ඇන්ටනී ඝාතනය කර වසර දෙකයි. ප‍්‍රශ්නය එතැනමයි

ඔබගේ ආහාරවේලට මාළු සපයන අපි ධීවරයෝ වෙමු. පවතින රජය අපට සිදුකර ඇති බරපතළ අසාධාරණය ගැන ඔබට කීමට අපි තීරණය කළෙමු. අපි රටේ ජනතාවගේ ප්‍රෝටීන් වුවමනාවෙන් වැඩිම ප‍්‍රමාණයක් සපයන අපට ජීවත්වීමට නොහැකි හා දරු පවුල් නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.’’ මේ අත්පති‍්‍රකාවක කොටසකි. මෙවැනි පති‍්‍රකා දහස් ගණනින් මීගමුව, කල්පිටිය, හලාවත ආදී නගර තුළ බෙදාහරිමින් තිබේ. සාමාන්‍යයෙන් මෙකලට දකුණු මුහුද නිසලය. එහෙත් දැන් දැන් ධීවර හදවත් සසල වෙමින් තිබේ. ඇයි ඒ… අපි මීගමු ගියෙමු.

ඇන්ටනීගේ මතකය

දිනය 2012.12.12 වැනිදාය. හලාවත, මීගමුව, කල්පිටිය ධීවරයෝ පාරට බැස උද්ඝෝෂණය කරන්නට වුහ. හේතුව එකවර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ යෑමය. 12වැනි දින උද්ඝෝෂණය 13 වැනි දිනටත් ඇදී ගියේය. 14 වැනි දින ධීවර නියෝජිතයන් සහ ඇමතිවරයා අතර සාකච්ඡුාවකි. තීරණය භූමිතෙල් සඳහා රුපියල් 6250ක සහ ඞීසල් සඳහා රුපියල් 30,000ක් (බහුදින), 18000ක් (එක්දින) යන වටිනාකම්වලින් යුතු සහනාධාරයකි. ධීවර අමාත්‍යවරයාගේ තීරණයට විරෝධය දැක්වූ ධීවරයෝ පසුදාම නැවතත් සටන් බිමට පැමිණියෝය.

දිනය 15 වැනිදාය. හලාවත සංවිධානය කර පැවැත්වෙමින් තිබූ දැවැන්ත ධීවර විරෝධතාවට පොලීසිය වෙඩි තැබුවේය. ඇන්ටනී එතැනම මිය ගියේය. තවත් සයදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළේය. මරණයත් සමග ධීවරයෝ සතියක වැඩවැරුමක නිරත වූහ. ඊට මාස පහකට පසු මෙම කුරිරු වෙඩි තැබීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට වැටීසිටි ජේසුමරියා කිංස්ලි ගෙල වැළලා ගෙන මිය ගියේය. ඒ කප්පරක් දුක දරාගනු බැරුවය.

ජනපති සාකච්ඡාව

දිනය 2012.03.12 දාය. ධීවර ඉන්ධන සහනය ගැන සාකච්ඡුා කර ගන්නට ජනපති මූලිකත්වයෙන් සාකච්ඡුාවක් පැවති අතර දීර්ඝ වාදයකින් පසුව භූමිතෙල් සඳහා රුපියල් 9375ක සහනයක් ද, ඞීසල් සඳහා අමාත්‍යවරයා කලින් එක`ග වූ මුදල් ප‍්‍රමාණයටද දෙන්නට තීරණය විය. අනේ අපොයි අපේ යුද්ධය අහවර කළ ජනපතිතුමානේ කියන්නේ කියමින් ධීවරයෝ එම සහනයට මනාප වී ගෙදර පැමිණියෝය. 2012 අවුරුද්දේ ඉතිරි කාලය නියමිත පරිදි ආණ්ඩුව සහනය ජනතාවට මුදා හැරියේය. ප‍්‍රශ්නය උද්ගත වන්නේ 2013දීය.

