සතුන් නොමරා මස් කෑම

ප්‍රභාස්වර

සාමාන්‍ය ජනතාවට වැටහෙන අයුරින්, විiා හා තාක්ෂණය ගැන විවිධ ලිපි හා කොලම් පළ කරන ඇමරිකානු සඟරාවක් වන “Popular Science” ආරම්භ කරනු ලැබුවේ 1872දී ය. භාෂා 30කට පරිවර්තනය වී ලොව රටවල් 45ක් පුරා බෙදාහැරෙන මේ සඟරාවට විiා හා තාක්ෂණ පාඨකයෝ බෙහෙවින් ඇලුම් කරති. පසුගිය දිනෙක “Popular Science” සඟරාවේ මාධ්‍යවේදී ටොම් ෆොස්ටර්, ඇමරිකාවේ මිසෝරි නගරයේ පිහිටි Beyond Meat (BM) නම් ආහාර නිපැයුම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන එතන් බ්‍රවුන් මුණ ගැසීම පිණිස BM කර්මාන්තශාලාවට ගොඩ වැදුණි. කම්හලේ විශාල මුළුතැන්ගෙය වෙත ටොම්ව කැඳවාගෙන ගිය එතන්, එහි සිටි කෝකියෙකු කුකුල් මස් කුඩා තීරු වලට කපන ආකාරය සහ ඒවා උඳුනට දමා හොඳින් බැඳගන්න හැටි ටොම්ට පෙන්විය. ඉනික්බිති, සෝස් සහ සලාද මිශ්‍ර කොට කුකුල් මස් මැදට දැමූ ලොකු සැන්ඞ්විච් එකක් ටොම් වෙත පිළිගැන්විනි. බැදපු කුකුල් මස්වල හුරු පුරුදු රසයෙන් ටොම් කුල්මත් විය. සැන්ඞ්විචය අනුභව කළ පසු එතන්, ටොම් අමතා මෙසේ කීය. ‘ඔබ ඔය අනුභව කළේ සතෙකු මරා ලබා ගත් මස් නොව, සෝයා පියලි ඇට ප්‍රෝටීන් සහ තම්පලා යොදා ගනිමින් අප නිෂ්පාදනය කළ කෘතිම කුකුල් මස් වේලකි. සැබෑ කුකුල් මස් වේලකින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ඒ ලෙසම මෙහිදී ඔබට ලැබෙන නමුත් මෙහි සිරුරට අහිතකර සංතෘප්ත මේද හා කොලෙස්ටරෝල් යනාදිය කිසිවක් අඩංගු නැහැ. මේවා කෘතිම මස් යැයි කිසිවකුට නොහැගෙන ලෙස නිපදවීම සඳහා අප විශාල වෑයමක් දැරුවත්, අද එම උත්සාහය සාර්ථක වී තිබෙනු දැකීම මහත් සතුටක්.’

