රාවය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයි – මාදුළුවාවේ සෝභිත හිමි

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයි – මාදුළුවාවේ සෝභිත හිමි

78 ව්‍යවස්ථාවේ පවතින ඒකාධිපති ස්වරූපය නැති කරන්න ගෙන ආ මූලිකම සංශෝධනයක් තමයි 17 වැනි ව්‍යවස්ථාව. එහෙත් 17 වැනි ව්‍යවස්ථාව සම්මත කරගන්න සාකච්ඡුා කරනකොට ඒ කෙටුම්පතේ තිබුණ බලය 17 සම්මත කළාට පස්සේ දියාරු වුණ ගතියකුයි පෙනෙන්නට තිබුණේ. මේ ගැන ඔබ තුමන්ගේ් විග‍්‍රහය මොකක්ද?

ඒක ජනපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම අකී‍්‍රය කළා. ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරන්න බැරි මට්ටමකට පත් කළා. පොලිස් කොමිසම වගේ එකක් සුළු වශයෙන් වැඩකරන්න පටන් ගත්තත් ඒක බලාපොරොත්තු වුණ කොමිසම නොවෙයි. අවසානයේදී 18 ගෙනල්ලා මරලාම දැම්මා. දැන් තියෙන ක‍්‍රමය හැටියට කොමිෂන් සභා පත් කරන්නේත් ජනාධිපතිවරයා ඉතින්. ආයිත් ඕකට කොමිෂන් එකක් ඕනෑද? කෙනකුට රස්සාවක් දෙන්න පඩි ගෙවන්න හොඳයි. ඒ මොකුත්ම ඕන නැහැ නේ එයාම සේරම කළා නම් ඉවරයි.

1978 ව්‍යවස්ථාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය කොහොමද දකින්නේ?

රටක අධිකරණයට ඇඟිලි ගහන එක ස්වාධීනත්වයට බලපෑම් කරන එක හරිම භයානක තත්ත්වයක්. දැන් එන එන අග‍්‍රවිනිශ්චයකාරයා දෙන තීන්දු තීරණ ජනපති වරයාගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න දෙන තීන්දු කියලා පේනවා. මුලින්ම ඔය 18 දෙනෙක් එජාපයෙන් ගිය වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒක නිවැරදියි කිව්වා. අනෙක 18 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහපු වෙලාවේ ශිරානි බණ්ඩාරනායක දුන්න තීන්දුව වැරදි තීන්දුවක්. ඒක අනිවාර්යයෙන්ම ජනමත විචාරයකට යා යුතුව තිබුණ තත්ත්වයක්. එහෙත් එතුමිය එතුමියගේ හිතවත්කම නිසා ඒක නොතකා හැරියා.

දැන් අග‍්‍ර විනිශ්චයකාර වරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සේරම පත් කරන්නේ ජනාධිපතිතුමා. අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුවත් එතුමා යටතට ගත්තා. දැන් ඔක්කොම එයාගේ. මේකෙන් කොහොමද ස්වාධීනත්වයක් බලා පොරොත්තු වෙන්නේ. පසුගිය කාලයේ නඩුවලට මොකද වුණේ. නඩු විභාග කෙරීගෙන යනවා. තමන්ගේ කෙනෙක් වැරදිකාරයා වන හැඩක් තිබුණොත් නීතිපතිවරයා නඩුව ඉවත් කර ගන්නවා. එතකොට රජයට පක්ෂපාත අයගේ නඩු ඉවත් කර ගන්න ගමන් රජයට විපක්ෂ අයට නඩුදාන ස්වරූපයකුයි දැන් තියෙන්නේ. ඒ නිසා මේ ක‍්‍රමය යටතේ අද නීතිය හෑල්ලූවට ලක්වෙලා.

