කරන්නාගොඩට නඩු

ආර් අබේනායක/ නිමල් අබේසිංහ

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට බ්‍රහස්පතින්දා (28) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කරන්නාගොඩ මහතා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වීම නිසා එය සලකා බැලීම මාර්තු 07 වනදාට කල් දැමීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ■