Monday, 21/8/2017 | 3:44 UTC+0
රාවය

සුන්දර නීති මැද අසුන්දර පොලිසිය

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත බරපතළ වාද විවාද මධ්‍යයේ සම්මත කර ගැනීමෙන් ආණ්ඩුව ජයග්‍රහණයක් ලැබුවේ ය. එහෙත්, ඉන් දින කිහිපයක් ඇවෑමෙන්, අතුරුදන්වූවකු පිළිබඳ ප්‍රශ්නය ඇත්තට ම තමන්ගේ මුහුණ ඉදිරියට ආ විට ආණ්ඩුව පරාජය වුණේ ය.

අනුරාධපුරයේ දී සුදුවෑන් රියකින් පැහැර ගෙන ගොස් අතුරුදන් කරන ලදැ’යි කියන තරුණ සැමියා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ගාලු මුවදොර දී පැවැත් වූ සාමකාමී, හැඟීම්බර නිහඬ විරෝධය ඉවසන්නට ආණ්ඩුවට බැරි විය. ඒ ගැන සාධාරණ පිළිතුරක් දෙන්නට ආණ්ඩුවට බැරි විය. ඒ විතරක් නොවේ, ආණ්ඩු වෙනස් වුණාට, නම ‘ශ්‍රී ලංකා පොලිසිය’ හැටියට සරුවපිත්තල වුණාට, ඉන්නේ පරණ, මර්දනකාරී, මානව හිමිකම් කඩ කරන පොලිසිය ම බව නොපෙන්වා ඉන්නටවත් ආණ්ඩුව අසමත් විය.

සිය සැමියා අතුරුදන් කොට අවුරුදු තුනක් ගෙවෙද්දීත් ඔහු ඉන්නේ කොතැනදැ’යි හොයන, ඔහු අතුරුදන් කළේ කවුදැ’යි හොයන මේ ගැහැනිය සුළුතර දෙමළ නොවේ. බහුතර සිංහල ය. විශේෂයෙන් සුළුතර දෙමළ මිනිසුන් අතුරුදන් කිරීම ගැන සොයා බලන්නට නීතියක් හැදූ ආණ්ඩුවක්, ඒ ගැන උඩ දම දමා රටේත් පිටරටේත් තොරොම්බල් කරන ආණ්ඩුවක්, අඩු ගණනේ බහුතර සිංහල මිනිසකු අතුරුදන් කිරීම ගැනවත් හොයන්නට මේ තරම් පසු බානවා නම්, දෙමළ මිනිසුන්ට මෙවැනි නීතිවලින් කිසිම සහනයක් අත් වේදැ’යි සාධාරණ සැකයක් මතු කිරීම අප කළ යුතු ය. නීති හදන්නට අප ඉක්මන් බව ඇත්ත ය. එහෙත්, ලංකාවේ ඉතිහාසය කියන්නේ අප හදන (මහජනයාට යහපතක් වන) නීති ක්‍රියාත්මක නොකරන රටක් බව ය.

bing.com-[en-us];professional essay writers;http://www.ninjaessays.com;http://www.ninjaessays.com/;custom essay writing service with benefits – 15% off;affordable, professional essay writing service. are you currently looking for a professional to help you write your essay? if that’s the case, trust no one but …

සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලන බිරිඳ කියන්නේ, සැමියා අතුරුදන් වීම ගැන සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ය. ඇයට අනුව, අතුරුදන් කිරීම පසුපස අනුරාධපුර ‘ශ්‍රී ලංකා පොලිසිය’ සිටියි. ඉතින් ‘ශ්‍රී ලංකා පොලිසිය’ට ම එවැනි පරීක්‍ෂණයක් පැවරීමෙන් වන දේ ඇය හොඳින් දනියි.