ශිරානි බණ්ඩාරනායක ඉවත්කරන නඩුව කවුද ඇහැව්වේ? ජෙනරාල්ගේ නඩුව ඇහැව්වේ කවුද? එතුමාට විරුද්ධව නඩු ඇහැව්වේ එතුමාගෙන් ද`ඩුවම් වින්ද අය. ඒක උසාවි තීන්දුවක් නොවෙයි. එහෙත් ද`ඩුවම් දුන්නා. ශිරානි බණ්ඩාරනායකගේ නඩුව ගත්තොත් විමල් වීරවංශට නඩු අහන්න පුළුවන්ද? අන්තිමට හූ කියලා ගල් ගහලා තමයි අග‍්‍ර විනිශ්චයකාරවරිය ධුරයෙන් පහ කළේ. උඹ දැනගනින් කියලා කතා කළේ. මේක තමයි අද අධිකරණයේ තත්ත්වය.
මේක අධිකරණ ක්ෂේත‍්‍රයට විතරක් සීමාවෙලා නැහැ. මැතිවරණ කොමිසම අකි‍්‍රයයි. මේ පවත්වන මැතිවරණ ගැන කාටවත් විශ්වාසයක් තියෙනවාද? මේ දැන් තියෙන පොලීසිය රජයේ පොලීසියක් නොවෙයි. ඒක ආණ්ඩු පක්ෂයේ පොලීසිය. නැත්නම් කොහොමද නොමිනේෂන් දීලා අධිවේග මාර්ගයේ පෙළපාළි යන්නේ. මේව කවුරුවත් ඇල්ලූවාද? මැතිවරණ කොමසාරිස්ට පුළුවන් වුණා ද මේ දාලා තියෙන එක පැමිණිල්ලකට සාධාරණය ඉෂ්ට කරන්න. අදාළ අයට ද`ඩුවම් දෙන්න මැතිවරණ කොමසාරිස්ට කිසිදු බලයක් නැහැ. ඒ නිසා මේක දුෂ්ඨ ඡුන්දයක්. ඒකයි අපි කියන්නේ මහ මැතිවරණයක් නම් අනිවාර්යයෙන්ම භාරකාර රජයක් යටතේ කළ යුතුයි කියලා. සාමාන්‍ය මැතිවරණයක් නම් මැතිවරණ කොමසාරිස් වරයාට සම්පූර්ණ බලතල දීලා පැවැත්විය යුතුයි. අනෙක් ප‍්‍රධාන කරුණ තමයි මැතිවරණ කාලයකදී පොලීසියේ හැසිරවීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමසාරිස්වරයාට දිය යුතුයි කියන එක.

මේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව ඔබ වහන්සේ යෝජනා කරන කෙටුම්පතේ තිබෙන ප‍්‍රධාන කරුණුවලට අවධානය යොමු කළොත්?

අපේ මූලිකම යෝජනාව තමයි මේ විධායක ජනපති ක‍්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතුයි කියන එක. අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් ඊට පාලනය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගන්න පක්ෂයේ නායකයා අගමැති විය යුතුයි.

ඊළ`ගට කොමිෂන් සභා තිබුණ තත්ත්වයටත් වඩා බලවත් කරලා ස්වාධීන කරල කි‍්‍රයාත්මක කළ යුතුයි. දැන් බලන්න රාජ්‍ය පරිපාලන සේවය විශේෂයෙන් තානාපති අංශය. මේ ක්ෂේත‍්‍රයේ අද අන්තයටම පිරිහිලා ගරාවැටිලා. ඔක්කොම මේ ක්ෂේත‍්‍රවල ඉහළ ඉන්නේ විශ‍්‍රාම ගිය හමුදා නිලධාරීන් නැත්නම් පරාජයට පත් වුණ මන්තී‍්‍රවරු. එතකොට දැන් ඇමරිකාවට ගිහින් ඉන්නේ තේ වෙළෙන්දෙක්. දැන් අපේ තානාපති සේවය සකී‍්‍රයව වැඩ කළ යුතු කාලය. මොකද මේ වෙනකොට අපි අන්තර්ජාතිකව බරපතළ ප‍්‍රශ්නයක පැටළිලා ඉන්නේ. මේ ගිහින් ඉන්න අයට මේ ප‍්‍රශ්න ගැන වාදවිවාද කරන්න හැප්පෙන්න දැනුම තියෙනවාද? මේ නිසා රාජ්‍ය පරිපාලනය විදේශ සේවය මේවා බිඳවැටිලා තියෙන්නේ. මේවාට වියදම් කරන්නේ අපේ සල්ලි. මේ නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හොඳ බලයක් දීලා ස්වාධීනව වැඩ කළ හැකි වටපිටාවක් තැනීම ඉතාමත් වැදගත්.

