මම ස්වභාවයෙන්ම නිරීක්ෂකයෙක් – ලුද්මිලා උලිත්ස්කයා

පරිවර්තනය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ක්‍රි.ව. 1943 පෙබරවාරි 21 වැනි දින රුසියාවේ බෂ්කිරියා ප්‍රදේශයේ දව්ලෙකනොවෝ නගරයේ උපත ලද ලුද්මිලා එව්ගෙනියෙව්නා උලිත්ස්කයා (Lyudmila Evgenyevna Ulitskaya) පසු කලෙක මොස්කව් නුවර හැදී වැඩී එහි පිහිටි මොස්කව් රාජ්‍ය විශ්වවිiාලයෙන් ප්‍රවේණි විiාව පිළිබඳ උපාධියක් ලැබුවාය. ප්‍රවේණි විiාව සහ ජීව රසායන විiාව යන ක්ෂේත්‍රයන් තුළ රැකියාවේ යෙදුන ඇය යුදෙව් නාට්‍ය රංගනයට බැඳී කටයුතු කළාය. ක්‍රි.ව. 1990 දී කුඩා ප්‍රබන්ධයක් එළිදැක්වූ ඇය ‘සොනෙච්කා’(Sonechka) නමින් ඇගේ ප්‍රථම නවකතාව ක්‍රි.ව. 1992 දී ප්‍රකාශයට පත් කිරීමට සමත් වූ අතර එම කෘතිය අතිශය ජනප්‍රිය විය. එපමණක් නොව එය එම වසරේ රුසියානු බුකර් ත්‍යාගයේ නිර්දේශිත ග්‍රන්ථ නාමාවලියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබීය. ඇගේ කෘති විදෙස් භාෂා වලට පරිවර්තනය වී තිබෙන අතර ඇය විසින් ලියන ලද ‘ද කුකෝට්ස්කි එනිග්මා’ (The Kukotsky Enigma) කෘතියට ක්‍රි.ව. 2001දී රුසියානු බුකර් ත්‍යාගය ලැබුණු අතර එම ත්‍යාගය ලද පළමුවන ලේඛිකාව බවටද ඇය පත් වූවාය. ඇය රුසියාවේ, මොස්කව් නුවර සහ ඊශ්‍රායලය යන දෙරටේ කාලය ගත කරන අතර දෙස් විදෙස් සාහිත්‍ය සම්මාන 18ක් ලබා ගැනීමට සමත් වූවාය.
නවකතා 18ක් ලියා පළ කර ඇති ලුද්මිලා කෙටිකතා රචිකාවක මෙන්ම තිර පිටපත් රචිකාවක් ලෙසද කටයුතු කරන අතර ලේඛනයේ නිදහස පිළිබඳ උනන්දුවක් දක්වන පෙන් ඇමරිකා (Pen America) සංවිධානයේ වෙබ් අඩවිය ඇය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාව එම වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර එහි සිංහල පරිවර්තනය පහත දැක්වේ.

Daniel Stein, Interpreter කෘතිය තුළ රුසියාවේ පමණක් නොව ගෝලීය වශයෙන් සංවේදී ගැටලු ගැන බොහෝ ප්‍රශ්න නගා තිබෙනවා. කෙසේ වුවත්, ඔබ විසින් ඇමරිකානු මාධ්‍ය තුළ දක්නට ලැබෙන කතාන්දර පරිශීලනය කළහොත් වාර්ගික හෝ ආගමික ඉවසීම නූතන රුසියාවේ සුවිශේෂි බලපෑම් අයිතමයක් බවට පත්ව තිබෙනවා. ඔබ මෙය දකින්නේ අනතුරු ඇගවීමේ ප්‍රශ්නයක් හැටියටද? එසේත් නොමැති නම් අතිශෝක්තියෙන් කියන කාරණාවක් හැටියටද?