ඵලදායිතාව

එතන් බ්‍රවුන්ට අනුව, ගොවිපලවල බෝ කරන කුකුලන් සහ ඔහු කෘතිම ලෙස නිපදවන මස් මාංශ අතර කිසිදු වෙනසක් නොමැත. මන්ද එළවළු ආශ්‍රිතව නිපදවා, ෆාම් කුකුළන් හට ගිල්ලවන වියළි ආහාර මගින් සුවිසල් කඳක් උන්ට හිමිවන හෙයිනි. කූඩු තුළ හිරවී සිටින මොවුන් වියළි ආහාර, ලොකු කුකුල් මස් ‘පපු’ බවට (නිශ්චිත කාල පරාසයක් තුළදී) පත් කරන මැෂින් බදුය. BM ආයතනය සිය කෘතිම කුකුල් මස්, ඉතා කාර්යක්‍ෂම සහ ඵලදායි ලෙස නිෂ්පාදනය කරයි. කුකුලෙකුගෙන් ඇට රහිත මස් රාත්තලක් නිපදවීම සඳහා සත්ව ගොවියෙකු වියළි ආහාර රාත්තල් 7.5ක් සහ ජලය ලීටර් 30ක් අනිවාර්්‍යයෙන්ම වැය කළ යුතුය. එහෙත් BM ආයතනය මේ වෙනුවෙන් යොදා ගන්නේ අමුද්‍රව්‍ය රාත්තල් 1.1 ක් සහ ජලය ලීටර් 02කි. 2050 වනවිට ලෝක ජනගහනය බිලියන දහයට ආසන්න වනු ඇති නිසා සත්ව ප්‍රෝටීන් වැඩි වැඩියෙන් නිපදවීම පිණිස නව මංපෙත් කෙසේ හෝ විවිර කරගත යුතුය. 1961 සිට 2007 දක්වා වන කාලය අතරතුර ගෝලීය ඒක පුද්ගල මාංශ පරිභෝජනය දෙගුණයක් වූ බවත්, 2050 එළඹෙන විට එය නැවත දෙගුණයකින් ඉහළ යෑම නොවැළැක්විය හැකි බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඇමරිකාවේ මධ්‍යම මිසෝරි ප්‍රfිද්ශය සෝයා, බඩ ඉරිඟු හා තිරිඟු මහා පරිමාණයෙන් වවන දැවැන්ත ගොවිබිම්වලින් සමන්විතය. එහෙත් ඇමරිකාවේ ධාන්‍යාගාරය ලෙස හැඳින්වෙන මෙහි වගා කෙරෙන ධාන්‍යවලින් වැඩි කොටසක් යැවෙන්නේ මිනිස් පරිභෝජනය සඳහා නොව, සත්ව ආහාර නිපදවීම පිණිසය.

ලොව වගාබිම්වල ධාන්‍ය අස්වැන්නෙන් 80%ක්ම, මස් මාංශ නිපදවීඹට මහෝපකාරී වන සත්ව ආහාර සෑදීමට වැය වෙයි. මෙය අකාර්යක්‍ෂම ලෙස සම්පත් යෙදවීමක් සේ සැළකිය හැකිය. පවුල් ඒකකයක් විසින් අනුභව කරනු ලබන පිසින ලද හරක් මස් රාත්තලක් කෑම මේසය වෙත එවීම පිණිස වර්‍ග අඩි 298ක භූමී ප්‍රමාණයක්, සත්ව ආහාර රාත්තල් 27ක් සහ ජලය ගැලුම් 211ක් වැය කළ යුතු වේ. සත්ව ආහාර ප්‍රවාහනය කරන ට්‍රැකටර්, ට්‍රක් රථ, නවීන ඝාතකාගාර මෙන්ම සතුන් විසින් පිට කරන මීතෝන් වායුව යනාදිය නිසා ලොව අහිතකර වායූන්ගෙන් 51%ක්ම නිකුත් වන්නේ මස් මාංශ නිපැයීමේ ක්‍රියාදාමය ඔස්සේය.
පෝෂණය

