ජිනීවා: සිදුවිය හැක්කේ කුමක්ද?

අපේ අභිප‍්‍රායේ පිරිසිදු බව ඔප්පු කළ යුතුයි – ලක්ෂ්මන් මාරසිංහ කැනඩාවේ වින්සර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය, ශී‍්‍ර ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

Lakshman-Marasingheමෙවර ඇමරිකානු යෝජනාව මගින් ඉල්ලා ඇති විමර්ශන යාන්ත‍්‍රණය නොයෙක් ආකාරයෙන් කි‍්‍රයාත්මක විය හැකියි. එහිදී එක් පුද්ගලයකු පත්කර එම පුද්ගලයා හරහා පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩක් තිබෙනවා. අනෙක් අතට යම් ආකාරයක කමිටුවක් ඇති කර ඒ හරහා යම් විමර්ශනයක් කළ හැකියි. එසේත් නැත්නම් විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමේ හැකියාවක් තිබෙනවා. යම් කමිටුවකට වඩා වැඩි බලතල විනිශ්චය මණ්ඩලයකට තිබෙනවා. ඔවුන්ට එම විනිශ්චය මණ්ඩලය හරහා යම් තීන්දු තීරණ පවා ලබා දීමට හැකියාව තිබෙනවා. මෙවර යෝජනාව සම්මත වූ විට කරන්න පුළුවන් මා සඳහන් කළ මේ තුනෙන් එකකුයි. පළමු මට්ටම වන්නේ මෙයයි.

මෙවර ඇමරිකානු යෝජනාව මගින් ඉල්ලා ඇති විමර්ශන යාන්ත‍්‍රණය නොයෙක් ආකාරයෙන් කි‍්‍රයාත්මක විය හැකියි. එහිදී එක් පුද්ගලයකු පත්කර එම පුද්ගලයා හරහා පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩක් තිබෙනවා. අනෙක් අතට යම් ආකාරයක කමිටුවක් ඇති කර ඒ හරහා යම් විමර්ශනයක් කළ හැකියි. එසේත් නැත්නම් විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමේ හැකියාවක් තිබෙනවා. යම් කමිටුවකට වඩා වැඩි බලතල විනිශ්චය මණ්ඩලයකට තිබෙනවා. ඔවුන්ට එම විනිශ්චය මණ්ඩලය හරහා යම් තීන්දු තීරණ පවා ලබා දීමට හැකියාව තිබෙනවා. මෙවර යෝජනාව සම්මත වූ විට කරන්න පුළුවන් මා සඳහන් කළ මේ තුනෙන් එකකුයි. පළමු මට්ටම වන්නේ මෙයයි.

දෙවැනි මට්ටම වන්නේ යෝජනාව හරහා පත් කළ පුද්ගලයා කමිටුව හෝ විනිශ්චය මණ්ඩලය හරහා සාක්ෂි එකතු කිරීමයි. අප රටක් ලෙස ප‍්‍රවේසම් වෙනවා නම් ප‍්‍රවේසම් විය යුත්තේ එතැනදියි. එම සාක්ෂි කැඳවීමට යනවා නම් යා යුත්තේ සියලූම තොරතුරු සහිතවයි. එහිදී අප දැනුවත්ව කිසිදු ප‍්‍රජාවකට හානි නොකළ බව ඔප්පු කළ යුතුයි. එහිදී අපට ආරක්ෂා වීමට අවශ්‍ය නම් අපේ අභිප‍්‍රායේ පිරිසිදු බව ඔප්පු කළ යුතුයි.

මේ කමිටුව අදහස් කරන්නේ අපට විරුද්ධව සාක්ෂි රැුස්කිරීමයි. එතැනදී අප වුවමනාවෙන් කිසිදු පුද්ගලයකු හෝ ජන වර්ගයක් ඝාතනය නොකළ බව පෙන්විය යුතුයි. ඔවුන් ගන්නා සාක්ෂි ඔවුන්ගේ ඊළ`ග මට්මකට යාම සඳහා අවශ්‍යයි.