මොනවද මේ ප‍්‍රශ්න

නිරන්තරව ජීවන මිල ඉහළ යෑම, ධීවර කටයුතු සඳහා අත්‍යවශ්‍ය ආම්පන්න මිල ද දරාගත නොහැකි වීම, පොරොන්දු වූ ඉන්ධන සහනය 2013 මාස 7ක්ම නොගෙවා ම`ගහැර එක් ධීවර කාර්මිකයකුට එම වර්ෂය සඳහා රුපියල් 65,625කට වැඩි මුදල් ප‍්‍රමාණයක් වංචා කිරීම, මාස 12න් 7ක් නොගෙවා ම`ගහැරි ඉන්ධන සහනය තවදුරටත් ම`ගහැර සිටීමට උපක‍්‍රමයක් ලෙස රැුවටිලිකාර විකල්ප සහනාධාරයක් යෝජනා කිරීම, මෙපමණ කාලයක් නිරවුල්ව භුක්ති විඳි මහසයුර වසංකර හොර රහසේම විදේශිකයන්ට බදුදීම -අයථා ඉපැයීම, සුළු පරිමාණ ධීවරයාගේ ජීවන මාර්ගයට අකුල් හෙළීම වැනි ප‍්‍රශ්න ගැටලූ රාශියක් නිසා දිවයිනේ ධීවර ප‍්‍රජාවම මේ වන විට බරපතළ පීඩනයක කල්ගෙවමින් සිටිති. එම ගැටලූ ගැන ඔවුහු අප සමග කතා කළෝය.

තව ජීවිත කීයක් ඉල්ලනවාද?

‘‘මගේ නම සුරේෂ් ප‍්‍රනාන්දු. මට ඉනෝෂ් 1, 2 කියලා යාත‍්‍රා 2ක් තියෙනවා. බහුදින යාත‍්‍රා. අපි එක සැරේකට දවස් 17ක් විතර දියඹේ ඉන්නවා. ඞීසල් ලීටර 600 – 700ක් යනවා. මට මාසෙකට ඉන්ධන සහනය විදිහට 31,200ක් හම්බ වුණා. තෙල්වලට යන වියදමක් එක්ක මේක සොච්චමක්. දැන් ඒකත් නැති කළා. දැන් කියනවා අපිට ඕනෑම ධීවර වරායකට යන්න පුළුවන් කියලා. ඒත් අපිට කුඩාකට්ටුමළේ කියන ධීවර වරායට යන්න දෙන්නේ නැහැ. ඒ මේ ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයකුගේ නෝනා කෙනෙක් නිසා. මේ වරායට ගිහින් මාළු අල්ලන්න දෙනවානම් අපිට තෙල් ලීටර 350ක් – 400ක් ඉතුරු කර ගන්න පුළුවන්. ඒත් දැන් තෙල් ලීටර 200 – 300ක් පුච්චගෙන ති‍්‍රකුණාමලයටම යන්න වෙලා.’’ සුරේෂ් ප‍්‍රනාන්දුගේ කතාවෙන් ධීවර ඉන්ධන සහනය ගැන වගේම ධීවර කර්මාන්තයේ තිබෙන තවත් මාෆියාවක් ගැන හෙළිදරව් වෙයි. යම් අය යම් වරායවල් තමන්ගේ අණසකට අරගෙන තිබෙන්නේ දේශපාලන රැුකවරණය නොමඳවම ලබමිනි. මේ විදියට තමන්ගේ ප‍්‍රශ්න ගැන හ`ඩ අවදිකළ සුරේෂ් ප‍්‍රනාන්දු අපගෙන් ඇහුවේ නැතිකළ මේ ඉන්ධන සහනය නැවත දෙන්න තව ජීවිත කීයක් ඉල්ලනවාද කියාය.

ඇයි දෙන්න බැරි?

