පාරට වැටෙනවා නම් සටන් කරනවා හැර වෙන දෙයක් තියෙනවාද? – පුණ්‍යා දමයන්ති

අපට ඇය හමුවන්නේ දෙමටගොඩ වනාතමුල්ලේදීය. වනාතමුල්ලේ ඉඩම් හිතුමතේ ආණ්ඩුව අත්පත් කරගැනීමට පිඹුරු සකසද්දී ඒ වෙනුවෙන් පෙරට ආ වනාතමුල්ලේ ජනයා අතර ඇය සිටියේ පෙරමුණේමය. පුණ්‍යා දමයන්ති වන ඇය තරුණියකි. එහෙත් වැඩිහිටියකු සේ තම ප‍්‍රදේශයේ ප‍්‍රශ්නය කරට ගෙන ක‍්‍රියාකරන්නීය. බොහෝ පුහු ස්ත‍්‍රීවාදී රැුඩිකල් චරිත දෙස බලන කල ඇය සිටිනුයේ ඒ පුයර බබාලාට වඩා බොහෝ ඉදිරියෙනි. ඇය සැබෑ ප‍්‍රශ්නයකදී සැබෑ භූමිකාවකට පණදී ඇත.

වනාත මේ වනවිට සාමකාමීද?

හැමදාම තිබුණේ සාමකාමීවයි. එදත් එහෙමයි. හැබැයි අද තත්ත්වය වෙනස්. අද වනාතේ සාමකාමී බවට යටින් ලොකු භයානකකමක් පේන්න තියෙනවා. කොටින්ම අළු යට ගිනි වගේ තමයි. පුංචි හුළඟකටත් පත්තු වෙයි.

එහෙම වුණේ ඇයි?

මේ රටේ පුරවැසියන් විදිහට අපිට හිමිව තිබුණ තැන අපිට නැතිවුණු හින්දා. අපේ ඇස් පනාපිටම අපි ඉපදුණු හැදුණු වැඩුණු නිවාස, භූමිය අපිට අහිමිවෙනවා කියනකොට, එහෙම හිතෙනකොට අපේ හදවත්වලට තියා කොයි මිනිහාටවත් ඉවසන්න බැහැ. මොකද අපිට ඉන්න තැනක් ඕනෑ. දැන් ඉන්න තැනක් තියෙනවා. ඒක නැතිවෙනවා. යන එන මං නැතිවෙනවා කියනකොට හිතට දැනෙන දුක කියන්න බැහැ. මේ අවදානම වනාතේ අපි තුළ තියනවා. බැකෝ එකක් දැක්කාම මේ අපේ ගෙවල් කඩන්න එන එකක්ද කියලා හිතෙනවා. රෑට නිදාගත්තාම හෙට උදේ වෙනකොට මේවා නැතිවෙයිද හිතෙනවා. මේ බය, දුක එක්ක ඉන්නකොට මොනතරම් අමාරුද කියලා හිතන්නකෝ.

ඒත් මේ වෙනකොට වනාතේ ජනතාවට අනතුර මගහැරිලා කියලා හිතන්නේ නැද්ද?

එහෙම හිතන්න බැහැ. මොකද ආණ්ඩුව අපේ ගෙවල් කඩනවා කියලා අපිට ලිඛිතව දැනුම් දුන්නේත් නැහැ. ඒ වගේම කඩන්නේ නැහැ කියලාත් ලිඛිතව දුන්නේ නැහැ. මේ දවස්වල ඡුන්දයකුත් තියෙන හින්දා නිහඬබවක් පේන්න ඇති. ඒත් ප‍්‍රශ්නය ඉවර නෑ, එහෙම්මමයි. මේක තාවකාලිකව නැවතිලා ආරක්ෂක ලේකම් ටීවී එකට ඇවිල්ලා කිව්වා මොන ප‍්‍රශ්නය ආවත් මේ ව්‍යාපෘතිය කරනවා, කරනවාමයි කියලා. මේ වනාත ගැන කතාබහකදි කිව්වේ. හැබැයි ඒ මොන ව්‍යාපෘතියක්ද කියලා කිව්වේ නැහැ. ඉතින් අපි අද උයා පිහාගෙන කනවා. ඒත් ඒ කොච්චර කාලයකටද කියලා දන්නේ නැහැ.

