විදෙස් කුණු සහ අපේ කාක්කෝ

නිමල් අබේසිංහ

මේ කුණු කඳුවලට යට වී මිනිසුන් මියදෙන රටකි. කොළඹ කුණුවත් කළමනාකරණය කර ගත නොහැකිව කුණුවන පාලකයන් සිටින රටකි. නගරයේ එකතු වන කුණු කොහේ හෝ තැනක ගොඩ ගසා කුණු ගොඩ කුණු කන්දක් වූ කළ සමාජ විරෝධතා මතු වුවද පාලකයන් කරබාගෙන සිටින මුතු ඇටය මෙයය. කුණු ගොඩ කුණු කන්දක් වී ඒ අවට මිනිසුන් යටව මියෙන කළ එතැනින් තව තැනක් හොයා ගන්නා අහිකුණ්ඪික න්‍යායන් ඇති බලධාරීන්ට රටේ කුණු වලට තිරසාර විසඳුමක් නැත. එහෙව් වටපිටාවක එංගලන්තයේ කුණුත් මෙහෙට ගෙනෙන බව ඇසේ නම් තැන් තැන් වල කුණු කුණු ගගා සිටීමෙන් ම ඵලක් වේද? මේ දියුණු රටවල් අපේ භූමියට වඩා බොහෝ විශාල භූමිවලට හිමිකම් කීවද ඒවා ඒ රට වල විනාශ නොකර වෙනත් රටවලට මුදල් ගෙවා පටවනුයේ ඇයි? ඒ කුණු විනාශ කිරීම හරහා එරට පරිසරය විනාශ වී මිනිසුන්ට නොයෙක් ලෙඩ රෝග හැදෙන බැවිණි. එහෙත් ඒ කුණු කිසිදු හිරිකිතයකින් තොරව මෙරට භාර ගනී. ඒ මෙරට සිටින ලොකුම ව්‍යාපාරිකයන්ය. ඒ විශාල මුදල් කන්දරාවක් සමගය. රටට හෙණ ගැහුව ද තමන්ට ඉන් ලාභයක් වේ නම් මේ ව්‍යාපාරිකයෝ කාගේ කුණු වුව බුදිති. එහෙත් ප්‍රශ්නය ඒ වට පිටාව හැදූ පාලකයින් නිහඬව සිටීමය. රටේ මිනිසුන්ව කුණු වලටත් අන්ත තැනකට ඇද දමා ඇති පාලකයෝය. මහින්ද රාජපක්ෂ කාලයේ නීති හැදුවද අද ඒවා ක්‍රියාත්මක කරනවාද නොව කාරණය මේ කොයි පාලකයෝත් රටට වින කරනවා යන්න ජනතාව තේරුම් නොගැනීමය. මේ ඒ කුණු කන්ටේනර් ගැන කතාවය. රටට වින කරන කුණුකාරයන්ගේ කතාවය.

එංගලන්තයෙන් ගෙන්වන ලද කසළ අඩංගු කන්ටේනර් ගණනාවක් කොළඹ වරායේත්, කටුනායක වෙළඳ කලාපයේත් තිබෙන බව ශ්‍රී ලංකා රේගුව විසින් හෙළිදරව් කිරීම හේතුවෙන් මේ වන විට රටතුළ පවතින්නේ ඉමහත් ආන්දෝලනයකි. ශ්‍රී ලංකා රේගුව මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසනුයේ 2017 සැප්තැම්බර් මාසයේ සිට 2018 පෙබරවාරි දක්වා කාලය තුළදී මේ කන්ටේනර් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවය. මෙසේ ගෙන එන ලද කන්ටේනර් ප්‍රමාණය 241ක් බවත් ඉන් 130ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයට රැගෙන ගොස් ඇති බවත් මෙම කන්ටේනර්වල පාවිච්චි කරන ලද ස්ප්‍රීන් මෙට්ට තිබූ බවත් රේගුව විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිදරව් කරන ලදී. එසේ ගෙන එන ලද මෙට්ටා සහිත කන්ටේනර් 17ක් ප්‍රතිඅපනයනය කර තිබෙන අතර ඒවායින් 10ක් කසළ මෙට්ට වශයෙන්ද ඉතිරි කන්ටේනර් 7 මෙට්ටා වල තිබූ යකඩ පටවා ප්‍රතිඅපනයනය කර ඇති බවත් ශ්‍රී ලංකා රේගුව එකී මධ්‍යෙ සාකච්ඡාවේදී තවදුරටත් පවසන ලද්දේය. ඉතිරි කන්ටේනර් ප්‍රමාණය මේ වන විටත් කටුනායක වෙළඳ කලාපයේ ගොඩගසා තිබේ.

විෂ සහිත අපද්‍රව්‍ය

එංගලන්තයෙන් ගෙන්වන ලද මෙම කන්ටේනර්වල භාවිතයෙන් ඉවතළන ලද මෙට්ටා පමණක් තිබෙන බව ප්‍රකාශ වුවද නියත වශයෙන්ම මෙට්ටා පමණක් තිබෙන බවක් තවමත් නිශ්චිත ලෙස සහතික කර නැති බව පෙනෙන අතර මෙම කන්ටේනර්වල අඩංගු දෑ දැක්වෙන ඡායාරූපවල පෙනෙන ආකාරයට මෙට්ටා වලට අමතරව වෙනත් අපද්‍රව්‍යද තිබෙන බවක් පෙනෙන්නට ඇත. ඒ අතරේ කටුනායකට රැගෙන යන ලද කන්ටේනර්වල අඩංගු කසළ අපද්‍රව්‍ය කන්ටේනර්වලින් බැහැර කර විවෘත පරිසරයේ තිබෙන බවද කතාබහට ලක්වෙන කරුණාවකි.

කසළ අපනයනය කරන ලද සමාගම් ලෙස සඳහන් වන්නේ හේලිස් ප්‍රීසෝන් සමාගම, සිලෝන් මෙටල් කෝපරේෂන් සමාගම, ඊ. ටී. එල්. කලම්බු සමාගම යන සමාගම්ය.
කුණු කසළ ගෙන ඒමට නීති සම්පාදනය

කුණු සහිත කන්ටේනර් ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා නීතිමය ඉඩකඩ ලැබෙනුයේ 2013 ජුලි 11 දින නිකුත් කරන ලද අංක 1818/30 දරණ මුදල් අමාත්‍යංශ අති විශේෂ පනත ප්‍රකාරවය. එය පළ කරන ලද්දේ එවකට ජනාධිපතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයාද වූ මහින්ද රාජපක්ෂ විසිනි. එම පනතට අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටුවන ලද ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථාන Commercial Hub  6ක් වේ. කොළඹ හා හම්බන්තොට වරායන්හිත්, කටුනායක හා කොග්ගල වෙළෙඳ කලාප දෙකෙහිත් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිත් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේත් මේවා පිහිටුවනු ලැබීය. මෙම පනත අනුව පිහිටුවනු ලබන හබ්හි ආයෝජනයෙන් 65%ක් විදේශීය ආයෝජනයක් බවද සඳහන්ය. එයට අමතරව මේ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම්ද ගැසට් නිවේදනය මගින් ලබාදී ඇත. මෙම හබ් පිහිටුවීම මගින් අපේක්ෂා කරනුයේ රටකින් තවත් රටකට අපනයනය කරනු ලබන බහාලුම් ගබඩා කර තබාගෙන අවශ්‍ය අවස්ථාවන්හිදී අපනයනය කිරීමත් අවශ්‍ය විටකදී ඒවායේ අඩංගු දෑ එකලස් කර ප්‍රති අපනයනය කිරීමත්ය. එංගලන්තයේ සිට කසළ සහිත කන්ටේනර් ආනයනය කරනුයේ මෙම පනත මගින් ලැබී ඇති නිත්‍යානූකූල අවස්ථාව ලබාගනිමිනි.

බලපත්‍රලාභියා හේලිස්

ඉහත පනත අනුව කටුනායක වෙළඳ කලාපය තුළ පිහිටි හබ් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතුය. කටුනායක පිහිටි හබ් හි හිමිකරුවා වනුයේ හේලිස් ප්‍රීසොන් ආයතනයයි. ඊ. ටී. එල්. හෝ සිලෝන් මෙටල් කෝපරේෂන් යන ආයතන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතන නොවේ. එසේ නම් මෙම ආයතන දෙකට එංගලන්තයෙන් කසළ අපනයනය කිරීම සඳහා නීත්‍යානූකූල අවසරයක් ලැබුණේ කෙසේද? එසේ ලියාපදිංචියක් රහිත ආයතනයකට කසළ සහිත කන්ටේනර් ආනයනය කිරීමට බලයක් ලැබුණේ කෙසේද යන ප්‍රශ්න මතුවේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු අනුව ඊට පැහැදිළි පිළිතුරක් ලැබේ. ඒ ඊ.ටී.එල්. සමාගම සහ හේලිස් ප්‍රීසෝන් සමාගම අතර ගිවිසුමක් ඇතිකරගෙන තිබීමය. එකී ගිවිසුම් ප්‍රකාරව භාණ්ඩ අපනයනය කරන්නා ඊ.ටී.එල්. සමාගම වන අතර එකී භාණ්ඩ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයට වගකියන්නා හේලිස් ප්‍රීසෝන් සමාගමය. ඒ අතර ඊ.ටී.එල්. සමාගම හා සිලෝන් මෙටල් කෝපරේෂන් සමාගම අතරද අන්තර් ගිවිසුමක් ඇතිකරගෙන තිබේ. එය කොතරම් දුරට නීත්‍යානූකූලද යන්න දන්නේ ශ්‍රී ලංකා රේගුව සහ ආයෝජන මණ්ඩලයය.

මාරාන්තික විෂබීජ

එංගලන්තයෙන් අපනයනය කරන ලද කසළ සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතී. එනම් මේවා එරටෙහි රෝහල්වල වෛi අපද්‍රව්‍ය ද යන්නය. වෛi අපද්‍රව්‍ය කලමනාකරණය ලොව දියුණු රටවල පවා බරපතළ ගැටලුවක් වී ඇත. එනිසා ඔවුන් ඒවා දිළිදු රටවලට මුදල් ගෙවා එම රටවලට අපනයනය කිරීම සමාන්‍ය සිරිතය. ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමද සිරිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු අනුව දියුණු රටවල ජනනය වන වෛi අපද්‍රව්‍ය වලින් 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් දරුණ මාරාන්තික විෂ සහිත ඒවාය. ඒවා විනාශ කිරීමේදී බරපතල සෞඛ්‍ය ගැටලු මතු වීම පුදුමයක් නොවේ. බෝවන රෝග විකිරණශීලි අපද්‍රව්‍ය වන මේවා පිළිස්සීම හෝ වෙනත් ක්‍රමවලින් විනාශ කළද භයානක විකිරණ හා වායුන් පිටවීම සිදු වේ. එයට අමතරව රසායනික පිලිස්සීම චර්ම රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් සහිතය.

ජාත්‍යන්තර තොරතුරු අනුව එංගලන්තයෙන් බැහැර කරන ලද වෛi අපද්‍රව්‍යයන් මුලදී අපනයනය කර ඇත්තේ චීනයටය. චීනය එයින් මුළුමනින්ම ඉවත් වෙද්දී ඊළඟ අපනයන මධ්‍යස්ථානය වී ඇත්තේ මැලේසියාවය. මැලේසියාවද ඒවා අපනයනය ප්‍රතික්ෂේප කරනුයේ එමගින් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි වුවද එයට වඩා රටට සිදුවන සෞඛ්‍යමය ගැටලු බරපතළ ඒවා බැවින්ය.

වෛද්‍ය අපද්‍රව්‍ය

ශ්‍රී ලංකාවට 2017 සිට එංගලන්තයෙන් අපනයනය කර ඇත්තේ චීනය, මැලේසියාව වැනි රටවල් ප්‍රතික්ෂේප කරනු ලබන වෛi අපද්‍රව්‍යද යන්න තවමත් හරිහැටි කිසිවෙකුත් සනාථ කරගෙන නැතිවීමම බරපතළ ගැටලුවක් නොවන්නේද?

2013- 1818/30 ගැසට් නිවේදනයට මුවා වී ගෙන එන ලද කසළ කන්ටේනර් 130ක් මේ වන විටත් රට තුළට ගෙනවිත් ඇති අතර ඉන් ප්‍රතිඅපනයනය නොකරන ලද ඒවා පවතින්නේ කන්ටේනර් තුළ නොවන බව දැන් ප්‍රසිද්ධ කාරණයකි. මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය 2019.07.19 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ මෙසේය.

“මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කරුණු පැහැදිලි කිරීම
පසුගිය දිනවලදී මාධ්‍ය මගින් අනාවරණය කරන ලද භාවිත කරන ලද භාණ්ඩ ඇතුළත් බහාලුම් 102ක් ආනයනය කරනු ඇත්තේ ලැබ ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් විසින් නොවේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් වන හේලීස් ෆ්‍රී සෝන් (්‍ය්හකැහි ත්‍ැැ ’දබැ) සමාගම වර්ෂ 2013 අංක 1 දරණ වාණිජ කේන්ද්‍රස්ථාන පනත යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. ඒ අනුව වර්ෂ 2014 මැයි මස සිට ඔවුන් ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ අන්තර් වෙළඳ කටයුතු කරගෙන යනු ලැබේ.

වර්ෂ 2017 ඔක්තෝබර් මාසයේදී හේලීස් සමාගම ප්‍රතිඅපනයනය කිරීම සඳහා පාවිච්චි කරන ලද මෙට්ට සහ බුමුතුරුණු ඇතුළත් බහාලුම් 130ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලදී. මෙයින් බහාලුම් 29ක් මේ වන විටත් ප්‍රතිඅපනයනය කරන ඇත. කෙසේ වෙතත් 2018 ජනවාරි වන විටත් ඉතිරි බහාලුම්වල ඇති භාණ්ඩ ප්‍රතිඅපනයනය නොකර අපනයන සැකසුම් කලාපය තුළ ගබඩා කර තිබෙන බවට ආයෝජන මණ්ඩලයේ නිරීක්ෂණයට භාජනය විය. ඒ අනුව ආයෝජන මණ්ඩලය විසින් හේලීස් සමාගමට දැඩි අවවාද කරමින් කියා සිටියේ ගිවිසුම් ප්‍රකාරව එකී භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රතිඅපනයනය කිරීමටත් අදාළ පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙසයි. ඊට සමගාමීව ආයෝජන මණ්ඩලය විසින් සමාගමේ සියලුම ආනයන තාවකාලිකව තහනම්කොට 2018 පෙබරවාරි අවසන් වීමට පෙර ඉතුරු සියලු භාණ්ඩ ප්‍රතිඅපනයනය කරන ලෙස සමාගමට දන්වන ලදී.
කෙසේ වෙතත් සමාගම එය කිරීමට අපොහොසත් වී ඇති අතර විටින් විට ඒ සඳහා නොයෙකුත් තාක්ෂණික හා වෙනත් හේතූන් ඉදිරිපත් කරමින් සිටී.
හේලීස් සමාගම පොරොන්දු වූ පරිදි මෙම භාණ්ඩ ප්‍රතිඅපනයනය කිරීමට අපොහොසත් වීඹ නිසා ඒ සම්බන්ධව දැඩි පියවර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන ලදී.”

ආයෝජන මණ්ඩලය සඳහන් කරන ආකාරයට මෙම කුණු අපනයනය කරන ලද ඊ.ටී.එල්. සමාගමට හෝ සිලෝන් මෙටල් කෝපරේෂන් ආයතනයට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයක් නැත. එනයින් මෙහි ප්‍රධාන වගකිවයුත්තා වන්නේ හේලී ප්‍රීසෝන් සමාගම ම බව පැහැදිලිය.හේලීස් සමාගම සහ කුණු කන්ටේනර්

ඒ අතරම ප්‍රී සෝන් සමාගම පවසා ඇත්තේ තම ආයතනය මෙම කසළ කන්ටේනර් ආනයනය නොකළ බවය. එය ද අමුම අමු බොරුවකි. හේලීස් ප්‍රී සෝන් සමාගම් හිමිකරුවා වන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාය. (ඔහු එළෙඹෙන ජනාධිපතිවරණයේදී එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට ඉදිරිපත් වන බවට රාවයක් ද පැවතුනි.) රේගු වාර්තා අනුව 2017.09.29 දින ස්ප්‍රින් මෙට්ට සහිත කන්ටේනර් 05ක් නැවෙන් භාරගත් බවට තොරතුරු තිබේ. මෙම බඩු එවා ඇත්තේ ලන්ඩනයේ සමාගමකි. ඊට අමතරව 2017 දෙසැම්බර් 08 දින කිලෝග්‍රෑම් 227,140ක් අඩංගු කන්ටේනර් 10ක් ද හේලීස් සමාගමේ නමට එවා ඇති බවට තොරතුරු තිබේ. මේ අනුව හේලිස් සමාගම තමන් කසළ ආනයනය නොකරන ලදැයි යන්න පැවසීම අසත්‍යයකි.

2013 1818/30 අති විශේෂ ගැසට් නිවේදනය අනුව අපනයනය කරනු ලබන කන්ටේනර් පරීක්ෂාවට ලක් කිරීම රේගුවට ඉඩක් නැති බව රේගුව සඳහන් කළ ද ඒ සඳහා අවස්ථාවක් එම ගැසට් නිවේදනයේම සඳහන්ය. එහි 6 වන වගන්තිය ප්‍රකාරව රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝගයක් මත මේවා පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබාගත හැකිය. ඊට අමතරව 2017.07.07 දින එවකට රේගුවේ සිටි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්. රාජේන්ද්‍රන් විසින් නිකුත් කළ දෙපාර්තමේන්තු නියෝග 934 යටතේ ඊට ප්‍රතිපාදන හිමිය. අනෙක් වැදගත් කාරණය ලෙස සැලකිය හැක්කේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම දෙපාර්තමේන්තු නියෝගය නිකුත් කර ඇතත් මෙම භාණ්ඩ ගෙන්වමින් සිටි අවධියේදී බවය. කෙසේ හෝ වේවා මේ වන විට ආනයනය කරන ලද කසළ කන්ටේනර් පිළිබඳ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව අතර ගැටුමක්ද නිර්මාණය වෙමින් පැවතීම ද දැකිය හැකිය.

2015ට පෙරත් ආනයනය කර ඇත

අංක 1818/30 ගැසට් නිවේදනයෙන් පසුව ශ්‍රී ලංකාවට කුණු ආනයනය කර ඇත්තේ මේ වන විට ප්‍රශ්නගත කන්ටේනර් ප්‍රමාණය පමණක්ද යන්න සැක සහිත බවටද කරුණු තහවුරු වේ. ඊට සාක්ෂි සපයන්නේ 2015 ඔක්තෝබර් 23 දින නියෝජ්‍ය විගනකාධිපති ඒ. එච්. එම්. එල්. අඹන්වෙල විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපියකිනි.

