පුහුල් හොරා කරෙන් දැනේ

ජනපති පාර්ලිමේන්තුව සම`ග ගැටුමක් ඇතිකර ගැනීම තිබෙන ප‍්‍රශ්න තවත් අවුල් වීමට හේතුවකි. පාර්ලිමේන්තුවේ බලය එක් පක්ෂයකට හා ජනාධිපති වෙනත් පක්ෂයක් නියෝජනය කරන විට මෙවැනි අර්බුදයක් හට ගැනීම වැළැක්විය නොහැකිය. මීට පෙරද මෙවැනි අවස්ථාවක් උද්ගත විය. එහෙත් මෙවර මතුව තිබෙන ප‍්‍රශ්නය වන්නේ ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර ගැටුම රටෙහි සිදු වූ ඛේදවාචකයක් අරභයා මැදිහත්කාරත්වය දරන වැඩසටහනක් නිසා හටගෙන තිබීමය. ජනපති හදිසියේම කියා තිබුණේ පාස්කු දා ප‍්‍රහාරය පිළිබ`ද කරුණු විමසීමට පත් කැරුණු පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු නතර කරන ලෙසය. එම තේරීම් කාරක සභාව නතර කරන තුරු කැබිනට් රැුස්වීම් නොපවත්වන බවටද හෙතෙම තීන්දුවක් ගෙන තිබේ. එහෙත් ජනාධිපතිගේ විරෝධය නොතකා කාරක සභාව ඉකුත් දින වලදී රැුස්වුණේය. මෙය මොනතරම් ලැජ්ජාසහගත තත්ත්වයක්ද? මෙබදු බාලාංශ පන්තියේ තීරණ ගෙන රටක පාලනයක් පවත්වාගෙන යා හැකිද?
පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලියෙහි අඩුපාඩු තිබෙන්නට පුළුවන. එහෙත් පසුගිය දින කිහිපය තුළදී පාස්කු දා ප‍්‍රහාරයට අදාළ වැදගත් කරුණු රැුසක්ද එහිදී හෙළි විය. එහිදීත් ප‍්‍රත්‍යක්ෂ වූයේ ප‍්‍රහාරය පිළිබ`දව රටේ ප‍්‍රධානීන්ට තොරතුරු ලැබී තිබුණු බවය. ඒවා ගැන නිසි අවධානයක් යොමු නොවුණ බවත් එම සාක්ෂ්‍යය විමර්ශනයේ යටි පෙළින් කියවෙයි. ජනාධිපතිවරයා පාස්කුදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විටින් විට කරන ලද ප‍්‍රකාශ වලින් තමා මේ ගැන කිසිවක් නොදන්නා බව තහවුරු කිරීමට වෙර දරා තිබුණු බව දක්නට ලැබුණි. එහෙත් ආරක්ෂන ලේකම්, පොලිස්පති වැනි අයගේ සාක්ෂ්‍යය වලින් පුහුල් හොරා කරෙන් දැනේ වැනි තත්ත්වයක් ජනාධිපති අරභයා ඇති කර තිබුණි. ජනපතිට අවශ්‍ය කරේ ගෑවී තිබෙන අළු පිසදා ගැනීමට බව පැහැදිලිය. ඉඩ හැරීම වෙනුවෙන් තමාට වරදාන ලැබෙන බවට සහතිකයක් ලැබුණු බව පොලිස්පතිවරයා කාරක සභාව හමුවේ කියා තිබුණි.