යම් යම් සම්බාධක ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යාමට සිදුවන්නේ නම් එවැන්නකට ම`ග සැලසෙන්නේ මේ සාක්ෂි හරහායි. මේ වන විට අපට විරද්ධව කටයුතු කිරීම සඳහා ඔප්පු කළ සාක්ෂි නැහැ. පවතින සාක්ෂි කොතරම්දුරට ඔප්පු කළ හැකි ද යන්න සොයා බැලීම හා එම සාක්ෂි යොදා ගැනීම ඔවුන්ගේ අදහසයි

අවසානයේදී අප අපරාධ වරදක් කර ඇති බව ඔප්පු වුවහොත් අපට විරුද්ධව විවිධ සම්බාධක පැනවිය හැකියි. විශේෂයෙන් ආර්ථික සම්බාධක පැනවීමට හැකියාව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංගමයේ 2015 රැුස්වීමේදී වුවත් අප පිළිබඳ සම්බාධක පැනවිය යුතුයි කියලා ඉල්ලන්නට පුළුවන්. කෙසේවුවත් මේ වසරේ අපට විරුද්ධව ඇති සාක්ෂි මත සලකා තමයි ලබන වසරේදී අපට විරුද්ධව එවැනි සම්බාධක ඉල්ලිය හැක්කේ.

යෝජනාව වෙනස් කිරීමේ හැකියාවත් අප සතුයි – ආචාර්ය ගොඞ්ෆි‍්‍ර ගුණතිලක (හිටපු සභාපති මාර්ග ආයතනය)

මේ තිබෙන යෝජනාව ගත්විට එහි වචන විග‍්‍රහ කර බලන විට එක්සත් ජනපදය යෝජනා කරන්නේ කුමක්ද යන්න තවමත් අපට පැහැදිලිව කියන්න බැහැ. Godfree-Gunathilakeමේ යෝජනාව ඇතුළේ විමර්ශනයක් අවශ්‍ය බව සෘජුව ප‍්‍රකාශ කර නෑ. එසේ විමර්ශනයක් අවශ්‍ය බව හැෙ`ගන්නේ වුණත් එය ප‍්‍රකාශ කර ඇත්තේ පසුවයි. මෙම යෝජනාවේ පඨිතයේ අන්තර්ගත වන්නේ වගවීමේ කි‍්‍රයාවලිය ඇගයීම සඳහා යාන්ත‍්‍රණයක් අවශ්‍ය බවයි. එනම් සත්‍ය අසත්‍ය තක්සේරු කිරීමටයි. මෙම යෝජනාව අප විසින් අවබෝධයෙන් භාරගත්තේ නම් එය වෙනස් කිරීමේ හැකියාව අප සතුව පවතිනවා. එනම් අප මෙවර නිවැරදිව කටයුතු කළොත් අපට මේ යෝජනාව වෙනස් කර ගන්න පුළුවන්.

මෙවර මේ යෝජනාව හරහා අපට කුමක් සිදුවේදැයි නිශ්චිතව කියන්නට තවමත් කල්වැඩියි. ඇමරිකාව ලංකාව සම්බන්ධව නොයෙකුත් දේ ප‍්‍රකාශ කළත් විමර්ශනයක් ලෙස තදබල ලෙස ලංකාවට එරෙහිව කටයුතු කරන්නට ඔවුන් පෙළඹේ යැයි මා සිතන්නේ නෑ. මානව හිමිකම් කෙරෙහි ඔවුන් වැඩි වශයෙන් කි‍්‍රයාකරන බව පෙන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය නිසා යම් ආකාරයකින් අපට බලපෑම් කළ හැකියි. ඔවුන්ගේ බලය තහවුරු කිරීම ඔවුන්ගේ අදහසයි. මේ යෝජනාවෙන් එය තහවුරු කරන්නට සාධකයක් ලෙස ඔවුන් යොදාගන්නා එකක් විය හැකියි. එහෙත් පරීක්ෂණයක් පවත්වන ආකාරයෙන් විනිශ්චය මණ්ඩලයක් පත්කර කටයුතු කරයි යන්න මා සිතන්නේ නෑ.

