රාවය

අවුලෙන් මිදෙන යෝජනාවට ජනපති ප්‍රතිචාර නැහැ

අවුලෙන් මිදෙන යෝජනාවට ජනපති ප්‍රතිචාර නැහැ

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වාගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාව පිළිබඳව කිසිම ප‍්‍රතිචාරයක් මේ වන තෙක් ජනාධිපතිවරයා දක්වා
නොමැති බව වාර්තා වෙයි.

මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මත විය හැකි යෝජනාවකින් රටට අත්විය හැකි අහිතකර ප‍්‍රතිඵල ගැන
සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් රාජිත සේනාරත්න, ඩග්ලස්
දේවානන්ද, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, රෙජිනෝල්ඞ් කුරේ යන ඇමතිවරුන්ගේත් නවීන් දිසානායක නියෝජ්‍ය
ඇමතිවරයාගේත්, වසන්ත සේනානායක මන්ත‍්‍රී වරයාගේත්, විද්වතුන් පිරිසකගේත් සහභාගිත්වයෙන් පැවතී ඇත.

කවුන්සිලයේ යෝජනාවක් වැළැක්වීමට නම් ශ‍්‍රී ලංකාව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම, උතුරු පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම යනාදී ක‍්‍රියාමාර්ග ආණ්ඩුව විසින් ගතයුතු බවට මෙම සාකච්ඡුාවේදී එකඟතාවට පැමිණ ඇති අතර, එම එකඟතාව පිළිබඳව