(Placebo) ප්ලැසිබෝ ප්‍රතිකාරයන්හි නව ප්‍රවනතා

ප්‍රභාස්වර

ඖෂධයක් සේ පෙනෙන ව්‍යාජ පෙත්තක් මගින් මානසික රෝග සුව කිරීම ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබයි. ඇමරිකාවේ උතුරු කැරොලිනා විල්මින්ටන් සරසවියෙහි නිර්මාණාත්මක ලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය හා ප්‍රසිද්ධ ගත්කරු රොබට් ඇන්තනි සීගල්, ස්මිත්සෝනියන් සඟරාවට ලියූ අපූරු ලිපියක් පසුගියදා මේ ලියුම්කරුගේ නෙත ගැටිණි. Placebo Treatment  හෙවත්  PT ගැන ඔහුගේ අද්දැකීම කුමක්දැයි අපි මෙතැන් සිට සොයා බලමු. 1992,2005,2006 හා 2007 යන වර්ෂයන්හිදී මා ලියූ කෙටි කතා හතර, පාඨකයින් අතර බෙහෙවින්ම ජනප්‍රිය වූණා. 1997දී හා 2008දී ප්‍රකාශයට පත් වුණු මාගේ නවකතා දෙකද උණු කැවුම් මෙන් ඇමරිකාව තුළ අලෙවි වුණා. එහෙත් 2008 අවසානයේදී ලේඛක වාරකය (Writer’s Block) නම් රෝගය මගේ ගත සිත වෙලා ගන්නා අයුරු මට දැනුණා. ගත්කරුවකුගේ නිර්මාණාත්මක චින්තනය සිඳ දමා ඔහුගේ ලේඛන හැකියාව වාරණය කර දමන මෙම අසනීපයට බෙහෙතක්, කිසිදු වෛiවරුයකු ළඟ නැති වග දැන සිටි හෙයින් මාගේ සිත් තැවුල දිනෙන් දින වැඩි වුණා. නින්ද නොයාම හා විශාදය ද උග්‍ර වූ හෙයින්, සරසවියේ සිටම මා හොඳින් දන්නා මනෝ විiා මාහාචාර්ය ජෝන් කෙලී සමග මේ මනෝ ව්‍යාධිය ගැන සාකච්ඡා කළ යුතුයැයි මං තීරණය කළා.

‘ප්ලැසිබෝ’ බෙහෙත්

ලෙඩ සුව කරන කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන, ව්‍යාජ පෙති විවිධ රෝගීන් වෙත ලබාදීම ඔස්සේ ඒ අය සුවපත් කළ හැකිද නැද්ද යන, හාවඞ් විශ්වවිiාලයේ පර්යේෂණයට නායකත්වය දෙනු ලබන්නේද මාගේ මිත්‍රයා වන ජෝන් කෙලීය. ජෝන් හමුවීමට හාවර්ඞ් සරසවියේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත ගිය මට, ඔහු කීවේ ‘ප්ලැසිබෝ’ බෙහෙත් මගින් රෝගීන් විශාල සංඛ්‍යාවක් කායිකව හා මානසිකව සුවපත් වී තිබෙන වග තම පර්යේෂණ හරහා හෙළිදරව් වී ඇති බවයි. වේදනාත්මක අන්ත්‍ර ප්‍රදාහය නම් රෝගයෙන් පෙලුණු සහ කිසිදු පිළිගත් වෛi ප්‍රතිකාරයකින් සුවපත් නොවුණු රෝගීන් විශාල සංඛ්‍යාවක්, ‘ප්ලැසිබෝ’ඖෂධ පිරිනැමීම මගින් තමා සහ තම කණ්ඩායම අතින් නිට්ටාවටම සුවය ලැබුවේ යැයි ජෝන් කී විට මා සැබවින්ම පුදුම වුණා. ඉන්පසු හාවඞ් සරසවියේ ‘ප්ලැසිබෝ’ අධ්‍යයන වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ටෙඞ් කැප්චුක්ව, ජෝන් මා හට හඳුන්වා දුන්නා. දකුණු චීනයට අයත් මැකෝ නගරය පිහිටි දේශීය වෛi සරසවියකින් කටු චිකිත්සාව පිළිබඳ උපාධිය ලබාගත් ටෙඞ් කැප්චුක්, ඇමරිකාව බලා නැවත පැමිණි නමුත් ඔහුගේ මෙම සුදුසුකම් ඇමරිකාවේ කිසිම විශ්වවිවිiාලයක් පිළිගත්තේ නැහැ. එහෙත් දේශීය චීන වෙදහෙදකම් පිළිබඳ ඔහු සතුව තිබූ අසාමාන්‍ය දැනුම් සම්භාරය සැලකිල්ලට ගත් හාවඞ් සරසවි බලධාරීන්, රාමුවෙන් පිටත ඇති වෛi ප්‍රතිකාර හා අදාළ පර්යේෂකයකු ලෙස ටෙඞ්ව තම විශ්වවිiාලයට බඳවා ගත්තා. මානව විiාව, ජීව විiා ආචාර ධර්ම, සම්ප්‍රදායට බාහිරින් පවතින සායනික පර්යේෂණ යනාදිය ගැන හසල දැනුමක් සහිත ටෙඞ් කැප්චුක්, වෛiවරයාගේ කරුණා දයාව හරහා පමණක් වුව සමහර රෝග සුව කළ හැකි බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වූවා.

