ඔවුන් අවලංගු කළ නොහැකිද?

විමලනාත් වීරරත්න

අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකයන් මහජනයාගේ වැඩපිළිවෙළකට නතු කරන ක්‍රමයක් තිබිය යුතුය. මෙහි ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ ජනතාවට වැඩපිළිවෙළක් නැතිකම බව දේශපාලනඥයෝ දැන සිටීමය. එය දන්නා බැවින් තමා ජනතාවට වැඩපිළිවෙළක් සැලසුම් කරදිය යුතු බව දේශපාලනඥයා සිතයි. පොරොන්දු පත්‍රය සැකසෙන්නේ ඒ අනුවය. මහජනයා බලමුළුගැන්වී සැලසුම් සකස් කළ හැකි ව්‍යාපාරයක් රටට අවශ්‍යය. මහජනයා එකිනෙකාගෙන් වියුක්ත නිසා ඔවුන් ස්ථාවර මත ධාරාවක රඳවන්නේ කෙසේද යන ප්‍රශ්නයක් මතුවිය හැකිය. දේශපාලන පක්ෂ හෙවත් ජනතා මූලස්ථානයක් තිබීම යන්න උක්ත ප්‍රශ්නයට එක්තරා විසඳුමක් වූයේ ජනතාව හැටියට සැලකූ විට ඔවුන් සංදර්භීය වශයෙන් එකිනෙකාගෙන් වියුක්ත නිසාය. පක්ෂයක් විනයකට හා සම්ප්‍රදායකට යටත් කළ විට අඩුම තරමින් ඔවුන් පොදු අදහසක් වෙනුවෙන් ක්‍රියාකරන්නට පුළුවන. මේ කාරණයත් අද වනවිට මුළුමනින් සත්‍යයක් නොවේ. ජනතාව වෙන වෙනම ගත්විට තිබෙන එකිනෙකාගෙන් ස්වායත්ත තත්ත්වයටත් වඩා දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති විරහිතව තිබේ. නායකයෝ පක්ෂ හසුරුවන්නේ බලලෝභී හා අවස්ථාවාදී අරුතකිනි.

කෑදර බව

සෑම නායකයකුම බලයට කෑදරය. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ, මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයත්වයට තෝරා නොගතහොත් මෛත්‍රී එජාපයේ යම් පිරිසකගේ සහායත් ගෙන ජනාධිපතිවරණ අපේක්ෂකයකුවීමට ඉඩ තිබේ. එජාපයේ රනිල් හිතවාදීන්ට වරප්‍රසාද ලැබීමත් එසේ නොවන ඇතැමුන්ට නොලැබීමත් මෙම ක්‍රියාවලියට උත්ප්‍රේරකයක් වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කයිවාරු ගසන නායකයකු ලෙස ජනතාව අතර නම තරමක් නරක් කරගෙන ඇතත් හෙතෙම ජනයා අතර අපකීර්තියට පත් චෞරයකු බවට පත්වූයේ නැත. තම ප්‍රචාරක ව්‍යාපෘතිවලට අත දිගහැර වියදම් කිරීම පිළිබඳ චෝදනාවක් ඔහුට වෙයි. ප්‍රචාරය නොගන්නා ඔහු කරන වැය කිරීම්ද තිබේ. ඉන් එකක් ලෙස උතුරු නැගෙනහිර දුෂ්කර පාසල්වලට ගොඩනැගිලි පහසුකම් හා වෙනත් අධ්‍යාපන උපකරණ ලබාදීමට කරමින් සිටින වියදම් දැක්විය හැකිය. ඔහුගේ බොරු ෂෝ නවත්වා ඔහු කළ කවර හෝ වැඩ ප්‍රමාණය පුංචි පත්‍රිකාවක මුද්‍රණය කරවා මාධ්‍ය ආයතනවලට ලැබෙන්නට සැලැස්වුවහොත් ජනමාධ්‍ය අවංක නම් ඒවා පිළිබඳව ඇත්තටම සොයා බලා ජනපති දැන්වීම්වලට වැය කරමින් ලබාගන්නා හුදු ප්‍රචාරයට වඩා ධනාත්මක ප්‍රචාරයක් ලබාදිය හැකිය. නිදසුනක් ලෙස 2017 වසරේදී පොළොන්නරුවේ සංචාරයක යෙදුණු ජනමාධ්‍යවේදියකු ජනාධිපතිවරයා එහි දියත් කර තිබෙන වකුගඩු රෝහල් ව්‍යාපෘතිය, ප්‍රජා ජල යෝජනා ක්‍රම හා වෙනත් බහුවිධ සාමාන්‍ය ජනයාට අදාළ සංවර්ධන කටයුතු ගැන ඡායාරූප සහිත විස්තරයක් එක්තරා පුවත්පතක පිටු දෙකක් පුරා ලියා තිබුණි. එසේ ලියා තිබුණේ දැන්වීම් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයකින් තොරව ජනපතිගේ සාධනීය මැදිහත්වීමක් අගය කළ යුතුය යන අරුතිනි. ජනපතිට තිබුණේ ඔක්තෝබර් 26 වැනි තුට්ටු දෙකේ ක්‍රියාවලින් වැළකී බාධක මැද වුව තමා සැලසුම් කළ ගමන යාමය. එහෙත් ඔහුගෙන් පිළිබිඹු වූයේ බලයට කෑදර ලෙස යන ගමනකි. එජාපයේ කණ්ඩායමක් සමග වුව යන සැලසුමක් ඔහුට ඇත්තේ එනිසාය. අප්‍රේල් 05 වැනිදා අයවැය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය කරන්නේ කුමක්ද යන්න මත ජනපතිගේ ඉදිරි ගමනේ ස්වභාවය තීරණය වනු ඇත.