වැඩි වූ ඉන්ධන මිල සමග ධීවර රැුකියාවේ නිරත වීමට තිබෙන අපහසුතා පිළිබඳව රටම අවදි කරමින් ධීවර සටනට උර දුන් ධීවරයන් අතර එන්ජින් පිටත සවිකරන කුඩා පරිමාණයේ බෝට්ටු හිමි ධීවරයන්ගේ කි‍්‍රයාකලාපය සුවිශේෂය. ලංකාව පුරාම මෙම කර්මාන්තයේ නිරත කුඩා බෝට්ටු ප‍්‍රමාණය 30,000න් තරම් සුවිශාලය. එම ප‍්‍රමාණයෙනුත් වැඩි ප‍්‍රතිශතයක හිමිකාරිත්වය හිමි වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයටය. වර්ණකුලසූරිය මැක්සි කුඩා බෝට්ටු ධීවර ශ‍්‍රමිකයෙකි. කුඩාපාඩුව ඒකාබද්ධ ධීවර සමිතියේ ලේකම්වරයා වන ඔහු කතා කළේය. ‘‘ඇන්ටනීගේ ඝාතනයක් එක්ක රජයට මේකෙන් ම`ගඇරලා යන්න බැරි වුණා. සහනාධාරයක් දුන්නා. ඒකට වුණත් ඒ වෙලාවේ ධීවරයෝ කැමති වුණේ නැහැ. එදත් අපි කිව්වේ තෙල් මිල පහළ දාන්න කියලා. ඒත් අපිට අන්තිමට ආණ්ඩුව කියපු දේට එක`ග වෙන්න වුණා. මේ ඉන්ධන මිල ඉහළ යෑම වගේම ඉන්ධන සහනය නැතිකමත් ගොඩක් දැනෙන්නේ අපි වගේ පොඩි බෝට්ටුවල රස්සාව කරන අයට. 2013 අවුරුද්දේ සහනය දුන්නේ මාස 5යි. ඇයි ඒ? දූෂණ වුණා කියනවා. අපි කියනවා වෙච්ච හැම හොරකමක්ම අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය සේවකයෝ කළේ කියලා. ඒත් අන්තිමට වන්දි ගෙවන්න වුණේ අසරණ ධීවරයන්ට. අපි නම් කියන්නේ නැති කරපු ඉන්ධන සහනය අපිට ඕනෑ කියලා. අපි ඕක ලබා ගත්තේ ජීවිත පරිත්‍යාගයෙන්.’’

මොනවද වංචා

ඛනිජ තෙල් සංස්ථාව මුද්‍රණය කළ ඉන්ධන සහන කූපන්පත් රුපියල් 7500, 4500, 1200 ලෙස ඞීසල් සහන සඳහා ද රුපියල් 3125, 1500 සහ 250 ලෙස භූමිතෙල් සඳහා ද විය. බොහෝවිට දිනයක්, වර්ෂයක්, අගයක් නොමැතිව අවිධිමත්ව මුද්‍රණය කළ මෙම කාඞ්පත් දූෂණයට මෙන්ම වංචාවට ද හිතකර තත්ත්වයක් උදාකර තිබුණා යැයි කිව හැකිය. මේ නිසා මුහුදු වෙරළට කිලෝමීටර 40ක් පමණ රට අභ්‍යන්තරයේ තෙල් අලෙවි සැල් ද මෙම කූපන්පත්වලට තෙල් නිකුත් කර තිබුණ අතර තෙල් සහනාධාරයෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී ඇති බව තෙල් සංස්ථා විගණන අංශය උපුටා දක්වමින් මාධ්‍ය ද වාර්තා කළේය. ධීවරයන්ට නිකුත් කිරීමට තිබූ සහනාධාර කාඞ්පත් අනාරක්ෂිතව ගබඩාකර තැබීම ද හිතාමතාම දූෂණයට වංචාවට කළ ඇරයුමක් විය. මේ හේතු නිසාම තෙල් අලෙවිසැල් අඩු මුදලකට කූපන්පත් තමන් සතුකර ගනිමින් ධීවරයන්ට මෙම සහනය අහිමි කිරීමේ කි‍්‍රයාවලියට හිතකර වටපිටාවක් නිර්මාණය කළේය. අවසානයේ පහත් තැනින් වතුර ගලා යනවා’ යැයි කියන කියමන සනාථ කරමින් ඒ ඒ දූෂණ ඇස්බැන්දුමක් කර ගනිමින් ආණ්ඩුව සහනය අහෝසි කර විකල්ප සහනාධාරයක් යෝජනා කළේය.

විකල්පය ප්‍රෝඩාවක්

ධීවර අමාත්‍යාංශය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ නිමල් හෙට්ටිආරච්චි මහතා රාවයට අදහස් ප‍්‍රකාශ කළේ ය. ‘‘ධීවර ඉන්ධන සහනය රජයක් විදියට දිගටම අපට දෙන්න බැහැ. ඒක ඇමතිතුමාත් කියලා තියෙනවා. ඒත් ධීවරයන්ගේ ප‍්‍රශ්න ගැනත් බලන්න ඕන නිසා අපි ධීවරයන්ගේ ධීවර කටයුතු කරගෙන යෑමේදී අවශ්‍ය වන දැල් ආම්පන්න, ශීතකරණ, සැටලයිට් වගේ දේවල් දෙන්න හිතුවා ආධාරයක් විදියට. අපි ඒකට දිවයින පුරා තොරතුරු එකතු කළා. ඉදිරි මාසය ඇතුළත අපි මේ විකල්ප සහනය කි‍්‍රයාත්මක කරනවා.’’