මෙවර අපට එරෙහිව ආර්ථික සම්බාධක ඇතිවිය හැකි බවට යම් කතාබහක් යනවා. එහෙත් තවමත් ඒ සම්බන්ධයෙන් අදහස් නිශ්චිතවම රටවල් අතර ප‍්‍රකාශ වී නැහැ.

ආණ්ඩුව මේ වන විට දකුණු අපි‍්‍රකානු ක‍්‍රමයේ යෝජනාවක් සඳහා යන්නට සූදානම් වී තිබෙනවා. එහෙත් බාහිර දේවල් කරන්නට පෙර අපි රට අභ්‍යන්තරයේ සිදුවන දේ පිළිබඳව සොයාබැලිය යුතුයි. අප රට තුළ ප‍්‍රශ්න අභ්‍යන්තරය තුළ නිරාකරණය කර ගන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි. යුද අපරාධ ගත්තොත් එහිදී සිදුවුණේ කුමක්ද යන්න පිළිබඳව තවමත් සැකයක් තිබෙනවා. එවා ඉවත් නොකර අපට ඉදිරියට යන්න බෑ. ඒ විශ්වාසයෙන් ඉවත් කිරීමට කළ යුතු වන්නේ මොනවාද යන්න අප සොයබැලිය යුතුයි. මේ සියලූ දේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ පවසා තිබෙනවා. යුද්ධයේදී එයට සම්බන්ධ සෑම පාර්ශ්වයක්ම වගකිව යුතු බවට එහි ප‍්‍රකාශ කර තිබෙනවා. දකුණු අපි‍්‍රකානු ක‍්‍රමය සොයා බැලීමට පෙර උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ නිසිපරිදි බලගැන් විය යුතුයි. අප දකුණු අපි‍්‍රකානු ක‍්‍රමය තුළ සොයා බලනවා නම් සොයා බැලිය යුත්තේ යුද්ධයකට සම්බන්ධ වගකිව යුතු පාර්ශ්වයන් සමානව වගකියන ක‍්‍රමයක් ඇති කිරීම සඳහායි.

