රාවය

හම්බන්තොට වැලි යුද්ධයට රාජ්‍ය අනුග‍්‍රහය

හම්බන්තොට වැලි යුද්ධයට රාජ්‍ය අනුග‍්‍රහය

බලන්න මහත්තයෝ පාරක බැහැලා යන්න බෑ. මේ ළඟදිත් ඉස්කෝලේ යන ළමයෙක් වැලි ටිපර් එකකට යටවුණා. මේ නියං කාලේ තවත් දූවිල්ල වැඩිවෙලා තියෙන්නේ. මේවා අපි කාටද කියන්නේ. මේ වැලි ජාවාරම කරන්නේ මහින්ද මහත්තයා ගමේ ආවාම ගෙට ගොඩවෙලා තේ බීලා යන ගෙවල්වල ලොක්කෝ, පොලිසියත් අපිට පස්ස පැත්ත හරවලා.’’

මේ දුක හම්බන්තොට ගැමියකුගේය. දුකට හේතුව කුමක්ද? ඇඹිලිපිටිය නෝනාගම පාරේ බෙලිඅත්ත බසය නිනව්වක් නැති ගමනකය. මා මාමඩලින් බැස ගත යුතුය.

වැලි කඳු

මාමඩලින් බැස ගත් මම ගමන් සගයා එනතුරු විපරම් කළෙමි. කොහේද මුදලාලි හොඳම වැලි තියෙන්නේ. ආපෝ මහත්තයෝ ඔය ජංසගම පාරේ යන්න වැලි යාඞ් ඕනි තරමට. මහත්තයාට ඕනි කොලටි එකකින් තෝරගන්න පුළුවන්.

‘‘අපිට යන්න තියෙන්නේ වැටිය, බරවකුඹුර, මාමඩල, ජංසගම, රොට්ටවල කියන පැතිවල. අපි යන්නේ කොළඹට වැලි පටවන්න වැලි ලෝඞ් දෙක තුනක් ගන්න බලන්න හරිද. කැමරාව එළියට ගන්න එපා. ඕකුන්ට මීඩියා පෙන්නන්න බෑ. අනික ඕකුන් ළඟ ඕනිම වෙලාවක තුවක්කු තියනවා.’’ මගේ මිතුරා මට කියයි. අපි ත‍්‍රීවිලරයකට ගොඩ නැගුණෙමු.

වැටිය, බරවකුඹුක, මාමඩල, ජංසගම, රොට්ටවල මේ ප‍්‍රදේශ තංගල්ල බලප‍්‍රදේශය තුළය. පොලිස් බලප‍්‍රදේශය අම්බලන්තොටය.
ඇඹිලිපිටිය නෝනාගම පාරේ මාමඩල හන්දියෙන් අපි ජංසගම පාරට හැරුණෙමු. ටික දුරකි. අහස උසට ගොඩගැසුණු වැලි කඳු හැමතැනමය. පාරේ නගින දුහුවිල්ලට නිරන්තරව බව්සර් මගින් වතුර හෙළයි. එක් තැනක බෝඞ් ලෑල්ලකි. ‘‘රජයේ බලයත් ලියාපදිංචි වැලිපොළ.’’ යටින් භූවිද්‍යා හා පතල් කාර්යාංශය ලෙසද නාමකරණය කර ඇත. ඩෝසර් පණගන්වා මිනිස්සු වැලි කඳු ටිපර් සහ ට‍්‍රැක්ටර් තුළට පටවති. ජංසගම පාරේ ට‍්‍රැක්ටර් ටිපර් පෝලිම දිගුය. මහ දවල් කෙරෙන මේ වැඬේට නම් පර්මිට් තිබිය යුතුමය. ඒ මගේ සිතුවිල්ලයි.

පර්මිට් නැහැ

මචං මේ වැලිගොඩ දැමිල්ලට වගේම ප‍්‍රවාහනය ගබඩා කිරීම වගේ දේවල්වලට පර්මිට් ඕන නේද? ඔව්. ඒත් මේ කෙරෙන වැලි සෙල්ලමට පර්මිට් නැහැ. මිනිසාගේ උත්තරයෙන් මම කම්පනය වුණෙමි. මගේ සිතට නැගි ප‍්‍රශ්න රැුසකි. අංක එක, මේ ප‍්‍රදේශයට පොලිසියක් නැතිද? ඇයි මිනිස්සු මෙච්චර නීතිය හෑල්ලූවට ලක් කරලා තියෙන්නේ. ඇයි ගමේ මිනිස්සු විරුද්ධ නොවන්නේ? මේ සියලූ පැනයන්ට ඇත්තේ එක පිළිතුරකි. වත්මන් දේශපාලනය ලාංකේය ජනසමාජය, නීතිය සියලූම දේ විනාශ කර ඇත. වත්මන් හම්බන්තොට එහි ප‍්‍රතිමූර්තිය බඳුය.

