එක්දහස් එක්වැනි ඇඳ ජේ. ආර්ට විශේෂඥ වෛද්‍ය  සතිස්චන්ද්‍ර ජයසිංහගේ මතක සටහන්

නිමල් අබේසිංහ

ශ්‍රී ලංකා දේශපාලනයේ දැවැන්තයින්ගේ සමීප ඇසුරේ සිටි බොහෝ දෙනා පිළිබඳ සමාජය දන්නේ නැති තරම්ය. ලාංකීය දේශපාලන වේදිකාවේ දැවැන්ත චරිතයක් සේම ආන්දෝලනාත්මක චරිතයක් වන ජේ. ආර්. ජයවර්ධනගේ පවුලේ වෛiවරයා වූයේ විශේෂඥ වෛi සතිස්චන්ද්‍ර ජයසිංහ ය. නමසිය පනස් ගණන්වල සිටම ජේ. ආර්. ජයවර්ධනගේ පවුලේ වෛiවරයා වන සතිස්චන්ද්‍ර ජයසිංහ ජේ. ආර්. ජයවර්ධනගේ පවුලේ ඥාතියකු ද වේ. ඒ ඔහුගේ භාර්යාවගේ පාර්ශ්වයෙනි.

ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික වෛi විiාලය (උතුරු කොළඹ වෛi විiාලය) ආරම්භ කිරීමේ පුරෝගාමියකු ද වන්නේය. එවකට වත්තල ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා සේම ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍ය එස්. ජයසිංහගේ අභාවයෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන විසින් වත්තල ආසනය වෙනුවෙන් මන්ත්‍රී ධුරය පිරිනැමීමට සූදානම් වූයේද ඔහුටය. ‘මම වෛiවරයෙක්. දේශපාලනය මට හුරු නැහැ. ඒ නිසා වත්තලට ජෝන් අමරතුංග පත් කරන්නැයි.’ ඔහු ජේ. ආර්. ගෙන් ඉල්ලා සිටිමින් මන්ත්‍රී ධුරය ප්‍රතික්ෂේප කළේ නිහතමානීවය.

ජේ.ආර්. ජයවර්ධන ඇසුරේ ගත කළ කාලය තුළ ජේ. ආර්. ජයවර්ධන චරිතයේ ඔහුගේ මතකයන් මා අභිමුව සිහිපත් කළේ මෙලෙසය. වයස අවුරුදු අසූවද ඉක්මවා සිටින වෛi සතිස් ජයසිංහගේ මතකය අවදි කරන්නට සහය වූයේ ඔහු බිරිඳ රෝහිනී සිරිමාන සහ දෙටුපුත් රොහාන් ය.

‘ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට මගේ බිරිඳගේ පාර්ශ්වයෙන් ඥාතිකමකුත් තිබෙනවා. ඇය ඇල්පිටියේ නරාවැල්කැටියේ. ඒ කාලේ දකුණු පළාතේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කරන්නේ එයාලගේ ගෙදරින්. රෝහිනීගේ පියා තමයි ඒවාට වියහියදම් කරලා තිබෙන්නේ. රෝහිණීගේ ඥාති සබඳතාවය නිසා තමයි මට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වෛiවරයා වීමට මඟ පෑදුණේ.’

බ්‍රැන්ඩි සමග හවානා සුරුට්ටු

ජේ. ආර් සහ සතිස්චන්ද්‍ර ජයසිංහ වෛiවරයා අතර සම්බන්ධයේ ආරම්භය සිදු වන්නේ එලෙසය. ඇතැම් සිද්ධීන් පිළිබඳව දින වකවානු අමතක වුවද හෙතෙම ජේ. ආර්. පිළිබඳ අපූරු කතා පෙළක් ගෙනහැර පෑවේය. කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ සහ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන අතර දැඩි මිතුරුදමක් පැවති බව ප්‍රසිද්ධ කතාවකි. මේ මිතුරු දම කවදා කොහේදී ඇති වූවක් ද යන්න වෛi ජයසිංහ ද දන්නේ නැත. එහෙත් නිරතුරුවම පාහේ පිදෙල් කස්ත්‍රෝ ජේ. ආර්ට ප්‍රසිද්ධ කියුබානු හවානා සුරුට්ටුත් ඒ වෙනුවෙන් ජේ. ආර් කස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ ඉස්තරම් තේ කොළත් යැවීමේ පිළිවෙතක් තිබුණේය. මෙසේ ලැබෙන හවානා සුරුට්ටු ගාමිණී දිසානායක වැනි සමීප හිතවතුන්ට පිරිනමන බවටද ප්‍රසිද්ධ වී තිබුණේය.