දැන් මුළු රටම අල්ලසින් දූෂණයෙන් පිරිලා. මේ ගැන පැමිණිලි සිය ගණනක් කොමිසමට ඇවිත් තියෙනවා. ඒත් එකක් ගැනවත් විමර්ශනයක් නැහැ. මේ නිසා අපි යෝජනා කරන්නේ පූර්ණ නීතිමය බලතල තියෙන කොමිසමක්. ඒක අතීතයට බලපාන විදිහට කි‍්‍රයාත්මක කළ යුතුයි. එහෙම කි‍්‍රයාත්මක කරලා මේ විදිහට හොරකම් කරලා තියෙන මහා ධනය රටට ජනතාවට නැවත ලබාදිය යුතුයි. එනිසා මේ සියලූ දූෂණ වංචා ගැන ස්වාධීන පරීක්ෂණයක් කිරීමේ බලය නොවෙයි, එම වංචාවලට වැරදිකරුවන් වන අයට ද`ඩුවම් දීමේ බලයත් මේ කොමිසම සතු කළ යුතුයි. එවගේම තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කළ යුතුයි. රටක පරමාධිපත්‍ය බලය ජනතාව සතු නම් සල්ලි වියදම් කරන්නේ කොහොමද කියල ජනතාව දැන ගත යුතුයි. නොරොච්චෝලෙට මොකද වුණේ? මත්තලට මොකද වුණේ? අධිවේගයට කොච්චර වියදම් කළාද? තෙල් සංස්ථාවට මොකද වුණේ? මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව සතු කළ යුතුයි.

කැබිනට් මණ්ඩලය 30කට සීමා කළ යුතුයි. මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතුයි. මනාප ක‍්‍රමය අහෝසි කරලා නැවත කොට්ඨාස ක‍්‍රමයට යා යුතුයි. හැබැයි සුළු පක්ෂ සඳහා තමන් ගන්න මුළු ඡුන්ද ප‍්‍රතිශතයට යයි කිසි ආසන සංඛ්‍යාවක් හිමිකර දිය යුතුයි

බලය බෙදීම සහ 13 වැනි ව්‍යවස්ථාව ගැන ඔබ වහන්සේ දරන මතය දැනගන්න මම කැමතියි.

මම පුද්ගලිකව හිතනවා පළාත් සභා ක‍්‍රමයට වඩා දිස්ති‍්‍රක්ක ක‍්‍රමයකට ගියා නම් හොඳයි කියලා. දැන් තියෙන පළාත් සභාවෙන් නම් කිසිදෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිකම් මුදල් කාදැමීමක් විතරයි. එක්කෝ තවත් බලතල දීලා 13 ශක්තිමත් කළ යුතුයි. නැත්නම් 13 අහෝසි කළ යුතුයි.

එජාපයත් මෑතකදී ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාවලියේ තියෙනවා විධායක අගමැතිවරයෙක් යටතේ පවතින ආණ්ඩුක‍්‍රමයක් පිළිබඳව. මේ පිළිබඳව ඔබ වහන්සේගේ ආකල්පය දැනගන්න කැමතියි.

අපි විධායක අගමැතික‍්‍රමය පිළිගන්නේ නැහැ. අපි යෝජනා කරන්නේ කැබිනට් මණ්ඩලය සහ අගමැති ප‍්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක්. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ගන්න පක්ෂයේ නායකයා තමයි අපේ ක‍්‍රමය යටතේ අගමැති ලෙස පත් වෙන්නේ.
සෝල්බරි ව්‍යවස්ථාව යටතේ එක් ආගමකට විශේෂ සැලකීමක් ව්‍යවස්ථාව තුළ තිබුණේ නැහැ. එහෙත් 72 සහ 78 ව්‍යවස්ථා බෞද්ධ ආගම ආරක්ෂා කිරීමට කැපවෙනවා. බොහෝ විශාරදයන්ගේ මතය රටක ව්‍යවස්ථාව නිර්ආගමික වන තරමට ඒ රටේ නිදහස ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යය සුරැුකෙනවා කියන එක. ඔබ වහන්සේ මේ මතය ගැන දරන අදහස මම දැනගන්න කැමතියි.
එවැනි දේ ගැන හදිස්සි විය යුතු නැහැ කියලායි මම හිතන්නේ. අපිට තවදුරටත් සාකච්ඡුා කරලා යම් යම් දේවල් තීරණය කළ හැකියි. හැබැයි ආගමික ගැටුම් වළක්වා ගැනීම සඳහා අපි සියලූ ආගම් නියෝජනය වන විදිහේ කොමිෂන් එකක් යෝජනා කර තිබෙනවා. කොතැනක හෝ යම් ආගමකට විරුද්ධව යමක් සිද්ධ වෙනවා නම් ඒක වාර්තා කිරීම, සාකච්ඡුා කිරීම විසඳුම් යෝජනා කිරීම ඒ විශේෂ කොමිසමේ වගකීම.

මේ මාසයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ලංකා රජයේ තිබෙන සූදානම සහ එහිදී අපිට මුහුණ දෙන්නට වෙන අභියෝග මොන වගේද?

පසුගිය දවස්වල රජයේ ජනමාධ්‍ය මට චෝදනාවක් එල්ල කළා. පශ්චාත් යුද සමයේ සිදු වූ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විමර්ශනයක් කරන්න මම ඉල්ලීමක් කළා කියලා. ඒ නිසාම මම ජාති ද්‍රෝහියෙක් කිව්වා. ඒ විතරක් නොවෙයි. විමල් වීරවංශ මහත්තයා මම බටහිර ගැත්තෙක් කියලාත් කිව්වා. එහෙත් අපි මේක තේරුම්ගත යුතුයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක්. අපි ජගත් මානව අයිතිය පිළිබඳ ප‍්‍රඥප්තියට අත්සන් කළ රටක්. අපිට යම්කිසි චෝදනාවක් තියෙනවා නම් පැනලා යන්න බැහැ. අභියෝගයට මුහුණ දෙන්න වෙනවා.

යුද්ධය අවසන් වෙලා දවස් දෙකක් ඇතුළත 2009 මැයි 23 බෑන්කි මූන් මහත්තයා ලංකාවට එනවා. ඒ ආපු වෙලාවේ යුද අපරාධ විමර්ශනය පිළිබඳව ගිවිසුමක් අත්සන් කරල තියෙනවා. ඒ ගිවිසුමෙන් යුද අපරාධ විමර්ශනයට ජනපතිවරයා නිල බලයක් දෙනවා. එතකොට ඒ වෙලාවේ ලංකාව වෙනුවෙන් ඒ ගිවිසුමට අත්සන් කළේ රෝහිත බෝගොල්ලාගම එවක විදේශ ඇමතිතුමා. එනිසා ඒ ගිවිසුමෙන් තමයි පිටරටවල්වලට අපේ රට ගැන කරුණු සොයන්න බලයක් ලැබුණේ. ඊට පස්සේ මේ ගිවිසුමට අනුව බැන්කී මූන් මහත්තයා උපදේශක කමිටුවක් පත් කළා. ශී‍්‍ර ලංකා රජයේ යුද අපරාධ පිළිබඳව වාර්තාවක් සකස් කළා. 2010 අවුරුද්දේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතයා වන පාලිත කොහොන මහත්තයා අවස්ථා තුනකදී මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංගමයට ලිපි යවලා තියෙනවා. 2011.2.15 ලංකා රජයේ විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහත්තයා එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම්ට විමර්ශන කටයුතු පිළිබඳව ජනපතිතුමාගේ ස්තූතිය ලිපියකින් පිරිනමා තිබෙනවා. ‘‘ඔබ විසින් ගන්නා ලද සියලූ උත්සාහයන් සාර්ථකව ඉටු කිරීම පිළිබඳව උණුසුම් සුබපැතුම්’’ කියලා තමයි ඒ ලිපිය ලියන්නේ. එනිසා මේ චෝදනා කරන අය කල්පනා කළ යුතුයි ඇත්තටම ඔවුන් කාටද චෝදනා කළ යුත්තේ කියලා.

පසුගිය දවස්වල නවනීදන් පිල්ලේ, ස්ටීවන්, නිශා බිස්වාල් වගේ ගොඩක් අය ආවා. ඔවුන් පරීක්ෂා කිරීම් කළා. ඒ අය මේ රටට ආවේ බලෙන්ද? නැහැ. රාජ්‍ය අවසරය පිට තමයි ඔවුන් පරීක්ෂණවලට මේ රටට ආවේ. එතකොට ඒ ආපු අයට මෙහෙ සමහර අය බඳින්නත් කතා කළානේ. පසුගිය නිදහස් උත්සවය දවසේ ජාතිය අමතලා ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ. එතුමා කිව්වේ එව බලව කියලා. ජනපතිතුමා එහෙම කියද්දී අපිට චෝදනා කරන එක වැරදියි. ඒ නිසා මම නම් කියන්නේ කෑගහන එක පෙළපාළි යන එක නවත්වලා ඇත්ත අභියෝගයට මුහුණ දෙන්න කියලා. ඒකට දක්ෂ පරිපාලන නිලධාරීන් පත් කරලා ඒ ඒ අය ඒ ඒ රටවලට යවලා ඒ ඒ රටවල් සමග රාජ්‍යතාන්ත‍්‍රිකව කටයුතු කරලා මේ ප‍්‍රශ්නයෙන් ගැලවීමට උත්සාහ කළ යුතුයි. ඒ නිසා අපි අපේ විදේශ ප‍්‍රතිපත්තිය නැවත සකස් කර ගත යුතුයි. ඉන්දියාව සමග මිත‍්‍රශීලි සම්බන්ධයකට යා යුතුයි.

