මහදවාලේ නීතිය කැඞීම

 

පෙබරවාරි 13 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමකි.

රජයේ සේවකයන්ගේ විනය පාලනයට අදාළව බලපැවැත්වෙන ආයතන සංග‍්‍රහයට අනුව රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති අතර එය කඩකිරීම විනය විරෝධි කි‍්‍රයාවකි. එමෙන්ම මැතිවරණ සමයකදී රජයේ දේපළ දේශපාලන ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එම දේපළවල භාරකත්වය පැවරෙන්නේ ද අමාත්‍යාංශ ලේකම්වරුන්ටය. තවද මැතිවරණ නීති රීති කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන පහළ මට්ටමේ රජයේ සේවකයන් සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීමේ බලය ද ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන්ටය. එසේම රජයේ ප‍්‍රධාන ගණන්දීමේ නිලධාරියා වන්නේ ද අමාත්‍යාංශ ලේකම්වරයාය.

තත්ත්වය එසේ තිබියදී මෙම සිදුවීම සාධාරණීකරණය කිරීම සඳහා උදය ගම්මන්පිල මහතා අසත්‍යයන් රැුසක්ම මේ වන විට සමාජයට මුදාහැර තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් පත්කරන බැවින් ඔවුන් රජයේ නිලධාරීන් නොවන බව හා එම පත්වීම් දේශපාලන පත්වීම් බවය. ඒ සඳහා ඔහු උදාහරණ වශයෙන් ගෙනහැර පාන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවය.
අමාත්‍යාංශය ලේකම්වරුන් පත්කිරීම රටේ විධායකය වශයෙන් ජනාධිපතිවරයා සිදුකරන බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවද ඔවුන් රජයේ නිලධාරීන් නොවන බව කොතැනකවත් සඳහන් වන්නේ නැත. උදය ගම්මන්පිල මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති ප‍්‍රතිපාදනයනට ඉදිරිපත්කර ඇති මේ නව අර්ථකථනයට අනුව රටේ කටයුතු සිදුවුවහොත් හා මැතිවරණ පැවැත්වුවහොත් නීත්‍යනුකූලවම රට විශාල ප‍්‍රශ්නයකට මුහුණ දෙන්නේය. අමාත්‍යාංශ ලේකම්වරුන් තමන්ට කැමති දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදුණහොත් සිදුවිය හැක්කේ කුමක්ද? රාජ්‍ය දේපළ සම්බන්ධයෙන් වූ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ භාරකාරත්වය ද රජයේ අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන් වූ අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීමට සිදුවනු ඇත්තේ කුමක්ද? ඒ අනුව උදය ගම්මන්පිල මහතා වදාරන යහපාලනය හා ඊට සම්බන්ධව මැතිවරණ කි‍්‍රයාවලියකට සිදුවනු ඇත්තේ කුමක්ද?

උදය ගම්මන්පිල මහතාගේ අර්ථකථනය අනුව තත්ත්වය එයින් නවතින්නේ නැත. මැතිවරණ කොමසාරිස්වරයා පත්කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසින්මය. එම පත්වීමත් දේශපාලන තනතුරක් ලෙස ගැනීමෙන් හා මැතිවරණ කොමසාරිස්වරයා ඔහු පත්කරන ලද ජනාධිපතිවරයාගේ පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදුණහොත් මේ රටේ නාමිකව හෝ පවත්වන මැතිවරණ තවදුරටත් පැවැත්වීමෙන් ඵලක් තිබේ ද?

ඉහත පැහැදිලි කිරීම අපට පොලිස්පතිවරයා, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, අග‍්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළු එහි විනිශ්චයකාරවරුන්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, සොලිසිටර් ජෙනරාල්වරයා ස්වාධීනයැයි කියන මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මුදල් කොමිෂම ආදියේ සාමාජිකයන් සම්බන්ධයෙන් ආදේශ කළ විට මේ තරම්වත් ඉතිරිවී ඇති රාජ්‍ය පාලනයකට සිදුවිය හැක්කේ කුමක්ද? ඉහත සඳහන් එම තනතුරුවලටද පත්කිරීම් සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා නිසාය.