පුෂ්පා දමයනති

පුෂ්පා දමයනති

ආණ්ඩුවට ඕනෑම ඉඩමක් අත්පත් කරගන්න පුළුවන්. ඒ බව ඔබ දැනුවත්ද?

ඔව්! අපි දැන් මේ ප‍්‍රශ්නයේ එරිලාම ගොඩක් දේ දන්නවා. ආණ්ඩුවට අත්පත් කරගන්න පුළුවන් වගේම එය ආවාට ගියාට හිතුමතේට කරන්න බෑ කියලාත් අපි දන්නවා. මේ පනස් එකේ වත්තේ ගෙවල් ඔප්පු තියෙන හොඳ නිවාස. ඒවා මිලියන ගණන් වටිනවා. අගමැති කිව්වා පාර්ලිමේන්තුවේදී මේ ප‍්‍රශ්නය ගැන කතා කරද්දී අපට වන්දි දෙනවා කියලා. අපි කියන්නේ අපිට අපේ ඉඩම්වලට දේපළට වන්දි දෙන්න. ඒක සාධාරණයි. අපි යන්නම්.

කොළඹ සංවර්ධනයට ඉඩම් අත්පත් කරගැනීම මුලින් ඔබට දැනුණේ කොහොමද?

ඇත්තම කියන්නම්, කොම්පඤ්ඤවීදිය පැත්තේ ගෙවල් කඩනවා කිව්වාට අපට දැනුණේ නැහැ. ඒ ප‍්‍රශ්න පත්තරයක, ටීවී එකක ගියාද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ අතර වනාතේ 45 වත්තේ ගෙවල් කඩනවා කියලා ආරංචිය ආවාම අපි හිතුවා පැල්පත්වාසීන්ට නිවාස දෙනවා කියලනේ ආණ්ඩුව කියන්නේ. එක්කෝ හොඳයි කියලා. ඒත් 45 වත්තෙන්, 63 වත්තෙන්, 54 වත්තෙන්, 51 වත්තට එනකොට තමයි මේ කැඞීමේ රඟ හිතට දැනුණේ. මීට පෙර මේ තත්ත්වයට මුහුණ දීපු මිනිස්සු මොනතරම් විඳවන්න ඇත්ද කියලා හිතුණේ. ඇත්තටම අපිට මේ ප‍්‍රශ්නය එනකම් අපිත් අනෙක් අයගේ ඒවා ගණන් ගත්තේ නැහැ. ඒත් දැන් තේරෙනවා මේකේ බරපතළකම.

ඔබ මේ සටනේ පෙරමුණට ආවේ කොහොමද?

මේක එක පැත්තකින් සටනක් තමයි. අපේ බිම්කඩ, නිවස, පවුල, අසල්වැසියො මේ පන්සල හැමදේම වෙනුවෙන් කළ සටනක්. තමන්ගේ දේ නැතිවෙනවා නම් තමන් පාරට වැටෙනවා නම් ආයේ සටන් කරනවා ඇරෙන්න වෙන දෙයක් තියෙනවාද? වැරදි කරන මිනිස්සුන්ට රෙදි ඇඳගෙන ඉන්න පුළුවන් නම් වරදක් නැති අපි අපේ ඉන්න තැන වෙනුවෙන් කතා නොකර කොහොමද? අන්න ඒ හින්දා හැමෝම වගේ මාත් ඉදිරියට ආවා. ඒ අතරින් මම අනෙක් අයට වඩා විශේෂයි කියලා එකක් නැහැ. මම කරන්නේත් අනෙක් අය වෙනුවෙන් මගේ ප‍්‍රශ්නය, අපේ ප‍්‍රශ්නයක් වෙනුවෙන් කතා කිරීමක්. එතනදී කතා කරමින් මගේ අසල්වැසියන් එක්ක ඉස්සරහින් ඉන්නවා.