පසුගිය දා ගාලු මුවදොරට ඇය ආවේ අවුරුදු තුනක් තිස්සේ උත්තරයක් නොලැබුණ තමාගේ ප්‍රශ්නය ජනාධිපතිවරයාට කියන්නට ය. ජනාධිපතිවරයා ඒ ප්‍රශ්නයට ඇහුම් කන් දුන්නා-නොදුන්නා වේ, ජනාධිපති ලේකම් කාර්යාලය අසළට යන්නටවත් පොලිසිය ඇයට ඉඩ දුන්නේ නැත. එහි ආ හිතුවක්කාර උසස් පොලිස් නිලධාරියා කීවේ, ආරක්‍ෂාව ගැන ප්‍රශ්නයක් නිසා එහි යන්නට ඉඩ නොදෙන බව යි. මේ ජනවාරි 8 වැනිදාට පෙර පොලිසිය උච්චාරණය කළ වචන ම නොවේ ද?
යුක්තිය ඉල්ලා හඬ නගන මේ තනි ගැහැනියත්, ඇයට උදව් වන්නට එතැනට ආ සමාජ ක්‍රියාකාරීන් හතර පස්දෙනාත් ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේ ද? එසේ තර්ජනයක් වුණත් එය වළක්වා ගන්නට එතැන වට කර ගෙන සිටි පොලිස් ඇණියට නොහැකි වන්නේ ද?

මේ ඉහළ පොලිස් නිලධාරියා කළේ මේ ගැහැනියගේ අයිතියට අනීතික ලෙස අකුල් හෙළීමකි. එසේ කරන්නට පොලිස් ආඥා පනත යටතේ වත්, රටේ නීතිය යටතේ වත් ඔහුට බලයක් නැත. ආරක්‍ෂාව හෝ අපරාධයක් ගැන ගැන කිසි ම සැකයක් ඇති නොවන තැනක, සාමය බිඳීමක් ගැන කිසි ම සැකයක් ඇති නොවන තැනක, සාධාරණ හා නීත්‍යනුකූල මිනිස් හැසිරීමකට බාධා කරන්නට, එරෙහි ව බලය යොදවන්නට පොලිසියට, පොලිස් නිලධාරියකුට කිසි ම අයිතියක් නැත. කිසියම් පොලිස් නිලධාරියකු එසේ කරන්නේ නම් ඔහු කරන්නේ වරදකි. පොලිසියට ද අගෞරවයකි.

රට ඉල්ලන්නේ පරණ ක්‍රමය නොවේ. එහෙත්, තවමත් රටේ මුල් බැහැ ගෙන ඇත්තේ ඒ පරණ ක්‍රමය ම ය. පොලිස් කොමිසම පිහිටුවූවාට, අලුත් පොලිස්පතිවරුන් පත් වුණාට, මහජනයාගේ පැත්තෙන් තවම ඉන්නේ පරණ ජරාජීර්ණ, මර්දනකාරී පොලිස් දෙපාර්තමේන්තුව ම ය. එය වෙනස් විය යුතු ම ය. වෙනස් කළ යුතු ම ය.

ඒ වෙනස පටන් ගන්නට නම් පළමු ව මෙවැනි අත්තනෝමතික පොලිස් නිලධාරීන්ට එරෙහි ව ද ක්‍රියා කළ යුතු ය. ඒ සඳහා ශක්තියක් ජාතික පොලිස් කොමිසමට ඇතැ’යි අපි සිතමු.

yahoo.com-[us];generic anti fungal preparations;http://depakote.top;http://depakote.top/;buy depakote online | generic depakote | depakote…;order depakote online – best prices, fast shipping, high quality. no prescription required.

ඒ ගැන තවමත් පැමිණිල්ලක් ලැබී නැති නම්, පැමිණිල්ලක් නැති ව පොලිසියේත් පොලිස් කොමිසමේත් ගෞරවය ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩ ආරම්භ කරන්නට පොලිස් කොමිසමට බැරි නම්, මේ ලියැවිල්ල පැමිණිල්ලක් ලෙස භාර ගන්නට හැකි ය.

About