ආදි කාලයේ සිටම මිනිසුන් සත්ව මාංශවලට දැඩි ඇල්මක් දක්වන්නේ මන්දැයි යන්න දැන ගැනීම පිණිස අපි මෙතැන් සිට ලන්ඩන් විශ්වවිiාලයේ පරිණාමීය මානව විiා මහාචාර්ය ලෙස්ලි එයිලෝගේ හඬට සවන් යොමු කරමු. ‘මීට වසර මිලියන ගණනකට පෙර මිනිසුන්ට විශාල උදරයකුත් (ආහාර ජීර්ණ පද්ධතිය), කුඩා මොළයකුත් හිමිව තිබුණා. එකල ඔවුන් විවිධ පළතුරු, ශාක හා ඇට වර්ග ආහාර එකතු කරන්නක් ලෙස අනුභව කළා. මිනිසුන්ගේ මොළය විශාල වී, ආහාර ජීර්ණ පද්ධතිය කුඩා වීම යන සංසිද්ධිය ආරම්භ වුණේ මීට වසර මිලියන 02කට ඉහතදියි. මෙම වෙනසට හේතුකාරක වූයේ, මිනිසා මස් මාංශ අනුභව කරන දඩයක්කාරයකු වීමයි. සත්ව මාංශ අධි කැලරි ප්‍රමාණයකින් යුත් සංයුක්ත ආහාරයක් වූ බැවින් ශක්ති- සූක්ෂම, විශාල ආහාර ජීර්ණ පද්ධතියක් තව දුරටත් පවත්වාගෙන යෑම අවශ්‍ය වුණේ නැහැ. එහෙයින් මස් වලින් නිපදවුනු ශක්තිය, මොළය වෙත ගලාගොස් එහි ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට දායක වුණා. වැඩි ශක්තියක් ක්‍රියාත්මක වූ මොළය භාවිතා කොට ලෝකය වෙනස් කිරීමට මිනිසාට හැකි වුණේ මේ ආකාරයටයි.’ කාලයාගේ ඇවෑමෙන්, සත්ව මාංශ සිය ජීවිතයේ සංස්කෘතික අංගයක් බවට පත්කර ගැනීමට මිනිසා පුරුදු පුහුණු විය. කණ්ඩායම් ලෙස එක්ව දඩයම් කොට, එම මස් උයා පිහා, ගිනිමැලයක් වටා එක්රොක් වී සාමූහිකව අනුභව කිරීම හරහා ප්‍රජාව තුළ විශාල එතුමුතුවක් සහ සහජීවනයක් නිරායාසයෙන් ගොඩ නැගුණි. අද වුවද බාබකියු සාදවලට මිනිසුන් දැඩි ඇල්මක් දක්වන්නේ මේ නිසාය. ප්‍රෝටීින්, යකඩ සහ B 12 වැන විටමින් නොමඳව සපයන හෙයින් සත්ව මාංශ ඉතා පෝෂ්‍යජනක ආහාරයක් සේ ඉතා අවිවාදිතව පිළිගත හැකිය. එහෙත් සත්ව මස්වල අඩංගු සංයුක්ත මේදය රහිතව මෙකී පෝෂණය, ශාක මත පමණක් පදනම් වූ ආහාර වේලකින් වත්මනෙහි මිනිසාට ලබාගත හැකි යැයි ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ භෞතික විiා හා පෝෂණ විiා මහාචාර්ය නීල් බානාඞ් පවසයි. හරකාට ශාක වර්ග අනුභව කොට ඍජුවම පෝෂ්‍ය පදාර්ථ උකහා ගත හැකිනම්, මිනිසාටද ඒ අයුරින්ම (මස් මාංශ කෑමෙන් තොරව) ශාකමය ආහාර වළඳා පෝෂණය ලබා ගත හැකි බව නීල් අවධාරණය කරයි. සත්ව ආහාර සඳහා වැයවෙන අති විශාල ධාන්‍ය තොගය, ඍජුවම මිනිස් පරිභෝජනය සඳහා උපයෝගී කර ගැනීම මගින් පරිසරයද ආරක්ෂා කරගනිමින්, සම්පත් නාස්ති වීමද වළකාගත හැකිය.