ඔබ තරුණියක්.

දෑත බදලා එකම කසයකින් එකම වේගයකින් නම් ගහන්නේ, ගෑනු පිරිමි භේදයක් තියෙනවාද වේදනාවේ. මම මට හැකි උපරිමය කරනවා. වෙලාවකට මට හිතෙනවා මම පිරිමියෙක් වුණා නම් කියලා. මොකද සමහර දේවල් දුවලා පැනලා කරද්දී කාන්තාවන් විදිහට බැරියර්ස් තියෙනවා. ඒ ඇරෙන්න වෙනසක් නැහැ. දැන් වෙනසක් නැතිව වැඩ කරන්න පුළුවන් කියලා මම තේරුම් අරගෙන තියෙනවා.

ඔබ ඇතුළු පිරිසට මේ ශක්තිය ලැබුණේ කොහොමද?

අපිට දේශපාලන පක්ෂ පාට අදාළ නැහැ. අපේ මුළු පවුලම එදා ඉඳලා ශ‍්‍රී ලංකාකාරයෝ. ඒත් අද ඒ බොරු ඇදහිල්ලේ අපි නෑ. අපිට මේ ප‍්‍රශ්නය වෙලාවේ උදව් කළේ සුනිල් වටගල මහත්තයා. ඔහු ඡුන්ද ඉල්ලාගෙන ආපු කෙනෙක් නෙමෙයි. ගිය අවුරුද්දේ ඉඳලායි ඔහු අපේ ප‍්‍රශ්නයට බර දැම්මේ. ඒකට අපේ ප‍්‍රදේශයේ හිටපු ජවිපෙ නාගරික මන්ත‍්‍රී සුමිත් අයියාත් උදව් කළා. මේ දෙන්නා අවංකවම අපිට උදව් කළා. ඒ දෙන්නා නොහිටියා නම් අපි අද මේ තත්්ත්වයේ නැහැ. ඇත්ත කියන්න ඕනෑ. සුනිල් වටගල මහත්තයා තමයි අපේ ප‍්‍රශ්නයට පිහිටවුණ පුද්ගලයා. අපි හැමෝම පක්ෂ පාට භේදයකින් තොරව ඔහුට ගරු කරනවා. ආරක්ෂක ලේකම් කිව්වා දියාරු පක්ෂයක ත‍්‍රීවිලර් එකකවත් යන්න වත්කමක් නැති එකෙක් මේක පිටිපස්සේ ඉන්නේ කියලා. හැබැයි ඒ දියාරුයි කියන පක්ෂයේ පෝෂණ කොටස්වලින් තමයි අපිට පෝෂණය ලැබුණේ. ත‍්‍රීවිලර් එකකවත් යන්න සල්ලි නැති මිනිහාගෙන් තමයි අපි මේ තරම් පන්නරයක් ලැබුනේ. ඒ ටික නොකිව්වොත් අපි ගුණමකුවෝ වෙනවා. හෙට අපිව පාරට දැම්මත් අපිට උදව් කළ අය අපිට මතකයි.

ඔබලා හැප්පෙන්නේ ප‍්‍රභාකරන් පවා ඉවර කළ පුද්ගලයෙක් එක්ක. බය නැද්ද?