මට කිව හැක්කේ ඒ සියලු ප්‍රශ්න වලට මුල විදේශිකයන් නොරිස්සීමයි. මිනිස්සු පිටස්තරයන්ට නොකැමති වීම, ඔවුන් කෙරෙහි සෝදිසියෙන් සිටීම, සමහරක් වෙලාවට ඔවුන් ප්‍රතික්ෂේප කිරීම යනාදි ඍණාත්මක හැඟීම් වලට පාදක වන්නේ තේරුම් ගැනීමේ අඩුපාඩුකම් නිසා. විදේශිකයන් නොරිස්සීම රුසියාව පුරා පැතිරුණු දෙයක්. ඉඳහිට එහි ඉලක්කයන් වෙනස් වෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකානු අධිරාජ්‍යවාදය අංක එකේ සතුරා බවට ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඉන් අනතුරුව යුදෙව්වරු නම් කරනු ලැබුවා. අවුරුදු ගණනාවකට පසුව, කොකේසියානු ප්‍රදේශයේ ස්වදේශිකයන් ප්‍රධාන සතුරෝ බවට පත් වුණා. රජය විසින් පවත්වාගෙන යනු ලබන විදේශිකයන් නොරිස්සීමේ ගතිගුණය දේශපාලනික සාධාරණත්වයක් ප්‍රදානය කරමින් ඒවායින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට රජය විසින්ම කටයුතු කරනවා. ඇමරිකාවත් ජනවාර්ගික සබඳතා සහ ජාත්‍යන්තර සබඳතා වලට විෂය වන ගැටලු බෙදා ගැනීම සිදු කරනවා. ඒත් ඇමරිකානු රජයේ තිබෙන එක් හැඟීමක් වන්නේ ඔවුන් රුසියාව වගේ නොවෙයි කිසිදිනෙක මෙවැනි කාරනා මෙහෙයවන්නකු බවට පත් වන්නේ නැහැ.

නවකතාවේ ස්වභාවය තුළ විස්මය දනවන දෙයක් රුසියාවෙන් ලැබුණාද? වෙනත් රටවල තත්ත්වය කෙසේද?

ඔව්, පුදුම සහගත සාර්ථකත්වයක් පොත දිනා ගත්තා. උසස් සංස්කෘතික, විවෘත මනසක් ඇති පටු වළල්ලකට ආයාචනයක් පමණක් සිදු කරන පොතක් මම ලියන බව ඒත්තු ගන්නා තිබුණා. ඒත් එය ඔප්පු කිරීමක් වශයෙන්, මට ගණන් කර ගැනීමට බැරි තරම් ප්‍රේක්ෂකයෝ සහ පුළුල් පාඨක සංඛ්‍යාවක් ආකර්ශනය කර ගැනීමට පොත සමත් වුණා.
ඊට අමතරව කාලය සහ ඉරණම පිළිබඳ ප්‍රශ්න සමග තිබෙන ගණුදෙනුව තුළ ඕනෑම නවකතාවක් විය යුත්තක් පොත තුළ වෙනත් අදහසක් අන්තර්ගත වීම මට පුද්ගලිකව ඉතා වැදගත් වුණා. එනම්, ඔවුන්ගේ ජීවිතයට හේතු සාධක වන්නා වූ ඔවුන් විසින් ග්‍රහණය සහ ජාත්‍යන්තරකරණය කරගත් තීරණාත්මක වාදයක් අනුමත කිරීම සහ දෘෂ්ඨීන් වලින් ඔවුන් මුදාගැනීමක් වශයෙන් පුද්ගලයකු නිදහස් වීමයි.

එවැනි සිතුවිල්ලක් ලබා දීමෙන් පසු, මුළුමනින්ම විධිමත්ව නවකතාවක් සකස් කර නොතිබෙන, සමාජය විසින් අරගලයක යෙදෙන ප්‍රශ්නයකට පිළිතුරු අඩංගු වන තොරතුරු මම විසින් ආරෝපනය කර තිබීම පොතේ සාර්ථකත්වයට බලපා තිබෙනවා. නම් වශයෙන් ගැනීමේදී, ධාර්මිකත්වය, සත්පුරුෂ බව සහ ආයතනගත ඇදහිල්ල අතර රේඛාව තිබෙන්නේ කොහේද? විවිධ ආගමික ප්‍රතිදේශනයන් අතර බෙදීම්වලට තිබෙන සැබෑ වැදගත් දේවල්ද? ශුද්ධ වූ අගුස්තීනු මුනිතුමන් විසින් ඉදිරිපත් කර තිබෙන අදහස් වලින් එකක් වන්නේ මිහිතලයේ මිනිසා විසින් නිර්මාණය කරන ලද නිකායන් අතර තිබෙන බෙදීම් ස්වර්ගය දක්වා දිගු නොකොට අපේ නූතන කාලය තුළදී නැවත බැලීමට යමක් අවශ්‍ය කරන බවය.

