙතනදි වැදගත්කම තියෙන්නේ ඒරන් කුඩා දරුවකු වුවත් ඔහු මුහුණ දෙන සිද්ධිදාමය සමගයි ඔහුගේ දෘෂ්ටිය මත දෙවැනි ලෝක යුද්ධය දෙස පාඨකයාගේ දෑස් විවර වෙන්නේ. අවුරුදු 08 සිට 13 දක්වා වැඩෙන දරුවකුට යුද්ධය පිළිබඳ දර්ශනික අදහස් පළ කරන්න බැහැ. එහෙත් යුද්ධයකින් ලැබෙන ප්‍රතිඵල අමානුෂීය හා හද කම්පනය කරන බව කුඩා දරුවකුගේ සිතුවිලි ඔස්සේ පවා පාඨකයාට දන්වන්න හැකියාවක් තියෙනවා. සිද්ධි දාමය ගොඩ නගා තියෙන්නේ මේ චරිතය හරහා යුද්ධයේ අප බොහෝ විට නොදුටු පැති පෙනීමට සලස්වන විදිහට. ඒරන් ජීවත් වීම සදඟා ඔහුගේ සගයන් සමග විවිධ ස්ථාන වලට ගොස් සොරකම් කරන එක යුද්ධය හමුවේ ඔවුන්ගේ ජීවිත ගතවන ආකාරය, ලෙඩ රෝග කරපින්නා ගෙන මරණයේ සෙවණැල්ල යට ගතවන ජීවිතය, පාදඩ කොලු රැනට ඒරන් ගේ ජීවිතයේ ඇතුළු පැත්ත, තම පණමෙන් ආදරය කරපු මව අහිමි වීමෙන් හදෙකලා වන අසරණ දරුවකුගේ ජීවීතය ගත වන ආකාරය, අනාථ ළමා නිවාසය හරහා ඔහු යළි ජීවිතය විඳින ආකාරය, නවකතාකරුවා ගොඩනගා තියෙන ආකාරයෙන් පාඨකයාට යුද්ධයේ අති අමානුෂිකභාවය, හද කම්පා කරන ආකාරය විiාමාන කරනු ලබනවා.

ධනේශ්වර සමාජයෙන් බැට කන නූතන පාදඩ සමාජ පන්තියේ නියෝජනය ඒරන් හරහා පිළිබිඹු වෙනවාද?

ඒරන් හරහා නූතන පාදඩ සමාජයේ පැතිකඩ නිරූපණය වන බව බැහැර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒරන්ගේ මව ගෙවල්වල කුලී වැඩ කරන කෙනෙක්. තාත්තාට කිසිදු රැකියාවක් නොමැති කෙනෙක්. ඒවගේ පීඩිත පන්තියකින් ගොඩ නැගෙන දරවෙක් ඒරන්. ඒරන්ගේ පසුබිම ඇතුළේ සැබෑ පීඩිත පන්තියේ ඡායාව පාඨකයාගේ හදවතට සියුම් ආකාරයට ඇතුල් කරන්න ලේඛකයාට හැකිවෙලා තියනවා. දෙවන ලෝක යුද්ධයේදී පීඩිත පන්තිය තමයි වැඩිම අපහසුතාවයකට පත් වුණේ. බලපුළුවන්කාර පන්තිය යුද්ධයේදී පවා තම වරප්‍රසාද භාවිත කරමින් සහන ලබන ආකාරය මෙහිදි ඉතා පැහැදිලි වෙනවා. දිලිදු පීඩිත පන්තිය තමයි මේ සෑම ව්‍යවසනයක් ඇතුලෙම පීඩාවට පත් වෙන්නේ. දෙවන ලෝක යුද්ධයේදී පෝලන්තයෙන් ජනතාව බැහැර කරන්නේද ක්‍රමවේදයක් අනුවයි. හොඳ රැකියා තියන වත්පොහොසත් අයට ඔවුන් රැකවරණය සලසන අතර අන්ත දුගී, පීඩිත ජනයා රටින් පිටමං කිරීම මෙම නවකතාව ඇතුළේ පැහැදිලිව පෙන්නුම් කරනවා. අනික ඒරන්ගේ පවුලේ අය කුලී හමුදාවට බලෙන් බඳවා ගැනීම හරහාද පිළිබිඹු වන්නේ පීඩිත ජනයාට වහලුන් ලෙස බැලමෙහෙවර කිරීමට යුද්ධයේදී පවා සිදු වන ආකාරයයි. යුද්ධය හෝ සාමය හෝ එහි ලාභය ලබන්නේ සෑම විටම ධනේශ්වර පන්තියයි. පීඩිතයන්ට දූගීන්ට උරුම වන්නේ සෑම විටම පීඩාව පමණයි. මෙය දේශපාලනයේ මූලික ක්‍රමවේදයක් හැටියටම තීරණය වෙලා තියනවා. මෙය වෙනස් කරන්නයි මිනිසුන් පෙළ ගැසෙන්නට ඕනේ. එහෙත් එය තේරුම් කර ගන්න තරම් ජනයා සවිඥානික වෙලා නැහැ.

ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පෝලන්ත ජාතික යානුෂ් කොර්චෑක් ඉතිහාසයේ ජීවමාන චරිතයක් ලෙස ඒරන්ගේ ලෝකය තුළ විiාමාන වෙනවා නේද?

විචාරකයෝ පවා සඳහන් කරන්නේ ජිම් ෂෙපර්ඞ්, යානුෂ් කොර්චෑක්ගේ චරිතය මෙම කෘතියේ කලින් ගොඩනැගුවා නම් හොඳයි යන අදහසයි. මෙම ඒරන්ගේ ලෝකය නවකතාවේ ප්‍රබලත්වය ගොඩ නැගෙන්නේ යානුෂ් කොර්චෑක්ගේ හමුවත් සමග බවයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ. එහෙත් ජිම් ෂෙපර්ඞ් පවසන්නේ ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ දරුවාගේ දෘෂ්ටියෙන්ම කතාව ගොඩනැගීමට යන්නයි. ඔහු පවසන ආකාරයට යානුෂ් කොර්චෑක් මෙම කතාවේ කලින් ආවා නම් යුද්ධයේ අති අමානුෂික බව හද කම්පනය කරන බව දරුවකුගේ දෘෂ්ටිය තුළින් පාඨකයාට දකින්න බැරි වෙනවා. එය නවකතාකරුට අනුව නොවිය යුත්තක්. මා පවා පෞද්ගලිකව සිතන්නේ ජිම් ෂෙපර්ඞ් හිතපු තැන සාධාරණ බවයි.
ඒරන්ගේ ලෝකය නවකතාවේ යානුෂ් කොර්චෑක් ගේ පැමිණීම දෙවන අදියරේදි සිදු වීම තුළ නවකතාවේ ගමන් ශෛලිය වෙනත්ම ආකාරයකින් ගොඩනැගීමට හැකිවෙලා තියනවා. මා හිතන්නේ එයින් නවකතාවට ආලෝකයක් වුණා කියලයි. පාඨකයාට එයින් කතාව දැනෙන ප්‍රමාණය වැඩි වුණා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ලෝක මට්ටමේ ක්‍රියාකාරිකයකු හැටියට යානුෂ් කොර්චෑක් පිළිබඳ පතපොත ලියවී තියනවා. ඔහු අතින්ද ළමා අයිතිවාසිකම් පිළිබඳ හැදෑරීමක් කර පත පොත රාශීයක් බිහි වෙලා තියනවා. ඒ වගේම ඔහු ළමා රෝග පිළිබඳ වෛiවරයෙක්. සැබෑවටම දෙවන ලෝක යුද සමය වන විට අනාථ ළමා නිවාසයක් ඔහු පවත්වාගෙනයනු ලබනවා. ඔහුගේ පැත්තෙන් නවකතාව තුළ ගොඩ නගා තිබෙන කරුණු බොහෝ දුරට සත්‍ය සිදුවීම් පාදක කරගෙන තියනවා. යානුෂ් කොර්චෑක් අන්තිමට හිට්ලර්ගේ නාසි හමුදාව බින්කා දුම්රිය පළට යවන විට කිසිදු බියක් සැකයක් නැතිව නිර්භීතව ඒ සඳහා පෙරමුණ ගත් බව සඳහන් වෙනවා. ළමයි පවා කොර්චෑක් සමග අභීතව ඒ සඳහා මුහුණ දුන් බව සඳහන්. යානුෂ් කොර්චෑක් හිට්ලර්ගේ ආමනුෂිය යුධ මෙහෙයුම් වලට දැඩිලෙස විරුද්ධව කටයුතු කරපු බවට සත්‍ය තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ පොතේ කතා නායකයා වන ඒරන් කොර්චෑක් ළමා අනාථ නිවාසය වෙත ලේඛකයාගේ ප්‍රබන්ධයක් ලෙසයි ඇතුළත් වෙන්නේ.

යුද්ධයකදී වැඩිම පීඩාවට පත් වන්නේ දරුවන් හා කාන්තාවන්. 30 වසරක ලාංකීය යුද අද්දැකීම් සමග The Book of Aron සංසන්දනාත්මකව බලන්න ඔබ කැමතිද?