‘ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉඳලා හිටලා වගේ කස්ත්‍රෝ එවන සුරුට්ටුවක් බීවා. ඒවා තරමක් දිග සුරුට්ටුනේ. මෙයා ඒ සුරුට්ටු බීවේ අමුතුම විදිහකට. සුරුට්ටුව බොන්න ඉස්සෙල්ලා බ්‍රැන්ඩි ටිකකින් ඒක පොගවා ගන්නවා. ඊට පස්සේ තමයි එයා සුරුට්ටුව පත්තු කරන්නේ. ඒත් කවදාවත් සුරුට්ටුවෙන් භාගයක්වත් බොන්නේ නෑ. ඒ වගේ සුරුට්ටු බීමෙන් අමුතු වින්දනයක් එයා ලබන්න ඇති.’

ඇතැම් අවස්ථාවලදී කෑමට පෙර ඔහු බ්‍රැන්ඩි ටිකක් තොල ගෑවේය. එය මත් වීම සඳහා කළ බ්‍රැන්ඩි පානයක් නොවන බව වෛi ජයසිංහ පවසන්නේය. ඊට හේතුව නම් ජේ.ආර් සිය වීදුරුවට දමාගත්තේ බ්‍රැන්ඩි ස්වල්පයක් වීමය. මෙහිදී මට සිහිපත් වනුයේ එක්තරා විශේෂඥ වෛද්‍යවරයකු පැවසූ වදනකි.

‘කවුරුහරි කෙනෙක් දවසකට මත්පැන් මිලි ලීටර් 30ක් බීවට කමක් නෑ. මිලිලීටර් තිහක් යනු බෝතලයකින් විසිපහෙන් එක් පංගුවකි.’
ජේ. ආර. සතුව චොකලට් කෑමට ද අපූරු ආශාවක් තිබී ඇත. විවිධ වර්ගයේ විවිධ රසැති චොකලට් වර්ග ඔහුගේ නිවසේ ඕනෑම වේලාවක තිබී ඇත. ඇතැම් අවස්ථාවලදී ඔහු සිය හිතමිතුරන්ටද ඒවා පරිත්‍යාග කළේය.

‘හිල්ටන් හෝටලයේ ජේරාඞ් කියලා චෙෆ් කෙනෙක් හිටියා. මිනිසා විවිධ වර්ගවල චොකලට් හදන්න රුසියා. පස්සේ කාලේම මමත් ජේරාඞ්ට කියලා චොකලට් හදවගෙන ජනාධිපතිතුමාට ගිහින් දීලා තිබෙනවා.’ වෛi ජයසිංහගේ පුත් රොහාන් ද ජේ. ආර්ගේ චොකලට් රුචිය ගැන අලගු තැබුවේය.
ජේ. ආර්ගේ චොකලට් රුචිය ගැන දන්නා ඔහුගේ හිතවතුන් විදේශ රටවල ගොස් පෙරළා එනවිට ජේ.ආර් වෙනුවෙන් විවිධ වර්ගයේ චොකලට් රැගෙනවුත් දෙන බව වෛද්‍ය ජයසිංහ කීවේය.

එයා කොහොම චොකලට් කෑවත් දියවැඩියාව ප්‍රෙෂර් වගේ ලෙඩරෝග තිබුණේ නැහැ. කලාතුරකින් වුණත් ලෙඩක් කියල හැඳුනොත් ඔය කැස්සක් වගේ දෙයක් තමයි. ඒත් මම ඔහුට කවදාවත්ම ඇන්ටිබයිටික් දීලා නැහැ.

පොත් කියවීම හා සංගීතය

ජේ. ආර්. ජයවර්ධන යනු පොත් කියවීමේ රුසියකු බව ඔහුගේ පොත්ගුල දැකීමෙන්ම ඕනෑම අයකුට පැහැදිලි වන්නකි.
‘ඉතිහාස පොත් කියවන්න ජනාධිපතිතුමා හරි කැමතියි. ඒ වගේම අනෙක් විෂයන් පිළිබඳ ලියවුණු පොත පතත් කියෙව්වා. එක දවසක් අපි කෑම කාලා කතාකරමින් ඉන්නකොට ඇලිස්ගේ විස්මලන්නතය (Alice and the Wonderland) පොත ගැන කතා කළා. ජේ. ආර් මහත්තයා එක පාරටම නැගිටලා එයාගේ පුස්තකාලයට ගිහින් ඒ පොත අරගෙන ඇවිත් මට පෙන්නුවා. පොත් ගැන කතා කරන හැම වෙලාවකම එයා කරන්නේ ඒ පොත ගෙනත් අපට පෙන්වන එක. එක අතකින් බැලුවහම ඒක පුංචි දරුවන් කරන වැඩක් වගේ කියලත් හිතනෙවා.’ වෛi ජයසිංහ කියයි.

