රාවය

ෆොන්සේකාගේ පක්ෂය ඡන්දයෙන් ඉවතට

ෆොන්සේකාගේ පක්ෂය ඡන්දයෙන් ඉවතට

තම පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරණවලට දිගින් දිගටම සිදුවන බාධා කිරීම්වලට එරෙහිව නිසි පිළියමක් මැතිවරණ කොමසාරිස්වරයා හෝ පොලිස්පතිවරයා හෝ කඩිනමින් නොගතහොත් ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසයි.

හම්බන්තොට දිස් ති‍්‍රක්කය තුළ තම පක්ෂයට කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියක් සිදු කිරීමට අවිආයුධ සහිත මැරයන් ඉඩ නොදෙන බවත්, ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් අවසර ලබාගත්තද කිසිදු හේතුවක් නොදන්වා එම අවසරයන් බල රහිත කර ප‍්‍රචාරක රැුළි තහනම් කරන බවත්, ඒවා පිළිබඳව මැතිවරණ කොමසාරිස් වරයා ඇතුළු පොලිස්පති හා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කළ ද මේ වනතුරු කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා පවසයි.

හම්බන්තොට හා වීරකැටිය ආදී ප‍්‍රදේශවලදී ආණ්ඩු පක්ෂ මැරයන් තමන්ගේ රැුළිවලට පැමිණ ටී 56 තුවක්කු පෙන්වමින් තර්ජනය කරන විට පොලිසිය බලා සිටි බවත්, බස්නාහිර සහ දකුණු පළාත තුළ මෙවැනි කි‍්‍රයා බොහෝමයක් සිදුවන බැවින් ඉදිරියේදී මැතිවරණයෙන් ඉවත් වන බවත් ඉන් අනතුරුව ඒ පිළිබඳ ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවත්, කැටගොඩ මහතා වැඩිදුරටත් පවසයි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ, බෙලිඅත්තේදී සහ අහුංගල්ලේදී රැුස්වීම් පැවැත් වීමට එක`ගතාව පළ කළ ඉඩම් හිමිකරුවන් පසුව ඊට අකමැත්ත පළකිරීම හේතුවෙන් අදාළ ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කිරීමේ බලපත‍්‍ර ලබාදීම අත්හිට වූ බවත්, රැුස්වීමට අවසර ලබාදීම නොදීම අදාළ ඉඩම හිමි පුද්ගලයාගේ තීරණයක් බැවින් ඒ සඳහා පොලීසියට මැදිහත් විය නොහැකි බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ වෙනත් බාධා කිරීමක් ඇති වුවහොත් ඒ සඳහා කටයුතු කිරීමට වහාම කි‍්‍රයාත්මක වන බවයි.