සී/ස ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව පිළිබඳ ස්ථාන පරීක්ෂාව 2015 ඔක්තෝබර් 13 යන මැයෙන් යුතු එම ලිපියේ (XI)  මෙසේ සඳහන් වේ.
“2015 සැප්තැම්බර් මස 13 දින කර්මාන්තශාලාවේ ස්ථාන පරීක්ෂණයක් සිදුකළ අතර බොහෝ යන්ත්‍ර සූත්‍ර ගලවා ඉවත් කර ඇති බව නිරීක්ෂණය විය. තවද ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද ඝන අපද්‍රව්‍ය කර්මාන්තශාලාවේ ගොඩගසා තිබුණි.”

ඒවායේ ඡායාරූප ද යාකොට නියෝජ්‍ය විගණකාධිපතිවරයා මෙම ලිපිය උක්ත ලේකම්වරයා වෙත යවා තිබුණි.

මින් පෙනෙන්නේ කුමක්ද 2015 ත් 2013 ත් අතර කාලවකවානුවේදීත් මෙරටට විදේශීය රටවලින් කසළ ගෙනවිත් ඇති බවය. ආයෝජන මණ්ඩලය හා ශ්‍රී ලංකා රේගුව මේ ගැන කිසිවක් නොදනී. එසේ නොදැනීම විහිළුවට කරුණක් ම වුවත් මින් මතුවන සාධාරණය සැකය මීට පෙරද මෙරට විදේශයන්ගෙන් කවුරුත් නොදන්නා කසළ කන්ටේනර් ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බවය. එකළ රේගුව සහ ආයෝජන මණ්ඩලය නිද්‍රාශීලිව සිට ඇති බවය.

මධ්‍යම පරිසර අධිකාරිය නිදි

මෙරට තුළ දේශීය හෝ විදේශීය කසළ කළමනාකරණයේදී අත් නොහැරියම ආයනතයක් තිබේ. ඒ මධ්‍යම පරිසර අධිකාරියය. මේ ගැටලුවේදී මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යයභාරය ඉටු වී තිබේද? යන ප්‍රශ්නයට දියහැකි පිළිතුර කුමක්ද? නැත යන්නය. 1992 මැයි දින සිට බලපැවැත්වෙන අන්තර්ජාතික කසල කළමනාකරණය පිළිබඳ බසල් සම්මුතිය ප්‍රකාරව ඒ ඒ රටවල් ක්‍රියා කළ යුතු ආකාරයක් තිබේ. එහි අදාළ කොටසේ සිංහල පරිවර්තනය මෙලෙසය.

“1. (අ) අන්තරායකර ආනයනය තහනම් කිරීමේ අයිතිය ක්‍රියාත්මක කරන පක්ෂ බැහැර කිරීම සඳහා අපද්‍රව්‍ය හෝ වෙනත් අපද්‍රව්‍ය ඔවුන්ගේ අනෙකුත් පාර්ශ්වයන්ට දැනුම් දිය යුතුය 13 වන වගන්තියට අනුව තීරණය.

(ආ) අන්තරායක අපනයන පාර්ශ්වයන් විසින් තහනම් කළ යුතුය ආනයනය කිරීම තහනම් කර ඇති පාර්ශ්වයන්ට අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය ඉහත (අ) උප ඡේදයට අනුව දැනුම් දෙන විට එවැනි අපද්‍රව්‍ය.

(ඇ) අන්තරායකර අපනයන පාර්ශ්වයන් විසින් තහනම් කළ යුතුය ආනයන රාජ්‍යය ලිඛිතව එකඟ නොවන්නේ නම් අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය නිශ්චිත ආනයනය සඳහා, එම ආනයන තත්ත්වය නොමැති අවස්ථාවක එවැනි අපද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කර ඇත.