මානසික බලපෑම්

හාවඞ් සරසවියට එක්වීමට පෙර ටෙඞ් කැප්චුක්, මැසෂුසෙට්ස් නගරයේ චීන කටු චිකිත්සා සායනයක් පවත්වාගෙන ගියා. පරපතල සැත්කම්වලට මුහුණ දුන්, එහෙත් පුර්ණ සුවය නොලද පිළිකා රෝගීන් බෙහෝමයක් ටෙඞ් සොයා පැමිණියේ ඔවුන්ගේ ශාරීරික වේදනාවන්, වේදනා නාශක පෙතිවලින් සමනය කරගත නොහැකි නිසායි. හැම රෝගියෙක් වෙනුවෙන්ම සිය කාලයෙන් සැළකිය යුතු ඉඩක් වෙන් කොට ඔහුට/ ඇයට කරුණාවෙන් කතාබහ කරමින් කටු චිකිත්සාවේ යෙදීමට ටෙඞ් සුවිශේෂි නිපුණතාවයක් දැක්වූවා. පිළිකාව සුව නොවූ රෝගීන් බහුතරයකගේ වේදනාව සමහන් කිරීමට ටෙඞ් සමත් වුණා. පුදුමයට කරුණ වූයේ සමහරෙක් පිළිකා රෝගයෙන්ද පුර්ණ සුවය ලැබීමයි. එහෙත් බටහිර වෛi විiා සහතිකයකට හිමිකම් නොකියන ටෙඞ් කැප්චුක්ගේ කටු චිකිත්සාවේ ප්‍රතිඵල විiාත්මකව ඔප්පු කළ නොහැකි බව පවසමින් ඇමරිකාවේ වෛi වෘත්තිකයින් ඔහුට එරෙහිව හඬ නැඟුවා. චීන වෛi ක්‍රම පිළිබඳව පර්යේෂණ කරන්නැයි ඉල්ලමින් හාවඞ් සරසවිය ටෙඞ්ව ඊට බඳවා ගත්තේ මේ ගලබගෑනිය අතරතුරේදීයි. හාවඞ් විශ්වවිiාලයේ කටු චිකිත්සා සායනයට පැමිණි, (අන්ත්‍ර ප්‍රදාහයෙන් දැඩි වේදනා විඳි) රෝගීන්ගෙන් 44%ක්, නියම නිලවලට නොව සිරුරේ වෙනත් තැන්වලට කටු තබමින්, පූර්ණ වශයෙන් (එහෙත් ප්ලැසිබෝ ක්‍රමයට) සුව කර පෙන්වීමට ටෙඞ්ට පුළුවන් වුණා. මෙම ලෙඩුන්ට පුද්ගලිකව කතාබහ කරමින්, කරුණාව හා දයාව පෙන්වමින් වැඩි වේලාවක් ඔවුන් සමග ගත කොට, ‘ප්ලැසිබෝ’ කටු චිකිත්සාව සිදු කළ විට සුවවීමේ ප්‍රතිශතය 62% දක්වා ඉහළ ගියා. ටෙඞ් විසින් ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාරය ලබා ගන්නා සියලු රෝගීන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය FMRI පර්යේෂණ ඔස්සේ ඉතා සියුම්ව විශ්ලේෂණය කිරීමට හාවඞ්හි ස්නායු ශල්‍ය වෛiවරුන් පියවර ගත්තා. ටෙඞ් ගැන පූර්ණ විශ්වාසය තබා ඔවුන්ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් සියල්ලගේ මොළය තුළ, රෝග සුව කිරීමට දායක වන එන්ඩෝෆින්ස් හා ඩොපමින් වැනි රසායනිකයන් වේගයෙන් සක්‍රීය වූ බව ඔවුන් සොයා ගත්තා. ස්නායු වෛi විiාව නොතිබෙන්නට තමන් සිදු කරන ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාර වල සැබෑ ප්‍රතිඵල ඔප්පු කිරීම අපහසු වග ටෙඞ් පිළිගන්නවා.

ඇදහිය නොහැකි ප්‍රතිඵල

ඉන්පසු ටෙඞ් සහ මගේ මිත්‍ර ජෝන් කෙලී, මා පෙළෙමින් සිටින ‘ලේඛක වාරකය’ නමැති රෝගය සඳහා රෝග සුව කිරීමේ කිසිදු රසායනිකයක් නොමැති සෙලියුලෝස්වලින් පමණක් සමන්විත ‘ප්ලැසිබෝ’ පෙති වර්ගයක් හාවඞ් ලැබ් එක තුළදීම නිර්මාණය කළා. මේ කහ පැහැති කැප්සුල් දිනකට තෙවරක් පානය කරමින්, මට පෙත්තෙන් සුවය ලැබෙනවා යැයි සිතන ලෙස මේ දෙපල උපදෙස් දුන්නා. කතාවක් හෝ තීරු ලිපියක් ලියන්නට ඉඳගත් විට කිසිදු සිතුවිල්ලක් පහළ නොවන්නේ නම්, බෝතලයෙන් ‘ප්ලැසිබෝ’ කැප්සුල් දෙකක් ගෙන බොන්න, ඔවුන් අවධාරණය කර සිටියා. සති දෙකක් යනතුරු මේ ‘ප්ලැසිබෝ’ පෙතිවලින් මට කිසිදු සහනයක් අත්වුණේ නැහැ. ජෝන්ට මම මේ ගැන දුරකතනයෙන් පැමිණිලි කළ විට ඔහු කීවේ නොනවත්වාම ඒවා පානය කරන ලෙසයි. ‘මා සුවපත් වෙනවා’ යැයි නිතර සිතන ලෙසද ජෝන් මට කිව්වා. ඊළඟ සතිය ඇතුළත මගේ සිතට විවිධ නිර්මාණාත්මක සිතුවිලි ගලා එන්න පටන් ගත්තා. එහෙත් ලියන්න පටන් ගත්විට මගේ වාක්‍ය දිග වැඩි හා නීරස ඒවා යැයි සිතුනත්, මං ලිවීම දිගටම කරගෙන ගියා. හතරවැනි සතිය එළැඹෙන විට ටෙඞ් හා ජෝන්ගේ ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාරය හරහා ලේඛක වාරක රෝගය සම්පුර්ණයෙන්ම සුව වුණා.