වැලි කෙළිය

වැටිය, බරවාකුඹුක, මාමඩල, ජංසගම, රොට්ටවල ආදී මෙම ප‍්‍රදේශ තුළ දැනට අවුරුදු පහකට පමණ පෙර වළවේ ගඟ පතුලෙන් වැලි හාරා අලෙවි කරන ව්‍යාපාරයක් ජයටම තිබුණේය. ඊට පසු ගෙඟ් වැලි හිඟවන විට ඊට යාබද ඉඩම්වල වැලි නිධි මතුවන්නට විය. කෙසෙල් වගාව සහ කුඹුරු ගොවිතැන ජයටම සිදුවෙන මෙම ප‍්‍රදේශ තුළ මෙලෙස වැලි නිධි මතුවන්නේද ඉහත වගා පරිසරයන් තුළින්මය. එහෙත් වැලි නිධි සතු ගොවියනට වැලි හාරා අලෙවි කරන්නට ශක්තියක් නැතිය. දේශපාලන හයිය වගේම බලය තියෙන ලොකු ලොකු මුදලාලිලා, ලොකු ලොකු මිල ගණන් ගෙවා වැලි නිධි තමන් සතුකර ගනිති. ඉඩම් එක අල්ලියක් ලක්ෂ තුනක් පමණ වෙයි. අක්කරයට අල්ලි හයකි. එනිසා වැලි නිධියක් බදුගන්නේ අක්කරය දහඅට ලක්ෂයකටය. නැතිනම් පහළොස් ලක්ෂයකටය. සමහර වෙළෙන්දෝ මෙම ඉඩම් සින්නක්කරම තමන් සතුකර ගනිති. වැලි ඉල්ලම මුදල් ලොකු කුට්ටියක් සාක්කුවට දමන නිසා ගෙවල් දොරවල් බිඳ හෙළමින් පවා සමහරු වැලි බිඳිති. විශාල ජලාශ බිඳිති. දැන් දැන් ඒ ජලාශවලට වැටී මිනිස්සුද මියයති.

මේ ප‍්‍රදේශයේ වැලි නිධි තුළ එක එක පරිමාවේ වැලි කැට සපිරි වැලි තිබෙන අතර සමහර නිධියක ඉතාමත් හොඳ මට්ටමේ වැලි පවතී. අඩි 3ක හෝ 4ක පස් තට්ටුව ඉවත් කළ පසු අඩි 15ක් හෝ 20ක් යනතුරු එක ගනසැරයට ඇත්තේ වැලිම පමණය. වැලි ගොඩ දැමීමට ලක්ෂ 200ක් පමණ වටිනාකම් ඇති බැකෝ යන්ත‍්‍ර උපයෝගී කරගනී. ඒ ඒ යන්ත‍්‍ර බොහොමයක් ඒ ඒ මුදලාලිලා සතුවන අතර එවැනි සුවිශාල ධනයක් වැය කර මෙවැනි සුපිරි යන්ත‍්‍ර මිලදී ගන්නට පවා මෙම වැලි වෙළෙඳාමේ වටිනාකම සුවිශාලය. මෙලෙස පටන් ගත් වැලි කෙළිය මේ වන විට වගා ඉඩම් අක්කර දස දහසක් පමණ බිලිගෙන හමාරය.

වැලි සල්ලි

හම්බන්තොට ප‍්‍රදේශයේ වැලි නිධි කැණීමේ කටයුතු මුලින්ම ආරම්භ කරන්නේ හිච්චි මහත්තයා නම් පුද්ගලයාය. අද ඔහු සතු බස් සංඛ්‍යාව 20ක් පමණය. ඔහුගේ ගෝලයා වට්ටක්කා සරත්ය. පසුකලෙක හිච්චි මහත්තයාගෙන් බිඳෙන වට්ටක්කා සරත්ද වැලි රස්සාවට බැස ලක්ෂ ගණනින් මුදල් හම්බ කළේය. යාන වාහන මිලට ගත්තේය. ගෙවල් දොරවල් හැදුවේය. මෙම ප‍්‍රදේශය තුළ මහ දහවලේ කෙරෙන මේ නීති විරෝධී වැලි ජාවාරමේ මූලිකයන් මොවුන් දෙදෙනා වන අතර ඔවුන් පිටුපසින් හිඳිමින් වැලි පාරට අදින වෙලාවට වැලි අදිමින් තවත් බොහෝ පිරිසක්ද මේ නීති විරෝධී සෙල්ලමට පිළිපන්නෝය.
මහ දවාලේ දූවිලි අවුස්සමින් සුවිශාල පරිසර හානියක් කරමින් මිනිස් ප‍්‍රජාවගේ නිදහස සීමාකරමින් කරගෙන යන මෙම වැලි ව්‍යාපෘතිය පිටුපස නෙවිල් නමැති නිලධාරියෙකු සැඟවී සිටින බවද ගම්මු ප‍්‍රකාශ කරති. ඒ කොහොම වුණත් නම හෙළිකිරීමට අකමැති බොහෝදෙනකු කීවේ මෙම වැලි ජාවාරමෙන් සැලකිය යුතු කොටසක් පොලිසියට මෙන්ම දේශපාලකයන්ගේ දෑත් මතට යන බවය.