ලංකාවේ දේශපාලනය ගැන මත දරන්නන් දැන් ප‍්‍රකාශ කරනවා ඉදිරියේදී රට ආරාජික වේවි කියලා. මෙවැනි ආරාජිකත්වයක් ඔබ දකිනවාද?

නැහැ. ආරාජිකත්වය නොවෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයි. තවදුරටත් ප‍්‍රජා තන්ත‍්‍රවාදයක් පවතින්නේ නැහැ. 18 සංශෝධනය තමයි ඇණය ගැහැව්වේ. හැබැයි මේ ක‍්‍රමයට මේ විදිහට වැඩිකල් පවතින්න බැහැ. මිනිස්සු නැගිටිනවා. දැන් ඇවිත් තියෙන මේ ජිනීවා අවුල වුණත් හරියට කළමනාකරණය නොකළොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. සදාම් හුසේන්ට මොකද වුණේ. මේවා ගැන අපි කල්පනා කළ යුතුයි.

දැන් පොදු අපේක්ෂකයෙක් පිළිබඳව නැවත කතා කරනවා. පොදු අපේක්ෂකයකු ගෙන ඒමේ කි‍්‍රයාවලියේ ප‍්‍රමුඛ කාර්යයක් කරන පුද්ගලයකු විදිහට මේ සාකච්ඡුා දැන් තිබෙන තත්ත්වය මොන වගේද?

අපි කියන්නේ මේ ඒකාධිපති ව්‍යවස්ථාව 2/3 බලයක් තියෙන මහින්ද රාජපක්ෂ අවසන් කරන්නේ නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අපි සියලූ දෙනාම පෙනී සිටිමු, එකතු වෙමු කියලා. ඊළ`ග ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරමු කියලා. අද විරුද්ධ පක්ෂයේ ගොඩක් පක්ෂ ඒ ස්ථාවරයට එක`ග වෙලා තියෙනවා. ඒ නිසා අපි ගේන මේ යෝජනා 2/3ක් තියෙන ජනාධිපති ඉටු කරන්නේ නැතිනම් ඉදිරි ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වළක්වන්න කාටවත් බැහැ. ඒකට විරුද්ධ පක්ෂ එකඟ වෙලයි තියෙන්නේ.

ඉදිරි ජනපතිවරණයකදී පොදු අපේක්ෂකයා ඔබ වහන්සේ බවයි බොහෝ දෙනකුගේ මතය.

හැම තැනම ඉල්ලීම් තිබෙනවා. ඒක හරි. යෝජනා ගොඩක් තිබෙනවා. අවසානයේ අපි එක`ග වෙන්න ඕනෑ. සියලූ දෙනාටම එකතු විය හැකි නිර්පාක්ෂික පුද්ගලයකුට. අපි දැනට කවුරුවත් නම් කරන්න යන්නේ නැහැ. නම නොවෙයි වැදගත් මේ ප‍්‍රතිපත්තියයි වැදගත්. මම, අරයා මෙයා කියලා දැන්ම නම් ඉදිරිපත් කළ යුතු නැහැ. අවශ්‍ය වෙලාවේදි අවශ්‍ය කෙනා කවුද කියලා අපි නිරත සංවාදය අපට කියයි. ඒකයි වියයුත්තේ. ඒ නිසා ප‍්‍රතිපත්ති මත හිඳ අපි හොඳින් සාකච්ඡුා කරමු කියලා තමයි මම කියන්නේ.

පොදු අපේක්ෂකයා ජය ගත්තා යැයි සිතමු. එවිට ඔහු හෝ ඇය මේ පවරන වැඩ කොටස සාර්ථකව ඉටු කරයිද? නැත්නම් තවත් ඒකාධිපති ජනපතිවරයකුම වෙයිද?

මේ වෙලාවේ අපි පොදු අපේක්ෂකයකු නිර්මාණය කරන්නේ අති විශේෂ වැඩ කොටසකට. ඒ වටේ තමයි ජනතාව එකතු වෙන්නේ. මාස 6ක් යනකොට පත්වෙන ජනාධිපති අදාළ ප‍්‍රතිසංස්කරණ සිදුකරලා පාර්ලිමේන්තුවට බලය පවරා ඉවත්ව යා යුතුයි. නැත්නම් ඒක ජනබලය බලා ගනිවී.