ලංකාවේ යුද සාහිත්‍යක් තිබිලා නැහැ. 30 වසරක ලාංකිය අත්දැකීම් පාදක කරගෙන යුද සාහිත්‍යයක් අපට බිහි කරන්න හැකියාවක් තිබුණා. එහෙත් 30 වසරක යුද්ධය පිළිබඳ ලියවුණු බොහෝ කෘති තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ලෙස තමයි මා නම් දකින්නේ. යුද්ධය පිළිබඳ සිංහල හා දෙමළ ඩයස්පොරාව වෙන් වෙන්ව ලියන ලද පොත්පත් කිහිපයක් පසුගිය කාලයේ අප දුටුවා. එහි දෙමළ ඩයස්පෝරාව විසින් ලියන ලද පොත් පත් වල ප්‍රධාන වශයෙන් දෙමළ ජනයාට පාක්ෂිකව සිංහල ජනයාට හා සිංහල හමුදාවට විරුද්ධව ලියන ලද හුදු ලියවිලි ලෙස තමයි මෙම කෘති සමාජ ගතකරලා තියෙන්නේ. ඒ වගේම සිංහල බහුතරය විසින් ලියවුණු30 වසරක යුධ අද්දැකීම් නිර්වචන කරන්නේ සිංහල බහුතරය නිවැරදි තැනක සිටින බවට හඟවන්න. දෙමළ ජනතාව දෙමළ සටන්කාමීන්ට පහර ගසන ආකාරයටයි. දෙමළ හා සිංහල භාෂා වලින් 30 වසරක යුධ අද්දැකීම් පිළිබඳ ලියවුණු කෘති ඒ ඒ අයගේ පෞද්ගලික ව්‍යාපෘති ලෙසයි මා නම් දකින්නේ. වසර 30 යුධ අද්දැකීම් තියන රටක් හැටියට ඕනෑ තරම් කතා ලියන්න වස්තු බිජ තිබුණා. එහෙත් ඒ කිසි දෙයක් අප කවුරුවත් හරියාකාරව පළ ප්‍රයෝජනයට නොගත් බවයි මගේ අදහස.

පරිවර්තන සාහිත්‍යය කෘතියක සාර්ථක බව ඔබට අනුව කෙසේද?

පරිවර්තනයක් කියන්නේ වෙනත් සංස්කෘතියක් අපේ පාඨකයාට හඳුන්වාදීමක් වැනි දෙයක්. සංස්කෘතීන් දෙකක් යා කිරීමක් මෙහිදි සිදු වෙනවා. මේ කාරණයේදී ඉංග්‍රීසි හොඳින් දැනගෙන සිටියත්, සිංහල හොඳින් දැනගෙන සිටියත් එය ප්‍රමාණවත් නැහැ. සාර්ථක පරිවර්තනයක් පාඨකයාට ලබා දෙන්න. අප කරන්න යන පරිවර්තනයේ පසුබිම ගැනත් පුළුල් දැක්මක්, වැටහීමක්, හැදෑරීමක්, පරිවර්තකයාට තිබිය යුතු වෙනවා. පරිවර්තන කාර්යේදී බොහෝ දුරට නගන චෝදනාව වන්නේ පරිවර්තකයා පරිවර්තනය කරන විට ඇතැම් තැන් අත් හැරලා ලියනවා කියන චෝදනාව. එහෙම කොටසක් අදහැරීම තුළින් මුල් කෘතියට විශාල අකටයුත්තක් සිදු වෙනවා. කවුරුහරි මේ ආකාරයට කරනවා නම් එය සදාදාර වැඩක් නෙවෙයි. සමහර පරිවර්තකයන් මේ සඳහා ගෙන එනු ලබන පිළිතුර වන්නේ මුල් කෘතිවල තිබෙන සමහර තොරතුරු අපට අදාළ නොවන නිසා එයින් ඉවත් කරන බවයි. මට අනුව නම් මෙය පාඨකයාට කරන අකටයුත්තක් වෙනවා. මුල් කෘතියේ තියන කිසිම තොරතුරක් පරිවර්තකයාට අත්හරින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.

මගේ මීළඟ පරිවර්තනය වන්නේ නාසියාමුරාද්ගේ “The Last Girl” නම් සත්‍ය කතාවයි. IS ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක බවට පත්වන ඇය අවසානයේදී ඉන් මිදී ක්‍රියාකාරිණියක ලෙස නැගී සිටිනවා. 2018 දී නොබෙල් සාම තෑග්ග හිමි වූයේද මෙම පොතටයි.