විද්දේ හේමසිරිට වැදුනේ අලූත්ගමගේට

 

ක්‍රීඩා අමාත්‍යවරයා පාළුගෙයි වළං බිඳීමට උපන් ගෙයි රුසියෙකි. කී‍්‍රඩා අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමත් සමග එහි නව ශ‍්‍රවණාගාරයේ දිගට – හරහට මාධ්‍ය සාකච්ඡා පවත්වන කී‍්‍රඩා ඇමති වාග් සංග‍්‍රාම හරහා සෙස්සන් මෙල්ලකොට ලෙල්ලං කිරීමේ කී‍්‍රඩාව හරි අපූරුවට ඉටුකරන්නේය.

මාධ්‍ය සාකච්ඡාව කුමක් වුවත් එය අහවර වන්නේ ඇමතිවරයා අංක එක වන්නට ද`ගලන දැ`ගලිල්ලේ තරම කියාපාමිනි. කී‍්‍රඩා ඇමතිවරයාට පක්ෂව මෙන්ම විපක්ෂය දෙපිරිසක් ඇත. පක්ෂ පිරිස පුම්බා උඩ දැමීමත් විපක්ෂ පිිරිස උස්සා පොළොවේ ගැසීමත් කී‍්‍රඩා ඇමතිගේ නාවලපිටිය තියරියයි. මේ අතර අද වඩාත්ම ඇමතිගේ ප‍්‍රතිවාදයා බවට පත්ව ඇත්තේ ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දුය.
කී‍්‍රඩා ඇමතිගේ හොඳම මිත‍්‍ර ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ඔලිම්පික් පුටුවෙහි ඉන්දවීමේ අයිතිය කල්තබා බලමින් සිටි අලූත්ගමගේට ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නට නොහැකි වූයේ හේමසිරි ප‍්‍රනාන්දු ද තමන්ට ගහන ගල අහුලාගෙන පෙරළා ගැසූ නිසාය.
කී‍්‍රඩා සංගම්වල සිටි පතාකයන් පැත්තකට කරන බවට කෑමොර දුන් කී‍්‍රඩා ඇමති ඒ වෙනුවෙන් නිදසුන් සපයනුයේ මනිලාල් ප‍්‍රනාන්දු සහ හේමසිරි ප‍්‍රනාන්දු උදාහරණයට ගනිමිනි. පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද සියල්ලට මුවා වී කී‍්‍රඩා ඇමති කීවේ තම දික්කසාදය ප‍්‍රශ්නයක් ලෙස මතුවූයේ ද මේ දෙපල සොලවන්නට ගිය නිසා යැයි කියමිනි. අප එකී කතාවට සිනා විය යුතු ද ඇඬිය යුතු ද යන්න වෙනම සිතා බැලිය යුතුය.

ඉතා කෙටියෙන් කිව යුත්තේ කී‍්‍රඩා ඇමති මේ දෙපලටම කිසිවක් නොකළ බවය. මනිලාල් ඉවත් කිරීම පිටුපස කී‍්‍රඩා ඇමැත්තෙක් නැත. එහි සම්පූර්ණ ගෞරවය අත්විය යුත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජෝසප් බ්ලැටර්ටය. ඔහු මනිලාල්ව තහනම් නොකරන්නට අදත් මනිලාල් පතාකයෙකි. එහෙත් එකී ගෞරවය තනි අතට ගෙන ඇත්තේ කී‍්‍රඩා ඇමතිය. ඔහු සතුටු වන්නේ උඩ පැන පැනය. හේමසිරි එළවන්නට ඩිලාන් ගෙනාවේ කි‍්‍රඩා ඇමතිය. එයට පිළිතුරු නොසැපයූ හේමසිරි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ පිළිතුරු බැන්දේය. එහි ප‍්‍රතිඵලය මෙරට කී‍්‍රඩා යාන්ත‍්‍රණයට අනතුරු හැ`ගවීමක් මතුකිරීමය.