බොරු කයිවාරු කියනවා නෙමෙයි. ඇත්තටම මම කාටවත් බය නැහැ. මම වැරදි කරලා නැහැ. ඒ නිසා මගේ අම්මා තාත්තා ළඟවත් මම නිවට විදිහට ඉන්නේ නැහැ. ඒ නිසා මම කාටවත් බය නැහැ. ඕනෑනම් කරන්න පුළුවන් එකම දේ මරන එක විතරයි කියලා මම දන්නවා. මැරෙන එක අපි කවදාහරි මැරෙනවානේ. ඔය කවුරුත් නොමැරෙන මිනිස්සු නෙමෙයිනේ. ඒ නිසා මම මැරෙන්න බය නැහැ.

සමරවීර සුනිල් පැහැර ගැනීම ඔබේ සංවිධානයට අනතුරු ඇඟවීමක් නේද?

ඔව්! ඔහුත් අපිත් එකට මේ නිවාස අර්බුදයට විසඳුම් සොයන අය. ඔහු පැහැරගෙනයෑම විශාල අනතුරු ඇඟවීමක්. ඒක හරහා අපේ සංවිධානයට (නිවාස සුරැුකීමේ) විශාල අනතුරක් දැනෙව්වා. මම කියන්නේ සුනිල් කියන්නේ පළමුවෙනියා මිසක් අන්තිමයා නෙමෙයි. අපි හැමදෙනාම ඒ බව ඔළුවේ තියාගෙන ඉන්නේ.

ජනතාව තුළ ඔබ දකින දුර්වලතා මොනවාද?

ඉක්මන් වෙනවා වගේම ඒ ඉක්මනින්ම අහකටත් වෙනවා. ඒක නරකයි. අපිට ආපස්සට හැරෙන්න බැහැ. මිනිස්සු වෙර දාලා ගහනකොට රිදෙන නිසා කෑගහනවා. ඒත් රිදිල්ල අඩුවුණාම අමතක කරනවා. ඒක මේ රටේ මිනිස්සුන්ගේ දුර්වලකමක්. දැන් ගුටිකෑවා නම් ආයේ ගහනකම්ම ඉඳලා වැඩක් නැහැ. අපි ඒකට කල්තියාම සූදානම් වෙන්න ඕනෑ. වනාතේ අපි ඒ තත්ත්වයේ ඉන්නවා.

එදා දුමින්ද සිල්වා ප‍්‍රතික්ෂේප වීම ඔබ දකින්නේ කොහොමද?

එදා ඔහු නෙමෙයි මේ ආණ්ඩුවේ කවුරු ආවත් ප‍්‍රතික්ෂේප වෙනවා. ඒකේ ආයේ දෙකක් නැහැ. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා තමයි අද ඔය මහ නිවාස මන්දිරය ඉදිවන තැන හිටපු මිනිස්සුන්ට එදා ගහලා එලෙව්වේ. අපි එදා ඒ මිනිස්සුන්ට ගහලා එලවනකොට සද්ද නොකර හිටියා.

ආණ්ඩුව මේ නිවාසවලට නව නිවාස දෙන බව කියනවා නේද?

කියන දේවල්, දෙන දේවල් ගැන ඕනෑතරම් නිදසුන් තියෙනවානේ. මේ මහල් නිවාස අපිට ගැළපෙන්නේ නැහැ. අපිට අපේ නිවාසවල වටිනාකමට වන්දි දෙන්න අපි යන්නම්. එහෙම නැත්නම් වටිනාකමක් පහසුකමක් ඇති නිවාස දෙන්න. ඒ මොකද අපේ මේ ගෙවල් මිලියන ගණන් වටිනවා. අපේ මේ බිම සෑහෙන වටින හින්දනේ ගන්නේ. ඒ ලොකු මුදලකට විකුණන්නනේ. එහෙමනම් අපිටත් අපේ වටිනාකම දෙන්න. අපිත් මේ රටේ මිනිස්සු. මේ ආණ්ඩු පිහිටුවන්න ඡුන්ද දීපු මිනිස්සු.

ඒ ගැන අද ඔබ කනගාටු වෙනවාද?

ඔව්. කනගාටු වෙනවා.