2. සෑම පාර්ශ්වයක් ම සුදුසු පියවර ගත යුත්තේ :

(අ) අන්තරායකර අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය උත්පාදනය කිරීම සහතික කිරීම සමාජ, තාක්ෂණික සැලකිල්ලට ගනිමින් එය තුළ අවම මට්ටමකට අඩු වේ සහ ආර්ථික අංශ”
කවර පැතිකඩවලින් විමසුවද මේ ගැටලුවේදී නපුරට බදුන් වන්නේ මේ රටේ සමස්ත ප්‍රජාවමය. ඒ ප්‍රජාව තුළ මේවාට වගකිවයුතු පාලකයන් සේම නිලධාරීන් ද රොත්තක්ම සිටින මුත් ඔවුන්ගෙන් බොහෝ දෙනකුට මෙරට අත්හැර විදේශයක පදිංචි වීමේ ඉඩ ප්‍රස්තාව තිබෙන බැවින් ඒ ගැන කිව හැක්කේ මෙවැන්නකි. ‘ජීවත් වුණත් මැරුණත් උන් මට මොකද? මාවත් මගේ අඹුවත් රැකුණොත් මදිද?’

මෙම තොරතුරු සම්බන්ධයෙන් විමසීමට මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහගේ 0779921681 දරණ දුරකථන අංකයට ඇමතීමට කළ උත්සාහය අසාර්ථක විය.

හේලිස් සමාගමේ නිලධාරියකු වන ආචාර්ය අසංක රත්නායකගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ මෙලෙසය.

ඔබ ආයතනය කසළ හෝ වෛද්‍ය අපද්‍රව්‍ය මෙරටට ආනයනය කර තිබේද?

අප කුණු හෝ වෛi අපද්‍රව්‍ය කිසිසේත්ම ආනයනය කර නැහැ. ආනයනය කර ඇත්තේ පාවිච්චි කළ මෙට්ට සහ බුමුතුරුණු පමණයි.

මේ ආනයනය කළ ඒවාට සිදුකරන්නේ මොනවාද?

මේවා එකලස් කර නැවත ප්‍රතිඅපනයනය කරනවා. ඒ කොටස් හතරකට වෙන් කිරීමෙන් පසුවයි.

එහෙනම් මේවා ආනයනය කර තිබෙන්නේ හේලිස් ප්‍රී සෝන් ආයතනයද?

හේලීස් ප්‍රී සෝන් ආයතනය කිසිදු විටෙක මේවා ආනයනය කර නැහැ. වෙනත් ආයතන දෙකක් තමයි ආනයනය කර තිබෙන්නේ. එහෙත් හබ් ඇක්ට් එක අනුව අපිට තමා කොන්ත්‍රාත්තුව තිබෙන්නේ. ඒ හබ් ඔපරේටර් අපි නිසයි. එහෙත් බඩුවල අයිතිය ඔපරේටර් භාර ගන්නේ නෑ.

එතකොට එසේ ගෙනෙන ලද භාණ්ඩ සෝන් එකේ එළිමහනේ තැන්පත් කර තිබෙනවා නේද?

එළියේ තමා තිබෙන්නේ. ඒවා එකලස් කරන්නේ එළියේ තබාගෙනයි.

ඒ කියන්නේ වැස්සට මේවා තෙමෙනවා නේද?

එළිමහනේ තමා තිබෙන්නේ.

මේ වන විට ආයෝජන මණ්ඩලය මෙම ආනයනික අපද්‍රව්‍ය එළිමහනේ තිබීම ගැන කිසියම් උපදේශයක් ඔබ ආයතනයට දී තිබෙනවාද?

ඔව්. ඒ අය නිර්දේශයන් කීපයක් කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනුත් මෙතනට ඇවිත් පරීක්ෂා කර බලා ගියා. ඒ අයගේ උපදේශ අනුව අපි ක්‍රියා කරනවා.