හේමසිරි ප‍්‍රනාන්දු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ගියේ සංශෝධන කිහිපයක් පෙරටු කොටගෙනය. කී‍්‍රඩා බලධාරීන්ට ඊට පිළිතුරු බඳින්නට සිදුවිය. මෙරටින් ඉ`ගිල ගිය කී‍්‍රඩා ඇමති හිතැත්තෝ ඒ මොහොතට අදාළව ජාමේ බේරාගෙන ආවේ මාස හයක් පමණ යන තැන මේවා සියල්ලට පිළිතුරු දෙන බවට ගිවිස ගෙනය. ඒ ආ සැණින් අපි අඹ යාළුවෝ කියමින් ඔලිම්පික් කමිටුව සහ කී‍්‍රඩා අමාත්‍යාංශය එක්ව විසඳුම් සොයන බවට කසු කුසු ද ඕප දූප ලෙස ව්‍යප්ත විය. එහෙත් දින මාස වෙමින් ඉදිරියට ඇදුණ ද මේ දෙපිරිස එක තැනකට එන අයුරක් දක්නට නොලැබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉදිරිපිට පොරොන්දු වී ආ තීන්දු වෙනස් කිරීමට මුලින් ඔලිම්පික් කමිටුවේ අදහස් ඉල්ලා සිටිය ද එකී අදහස් ලද විලස කී‍්‍රඩා අමාත්‍යවරයා උදහස් වී ඇත. ඒ අනුව නොබෝදා මාධ්‍ය සාකච්ඡුාවක් අතරතුර ඇමති කියනුයේ ඔලිම්පික් කමිටුව කියන දෑ කළහොත් මෙරට කී‍්‍රඩාවක් ඉතිරි නොවන බවය.

සැබැවින්ම දැනටත් කී‍්‍රඩාවක් පවතීද?

ඉහත සාකච්ඡුාවේදී නොසෑහෙන්න ඔලිම්පික් කමිටුවට තඩි බෑ ඇමති මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ ඇතිකොටගෙන ආ එක`ගතා කුණු කූඩයට දමා අහවරය. ඒවා ගැන මතකයක් වත් නැති ගානය. කොටින්ම එයට ද එල්එල්ආර්සි වාර්තාවට වූ සන්තෑසියම වී ඇත. එනම් ජාත්‍යන්තරයට එකකි. මෙහෙට තව එකකි. මෙතැනදී ඇමති නොකියා කියනුයේ කී‍්‍රඩා අමාත්‍යාංශයට අත පෙවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කවුද යන්නය. කවුද යන්න බොහෝවිට අපිට යොවුන් ආසියානු ශූරතාවලිය අහිමි වුණොත් මනාව වටහා ගත හැකිය. අප ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේදී එකී සියල්ලට කේන්ද්‍රය ඔලිම්පික් කමිටුවය. එසේ නම් එක`ගතා කි‍්‍රයාත්මක කිරීම බුද්ධිමත් කි‍්‍රයාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔලිම්පික් කමිටුව යෝජනා ඉදිරිපත් කර ඇත. එයින් කීයක් ඉටුකරනවාද කීයක් ඉවත් කරනවාද යන්න සාකච්ඡුා මාර්ගයෙන් කළ යුතුය. එහෙත් සාකච්ඡුාවක් නැත්තේය. සිදුකරනුයේ හේමසිරිට හුදකලා කොට තඩිබෑමය. මේ හරහා කී‍්‍රඩා ඇමතිගේ වෛරය සන්සිඳුණද එය කී‍්‍රඩාවට නම් යහපතක් නොවේ.