මාර්ගය වෙනස් කර නිවැරදි විය යුතුයි – මහාචාර්ය රජිව් විජේසිංහ

Rajiv Wijesinghe මට පෙනෙන හැටියට ඇමරිකාවේ අරමුණ අන්තර්ජාතික විමර්ශනයක් පැවැත්වීමයි. එය නවනීදන් පිල්ලෙයිගේ වාර්තාව තුළිනුත් ප‍්‍රකාශ කර තිබෙනවා. එක් අතකින් මෙය ලංකාවට නරක තත්වයක්. එයට අප විරුද්ධ විය යුතුයි. එහෙත් නිකම් කෑගහලා විරුද්ධ වෙන්න අපට බැහැ. අපේ ජාතික කොමිසම මඟින් යම් ආකාරයේ අභ්‍යන්තර විමර්ශනයන් ඉල්ලා සිටියා. මෙම වාර්තාව 2012 දෙසැම්බරයේ එනවිට මා යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසුවා. ඔහු පැවසුවේ, යුද හමුදාව අභ්‍යන්තරයේ යම් විමර්ශනයක් පැවැත්වෙන බවයි. මා පැවසුවේ, එය හෙළි කරන ලෙසයි. එවිට ඔහු පැවසුවේ, යුද හමුදාව සිය විමර්ශන හෙළි නොකරන බවයි. මාස කිහිපයකට පසුව ඇමරිකානු නියෝජිතයෙක් ලංකාවට පැමිණියා. එහිදී යුද හමුදාව එම නියේජිතයාට මේ අභ්‍යන්තර පරීක්‍ෂණ පිළිබඳ පැවසුවා. එහිදී ඇමරිකාව බල කළ නිසා ලංකාව විමර්ශනයක් පැවැත් වූ බව පුවත්පත්වල පළ වුණා. සත්‍ය වශයෙන්ම අප යමක් සිදු කර ඇතත් ඒ ගැන කරුණු නොදැක්වීම හරහා අපට සිදුවන්නේ මෙවැනි දේයි. මගේ මූලික අදහස අපේ අඩුපාඩු පිළිබඳව අප සොයා බැලිය යුතුයි. එහෙත් අප ඒ සිදුකරන දේවල් පාරදෘශ්‍යභාවයෙන් යුක්තව කළ යුතුයි. අනෙක මේ සියලූ දේවල් පිළිබඳව අප විශ්වසනීය බවක් ගොඩනැගිය යුතුයි. අනෙක් අතට අපේ අභ්‍යන්තර පරීක්‍ෂණවල විශ්වසනීයභාවයක් ඇති බව ලොවට ඔප්පු කළ යුතුයි. අභ්‍යන්තර විමර්ශන යාන්ත‍්‍රණයක් නිසි ලෙස ක‍්‍රියාත්මක නොකළ නිසා තමයි බාහිර රටවල් අපගේ කටයුතුවලට ඇඟිලි ගසන්නේ. එය විශාල ගැටලූවක්. අප මෙයට මුහුණ දිය යුත්තේ අපේ විදේශ ප‍්‍රතිපත්තිය අනුවයි.

මේ යෝජනාව සම්මත වී එහිදී ජාත්‍යන්තර විමර්ශනයක් ඇති කළොත් එහිදී අපට විවිධ ගැටලූ ඇතිවිය හැකියි. එහෙත් මා තවමත් හිතන්නේ අප ඉදිරියට හෝ අපගේ මාර්ගය වෙනස් කර නිවැරදිව කටයුතු කළොත් අපට ජාත්‍යන්තර පරීක්‍ෂණයෙන් ගැලවීමට හැකි බවයි. එහෙත් ඒ සඳහා අප උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශයන් නිවැරදිව ක‍්‍රියාත්මක කළ යුතුයි. මෙය ඉතාහ හොඳ බව ජනාධිපති ලේකම්වරයා පවා අවබෝධ කරගෙන සිටිනවා. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම නිර්දේශයන් විශාල සංඛ්‍යාවකින් වැඩි කළේ ඒ නිසායි. එහෙත් එය විනිවිදභාවයෙන් කළ යුතුයි. කෙසේ වෙතත් අපට විරුද්ධව යෝජනාවක් සම්මත වී ජාත්‍යන්තර විමර්ශනයකට ගියොත් අප තොරතුරු දෙන්නට බැහැ කිව්වත් ඔවුන් ඒකපාර්ශවිකව තොරතුරු රැුස් කර එයින් යම් නිර්දේශයන්ට එළැඹිය හැකියි. මේ වගේ යෝජනාවක් සම්මත වුණොත් එක්සත් ජාතීන්ගේ සංගමය මඟින් නැතත් නොයෙක් රටවල පාර්ලිමේන්තු මගින් අපට විරුද්ධව සම්බාධක පැනවීමට සහ ශ‍්‍රී ලංකාව පිටුදැකීමේ යෝජනා ගෙන ඒමට පෙළඹේවි. එමෙන්ම ශ‍්‍රී ලංකාව සම්බන්ධ සංචාරක උපදෙස් පැනවීමට පුළුවන්. එවිට ආණ්ඩුවේ යම් යම් කණ්ඩායම් ආවේගශීලී ලෙස හැසිරුණොත් එම උපදෙස්වලට අමතරව තවත් උපදෙස් පැනවීමට හැකියි. මේ හරහා අපගේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවිය හැකියි. මේ නිසා අප ප‍්‍රවේසම් විය යුතුයි.