පියානෝ වාදනයත් ජේ. ආර් ජයවර්ධන මහතා මැනවින් දැනසිටි බව හැඟේ. රොහාන් කුඩාකළ පියානෝ ගහන්න හරි ආසයි. මේක දැනගත්ත ජේ.ආර්. මහත්තයා පියානෝ වාදනය ගැන ලියවුණු පොත් වගයක් රොහාන්ට තෑගි කළා. ඒවත් එයාගේ පුස්තකාලයේ තිබුණ ඒවා.

පවුලේ වෛiවරයා වශයෙන් වෛi ජයසිංහටද ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ විදේශ සංචාරයන්ටද සහභාගී වීමට සිදු වේ. ඇමරිකාවේ සංචාරයට ගිය එක් අවස්ථාවකදී ඔහු අපූරු සිදුවීමක් අත්වින්දේය. ඇමරිකා සංචාරයේදී එවකට ඇමරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන්, ජේ.ආර්. ඇතුළු ලාංකික පිරිසට රාත්‍රී ආහාරය සඳහා ඇරයුම් කරනු ලැබුවා.

‘ඩිනර් එකට පස්සේ රේගන්, ජේ.ආර්. මහත්තයාගෙන් ඇහුවා ඔබ කැමති සිංදුව මොකක්ද කියලා. ජේ.ආර්. මහත්තයා කීවේ ‘ප්‍රෑන්ක් සිනාටිරාගේ ‘මයි වේ’ කියන සිංදුවට කැමතියි කියලයි. සිනාටිරා ඇමරිකානු ගායකයෙක්. රේගන් ඒ වෙලාවේම සිනාටිරාව ධවලමන්දිරයට කැඳවලා ජේ. ආර්. වෙනුවෙන් ඒ ‘මයි වේ’ ගීතය ගායනා කෙරෙව්වා.’

ආගම් භක්තිය

සාමාන්‍යයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ජේ. ආර්. බෞද්ධ දර්ශනය ඇදහුවෙකු ලෙසටය. ජේ. ආර්. ජයවර්ධන පවා ඇතැම් අවස්ථාවලදී බෞද්ධ දර්ශනය උත්කර්ශයට නැංවූ අවස්ථා ද තිබේ. එහෙත් ජේ. ආර් ජයවර්ධන දැඩිලෙස සායි බබාගේ දර්ශනය ඇදැහුවෙකු බව වෛi ජයසිංහ කියයි.
ජයවර්ධන මහත්තයා සායි බබාගේ දර්ශනයත් ඇදහුවා. එයාගේ පවුලේ උදවියත් එහෙමයි. ජේ. ආර්. ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධනගේ භාර්යාව දැඩි ලෙස සායි දර්ශනය ඇදහු අයෙකු බැවින් රවි ජයවර්ධන ජේ. ආර්. ජයවර්ධන ද සායි දර්ශනයට නැඹුරු වූ බවත් ඔහුගේ විශ්වාසයයි. සායිබබා මුණගැසීම සඳහා ජේ. ආර්. ඇතුළු පිරිස ඉන්දියාවට ද ගොස් ඇති බවද වෛi ජයසිංහ කියයි.

එක්දාස් එක්වැනි කාමරය

ජේ. ආර්. ජයවර්ධන යනු ඇතැම් අවස්ථාවන්හිදී අමුතු මෙන්ම පුදුම කතාද කියන්නෙකි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිකිරීමේදී ද ඔහු එවැනි අපූරු කතාවක් කියා ඇත. ජපන් රටේ ජනතාව මෙන්ම එහි ජන නායකයින් ද ජේ. ආර්. ජයවර්ධන කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවපූර්වක භක්තියකි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක නායකයින් ජපානය කෙරෙහි දැක්වූ අකාරුණාවට ජේ. ආර්. දැක්වූ ප්‍රතිචාරය නිසාවෙනි. ඔහු ජපානයට අකටයුතුකමක් නොකළ යුතු බවට බුදුදහමේ පාඨයක් ගෙන දක්වමින් කතාවක් කළ බව ප්‍රසිද්ධ කරුණකි. ජපානය ජේ. ආර් ට ගරු කරන්නේ ඒ හේතුව නිසාය. පරමානු බෝම්බ හෙළා විනාශයට පත වූ ජපානයේ හිරෝෂිමා නගරය යළි ගොඩනංනවන විට එහි ඉදිකළ එකම විදේශිකයාගේ පිළිරුව ජේ. ආර් ජයවර්ධනගේ පමණක් බවද කියවේ.