කාන්තා නිදහස සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ත්‍යාගය ලෙස සැලකෙන සිමොන් ඬේ බුවාර් ත්‍යාගයේ (Simone de Beauvoir) ත්‍යාගලාභියකු ලෙස ඔබව නම් කරනු ලැබුවා. කාන්තාවන්ගේ ගැටලු ගැන ලියමින් කවර ආකාරයක උත්තේජනයක් ඔබ විසින් කළාද?

මම කවදාවත් කාන්තාවන්ගේ ගැටලු ගැන විශේෂාකාරයකින් ලියා නැහැ. ඒත් එය තමයි ජුරිය විසින් පැමිණි අවසාන නිගමනයේ සාරාංශය වන්නේ. අනුකූලතාවය ගරු කරනු පිණිස, මට කියන්න පුළුවන් දෙය වන්නේ, ළමා, වැඩිහිටි, ආබාධිත, සිරගත සහ අනෙක් සුළු ජාතීන්ගේ අයිතීන්වලට වඩා රුසියාවේ කාන්තා අයිතිවාසිකම්වලට බලෙන් පිවිසීමක් සිදු වන්නේ නැති බවයි. රුසියානු සාහිත්‍ය සම්ප්‍රදාය තුළ ඍජු ලෙස මම යමක් තබා තිබෙන්නේ නම් සමාජයේ මාඉමේ දිවි ගෙවන අයගේ ඉරණම තුළ එය මගේ හෘදයාංගම කැමැත්තයි. එහි සිටින පිරිමි සහ ගැහැනුන් යන දෙපිරිසෙන් සමන්විත ‘කුඩා මිනිසුන්’ අතරින් මම හැමවිටම මගේ ප්‍රමුඛයා තෝරාගනු ලබනවා. එය පිරිමියෙකුට වඩා ගැහැනියක විසින් නිතරම සිදු කරන ලද්දක්.

අද රුසියාව තුළ කාන්තා නිදහසේ තත්ත්වය කෙසේද?

එම විෂය පිළිබඳ මා විසින් විශේෂිත පර්යේෂණයක් සිදු කර නැහැ. මම ස්ත්‍රීවාදිනියක් නොවේ. සියලු ආකාර නිදහසේ තත්ත්වයන් පරමාදර්ශි තත්ත්වයෙන් ගොඩක් ඈතින් පිහිටා තිබෙන්නේ. ඒත් මගේ නිර්මාණ තුළින් මේ ගැන කතා කිරීමට මගක් මම හදාගෙන තිබෙනවා. දැනට අවුරුදු කිහිපයකයට පෙර දි අදර්, අදර්ස්, එබවුට් අදර්ස් (The Other, Others, About Others) යන මාතෘකාව යටතේ යෞවනයන් ඉලක්ක කරගත් කෘති මාලාවක් කිරීමට මැදිහත් වෙමින් සිටියා. දැනටමත් පොත් 14ක් ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒවා සංස්කෘතික මානව විiාව සහ මානව වංශ විස්තරය තුළ තිබෙන විවිධ මාතෘකා සම්බන්ධයෙන් කපා කොටා තිබෙනවා. අනෙකුත් සංස්කෘති, අනෙකුත් සම්ප්‍රදායන් සහ ජීවන මාර්ගය පිළිබඳ තොරතුරු බෙදා ගැනීම තුළින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය තේරුම් ගැනීම වගා කිරීම සඳහා වූ දිගු මාවතක් බව මම විශ්වාස කරනවා. කාන්තා නිදහස වැනි දෙයක් සමස්ත සංදර්භය තුළින් ඉවත් කර තිබෙනවා. එම සංදර්භය තමයි මම වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටින්නේ.

