2020 නාමික ජනපතිට වියදම් කිරීම නාස්තියක්

-ආචාර්ය නිහාල් ජයවික‍්‍රම

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා ‘නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු’ වන බව හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය නිහාල් ජයවික‍්‍රම රාවයට පැවසීය.
මීළ`ග ජනාධිපතිවරයාට රාජ්‍ය නායකත්වය, විධායකයේ ආණ්ඩුවේ නායකත්වය සහ සන්නද්ධ හමුදාවන්හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ හැකි වුවද ඔහු/ ඇය 1972 ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධුරයේ කටයුතු කළ විලියම් ගොපල්ලවගේ තත්ත්වයට පත් වන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙවැනි බලයක් හිමි ජනාධිපතිවරයකු පත් කර ගැනීම ස`දහා ප‍්‍රකෝටි ගණනක් මුදල් වැය කර (රු. කෝටි දහසකට අධික මුදලක්) ජනාධිපතිවරණයක් පැවැත්වීම මුදල් නාස්ති කිරීමක් වන හෙයින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන සංශෝධනයේ ස`දහන් පරිදි පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයකු පත් කර ගැනීමට හෝ වෙනත් රටවල මැතිවරණ පාසල් (Electoral College) මගින් ජනාධිපති පත්කර ගන්නා ආකාරයේ ක‍්‍රමවේදයක් සකස් කර ගැනීමකින් හෝ ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ ක‍්‍රමයක් අනුගමනය කිරීම තුළින් මුදල් නාස්තිය වළක්වා ගත හැකි බව ඔහු කීය.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාව සංශෝධනයෙන් පසුව බලයට පැමිණෙන ජනාධිපතිවරයාට දෙවරක් පමණක් ජනාධිපති ධුරය දැරිය හැකි බව ස`දහන් වුවද එම සංශෝධනයට පෙර ජනාධිපති ධුරය දරන ලද අයට නැවත ජනාධිපතිවරණය ස`දහා ඉදිරිපත් වී ජනාධිපති ධුරයක් දැරීමට හැකියාවක් තිබේද? යන්න පිළිබ`දව පුළුල් විග‍්‍රහයක් නොමැති බව හේ කීය.
යම් හෙයකින් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ යන අය 2020 ජනාධිපතිවරණය ස`දහා ඉදිරිපත් වීමට කැමැත්තක් තිබේ නම් ඒ පිළිබ`දව අධිකරණයෙන් විමසීමක් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබෙන අතර අධිකරණය විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට තීන්දුවක් ලබා දුනහොත් ඔවුන්ට නැවත ජනාධිපති ධුරය දැරීමේ හැකියාවක් තිබෙන බවට තමන් අනුමාන කරන බව ආචාර්ය නිහාල් ජයවික‍්‍රම පැවසීය.