ආස්වාදය

සත්ව මාංශ අනුභවයෙන් වැළකී, ධාන්‍ය ඍජුවම ආහාරයට ගැනීම මගින් ගෝලීය පරිසර සංරක්ෂණයට අනගි මෙහෙයක් සිදු කිරීමට මිනිසුන් හට පුළුවන් යැයි කීම තර්කානුකූලව නිවැරදි නමුත් මස් පිසීම, එහි වර්ණය හා සුවඳ යනාදිය මිනිස් මොළයේ ‘රස හා සතුට’ නිපදවන තැන් දැඩි උත්තේජනයකට ලක් කරයි. මස් නොමැතිව ආහාර වේලක් ගැනීමට බහුතරයක් මැලිවන්නේ, මෙකී ඇබ්බැහි වීම හේතුකොට ගෙනය. ශාක යොදා ගනිමින්, සැබෑ සත්ව මාංශ විලසම, සතුන් නොමරා මස් නිපදවීමට ඊඵ ආයතනයේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී එතන් බ්‍රවුන් තීරණය කළේ එම නිසාය. වැඩිවණ ගෝලීය ජනගහනයට සාපේක්ෂව පශු සම්පත් සංවර්ධනය කිරීම සැබවින්ම අසීරුය. රතු මස් හා සැකසු මස් ආහාරයට ගැනීමෙන් පිළිකා කාරක සෛල මගින් සිරුර තුල වර්ධනය වීම නොවැළැක්විය හැකිය. සත්ව මාංශ නිපදවීම පිණිස වැය වන ජලස්කන්ධය සුළුපටු නොවේ. ඇමරිකාවේ මිචිගන් සරසවිය, ඊඵ හි අවිහිංසා මස් මාංශ නිපැයුම පරිසරයට බලපාන්නේ කෙසේද යන්න ගැන 2017දී පර්යේෂණයක් සිදු කළේය. ඇත්ත හරක් මස් බර්ගර් එකක් නිපදවීමේදී පරිසරයට නිකුත් වන අහිතකර වායූන් හා සැසඳීමේදී, BM හි අවිහිංසා බීෆ් බර්ගර් නිපැයුමෙන් මෙකී පරිසර දූෂණය 90%කින්ම අඩුකර ගත හැකි වග එහිදී හෙළිදරව් විය. ඝාතනය වන තෙක් හරකෙකු අරක් ගන්නා භූමි ප්‍රමාණයද BM බර්ගර් නිපදවීම ඔස්සේ 93%කින් අඩුකර ගත හැකි බවද මෙම පර්යේෂණ හරහා අනාවරණය විය. වසර 16ක් පුරාම නිර්මාංශ ආහාර ගන්නා එතන් බ්‍රවුන් පවසන්නේ මිනිසුන් ආශා කරන දෙයක් නොකා සිටින්නැයි කීමෙන් සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගිය නොහැකි බවයි. එහෙත් සතුන් නොමරා, අදාළ රසය, සුවඳ, හැඩය හා ගුණය ඒ අයුරින්ම තිබෙන ඌරු, හරක් හා කුකුල් මස් ඔවුන්ට පිරිනැමූ විට කිසිවකු ඊට එරෙහිව දොසක් නොනගයි. සත්ව මාංශ සෑදි තිබෙන්නේ ඇමයිනෝ අම්ල, ලිපිඩි, ආංශුමය ඛනිජ, විටමින් හා ජලය යන පෝෂ්‍ය පදාර්ථ පහෙනි. මාංශ වර්ධනය හා අදාල මෙකී ප්‍රෝටීන් තැනීම සඳහා සතුන් ශාකමය ආහාර විශාල ප්‍රමාණයක් ගිල දැමිය යුතුය. ඊඵ ආයතනය, ඍජුවම ශාක සාරය යොදවා අඩු සම්පත් භාවිතයක් ඔස්සේ මෙම ප්‍රෝටීන් තනමින් සිය අවිහිංසාවාදී මස් නිෂ්පාදනය කරනු ලබයි. 2009 දී ස්ථාපිත කළ ඊඵ ආයතනය, 2018 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 87.9ක වාර්ෂක ආදායමක් ඉපැයුවේ ඔවුන්ගේ නිෂ්පාදන ලොව පුරා විසිරුණු පාරිභෝගිකයින් මහත් අභිරුචියකින් මිලදී ගත් හෙයිනි.

පදම් කළ හම

සතුන් නොමරා, ඩී එන් ඒ සංස්කරණයකින් යීස්ට් මගින් කොලැජන් නිපදවා, පදම් කළ සම් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කිරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේ Modern Meadow (MM) නම් ඇමරිකානු සමාගමයි. පදම් කළ හම් වලින් විවිධ නිපැයුම් එළි දක්වන ගොලීය සමාගම් 150ක් වත්මනෙහි MM  සමඟ අත්වැල් බැඳගෙන සිටිනුයේ සත්ව හම් වෙනුවට, කෘත්‍රිම එහෙත් අනර්ඝත්වයෙන් යුතු හම් ඵඵ ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන අයුරින් පරිසරහිතකාමී ලෙස පිරිනමන බැවිනි. ඩොලර් බිලියන 100ක් වටිනා ගෝලිය හම් නිපැයුම් කර්මාන්තය, අවිහිංසාවාදී ආයතනයක් විසින් ආක්‍රමණය කරනු ලැබුවේ, ඔවුන්ගේ අධිතාක්ෂණික ඥානය හරහාය. නවීන විiාවේ ප්‍රගමනය සත්ව හිංසාවෙන් තොරව, පරිසරහිතකාමි ලෙස සිදුවනු දැකීම සැබවින්ම සතුටට කරුණක් නොවේද?