ඔලිම්පික් කමිටුවේ සභාපති සභාපතිකම් දරද්දී වලංගු වූ නීතිය දැන් වලංගු නොවන්නේ ඇයිද යන්න කී‍්‍රඩා ඇමති න`ගන සුපුරුදු පැනයය. එය එසේනම් ජාත්‍යන්තරය හමුවට ගොස් අග්ගලා කෑ ගොලූවන් සේ එහෙයි කියා නොපැමිණ ඉටු කර ගත යුතුව තිබුණකි. එහෙත් දැන් අප ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉදිරිපිට යම් එක`ගතාවකට පැමිණ ඇත. එය ඉටුකළ යුතුමය. එහි හේමසිරි අවුරුදු දහඅටක් විස්සක් සිටියේ කොහොමද? දැන් අපි තරහා නැහැ. අපි යාළුවෝ කී පමණින් ගැටලූ නොවිසඳේ. හේමසිරි ප‍්‍රනාන්දු අවුරුදු දහඅටක් තනතුරේ සිටියේ කෙසේද? යන ප‍්‍රශ්නය මහින්දානන්ද ඇමතිවරයාට හෝ ඩිලාන් පෙරේරා යන ඇමතිවරුන්ට ඇසිය හැකි ප‍්‍රශ්නයක්ද? හේමසිරිට නියමිත වාර ගණනට වඩා ඉදිරියට යන්නට හැකි බලය නිර්මාණය කළේ ද මේ ඇමැත්තෝමය. මේ ආණ්ඩුවමය. කොහොම වෙතත් ආණ්ඩුවක් ආ කල දහ අටවැනි ව්‍යවස්ථාවේ බලය ද මේ ඇමැත්තන්ට මේ විදිහටම නිදිමරා ගෙන ප‍්‍රශ්න කළ හැකිය. හේමසිරි අවුරුදු දහඅටක් සිටිනුයේ ද ඩිලාන් අවුරුදු දහයක් සිටිනුයේද අමුතු විජ්ජාවක් නොවන බව කිව යුත්තේ මේ විජ්ජාව මේ අය දන්නා බැවිනි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ කීකරු දරුවකු වූ කී‍්‍රඩා ඇමති මෙරටදී දඩබ්බරයකු වී ඇත. මේ ව්‍යාජ චණ්ඩිකම් මෙරටට කදිමය. එහෙත් මේවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අදාළ නොවන්නේය. මෙය නැවත ආපස්සට හැරවීමට හේමසිරිට වුව නොහැකිය. අප හිස නමා පොරොන්දු වී ආ පොරොන්දු ඉටුකළ යුතුමය. එසේ නොවුණහොත් මෙරටට ජාත්‍යන්තර තරග අහිමි වනු ඇත. මෙරට ඔලිම්පික් කමිටුව ප‍්‍රතික්ෂේප වනු නියතය. ඒ හරහා හේමසිරි ප‍්‍රනාන්දුට රිදෙන්නෙ යැයි ඇමති සිතන්නේ නම් මුලාවකි. මෙරට තුළ හේමසිරි ජාතී ද්‍රෝහියකු කොට කුරුසයේ ඇණ ගැසීය හැකි වුවද ඇත්ත ඊට වෙනස්ය. ගෙදර මුව හමට තඩි බාන්නාසේ හේමසිරිට තඩි බෑම විසඳුම නොවේ. ඒ නිසා මෙරට කී‍්‍රඩාව වළ පල්ලට නොයවා රැුක ගැනීම කී‍්‍රඩා අමාත්‍යාංශයේ වගකීමක් වන්නේය. එසේම කී‍්‍රඩාව රැුක ගැනීම ඒ ඒ කී‍්‍රඩා සංගම් සතු කාර්යයක් විනා ඔලිම්පික් කමිටුව සතු වගකීමක් නොවන්නේය.

කී‍්‍රඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට අනුව කි‍්‍රයා කළහොත් මෙරට කී‍්‍රඩාවක් නොපවතී යැයි කියනුයේ අනවබෝධයෙනි. එනම් කී‍්‍රඩාවේ පැවැත්ම රඳා පවතිනුයේ ඒ ඒ කී‍්‍රඩා සංගම් හරහා සේම ඒවාට අතහිත දීම අධීක්ෂණය කිරීම රැුක ගැනීම කී‍්‍රඩා ඇමතිගේ සහ අමාත්‍යාංශයේ වගකීමක් බව කිව යුතුය.