දකුණු අපි‍්‍රකානු මැදිහත් වීම වැදගත් – ආචාර්ය දයාන් ජයතිලක

බටහිර රටවල් 2009 මැයි මාසයේදී ගේන්නට උත්සාහ දැරුවෙත් යුද්ධයේ අවසාන කාලයේ දී සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව කියන යෝජනාවකුයි. 2009 මැයි මාසයේ 26 දා නවනීදන් පිල්ලෙයි මහත්මිය ලංකාව පිළිබඳ විශේෂ සැසිය අමතමින් ඇය ඉල්ලා සිටියේ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවයි. එදා පරාජයට පත්වී මෙදා පැමිණ ඇත්තේ ඒ යෝජනාවමයි. ශ‍්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්ති සංකල්ප ගත කිරීම සහ කළමනාකරණයේ අන්ත දුර්වලකම නිසා එය සාර්ථක වීමට වැඩි ඉඩක් තිබෙනවා.

Dayan Jayathilaka

ඇත්තෙන්ම ජාත්‍යන්තර අතපෙවීම් සාර්ථක වෙන්නට හේතු සපයන්නේ අපේ කටයුතු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් කිරීමේ අපොහොසත්භාවයයි. 2009 සිටම අපගේ කටයුතුවලට ජාත්‍යන්තරය අතපෙවීම් කරනු ලැබුවා. එහෙත් මේ අතපෙවීම් සාර්ථක වීමට සහ අතපෙවීම් වැළැක්වීමට නොහැකිවීමේ හේතුව වන්නේ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ යෝජනා ක‍්‍රියාත්මක නොකිරීමයි. මේ තත්වය තිබියදී ආණ්ඩුව දකුණු අප‍්‍රිකාව ක‍්‍රමයේ යෝජනාවක් ගෙන ඒමට දකුණු අප‍්‍රිකාව සමඟ සාකච්ඡුා කිරීමට සැරසෙනවා. ඇත්තෙන්ම දකුණු අප‍්‍රිකානු මැදිහත්වීම ඉතාම වැදගත්. මේ ආණ්ඩුවෙන් කළ දෙයක් නෙමෙයි. එය කර ඇත්තේ දකුණු අප‍්‍රිකා පාර්ශවයෙනුයි. ඇත්තෙන්ම ලංකාවේ ප‍්‍රශ්නය පිළිබඳ සාධනීය මැදිහත්වීමක් කරන්නට දකුණු අප‍්‍රිකාව කටයුතු කරනු ලැබුවේ දශකයකට පෙර සිටයි. එය සිදුවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපතිව සහ ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා විදේශ ඇමතිවරයාව සිටි කාලයේදීයි.. එය රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වුණු කාලයේදීත් පැවතුණා. මෙය ඉතාම පැරණි මැදිහත්වීමක්. මේ මොහොතේදී ලංකා ආණ්ඩුව දකුණු අප‍්‍රිකානු නවතම ප‍්‍රකාශය පිළිගෙන තිබෙනවා. එමගින් සිරිල් රාමපොසා නම් කීර්තිමත් දේශපාලන චරිතය ශ‍්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව උදෙසා දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිතයා ලෙස පත්කර තිබෙනවා. එහෙත් මෙතැන යම් කුඩා හෝ පරතරයක් පෙනෙන්නට තිබෙනවා. ලංකා ආණ්ඩුව ප‍්‍රකාශ කරන්නේ සත්‍ය හා සංහිඳියාව පිළිබඳව දකුණු අප‍්‍රිකානු අත්දැකීම් සොයන්නට අවශ්‍යතාවක් තිබෙන බවයි. එහෙත් දකුණු අප‍්‍රීකාව ලංකාවට සහයෝගය දෙන්නේ දකුණු අප‍්‍රිකානු ආකෘතිය ලංකාවට පටවන්න නොවෙයි. දකුණු අප‍්‍රිකාවේ එදා මෙන්ම අද අරමුණ වන්නේත් ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් උතුර දකුණ යා කරන පාලමක් ගොඩනැගීමට උදව් වීමයි. ඒ පිළිබඳ ලංකා ආණ්ඩුව කිසිම තැනක ප‍්‍රකාශ කර නැහැ. මෙතැන ඉලක්කයන්ගේ ප‍්‍රමුඛතාවන් අතර යම්කිසි අසමමිතිකභාවයක් හෙවත් පරතරයක් තිබෙනවා.