මෑතකදී කැරලි ගැසීම් සහ දේශපාලන විරෝධතා පැවති රටවලට කාන්තාවන්ගේ භූමිකාවන් වලට කුමක් සිදු වී තිබෙන්නේද යන කාරණය ඔබ ගන්නේ කෙසේද?

ගැහැනුන් නොරුස්සන සංස්කෘතීන් තුළ ඉපදුණ කාන්තාවන් කෙරෙහි මා තුළ ඇති වන්නේ මහා අනුකම්පාවක්. රුසියාවේ කාන්තාවන්ගේ තත්ත්වය වන්නේ, බොහෝ කාන්තාවන් ත්‍රස්තවාදී සංවිධාන වලට යොමුවෙලා, බොහෝ කාන්තාවන් සියදිවි හානිකර ගන්නා බෝම්බකාරියන් බවට පත්වෙලා ඉන්නවා. මෙවැනි කාන්තාවන්ගේ ඉරණම අති භයානකයි. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්, ඥාතීන් සහ නායකයන් විසින් භයානක අපරාධවලට යොමු වීම කෙරෙහි ඔවුන්ට බලකර සිටීමක් කර තිබෙනවා. නිතරම ඔවුන් තර්ජනයේ වින්දිතයෝ.

Pen පරිවර්තන සාහිත්‍යයේ සම්මානලාභි ආච් ටයිට් (Arch Tait) සමඟ ඔබ කණ්ඩායම්ගත වූයේ කෙසේද? පරිවර්තන කාර්යන්වලදී සමීපව එකට එකතු වී ඔබ කටයුතු කළේ කෙසේද?

වසර දහයකට පෙර, ඔබ පළමු වරට මගේ පොත් වලින් එකක් ඉංග්‍රීසියට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කෙරුණත් එහි පරිවර්තනය මුළුමනින්ම අසමත් (වෙනත් පරිවර්තකයකු සමග සිදු කරන ලදී). පොත් ප්‍රකාශකයා එය ආරක්ෂා කර ගැනීම සඳහා ආච් ටයිට්ට දුන්නා. අන්න එවිට තමයි අපි මුණ ගැහුණේ. එදා පටන් ඔහු තමයි මගේ එකම ඉංග්‍රීසි පරිවර්තකයා. උසස් අධ්‍යාපනයක්, බුද්ධියක්, කිසිදිනක හමු නොවූ මිනිසුන්ගේ දුෂ්කරතාව සම්බන්ධයෙන් විවෘතව කටයුතු කළ හැකි කෙනකු සොයා ගැනීමට ලැබීම ගැන මම වාසනාවන්තයි කියා මට හැගෙනවා. අපි ගත්කරුවන් විදිහට අතිශයින්ම අපගේ පරිවර්තකයෝ මත යැපෙනවා. මම හැම විටම කාලය වැඩි කොටසක් මිඩංගු කරමින් උත්සාහ කරන්නේ පරිවර්තකයා සමග වැඩ කිරීමටයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මගේ පරිවර්තකයන් සමග උසස් සම්බන්ධතාවයක් පවතිනවා.

ලිවීමට වඩා ජීවිතය ඔබට වැදගත් බව ඔබ වරක් කියා සිටියා. ඔබේ ජීවිතය දැන් කෙසේද? ඔබට ජීවිතයේ වැදගත් දේවල් මොනවාද? ලෝකයේ සහ රුසියාවේ සිදුවන වෙනස්කම් මෙන් එයත් වෙනස් වෙලාද?

මම ස්වභාවයෙන්ම නිරීක්ෂකයෙක්. මට මුළුමනින්ම ඒ අන්තර්ගතය තුළ ජීවිතය මට ලබා දෙන්නේ එවැනි චමත්කාර ප්‍රතිරූප සහ දසුන්, එවැනි චමත්කාරජනක විශාල හදවත් ඇති හිතැ‘ති මිනිසුන්. එය ‘සතුටුයි’ කියා කීමට නුහුරු හැඟීමක්. වෙනස්වීම් සිත්ගන්නා සුළු වෙනවා.