මා අතහැර ඇති බව නිතර දැනුනා -ක්‍රිස්ටියන් පිචලි

වින්ද්‍යා ගමගේ

නව නාසිවාදියෙකු (Neo-Nasi) වූ ක්‍රිස්ටියන් පිචලි ත්‍රස්තවාදීන් ‘රැඩිකල්’ වන්නේ කෙසේද, කලක් ‘රැඩිකල්කරණයට’ ලක් වූ තමා එයින් මිදී ඇමරිකාවේ වසංගතයක් ලෙස පැතිර යන අන්තවාදයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන මැයෙන් ක්‍භභ රූපවාහිනී සේවය සමග කළ සාකච්ඡා කීපයක් ඇසුරින් සකස් කරන ලදී.

‘සුදු ජාතිකවාදය’ එය දේශීයවත් විදේශීයවත් එතරම් ‘ලොකු’ දෙයක් නොවන බව අපේ ජනාධිපතිතුමා (ඩොනල්ඞ් ට්‍රම්ප්) කියා සිටිනවා. ඒත් අපේ මීළඟ අමුත්තා ඒ බව පිළිගන්නේ නැහැ. කලින් ‘Skin head’  (හිස මුඩු කර, ලොකු බූට් සපත්තු පළඳින කළහකාරී හා ජාතිවාදී, උප සංස්කෘතියකට අයත් පුද්ගලයෙක්) ව සිට දැන් ඔහු මිනිසුන්ට එවැනි නිසරු ජීවිතයක් අත්හැර යාමට උපකාර කරන්නෙක්.

ක්‍රිස්ටියන්, මට කියන්න මේ තුළට ඔබ ඇදුනේ කොහොමද?

මම සාමාන්‍ය පවුලක කෙනෙක්.මගේ මව්පියන් මට ආදරය කළා. ඒත් ඔවුන් මා අතහැර ඇති බව මට නිතර දැනුණා. 1987 වෙනකොට මට අවුරුදු 14යි. ඒ කාලේ මම ගොඩක් උසුළු විසුළු කිරීම් වලට ලක් වුණා. ඒත් මේ වෙලාවේ කෙනෙක් මට අනන්‍යතාවයක්, අරමුණක් හා එක්ව සිටීමට ප්‍රජාවක් ලබා දුන්නා. එය මට අන් කවර තැනකවත් නොලැබුණු දෙයක්. අන් අය විසින් අත්හැර දැමීම, කිසිවකු මට නැතැයි යන හැඟීම සහ ක්ෂිතියෙන් මා නිතර පෙළුණා. ඒ වේලාවේ මම කරන්නේ කුමක්දැයි නොදැන කොහෙට වැටෙන්නදැයි නොදැන, අද්දරක හිටියේ. එවැනි තත්ත්වයක හිටි මගෙන් කරගන්න ඕනේ කුමක්ද කියලා ඔවුන් හොඳින්ම දැන හිටියා.

ඒ කියන්නේ වෛරය තුළින් දුර්වලත්වය ඇති වෙනවා කියන එකද? ඔබට කිසිවකුට හතුරුකම් කරන්නට හෝ කිසිවකු භ්‍රාන්තියට පත් කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ නේද?

නැහැ. මගෙ මව්පියන් ඉතාලි ජාතිකයන්. ඔවුන් 1960 ගණන් වල ඇමරිකාවට සංක්‍රමණය වූ අයයි. ඔවුන් විශාල වශයෙන් අගතිගාමීන්ගේ වින්දිතයන් බවට පත්ව තිබුණා. ඒත් මගේ පවුලේ අයගේ DNA වල ජාතිවාදය තිබුණේ නැහැ. ඇත්තටම මම මේ දේවල් සිය ගණනක් මා වැනි අය සමගම වැඩ කරලා වසර ගණනාවකට පසුව සොයා ගත්තා. වෛරය කියන්නේ තමා පිළිබඳව ඇති ‘ස්වයං තරහ’ පිටතට ප්‍රක්පේෂණය කිරීමක්. දෘෂ්ටිවාදය කියන්නේ හිංසනය ඇති කිරීමට අවසාන වශයෙන් බලපාන දෙයයි. ඒත් අපේ පූර්ව රැඩිකල්කරණයේදී අප පත් වූ ක්ෂිති තත්ත්වය, අපයෝජන, සමාජයෙන් දුරස් වීම, තනිකම, සමාජ අශ්‍රයේදී අයෝග්‍ය අයකු බව යන බොහෝ කරුණු බලපානවා. මා මෙතෙක් වැඩ කළ බොහෝ දෙනකුගේ කථා මම කලින් කී දේවල් හා සම්බන්ධයි. ඉන් පස්සේ මේ දෘෂ්ටිවාදය හමුදා සන්නාහයක් බවට පත් වෙනවා. අපගේ වේදනාවන්ට වගකිවයුතු, දොස්පැවරිය යුතු අයෙකු සිටින බව එයින් අප තුළ විශ්වාසයක් ඇති කරනවා.

මෙයට විරුද්ධව සටන් කළ යුතු නම් එය අපට කළ හැකි වන්නේ දොස්තර ජෝනාස් ස්ලොක්, පෝලියෝ රෝගය සම්බන්ධව කටයුතු කළ ආකාරයටයි. අසනීප වූ අයට ප්‍රතිකාර කරන අතරම අනෙක් අය අසනීප වීමට කලින් ඔවුන්ට පෝලියෝ එන්නත ලබා දීම සහ තවදුරටත් රෝගය පැතිරීමේ තර්ජනයක් ඇති බව දැන ගැනීමයි. ඒත් අපේ රටේ (ඇමරිකාවේ) තර්ජනය හඳුනා ගැනීමක් තවමත් සිදු වී නැහැ. මෙතෙක් පත් වූ කිසිදු පරිපාලනයක් දේශීය අන්තවාදය පිළිබඳව සිය අවධානය යොමු කර නැහැ. වර්තමාන පරිපාලනය යටතේ මේ දෘෂ්ටිවාදය තව තවත් පෝෂණය වන බව පෙනෙනවා.