ජෙනරාල් ෆොන්සේකාට එල්ල කළේ මෙවැනි චෝදනාවක්
නීතිඥ උපුල් ජයසූරිය – ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති

මේ සිදුවීම් පිළිබඳව උදය ගම්මන්පිල මහතා ලබාදීලා තියෙන ප‍්‍රතිචාර සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඔහු කියලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන පත්වීමක් ලබපු කෙනෙක් නිසා ඔහුට දේශපාලනයේ නිරතවන්න පුළුවන් කියලා.
රජයේ නිලධාරියෙක්ට පත්වීම ලැබෙන්නේ හොර පාරෙන්ද, හරි පාරෙන්ද කියන එකට වඩා වැදගත් වන්නේ ඔහු රජයේ නිලධාරියෙක් වශයෙන් පත්වුණාට පසු හැසිරෙන්නේ කොහොමද කියන කාරණයයි. ආයතන සංග‍්‍රහයේ එය පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම රජයේ නිලධාරියෙක් විනය කඩනවා නම් පියවර ගත යුතුයි. එහිදී පුද්ගලයා කවුද, තරාතිරම කුමක්ද කියලා බලන්න බෑ. මොකද රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ තියෙන්නේ රටේ නීතිය සැමට සමානයි. ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් එල්ල කළේත් ඔය වගේ චෝදනාවක්. ඔහුට වෙන නීතියකුත් මොහුට වෙන නීතියකුත් තියෙන්න බෑ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් තියන්න ඕනෑ. ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිලට කිව්වා කියලා කියන නොකළ යුතු දෙයක් යන්නද පිළිගත නොහැකියි. ඒක ඇ`ගබේරාගන්න කළ ප‍්‍රකාශයක්. ඒ නිසා විනයානුකූල පියවර ගැනීම ඔහු කළ යුතුයි.

රාජ්‍ය සේවාවේ නීති රීති කාටත් සමාන විය යුතුයි
සමන් රත්නපි‍්‍රය – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති

රජයේ නිලධාරීන් දේශපාලන කි‍්‍රයාවලියට සම්බන්ධවීම රාජ්‍ය සේවාවේ නීති රීතිවලින් තහනම් කරලා තියෙන්නේ. ආයතන සංග‍්‍රහයේ පැහැදිලිවම සඳහන් වනවා රජයේ මාණ්ඩලික නිලධාරීන්ට දේශපාලන කටයුතුවල යෙදෙන්න බැහැ හා ඡුන්දය ඉල්ලනවා නම් ධුරය හැරගොස් තමයි එය කරන්න ඕනෑ කියලා.

නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා උදය ගම්මන්පිලගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වීම රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතියක් විදියට අපිට පිළිගන්න බැහැ. මොකද රාජ්‍ය සේවාවේ නීතිරීති කාටත් සමාන විය යුතු නිසා. එක් අයකුට එක් විදියකටත්, අනෙක් අයට තවත් විදියකටත් රාජ්‍ය සේවාව තුළ සලකන්න බෑ.

ඒ වගේම අපි හිතනවා රාජ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට ආදර්ශයක් විය යුතුයි කියලා. එහෙම නැතිව රාජ්‍ය සේවාවේ පහළ නිලධාරීන්ගේ විනය හා ප‍්‍රතිපත්ති අපේක්ෂා නොකළ යුතු කාරණයක්.

නීතියට ඉහළින් යන බවට කළ තර්ජනයක්
ජයතිලක කම්මැල්ලවීර – ප‍්‍රවීණ සාහිත්‍යවේදී

ආරක්ෂක ලේකම්වරයාගේ් මේ කි‍්‍රයාව ඉතා නිරුවත් ලෙස මැතිවරණ නීති කැඞීමක්. ඔහු අමාත්‍යාංශ ලේකම්වරයකුව හිඳිමින් දේශපාලනයට මැදිහත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය නොවෙයි. මේ කි‍්‍රයාව මැතිවරණ කොමසාරිස්වරයා අසරණ තත්ත්වයට පත්කරනවාට අමතරව මහජනයාට දෙන පණිවුඩය වන්නේ රාජපක්ෂ පවුලේ අපට නීති අදාළ වෙන්නේ නෑ කියන එකයි. එ්ක මහජනයාට ‘‘පවුලේ තග” දැමීමක්. ආරක්ෂක ලේකම් තැනකට යන විට ඔහුගේ ආරක්ෂාවට පන්සීයක විතර හමුදාවක් යනවා. එහෙම පවත්වන රැුස්වීමක් කරන බලපෑම වෙනත් රාජ්‍ය නිලධාරියකු දේශපාලන රැුස්වීමක කතා කරනවා වගේ නොවෙයි.

