රාවය

නොසලකා හැරීම් නිසා ආණ්ඩුවේ කලකිරීම්

නොසලකා හැරීම් නිසා ආණ්ඩුවේ කලකිරීම්

ජනාධිපතිවරයාගේ නොසලකා හැරීම් හා අඩන්තේට්ටම් හේතුවෙන් ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ හා අමාත්‍යවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වා ගැනීම සඳහා රජයේ ප‍්‍රධාන අමාත්‍යවරු කිහිපදෙනකු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට ජනාධිපතිවරයා සති 3ක් ගතවනතුරුවත් ප‍්‍රතිචාරයක් නොදැක්වීමත් පසුගිය සෙනසුරාදා කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ජනාධිපතිවරයා විසින් මුස්ලිම් කොංග‍්‍රසයට බැණවැදීමත් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රධාන පක්ෂ කිහිපයක් හා අමාත්‍යවරු කිහිපදෙනෙක්ම මෙලෙස කලකිරීමට ලක්ව ඇති බව වාර්තා වේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වාලීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ඩිව් ගුණසේකර, අමාත්‍ය තිස්ස විතාරණ, අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ සහ නියෝජ්‍ය අමාත්‍ය දිගටම සිදුවන නොසලකා හැරීම් හේතුවෙන් තමන් දැඩි කලකිරීමකින් පසුවන බවත් මුස්ලිම් කොංග‍්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්.එම්. අස්ලම් ප‍්‍රකාශ කරයි.
මාර්තු 06 වැනිදා පැවැත්වීමට නියමිත උත්තරීතර මණ්ඩල රැුස්වීමේදී කුමන තීන්දුවක් ගනීවිදැ’යි තමන් නොදන්නා නමුත් සන්ධාන ආණ්ඩුවේ විශාලම සුළු පක්ෂය ලෙස තමන්ගේ හා මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න නොසලකා හැරීම පිළිබඳව දැඩි කනගාටුවට පත්වන බවත්, තම පක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් අමාත්‍යවරු පවා කලකිරීමෙන් පසුවන බවත් අස්ලම් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

නවීන් දිසානායක ඇතුළු විද්වතුන් විසින් සකස් කරන ලද වාර්තාවට ජනාධිපතිවරයා විසින් මේ වනතුරු පිළිතුරු ලබානොදීම හේතුවෙන් කලකිරීමට පත්ව මහජනතාවගේ දැනගැනීම සඳහා එම වාර්තාව මාධ්‍ය වෙත ලබාදීමට මේ වනවිට කටයුතු කර ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් එම වාර්තාව තවදුරටත් රහස් ලියවිල්ලක් නොකර මහජනයා වෙත ඉදිරිපත් කළ බවත්, ආණ්ඩුවේම වගකීම් දරන අමාත්‍යවරු ලෙස ඉදිරිපත් කරන ලද යෝජනා නොවටිනා ලෙස නොසලකා හැරීම කනගාටුදායක බවත් ආණ්ඩුවේ යම් යම් ක‍්‍රියාකාරකම් හේතුවෙන් සහ ආණ්ඩුවට සම්බන්ධ අනෙකුත් පක්ෂවල අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් ආණ්ඩුව තුළ බොහෝ පිරිසක් කලකිරීමෙන් පසුවන බවත්ය.

මේ අතර පසුගිය සතියේදී පැවති කැබිනට් රැුස්වීම අතරතුර මුස්ලිම් කොංග‍්‍රසයේ කටයුතු ජනාධිපතිවරයා විසින් විවේචනය කිරීම හේතුවෙන් මුස්ලිම් කොංග‍්‍රසයද කලකිරීමට පත්ව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

තම පක්ෂයේ සහ මුස්ලිම් ජාතිකයන්ට සිත් රිදෙන බොහෝ දේ සිදුවුණත් ඒවා පිළිබඳව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කිසිදු ඇහුම්කන්දීමක් නොකළ බවත් දිගින් දිගටම සිදුවන නොසලකා හැරීම් හේතුවෙන් තමන් දැඩි කලකිරීමකින් පසුවන බවත් මුස්ලිම් කොංග‍්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්.එම්. අස්ලම් ප‍්‍රකාශ කරයි.

මාර්තු 06 වැනිදා පැවැත්වීමට නියමිත උත්තරීතර මණ්ඩල රැුස්වීමේදී කුමන තීන්දුවක් ගනීවිදැ’යි තමන් නොදන්නා නමුත් සන්ධාන ආණ්ඩුවේ විශාලම සුළු පක්ෂය ලෙස තමන්ගේ හා මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න නොසලකා හැරීම පිළිබඳව දැඩි කනගාටුවට පත්වන බවත්, තම පක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් අමාත්‍යවරු පවා කලකිරීමෙන් පසුවන බවත් අස්ලම් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.