ජනාධිපතිගේ සිට පහළට පාස්කු දා ප‍්‍රහාරය පිළිබ`ද ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් වග විභාගයෙන් තොරව ක‍්‍රියා කර ඇති බව දැන් රටම දනී. එහෙත් ඒ වරද කිසිවෙක් පිළිගන්නා බවක්ද නොපෙනෙයි. එවිට දෙන්නට සිදු වන්නේ කැකිල්ලේ තීන්දුවකි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක යම් විමර්ශන ක‍්‍රියාවලියක් අත්තනෝමතිකව නතර කිරීමට ජනාධිපති මැදිහත් වීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මෙන්ම ගුප්ත තත්ත්වයකි. එහි කටයුතු සිදුවන ආකාරය අනුචිත යැයි පවතින දේශපාලන විසංවාදී තත්ත්වය තුළ ජනපති හිතනවා වන්නට පුළුවන. තේරීම් කාරක සභාවේ නියෝජිතයින් ජනපති අමාරුවේ දැමීමට සාක්ෂ්‍යය සොයනවා යැයි ඍජුව චෝදනා කිරීමද කළ නොහැක්කකි. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කළ ප‍්‍රකාශය තේරීම් කාරක සභාව උලූප්පා ගත් එකක් නොව නාලක සිල්වා ස්වෙච්ඡුාවෙන් කළ ප‍්‍රකාශයකි. අද වන විට ජනාධිපති ඝාතන තැත ව්‍යාජ පුවතක් බවට පත්ව තිබේ. නාලක කියන පරිදි මෙම පුවත ඔස්සේ තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සහරාන් පසුපස ගිය ගමන ඇනහිට තිබේ. එපරිදිම පොලිස්පති හා ආරක්ෂක ලේකම්ගේ ප‍්‍රකාශද සැහැල්ලූ යැයි මතුපිටින් පෙනුනද ඒවායේ යටිපෙළ මගින් බරපතළ කතාවක් කියවෙයි.
ලංකාවේ බොහෝ තේරිම් කාරක සභා අවසානයේදී පුස්ස බින්දා වැනි තත්ත්වයක් උදාකර තිබීම මෙරට පොදු අද්දැකීමය. ඒ අතින් ඒවා මෙරට විශේෂ ජනාධිපති කොමිෂන් සභා හා සමානය. මහත් උනන්දුවෙන් සාකෂ්‍යය විමසයි. එහෙත් අවසානයේදී ප‍්‍රතිඵලයක් අත් නොවේ. සාකෂ්‍ය විමසීම සිදුවන කාලය තුළ ඉන් චෝදනාවට ලක්වන පාර්ශ්වයට හතර අතින් ප‍්‍රහාර එල්ල වනු පෙනේ. ඒ බොහෝ ඒවා මාධ්‍ය සංදර්ශන වලින් එහාට නොයයි. එහෙත් තේරීම් කාරක සභාවක් අවංක අදහසින් ක‍්‍රියාත්මක කරනවා නම් එයින් වැදගත් ප‍්‍රතිඵල අත්කර ගත හැකිය. තේරීම් කාරක සභාවක නිර්දේශය අනුව විධායකයට අණපනත් සකස් කළ හැකි අතර ඒ අනුව යම් ක‍්‍රියාවකට වගකිව යුතු පාර්ශ්වයක් සම්බන්ධයෙන් අපක්ෂපාතීව ක‍්‍රියා කිරීමේ ඉඩකඩද පවතී. එහෙත් ලංකාවේ පවතින්නේ චූදිතයන් නඩු අසන චූදිතයන්ම ඒවාට එරෙහිව ක‍්‍රියා කරන ජුගුප්සාජනක තත්ත්වයක් නිසා කවර විමර්ශනයකින්වත් යුක්තිය පසි`දලිය හැකි යැයි සිතිය නොහැකිය. එමෙන්ම මෙම නිශ්චිත සිද්ධියට අදාළ විමර්ශන කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවන බවටද ජනතාවට විශ්වාසයක් නැත. උක්ත කාරණය අරභයා ජනපති හා පාර්ලිමේන්තුව අතර ඇති වී තිබෙන ගැටුමේ කෙළවර රටේ ඇති වී තිබෙන නාය යෑම දෙගුණ කරන්නකි. ඒ බව ගැටුමට මැදි වී සිටින නායකයින් තේරුම් ගෙන ක‍්‍රියා කරන බවක්ද දක්නට නොලැබෙන නිසා සිදුවෙමින් පවතින විනාශකාරී පසුබිමෙහි හානි පූර්ණයන් ජනතාව පිට පැටවෙනු ඇති බව නම් කිව හැකිය.