කටවුට් එකක් පොලීසිය ලවා ගැලවූ පමණින් පෝස්ටර් ඉරවීමෙන් පමණක් සාධාරණ ජන්දයක් පැවත්වෙනවා යයි සිතනවා නම් එය විහිළුවක්. මේ පවුල් පාලනය තුළ කවදාවත් සාධාරණ මැතිවරණයක් නොලැබෙන බව විරුද්ධ පක්ෂ නායකයන් තේරුම් ගන්න තවත් කාරණා අවශ්‍ය ද? දැන් යළිත් ජනාධිපති මැදුරේ දන්සැල් පටන් අරන්. රාජ්‍ය දේපළ ආණ්ඩු පක්ෂය විසින් ඡුන්දයට පාවිච්චි කරන්නේ එළිපිටමයි.

මේ බොරු ඡුන්දවලට සහභාගිවීමෙන් විරුද්ධ පක්ෂ කරන්නේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙන බවට ආණ්ඩුවට ලයිසමක් දීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු කුමක්ද, එය කුමකටද යන්න තේරුම් ගැනීමට දැනුමක් නැති සාමාන්‍ය ජනයා මුළා කිරීමක්. විරුද්ධ පක්ෂ කළ යුත්තේ සාධාරණ ඡුන්දයක් නැති බව මෙහි ජනයාටත් විශේෂයෙන් ලෝක ප‍්‍රජාවටත් දැනෙන විදිහට කීමයි. එ් සඳහා අපට ඡුන්දය දෙන්නැයි ඉල්ලීම වෙනුවට මේක බොරු ඡුන්දයක් නිසා ඡුන්ද පොළට ගොස් ඡුන්දය කටුගා විරෝධය ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම වඩා හොඳ බවයි මගේ හැඟීම. එ් අතර මෙවැනි කි‍්‍රයා සිදුවන විට මැතිවරණ කොමසාරිස්වරයා කළ යුත්තේ ඉල්ලා අස්වීම බවයි මා හිතන්නේ. මැතිවරණ කොමසාරිස් අසරණ බව දැන දැන ඔහුගෙන් සාධාරණය ඉල්ලා ලියුම් ලිවීම තේරුමක් නෑ. ඒක නොවෙයි විරුද්ධ පක්ෂ කළ යුතු වන්නේ. ඔහුට ඉල්ලා අස්වෙන්න බලකිරීමයි.

ගෝඨාභය ඉන්නේ නීතියට උඩින්
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි – කොළඹ විශ්වවිද්‍යාලය

මැතිවරණ කොමසාරිස් කියනවා එම කටයුත්ත නීති විරෝධියි කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඔය වැඬේ දිගටම කරලා තියෙනවා. මිලින්ද මොරගොඩ කොළඹ නගර සභාවට ඉල්ලනකොටත් කි‍්‍රයාකාරීව කළා. මීට අමතරව බොහෝ මැතිවරණවලදී ආණ්ඩුවට විශ්වාසය පළකරන්න කියලා ඉල්ලලා තිබුණා. ඔහු සාමාන්‍යයෙන් රජයේ නිලධාරියෙක් විදියට නෙමේ කටයුතු කරන්නේ. ආණ්ඩුවේ දේශපාලන යාන්ත‍්‍රණයේ සාමාජිකයෙක් විදියට තමයි කටයුතු කරන්නේ. මේ ගැන ඔහු බය නෑ. මොකද ඔහු ඉන්නේ නීතියට උඩින්.
මේ ගැන කතාකරන අයත් කතාකරන්නේ හරි පරිස්සමෙන්. මේ කි‍්‍රයාව හොඳ නෑ වගේ දියාරු උත්තර තමයි දෙන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත්, මැතිවරණ නීතියත් ඔහු අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා.

මෙහි අනික් කාරණය තමයි ඔහු යන්නේ උදය ගම්මන්පිලගේ මැතිවරණ ව්‍යාපාරයට. උදය ගම්මන්පිල අපිට කියන්නේ ඔහු යහපාලනයේ මූලධර්ම අනුව මැතිවරණය කරනවා කියලා. ඒ වගේම ගම්මන්පිල කියනවා ගෝඨාභය රාජපක්ෂ දේශපාලන පත්වීමක් කියලා. ඒ සඳහා ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සමාන කරනවා. මේක මිනිස්සු නොමග යවන්න කරන මහ බොරුවක්. දේශපාලන පත්වීමක් නම් මේ වැඩ කොහොමත් නොකළ යුතුයි. මොකද එතන ළැදියාවන් අතර බැඳීමක් තියෙන නිසා. මූලධර්ම අනුව ගත්තාම ගම්මන්පිල කඩලා තියෙන්නේ මැතිවරණ නීතියේ ලොකුම මූලධර්මය.