මේ යෝජනාව සම්මත වුණොත් විශාල ප‍්‍රශ්නයක් විය හැකියි. ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත‍්‍රණයක් පිහිටුවීමෙන් සිදුවන්නේ යුද්ධයේ අවසාන කාලයේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය වුවා ද නැද්ද යන්න සොයා බැලීමකුයි. ජාත්‍යන්තර පරීක්‍ෂණයේ නිගමනය හැටියට ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ බවට ඔප්පු වුණොත් සිදුවන්නේ කුමක්ද? යුද්ධයේ අවසාන කාලය යනු යුද්ධයේ නිගමනයයි. යුද්ධයේ නිගමනය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදුවූවක් කිවහොත් යුද්ධයේ ජයග‍්‍රහණය පිළිබඳ නීත්‍යානුකූලභාවයේ ප‍්‍රශ්නයක් මතුවෙනවා. එය ඉතාම භයානක දෙයක්. යුද්ධයේ නීත්‍යනුකූලභාවය වලංගු නොවුනහොත් ඊළඟට ඇතිවන ප‍්‍රතිඵල කවරේද කියන්න අපට අමාරුයි. නොයෙකුත් නිශේධනාත්මක ප‍්‍රතිඵලවලට දොර විවර විය හැකියි. මෙය අපට ප‍්‍රකාශ කරන්නට වන්නේ තමිල්නාඩුවේ පිබිදීම සහ රජීවි ගාන්ධි ඝාතනයේ තීන්දුව සැලකිල්ලට ගෙනයි. තමිල්නාඩුවේ විශාල ලංකා විරෝධි සහ ඊලාම්වාදී ප‍්‍රබෝධයක් දකින්නට ලැබෙනවා. ජිනීවාවලදී බටහිර තෙරපුමක් සහ අපේ අසල්වැසි රටෙනුත් තෙරපුමක් ඇති වුණොත් ඊලාම් ව්‍යාපෘතියේ පුනර්ජීවයක් දකින්නට ලැබෙනවා. මීට අමතරව ආර්ථික උවදුරක් තිබෙනවා. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් හරහා ලංකාව වරදකරු යැයි තීන්දු වුවහොත් ලෝකය පුරා පාර්ලිමේන්තුවලින් ආර්ථික තහංචි පැනවීමට ඉඩක් තිබෙනවා. එය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යන්න කිසිම උවමනාවක් නැහැ. ඒක ඒ ඒ රටවල පාර්ලිමේන්තු හරහා සිදුවෙන්න පුළුවන්. ඒ ඒ රටවල උසාවි හරහාත් ලංකාවට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්නට පුළුවන්. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ මානවවාදී නීතිය යටතේ වැරදි සිදුවුණු බව නිගමනය කළොත් ඒ සම්බන්ධයෙන් ඕනැම රටක උසාවියකට තීන්දුවක් දෙන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් තීන්දුව ක‍්‍රීයාත්මක කිරීම වෙන ඕනෑම රටක උසාවිය විසින් ක‍්‍රියාත්මක කෙරෙන්නටත් පුළුවන්.