මෙම විකල්පය දෙස ධීවරයන් බලන්නේ කොහොමද? පිටිපන ධීවර එකමුතුවේ සභාපති ලැනී ෆ‍්‍රැන්සිස් ප‍්‍රනාන්දු රාවයට අදහස් ප‍්‍රකාශ කළේය.

‘‘ මේ විකල්ප සහනය ප්‍රෝඩාවක්. ඒක ධීවරයා ඉල්ලපු දේ නොවෙයි. දැල් ආම්පන්න අරගත්තාට තෙල් ගහන්න සල්ලි නැත්නම් කොහොමද රස්සාව කරන්නේ. මේවා ධීවරයන්ගේ පැත්තෙන් කල්පනා කරලා ගන්න තීන්දු තීරණ නොවෙයි. මේ විකල්ප සහනාධාරයට කියලා අපිට පෝර්මයක් දුන්නා. ඒකේ කියනවා අයිස් පෙට්ටියක්, දැල් සැටලයිට් මේවායින් එකක් තෝර ගන්න කියලා. ඊට පස්සේ පහළින් අත්සන් ගන්නවා ධීවර අමාත්‍යාංශය දෙන ඕනෑම දෙයක් ගන්න කැමතියි කියලා. ඉතින් මේක ප්‍රෝඩාවක් කියලා පේන්නේ නැද්ද? මේකට විරුද්ධව අපි ළ`ගදී උද්ඝෝෂණයක් කළා. අපේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නැතුව ඇමතිතුමා කියනවා අපි එන්.ජී. ඕ. කියලා.’’
විකල්පය අපේ මානව අයිතීන් කඩලා

‘‘දැන් අයිස්වලටයි තෙල්වලටයි මාළු විකුණපු සල්ලි ගියාම ආයි දියඹට යන්න සල්ලි නැහැ. ශ‍්‍රමිකයාට එයාගේ කොටස සොච්චමයි. එයාට ජීවත් වෙන්න, දරු පවුල ජීවත්කරවන්න විදියක් නැහැ. ඒ පෝරමේ තියෙනවා ඉදිරියේදී ධීවරයන්ට ගේන නීතිවලට එක`ග වෙන්න ඕනෑය කියලා. ඉස්සරහට මොනවා ගෙන එයි ද කියලා අපි දන්නවාද? එහෙම ලියවිලිවලට අත්සන් කරන්න පුළුවන් ද? මේ විකල්ප සහන කියලා ධීවරයෝ කොටු කරන්න හදන්නේ. මේක ධීවරයන්ගේ මානව අයිතියත් නැති කිරීමක්.’’

මෙහෙම අදහසක් තියෙන්නේ මීගමුව ධීවර එකමුතුවේ සම්බන්ධීකරණ ජූඞ් නාමල් ප‍්‍රනාන්දු මහතාටය. මෙවැනි අදහස් රාශියක් නිසා ගිනියම් වී තිබෙන ධීවර හදවත්වලට සහනයක් ලබාදිය හැක්කේ නැවත ධීවර ඉන්ධන සහනය බලාත්මක කළොත් පමණි. එහෙත් කාර් රේස් වැනි නොමනා වියදම් රාශියකට රාජ්‍ය මුදල් වැයකරන රජයකට ඒ සඳහා මුදල් නැත. එනිසා මේ ප‍්‍රශ්නය තව ජීවිත කොපමණ ප‍්‍රමාණයක් විනාශ කළ හැකිද? ඇන්ටනී සොහොයුරා ඝාතනය කර දෙවසරක් සපිරෙන අද දවසේ ප‍්‍රශ්නය නැවත චක‍්‍රයක ගමනකින් පසුව ඇරඹූ තැනටම පැමිණ ඇත. ඒ ලංකා රාජ්‍යයේ ස්වභාවයයි.