දැන් සිදුවන සමූහ වෙඩි තැබීම, ත්‍රස්තවාදය ආදිය වසංගතයක්, බෝවන දෙයක් ලෙස ඔබ දකිනවද? එසේ නම් ඒ සම්බන්ධව කළ යුත්තේ කුමක්ද?

මගේ පූර්ව රැඩිකල්කරණය පිළිබඳ න්‍යාය අපි අපේ රාජ්‍යයට යොදා බලමු. අපේ ජීවන ගමනේදී අපි විවිධ බාධක වලට මුහුණ දෙනවා. ක්ෂිතිය, වේදනාව වැනි මේ දේවල් අපව අන් අයගෙන් ඈත් කරනවා. ඒ නිසාම අපි යම් අනන්‍යතාවක් අරමුණක් හා යම් ප්‍රජාවකට සම්බන්ධ වීමට අවස්ථාවක් සොයමින් සිටිනවා. තරුණයන් පවුල් බලපෑමෙන් ඉවත් වන මුල් කාලය තුළ මෙය බොහෝ විට සිදු වනවා.
සැබෑ ජීවිතයේදී අන්තර්ජාලය මේ වෙනුවෙන් විශාල භූමිකාවක් සිදු කරනවා. ඔවුන් බොහෝ විට මේ තරුණයන් හමු වන්නේ අන්තර්ජාලය තුළ විශාදය පිළිබඳව ඇති විනිශ්චයශාලා (Forum) ස්වේච්ඡතා  (Autism) සහයෝගී කණ්ඩායම් හරහායි. ඒ හරහා විවිධ අසහනකාරී අත්දැකීම් ඇති තරුණයන් අනන්‍යතාවයක්, අරමුණක් හා පිළිගැනීමක් ලබාදෙන ප්‍රජාවක් හා යා කිරීමට ඔවුන් කටයුතු කරනවා.
කොන් කිරීම, අන් අයගේ සරදමට ලක් වූ, තනිකමින් වෙසෙන තරුණ ප්‍රජාවට මෙ හරහා පිළිගැනීමක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම මගේ ජීවිත කාලය තුළ මා දුටු වඩා වේගයෙන්ම වර්ධනය වෙන පාතාල සමාජ ව්‍යපාරය මෙයයි.

ඔබට මේ හරහා මිනිසුන් මරන්න සිදු වුණා. යථාර්ථයට විරෝධය පාන්නට සිදු වුණා. මේ ගැන මොකද හිතන්නේ ?

මේකයි යථාර්ථය. 2011 ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල වුණා. පසුව තව තවත් ත්‍රස්තවාදී ප්‍රහාර රැසක් රට තුළ සිදු වුණා. මේවා සතිපතා, මාස් පතා සිදු වෙනවා. මේ දේවල් මාත් දකිනවා. මොකද මාත් ජීවත් වෙන්නේ මේ ලෝකය තුළයි. මේ භයංකාර දේවල් දැක දැකත් ඒවායින් ඈත් වීමට මම අද මිනිසුන් රාශියකට උදව් කරනවා. මීට අවුරුදු 30කට විතර කලින් අපිත් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළා. එහිදී අපට අවශ්‍ය වුණේ හිංසනය අවුස්සන්නයි. ඒ වගේම අපට අවශ්‍ය වුණා ‘තනියා’ සංස්කෘතියක් (Lone Wolf Culture) ඇති කරන්න. ඒ වගේ දේවල් කළාම මධ්‍යස්ථව සිටින ‘සුදු ජාතිවාදීන්’ පවා අප තුළට ගෙන්වා ගන්න පුළුවන් බව අප දුටුවා. ඒ අතර අපි අපේ දෘෂ්ටිවාදය ප්‍රධාන ධාරාවට ගෙන ඒමට උත්සාහ කළා. අද ඇමරිකාවේ ඇති වී තිබෙන අන්තවාදී, ජාතිවාදී අදහස්, සටන් හා අපරාධ ඒ දෘෂ්ටිවාදයේ ප්‍රතිඵල ලෙස දැක්විය හැකියි.

ඔබ මෙයින් ඉවතට පැමිණියේ කෙසේද?

කිසිවකුගේත් දයාවක් නොලැබීමට නුසුදුසු අයෙකු, කිසිසේත්ම දයාවක් නොලැබිය යුතු අවස්ථාවක මා වෛර කළ මිනිසුන් සමඟ මට අර්ථාන්විත සබඳතා ඇති කර ගැනීමට හැකි වුණා. 1996 වෙත්දී මට වයස 23යි. ඒ වසරේ මම මේ ජාතිවාදී මානසිකත්වයෙන් මිදී ඉන් පිටතට පැමිණියා. ඉන් පසු වසර කීපයක් මා නිහඬව සිටියා. 2000 වසර වෙද්දී මා මේ දේවල් ප්‍රසිද්ධියේ කතා කිරීමට පටන් ගත්තා. අද වන විට මා මේ සම්බන්ධව, මා වැනිම සිය ගණනක් වන දෙනා සමග කටයුතු කරනවා.