ඒ අනුව ජනාධිපතිටත් නීතියටත් ඉහළින් සිටින බලවතා මැතිවරණ නීතිය අවභාවිත කරලා තියෙනවා. ඒ අනුව ගෝඨාභයට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි. ගම්මන්පිලට විරුද්ධව මැතිවරණ කොමසාරිස් කටයුතු කළ යුතුයි.

ලේකම්වරුන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ
එස්. රනුග්ගේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදියට මම දන්න දෙය තමයි ආයතන සංග‍්‍රහය අනුව රජයේ නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ. මෙම සිදුවීමේදී සමහරු කියලා තිබුණා දේශපාලන පත්වීමක් නම් ඔහුට එවැනි බාධාවක් නැහැ කියලා. රජයේ අරමුදල්වලින් වැටුප් ගෙවනවා නම් ආරක්ෂක ලේකම්වරයාත් රජයේ නිලධාරියෙක්.
මේ තර්කය අනුවම බැලූවම අනෙකුත් ලේකම්වරුන් පත්කරන්නේ ජනාධිපතිවරයා නිසා අනෙක් ලේකම්වරුන් ආරක්ෂක ලේකම්ට පුළුවන්නම් අපිට බැරි ඇයි කියලා මේ වැඬේ පටන් ගත්තොත් මොකද වෙන්නේ. මැතිවරණය පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් මතු වෙයි.
මොකද රජයේ දේපළ පිළිබඳ භාරකාරයා වන්නේ හා ප‍්‍රධාන ගණන්දීමේ නිලධාරියා වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා. මැතිවරණයේදී රජයේ දේපළ ආරක්ෂා කළ යුතුයි කියලා අපි කියනවා. ලේකම්වරයා දේශපාලනය කරනකොට රජයේ දේපළ ආරක්ෂා කරයිද? අපක්ෂපාතීව තමන්ගේ රාජකාරිය ඉටුකරයිද?
දැනටමත් මහජනයා අතර යම් සැකයක් තියෙනවා රජයේ නිලධාරීන් අපක්ෂපාත නැහැ කියලා. මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ රජයේ නිලධාරීන් පිළිබඳව කිසිම විශ්වාසයක් මහජනයා තුළ ඇති නොවීමයි.

ලේකම්ලා ආණ්ඩුවේ අතකොලූ නම්..
චන්ද්‍රගුප්ත තේනුවර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති

මැතිවරණයක් යනු නිදහස්ව හා සාධාරණව පැවතිය යුතු දෙයක්. බලය හොබවන ආණ්ඩුව යම් මැතිවරණයකට මැදිහත්වෙනවා කියලා කියන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවන බවයි. ඒ නිසා තමයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා නීති සම්පාදනය කරලා තියෙන්නේ. මේ නීතිරීති අනුව රාජ්‍යයේ පරිපාලනයට සම්බන්ධ අයට විශේෂයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයකුට දේශපාලන වශයෙන් මැදිහත්වීම සිදුකරන්න බෑ. ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන්ට එබඳු තහංචි හා වාරණයන් පනවා තියෙන්නේ රාජ්‍යය මේ ඇ`ගිලි ගැසීම් නොකරන බව පෙන්වීමට.

එහෙත් අපි දිගින් දිගටම දැක්ක කාරණය තමයි රජයේ වාහන භාවිත කරමින් අමාත්‍යාංශ ලේකම්වරු ඡුන්දය ඉල්ලන අයගේ උත්සවවලට සහභාගි වීම. බලය තියෙන පක්ෂයේ විතරක් නෙමේ එහෙමනම් හැම පක්ෂයකට හැම අපේක්ෂකයකුම වෙනුවෙන් මේ ලේකම්වරු පෙනී සිටින්න ඕනෑ.

ලේකම්වරයෙක් කියන්නේ බලයේ ඉන්න ආණ්ඩුවක අතකොලූවක් නොවේ. අතකොලූ ඉන්න රටක තමයි දූෂණය, වංචාව හා රාජ්‍ය පාලනයේ දෝෂයන් සිදුවන්නේ. අතකොලූ නොවන ලේකම්ලා හිටියහොත් තමයි රටක යහපාලනයක් පවතින්නේ. නිලධාරීන් කියන්නේ ආණ්ඩුවේ නෙමේ රාජ්‍යයේ නිලධාරීන්. හරියාකාරව වගවීමෙන් වැඩකිරීමට තමයි හතරැුස් කොටුවකට මුවාවෙලා පෙට්ටියකට ඡුන්දය දාන්න මේ අයට අවස්ථාව දීලා තිබෙන්නේ.