මෙම වැලි ජාවාරම නතර කරන්නැ’යි ජනතා හඬ උස් හඬින් මතුව ආ විට අම්බලන්තොට පොලිසිය ගොස් නිදහසේ වැලි කපමින් සිටින ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගන්නා අතර ස්වල්ප වේලාවක් පොලිසියේ රඳවාගෙන ජනතා හඬ වියැකී ගිය පසු නිදහස් කරන බවද අද එහි මිනිස්සු බොහොමයක් ප‍්‍රකාශ කරති. ඒ දේශපාලන හයිය නිසාය. මේ වැලි ජාවාරමේ නිරත බොහෝ දෙනකුට හම්බන්තොට ප‍්‍රදේශය තුළ හොඳ ව්‍යාපාරික අතීතයක් නොමැතිය. ඔවුන් අතීතයේ මුදල් යහමින් හරිහම්බ කළේ තම ප‍්‍රදේශයේ නිදැල්ලේ සරන මී ගොනුන් මස් කර විකුණාගෙනය. ඒ අතීතයේදී ඔවුහු හරක් මස් නඩුහබ බොහෝ ප‍්‍රමාණයකට පැටලී උසාවිවල රස්තියාදු වූවෝය. එමෙන්ම මේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් ඡුන්දයක් ආවිට අතදිගහැර සන්ධානයට වියදම් කළෝය.

වැලි යුද්ධය

වැලි වෙළෙඳාමෙන් ව්‍යාපාරිකයකු සතුවන ධනය තමන් සතුකර ගන්නට තවත් එකෙකු මාන බලමින් ඒ සඳහා සැලසුම් අඳිමින් සිටින කලකි මේ. පසුගියදා ඝාතනය වූ වට්ටක්කා සරත්ගේ කතාව අපට නොකියා කියන්නේ එයයි. බොහෝදෙනකු මේ වැලි කැණීම් වෙළෙඳාම පටන් ගන්නේ සුළුවෙනි. ඔවුන් මුලින්ම වැලි අදින්නේ ලොකු ට‍්‍රැක්ටර් භාවිත කරමින්ය. පසුව කැන්ටර් මෙන්ම ටෙන්වීල් යන්ත‍්‍රද මිලට ගනිති. බොහෝදෙනකු මේ තත්ත්වයට පත්වූ පසු ට‍්‍රැක්ටර් භාවිතය අත්හළෝය. එයින් බඬේපාර වදින්නේ ලීසිං පහසුකමක් මගින් ට‍්‍රැක්ටරයක් ගෙන දුක සේ මෙම ජාවාරමට සහභාගි වන දුප්පතුන්ය. එවැනි දුප්පතුන්ට වට්ටක්කා සරත් අනුග‍්‍රහය දැක්වූ බව ගම්මු කියති. ඔහු තම වැලි ජාවාරමට නිරන්තරව ට‍්‍රැක්ටර් උපයෝගී කරගත්තේය. වැලි කියුබ් එකක් එහි අඩුම මිලට විකුණුවේ ඔහුය. වට්ටක්කා සරත් කොණ්ඩය කපමින් සිටින අතරතුර හිසට වෙඩි තබා ඝාතනය කළ අතර එහි සැකකරු වන මිනුවන්ගොඩ ජීවන් නමැත්තාද තවත් සගයකු සමග ත‍්‍රීවිලරයකින් පලායමින් සිටියදී පසුගියදා පොලිස් වෙඩි පහරින් මරණයට පත්විය. මෙම මරාගැනිල්ල සමග මෙම වැලි යුද්ධයද තාවකාලිකව සමනය වී තිබේ. මෙම ඝාතනයන් සම්බන්ධයෙන් නම් කියැවෙන බොහෝ දෙනකු සන්ධානයේ ළඟ හිතවතුන් වන අතර සමහර පුද්ගලයෝ මේ අවස්ථාව වනවිට හම්බන්තොට තරග බිමටද පැමිණ සිටිති. ඒ ලංකාවේ හැටිය. මිනීමරුවන්, පාතාලයන්, පාර්ලිමේන්තු යැවීමට, පළාත් සභා යැවීමට ජනතාව බලා සිටිති.