මේ ලබැදියාව නිසාම ජේ. ආර්. ජනාධිපතිවරයා වූ පසුව ශ්‍රී ලංකාවට පැමිණි ජපන් දූත පිරිසක් ජේ. ආර්ගෙන් ඉල්ලා ඇත්තේ අපෙන් අවශ්‍ය උදව්ව කුමක්ද යනුවෙනි.
‘මට ඇදන් 1001ක් තියන රෝහලක් හදලා දෙන්න.’

ඇඳන් 1001ක් මොකටද විස්මයට පත් ජපන් දූත පිරිස ඇසුවෝය.
එක්දාස් එක්වැනි ඇඳ මං ලෙඩ වුණහම නවතින්නනේ. ජේ.ආර්ගේ පිළිතුරු වූයේය. ඒ ජේ. ආර්ගේ හැටිය.
මට මතකයි කොහේහරි දේශපාලන රැස්වීමකට ගිහිල්ලා හෙලිකොප්ටරයේ ආපසු එනකොට බැසිල් රාජපක්ෂ මහත්තයාවත් එක්කන් ආවා. හැබැයි රැස්වීම පැවතුණේ කොහෙද කියලාවත් දින වකවානුවත් දැන් නම් මට මතකයක් නැහැ. වෛi ජයසිංහ තවත් කතාවක් සිහි කළේය. එයද ඇත්තක් විය හැක්කේ අනුර බණ්ඩාරනායක සමග බැසිල් රාජපක්ෂද එක්තරා අවධියක එක්සත් ජාතික පක්ෂයට එකතුව සිටි බැවිනි.

ඔය උන්නැහේ

ජේ.ආර්. ජයවර්ධන යනු තමන් හොඳින් නාදුනන අය සමග පවා දුරකතනයෙන් වුව කතාබහ කරන්නට නොපැකිලුණ චරිතයකි. බොහෝ විට එවන් අවස්ථාවලදී ඔහු එවැනි අය අමතා ඇත්තේ ඔය උන්නැහෙ යනුවෙනි. උන්නැහේ යන්නද ජේ. ආර්ගේ වදන් කෝෂයේ නිතර භාවිතා කළ වදනකි. මේ බව සිහිපත් කළේ රොහාන්ය. ජේ. ආර්ගේ වදන් කෝෂයේ උන්නැහේ යන වදන භාවිතා වූ බවට තවත් සාක්ෂියක් ලේඛකයා සතුව තිබේ. ඒ පේරාදෙණිය විශ්වවිiාලයේ දේශපාලන විiා අංශයේ මහාචාර්ය අතුල විතානවසම්ය. ඔහු ශිෂ්‍යයකු අවධියේ දී ජේ. ආර් ට නිතරම රහස් දුරකතන මගින් කතාකර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දුබල තැන් ගැන විවේචනය කර තිබේ. එවන් අවස්ථා වලදී ජේ. ආර්. පිළිතුරු දී ඇත්තේ මම ව්‍යවස්ථාව හැදුවා, අඩුපාඩු හදාගන්න එක ඔය උන්නැහේලාට අයිති වැඩක්. යනුවෙනි. ඒ ජේ. ආර්. තවකෙකුට ඔය උන්නැහේ යන්න භාවිතා කළ බවට ජීවමාන සාක්ෂියකි.

දුක් වූ අවස්ථා

සාමාන්‍යයෙන් ජේ. ආර්. ජයවර්ධන යනු කලබලයට හෝ දුකට පත්වෙන අයෙකුගේ චරිත ස්වභාවයක් නොවේ. එබඳු අවස්ථාවක් ඇති වූයේ නම් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකාවේ නාවික හමුදා සෙබලෙකු පහර දුන් සිද්ධියේදීය. එදින ඔහු කම්පාවට සේම කණගාටුවට පත්ව සිටින බව වෛi ජයසිංහ කියයි.
රාජිව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බකාරියකට ගොදුරු වී අකල් මරණයකට පත් වුණානේ. මේ මරණයට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් සහභාගී වුණා. එදා සෝනියා ගාන්ධි, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කීවේ මීට පස්සේ ගාන්ධි පවුලේ කිසිවෙකුත් දේශපාලනය නොකරන බවයි. ඒත් එයාගේ කතාව නම් සත්‍යක් වුණේ නැහැ.