ගෝඨාභයට බයද?

අද සමහරු ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට යන බව කියන කතාවට තරම් යකාටවත් බය නැත. ගෝඨාභය ජනාධිපතිවරණයට මුහුණදී එය ජයගැනීම නොගැනීම ගැන අපට අනාවැකි කිව නොහැකිය. ඔහු දිනවන්නට හෝ පරාජය කරන්නට සිතීම ජනතාවගේ සහ දේශපාලන පක්ෂවල කටයුත්තකි. ගෝඨාභය යනු ඉතිහාසයේ රෞද්‍රකම් පෑ නිලධාරියකු බව සැබෑය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයෝ ජනතාව ප්‍රතික්ෂේප කර ඉන් බැහැර කෙනකු ගැන ජනතාව අවධානය යොමු කර තිබෙන බව ඉකුත් සතියේ ගෝඨාභය රාවයට කීවේය. ඔහු එසේ තමා වෙනස් බව කීවත් ගෝඨාභයත් සාම්ප්‍රදායික නායකයෙකි. ඔහු මේ මජර දේශපාලන ක්‍රමයට එරෙහි ක්‍රම විරෝධියෙක් බව කොතැනකදීවත් කියා නැත. මජර ක්‍රියාවලියට එරෙහිවීම හා ක්‍රම විරෝධය යනු දෙකකි. ක්‍රමය වෙනස් නොකර විනිවිදභාවය ඇති කළ නොහැකිය. ගෝඨාභයගේ මතය වන්නේ තිබෙන ක්‍රමයම වඩා ඉහළ සැලසුම් සහිතව පවත්වාගෙන යෑමය. ඒ අනුව ගෝඨාභය යනුත් හුදු ප්‍රතිසංස්කරණවාදියෙකි. ඔහු අත්තනෝමතිකව තීරණ ගන්නා නායකයකු ලෙස ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. එනිසාම ඔහුට ප්‍රතිසංස්කරණවාදියකුද විය නොහැකිය. ප්‍රතිසංස්කරණවාදියකු විය හැක්කේ සමාන්තර ප්‍රජාතන්ත්‍රවාදියකුටය. අනික් කරුණ වන්නේ ප්‍රතිසංස්කරණවලින් ලෝකයට යා හැකි දුර කෙටිවීමය. අප ඒ දුරවත් නොගොස් තිබීම අපේ දුර්වලකමකි. ප්‍රතිසංස්කරණවාදයට දිගු ආයු කාලයක්ද නැත. ගෝඨාභය රට හැදීම ගැන සාකච්ඡා කරන්නේ උගතුන් සමග පමණි. ලංකාවේ බොහෝ උගතුන්ට විෂය දැනුම මිස ප්‍රායෝගික දැනුම නැත. අබ්දුල් කලාම් ලොව ප්‍රකට විද්වතෙකි. ඔහු විද්‍යාඥයන්, කම්කරුවන් මෙන්ම ශිෂ්‍යයන් සමගද ඉන්දියාවේ දැවෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය. ජයග්‍රහණය ඔබ භුක්ති විඳින්න, මට පරාජය භාර දෙන්න. යළි මම ඒවා ජයග්‍රහණ බවට හරවා දීමට උත්සුක වන්නෙමි යනුවෙන් හෙතෙම කීවේය. ඒ අතින් ගෝඨාභය අන්ත වැඩවසම්වාදී සාම්ප්‍රදායික, කම්කරුවාගේ ප්‍රායෝගික දැක්ම ප්‍රතික්ෂේප කරන අනවශ්‍ය උද්දාමයකින් පෙළෙන නායකයෙකි. එවැනි කෙනකුට විකල්ප උගතුන් හා ගෝඨාභයගේ භින්න ප්‍රකාශ උපුටා දක්වන ජනමාධ්‍යවේදීන් බිය විය යුතු නැත. එමෙන්ම තමා තුළ තිබෙන ගෝඨාභයට ඇති බිය අනුන් මතින් පහකර යැවීමටද ඔවුන් උත්සාහ කළ යුතු නැත.

ලංකාව ගිලී යන ටයිටැනික් නැව හා සමානය. ගෝඨාභය කප්පිත්තා වුවත් නැව ගොඩගත නොහැකිය. මන්ද මුහුද මැද තිබෙන නැව මුළුමනින් පිළිසකර කිරීමේ මූර්ත හැකියාවක් ඔහුට ඇතැයි සිතිය නොහැකිය. ජනතාව හා සිවිල් සමාජය කළයුත්තේ ‘ගෝඨාභයට ඇති බයට’ පණ දුන් වැඩපිළිවෙළකින් රනිල් හෝ කරු ගෙන ඒමත් නොවේ. මහජන කේන්ද්‍රීය වැඩසටහනකට අවශ්‍ය උපකරණ රැස්කිරීමය. දේශපාලකයන්ගේ වර්තමාන කෑදර ප්‍රවේශයට හා පැවැත්මට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කැරෙන දූෂණය පිටු දකින මහජන මූලස්ථානයක් රටට අවශ්‍යය. ජනතාවට වැඩපිළිවෙළක් තිබේ නම් නිශ්චිත මොහොතකදී ඉහත කී ඕනෑම නායකයකු අවලංගු කර දැමිය හ