හේමසිරි ප‍්‍රනාන්දු සමග මහින්දානන්ද තරහය. ඒ ඇයිද කින්ද මන්ද අප නොදන්නා අතර අපට වැදගත් ද නොවේ. තරහමරහ කුමක් වුවත් එය කී‍්‍රඩාවේ අගාධයට හේතුවීම ගැටලූවකි. එදා හේමසිරි සමග ගජමිතුරකු වූ එච්.යූ සිල්වා අද කී‍්‍රඩා ඇමතිගේ ගජමිතුරකු වී ඇත. එදා ඩයන් ගෝමස් හේමසිරිගේ ගජයෙකි. අද එහි අනෙක් පැත්තය. මයියා ගුණසේකර කී‍්‍රඩා ඇමතිට උපදෙස් ගැනීමට සිටින එකම මහමොළකරුවාය. එහෙත් මයියා රග්බි කී‍්‍රඩාව ද විනාශයට ඇද දැමූ ඉතිහාසයකට උරුමකම් කියන රග්බි ඇරුණුකොට වෙනත් කී‍්‍රඩා ගැන මහදැනමුත්තකු නොවන බව ප‍්‍රසිද්ධ රහසකි. අනෙක් අතට පණ්ඩුක කීර්තිනන්ද කී‍්‍රඩා අමාත්‍යවරයාගේ නීති උපදේශකයෙකි. කුමන කරුණට හෝ කී‍්‍රඩා ඇමති කි‍්‍රයා කරනුයේ මේ සතර දෙනාගේ කීමට බව පැවසේ. මේ හතර දෙනාම සූරයන් අතරින් පණ්ඩුක කීර්තිනන්ද ඇරුණුකොට ඉතිරි තිදෙනාම කී‍්‍රඩාවේ ඉතා කැත පරිපාලනයන්ට බොක්කෙන්ම දායක වූවන් බව ඇමති නොදන්නවා වූවාට මුළු කී‍්‍රඩා ක්ෂේත‍්‍රයම දන්නා කරුණකි. කැහි ගෑනි දී හොටු ගෑනි ගන්නා සේ හේමසිරි එළවන්නට අද ඇමති ළංකොට ගෙන ඇත්තේ හේමසිරිගේ තරහාකාරයන් විනා කී‍්‍රඩාවේ ප‍්‍රාමාණිකයන් නොවේ. ඔවුන්ගේ එකම අරමුණ ඇමති හේමසිරිට පරදිනවාද හේමසිරි ඇමතිට පරදිනවාද යන්න බලාසිටීමය. මේ හරහා පරදිනුයේ මෙරට කී‍්‍රඩාවය.

හේමසිරි දැනටමත් දිනුම්ය. පරාජය වී ඇත්තේ කී‍්‍රඩා ඇමතිය. ඉටුනොකර කරබාගෙන සිටීමෙන් පරදින්නේද හේමසිරි නොව මෙරට කී‍්‍රඩාවය. මෙවර ඔලිම්පික් පුටුවට තරග වැදීමට හේමසිරි ඉදිරිපත් නොවුණේය. එහෙත් කී‍්‍රඩා ඇමති තවමත් ඔහුට බයය. ඔහුද ඉදිරිපත් නොවූවද නිකං නොගියේය. හේමසිරි බිමදමා උඩ පනින්න සිටි ඇමති බිම වැටී පස්සද ඇනගෙන හමාරය. මේ උගුලේ රටම දමනවාද යන්න අප ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ පෙනී සිටින අවංකභාවය මත තීන්දු වනු නොඅනුමානය. ඒ මත මෙරට පවත්වන්නට නියමිත යොවුන් ආසියානු කී‍්‍රඩා උළෙල හිිමිවේද නොවේද යන්න තීරණය වීමටද නියමිතය. මේ ආකාරයටම කී‍්‍රඩා ඇමති පාළුගෙයි වළං බිඳිමින් සිටියහොත් අවසානයේ ඒකට ‘‘මට හිනා’’ කියනු හැර කුමක් කියන්නද යන්න කල් තබාම සිතිය යුතුු තත්ත්වයක් අද නිර්මාණය කර ඇත.