පරිසර දූෂණය

රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ඉහතින් සඳහන් කළ මහා පරිමාණ මෙම වැලි මංකොල්ලය නිසා අද මෙම ප‍්‍රදේශයේ ජනතාවට උරුම තත්ත්වය කම්පනයක් ඇතිකරයි. නිරන්තරව අහසට නගින දූවිලි වලාවන් ශ්වසන අවහිරතා ළමුන්ට ඇති කර ඇත. ශබ්ද දූෂණයද අධිකය. දිනෙන් දින වගා කටයුතු සඳහා තිබෙන ඉඩම් වැලි ජාවාරම මතින් ජලාශකරණය වෙමින් තිබේ. පසුව මැසි මදුරු ව්‍යාප්තිය ජනතාවට බැටදිය හැකිය. අනෙක් පැත්තෙන් තිබෙන දැවැන්තම ඛේදවාචකය වළවේ ගඟ මතින් ගඟ ඉහළට ලවණ ජලය ගලාගෙන ඒමය. මෙම ප‍්‍රදේශය තුළ පොළොව සහ මුහුදු මට්ටම අතර උස පරතරය බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර කණිනු ලබන සුවිශාල එක් වළක ගැඹුර අඩි 20ක් පමණ වෙන තත්ත්වය තුළ එය අනිවාර්යයෙන්ම මුහුදු මට්ටමට වඩා පහත්ය. එනිසා මුහුදු ජලය රට අභ්‍යන්තරයට ගලාගෙන ඒමේ අවදානම ඉහළය. යම් හෙයකින් ලවණ මිශ‍්‍ර මුහුදු ජලය වළවේ ගඟ හරහා ඉහළට පැමිණියහොත් 100%ක් කෘෂිකාර්මික බිමක් වන මේ බිමට උරුමවෙන තත්ත්වය කුමක්ද කියා සිතාගත හැකිය. ව්‍යසනය බරපතළය. එහෙත් දැන් දැන් ලැබෙන අලූත්ම වාර්තා කියන්නේ ළඟ එන මැතිවරණය නිසා මසක සහන කාලයක් ජාවාරමුන්ට දුන් බවය. කතාව පැහැදිලිය. මේ රජය වැඩිපුර උදව් කරන්නේ පාතාලයන්ටය. මිනීමරු වන්ටය. කුඩුකාරයන්ටය. අන්ත දූෂිතයන්ටය. දුප්පත් අම්මලා දරුවන්ට කිරි පැකැට්ටුවක් අරන් දෙන්නේ කෙලෙසදැ’යි කල්පනා කරන මොහොතක දූෂකයන්ට සහන බෙදන්නේ කෙලෙසදැ’යි ආණ්ඩුව කල්පනා කරමින් සිටී.

ඔය පැත්ත සිවිල් නිලධාරීන්ට පාලනය කරන්න බැහැ
අනිල් පීරිස් අධ්‍යක්ෂ ජෙනරාල් භූ විද්‍යා හා -පතල් කැණීම් කාර්යාංශය

ලයිසන්ස් සුළු ප‍්‍රමාණයක් විධිමත් විදිහට දීලා තියෙනවා. ඒත් ඔය කියන ප‍්‍රදේශයේ වැලි කැණීම් ගොඩාක් කරනවා කියලා අපට වාර්තා වෙනවා. ඒත් ඔය කියන ප‍්‍රදේශයයි ඒ ඒ වැලි කණින තැන්වල අයිති මිනිසුන් ක‍්‍රියා කරන විදිහයි ගත්තාම අපේ සිවිල් නිලධාරීන්ට ඒ සීමාවේ පාලන කටයුතු පහසුවෙන් කරන්න බෑ. ඒ නිසා අපිට වඩා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මේකට මැදිහත් විය යුතුයි. ඔවුන්ට තමයි මේක පාලනය කරන්න පුළුවන්.
මෙම වැලි කැණීම් පිළිබඳව අම්බලන්තොට පොලිසියේ ස්ථානාධිපති ඇමතීමේදී එම පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු ප‍්‍රකාශ කර සිටියේ මේ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා බැහැරට ගොස් ඇති බැවින් කිසිවක් කිව නොහැකි බවයි. එහිදී අපට අම්බලන්තොට පොලිස් ස්ථානයේ වැටලීම් භාර ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර දෙන්නැ’යි කියූ විට ඔහු ප‍්‍රකාශ කර සිටියේ මේ අවස්ථාවේ ඔවැනි ප‍්‍රශ්නයකට පිළිතුරු දිය හැකි බලයලත් නිලධාරියෙකු තම පොලිස් ස්ථානය තුළ නොමැති බවයි.