මෛත‍්‍රී-රනිල්-කරු අර්බුදය උග‍්‍ර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර

ජනාධිපතිවරයා අනුගමනය කරමින් සිටින ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාමාර්ග නිසා යළිත් විධායකය සහ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) අතර බරපතළ අර්බුදයක් උද්ගතව ඇතැයි නීති විශාදරයෝ පෙන්වා දෙති.
පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නවතා දමන්නැයි, ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින අතර එය ඉටු නොවන්නේ නම් කැබිනට් මණ්ඩලය රැුස් නොකරන බවද ඔහු ප‍්‍රකාශ කර තිබිණි.
මීට අමතරව ස්ථිර අමාත්‍යවරුන් නොමැති අමාත්‍යාංශවලට වැඩ බලන අමාත්‍යවරුන් පත්කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයද ව්‍යවස්ථා විරෝධී බව නීති ප‍්‍රවීණයෝ පෙන්වා දෙති. අධිකරණ අමාත්‍යාංයේ හිටපු ලේකම්වරයෙක් වන ආචාර්ය නිහාල් ජයවික‍්‍රම පැවසුවේ 19 වන සංශෝධනයේ 42 (1) ව්‍යවස්ථාව අනුව ‘ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය, අමාත්‍ය මණ්ඩලයට භාර දී ඇති’ බවය. එවැනි තත්ත්වයකදී කැබිනට් මණ්ඩලය කැඳවීමේ බලය, කැබිනට් මණ්ඩලයටම ඇති බව තමාගේ මතය යැයි ඔහු ප‍්‍රකාශ කළේය.
19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා, අමාත්‍යවරුන් පත් කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් මත බවට වන වගන්තියද, ස්ථිර අමාත්‍යවරයකු නොවන අමාත්‍යාංශයකට වැඩ බලන අමාත්‍යවරයකු පත් කළ නොහැකිය යන වගන්තියද ජනාධිපතිවරයා බිඳ දමා ඇතැයි ආචාර්ය නිහාල් ජයවික‍්‍රම පැවසීය. ව්‍යවස්ථාවේ 49 වන වගන්තියේ මේ ගැන සඳහන් වන බවද ඔහු කීය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන නීතිමය කටයුතුවලට බාධාවන් බවට නීතිපතිවරයා නිකුත් කළ බව කියන ලිපිය, ජනාධිපතිවරයා, කතානායකවරයා වෙත යොමු කළද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳවද ජනාධිපතිවරයා උරණ වී ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් කතානායකවරයා, ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කර ඇති බවද බුද්ධි අංශ නිලධාරීන් හෙළි නොවන ආකාරයට, මාධ්‍ය නොමැතිව සාක්ෂි විමසීමට විශේෂ කාරක සභාව එකඟ වී ඇතැයි කතානායකවරයා ජනපතිට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත. මේ අනුව ලබන අඟහරුවාදා (18) කැබිනට් මණ්ඩලය රැුස් කිරීමට ජනපති එකඟ වී ඇත. ජනපති හා ආණ්ඩුව අතර මෙන්ම ජනපති හා පාර්ලිමේන්තුව අතර මතුව ඇති අර්බුදය සාකච්ඡුා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ ද බ‍්‍රහස්පතින්දා (13) සවස රැස් වූහ.