වෙනත් පර්යේෂණ

රෝගය සුව වූ පසු ‘ප්ලැසිබෝ’ බෙහෙත් ගැන තවදුරටත් සොයා බැලීමේ පෙළඹවීමක් මා තුළ ඇති වුණා. හාවඞ් වෛi විiාලයට අනුබද්ධ බි්‍රග්හැම් රෝහලේ ජාන විiා කැතරින් ටායෝ හෝල් හමුවීමට මා ගියේ, ‘ප්ලැසිබෝ’ ඖෂධ වලින් මා ලැබූ සුව සහන ගැන කතා කිරීමටයි. මනුෂ්‍ය ස්නායු ජාලයේ සුවිශේෂිම අංගය වන ඩොපමින් නිපදවන නියුරෝන කිසියම් හේතුවක් නිසා විනාශ වුවහොත් පාර්කින්සන් වැනි සුව කළ නොහැකි රෝග හට ගන්නා බැව් කැතරින් මා සමග කියා සිටියා. අප නොදන්නා නමුත්, ‘ප්ලැසිබෝ’ ඖෂධයකට මනුෂ්‍ය ජානයන් සම්බන්ධයෙන් සුවිශේෂි වෙනසක් කරන්න පුළුවන්. දයාව, කරුණාව සහ ප්‍රතිකාර කරන්නා හැඳ සිටින සුපිරිසිදු සුදු කෝට් බෑය, රෝගියා කෙරෙහි දක්වන නොමද අවධානය යන මේ සියල්ල, ලෙඩාගේ ස්නායු පද්ධතිය හා ජාන මත විශාල බලපෑමක් ඇති කරනවා. වයෝවෘද්ධ ඇමරිකානු රෝගින් හට මේ රටේ වෛiවරු බෙහෝමයක්, ‘ප්ලැසිබෝ’ ඖෂධ හා කාරුණික අවධානය ලබාදී ඔවුන් සුවපත් කළ බවට පර්යේෂණ සාක්ෂි අප ළඟ තිබෙනවා. කලකට ඉහතදී සිදු වූ දකුණු අතේ ආබාධයක් හේතුවෙන් පැන නඟින වේදනාව සමනය කර ගැනීම සඳහා තමා හෝමියෝපති ප්‍රතිකාර ලබාගන්නා බැව් කැතරින් අවධාරණය කර සිටියා. වෛi විiානුකූලව පිළිනොගන්නා හෝමියෝපති ක්‍රමය, තමාගේ අතේ වේදනාව හොඳටම සමහන් කරන බැව් ඇය කීවා. මෙය ‘ප්ලැසිබෝ’ ප්‍රතික්‍රියාවක් විය හැකි බවද ඇය පිළිගත්තා. ඉතින්, මා මගේ ‘ලේඛක වාරකය’ ව්‍යාජ කැප්සියුල් ගිලීම හරහා සුව කරගත් බව කී විට ලෝ ප්‍රකට ජාන විiාඥවරියක් වූ ඇය, එය විය හැකි දෙයක් බව සිනාමුසු මුහුණින් පවසා සිටියා.’

දේශීය අත්දැකීම්

බියගම මැතිවරණ කොට්ඨාසය තුළ හොර වෛiවරුන් 700-800ක් පමණ සිටින බවත්, එම ප්‍රදේශයේ වෙසෙන ලක්ෂ දෙකක පමණ ජනතාව මොවුන්ගෙන් ප්‍රතිකාර ගන්නා බවත්, බියගම සෞඛ්‍ය වෛi නිලධාරී කුමාරි විජේසූරිය මහත්මිය 2017 ජනවාරි 25 දින දිනමිණ පුවත්පත සමග පවසා සිටියාය. පර්යේෂණ දත්ත නොමැතිව වුවද, ශ්‍රී ලංකාවේ සිටින විවිධ වෙද්දු, කේන්දර බලන්නෝ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නෝ, ෆෙංෂුයිකාරයෝ සහ වාලම්පුරිකාරයෝ ඉහත කී ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාර ක්‍රමය ඉතා සූක්ෂමව හා ශූර ලෙස අනුගමනය කරති. බටහිර වෛiවරයකු වන මා මිත්‍ර සරත්චන්ද්‍ර දිසානායක පසුගියදා අප දෙදෙනාගේම පාසල් මිතුරකු වූ ජනක පිළිබඳ අපූරු කතාවක් මා සමඟ කීවේය. මොරටුව සරසවියෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ලැබූ ජනක, බොහෝ කාලයක් ඉදිකිරීම් සමාගමක සේවය කළ නමුත් ඉන් ලැබෙන වැටුපෙන් තෘප්තිමත්ව නොසිටියේය. ජනකගේ පියා වයඹ පලාතේ හොඳ නක්ෂත්‍රඥයකු හා දෛවඥයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. පසු කාලෙක පියා මිය ගියද ඔහුගේ නක්ෂත්‍ර පොත්පත් නිවසේ සුරැකිව තිබුණි. සිවිල් ඉංජිනේරු දැනුම පසෙක තබා, පියාගේ අඩිපාරේ යමින් දෛවඥයකු බවට වත්මනෙහි පත්ව සිටින ජනක, එම වෘත්තියෙන් (කෙටි කලක් තුළ) මිලියනපතියකු වූයේ ඔහු වෙත නොකඩවා ඇදෙන ජන ගඟ හේතුවෙනි. මාධ්‍ය මගින් කොතරම් හෙළිදරව් කිරීම් සිදු කළත්, ශ්‍රී ලංකා වාසීහු ෆෙංෂුයි හා වාලම්පුරි සරණ පතති. ඇමරිකාව ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාර පිරිනමන්නේ මිනිසුන් සුවපත් කිරිමේ උතුම් අරමුණින් වුවද, ලංකාවේ අය දැන හෝ නොදැන එහි නියැලෙන්නේ පුරවැසියන්ගේ මුදල් සූරාකෑම පිණිසය.