රාවය

සිත් සේ කඩන ලංකාවේ ඡන්ද නීති

සිත් සේ කඩන ලංකාවේ ඡන්ද නීති

ලංකාවේ උත්තරීතර නීතිය වන ආ ණ් ඩු ක‍්‍ර ම ව්‍යවස්ථාවට අනුව ‘ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව’ යනු ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා නියම කරන ලද දිනයෙන් ආරම්භවී එම ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල නිකුත්කරන දිනයෙන් අවසන් වන කාලසීමාවයි. එහෙත්, ලංකාවේ ඡුන්දදායකයන්ට අනුව නම් ‘ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව’ යනු ඡන්ද නීති රීති වැඩියෙන්ම, හිතාමතාම කඩකරන කාලයයි. මේ කාලය තුළ ඡන්දදායකයෝද, ඡන්ද අපේක්‍ෂකයෝද, ඔවුන්ගෙන් සැදි දේශපාලන පක්‍ෂද, රජයේ නිලධාරීහුද තමන්ට හැකිතරම් ප‍්‍රමාණයෙන් ඡන්ද නීති කඩකරති. ඒ සඳහා මෙතෙක් කල් පැවැති ආණ්ඩුවලින් මෙන්ම වර්තමාන ආණ්ඩුවේද ඉහළම සිට පහළට බලවතුන්ගෙන් අනුමැතිය අනුබලය යහමින් සැපයෙයි.

නීතියට ඉහළින් සිටීම

මෙවර බස්නාහිර හා දකුණු පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව ආරම්භ වූයේ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රසිද්ධියේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සමගිනි. ඔහු රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත්, මැතිවරණ නීතියත්, ආයතන සංග‍්‍රහයත් නොදන්නවා වන්නට බැරිය. හැරත්, මීට පෙර පැවැති කොළඹ මහනගර සභා මැතිවරණයේදී මිලින්ද මොරගොඩ මහතා වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නැගුණු ඔහු නීතිය අනුව වරදක් කළ බවට පැමිණිල්ලක් ඒ අවස්ථාවේදීත් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත්ව තිබුණි. මැතිවරණ කොමසාරිස්වරයා ඒ පැමිණිල්ල ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකොට ද තිබුණි. ඒ අවස්ථාවේ කිසිදු පියවරක් නොගත් නමුත්, රටේ නීති කැඞීම ගැන එවැනි විරෝධයක් තිබෙන බව රාජපක්‍ෂ මහතාත්, ජනාධිපතිවරයාත්, ජනාධි පති ලේකම්වරයාත් හොඳින් දැනගෙන සිටින්නට ඇති බවට සැකයෙක් නැත. එහෙත් ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා හෝ ඒ ගැන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විමසීමක් හෝ ඔහුට දැනුම්දීමක් හෝ කර නැති බවක් පැහැදිලිව පෙනෙන්නේ, මෙවරද රාජපක්‍ෂ මහතා ඒ වරදම නැවතත් කිරීමෙනි. ඉන් ප‍්‍රකට වන්නේ ජනාධිපති වරයාත්, ජනාධිපති ලේකම් වරයාත් රටේ මැතිවරණ නීති ගැන දක්වන අවමන්සහගත ආකල්පය මිස අන් යමක් නොවේ. අනෙක් අතට, ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම නීතිමය තත්ත්වය ගැන දැනදැනත්, ප‍්‍රසිද්ධියේ නීතිය කැඞීමෙන් පෙන්වා ඇත්තේ, කවුරු කෙසේ විරුද්ධ වුවත්, තමා රටේ නීතියට ඉහළින් සිටින, එය හිතුමනාපේ කඩකිරීමට හැකියාව ඇති පුද්ගලයකු බවය.

රාජපක්‍ෂ මහතා කර ඇත්තේ වරදක් බවට සැකයක් නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 170 වැනි ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණ වගන්තිවල ‘රජයේ නිලධාරියා’ යන අර්ථයට නොවැටෙන පුද්ගලයන්ගේ නාමලේඛනයක් තිබේ. ජනාධිපති, කතානායක, ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු යනාදී සැලකිය යුතු පිරිසක් එම ‘රජයේ නිලධාරීන් නොවන්නන්’ගේ නාමලේඛනයේ සිටිති. එහෙත්, එහි කිසි තැනෙක අමාත්‍යාංශ ලේකම්වරයා යන්න සඳහන් නොවේ. එහි තේරුම, අමාත්‍යාංශ ලේකම්වරයා රජයේ නිලධාරියකු වන බවය. ආයතන සංග‍්‍රහය අනුව, මාණ්ඩලික මට්ටමේ කිසිම රජයේ නිලධාරියකුට දේශපාලන කටයුතුවල යෙදීමට නොහැකිය. රාජපක්‍ෂ මහතා උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ වේදිකාවට නගින්නේ මේ සියල්ල හොඳින් දැනගෙනය.

මේ සිදුවීමෙන් නැවතත් පෙනෙන්නේ රටේ ඡුන්ද නීති කැඞීම ගැන කිසිම කනගාටුවක්, පසුතැවිල්ලක් ජනාධිපතිවරයාගේ සිටම කාටවත් නැති බවය. උදය ගම්මන්පිල මහතා රාජපක්‍ෂ මහතා තම ඡුන්ද වේදිකාවට කැඳවාගැනීම ගැන කනගාටුව ප‍්‍රකාශකළේ මැතිවරණ කොමසාරිස් වරයා ඒ ගැන ඔහුට දැනුම්දීම නිසාය. ඒ හැරෙන්නට ගෝඨාභය රාජපක්‍ෂ මහතාවත්, ජනාධිපතිවරයාවත්, ජනාධිපති ලේකම්වරයාවත් අද වන තුරු මේ වරද ගැන කිසිම සඳහනක් කොට නැතිය.

ඒ අතර, පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත මාධ්‍ය සාකච්ඡුාවකදී කීවේ, සිය නම හා අංක ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රශ්නයක් අපේක්‍ෂකයන්ට තිබෙන බවය. ඔහුගේ මේ ප‍්‍රකාශයෙන් නොකියා කියන්නේද ඡුන්ද නීතිරීති කැඞීම සාධාරණය යන්න මිස අන් කුමක්ද? මේ සිදුවීම්වලින් රටේ පවතින්නේ ඡුන්ද නීති කැඞීමේ අරමුණක් මිස එම නීති රැුකීමේ අරමුණක් නොවන බවද, නීති කඩන්නවුන් ආණ්ඩුවේ අය නම්, ඔවුන්ට කිසිදු විපාකයකට මුහුණ දෙන්නට සිදුනොවන බවද, ඔවුන්ට වරද කියන්නට කිසිවකු ඉදිරිපත් නොවන බවද අපට පැහැදිලි කර දෙයි.

නොදුටු සේ සිටීම

මෙවැනි තත්වයක් පවතින රටක, නීති කඩන්නවුන් බලවත්යැ’යි පිළිගන්නා නිසා ඔවුන් වරද කරන විට, ඒවා වැරදියැ’යි කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. මැතිවරණ කොමසාරිස් වරයා අපේක්‍ෂකයන්ගේ නම් හා අංක යොදා කටවුට් ගැසීම තහනම් කරතිබියදීත්, හරියටම බොරලැස්ගමුව පොලිස් ස්ථානය ඉදිරිපිට, ඇමැති ගාමිණි ලොකුගේගේ හා අපේක්‍ෂකයන් වන ඔහුගේ බෑනා ඇතුළු තිදෙනකුගේ රූප, අංක සහිත කටවුට් එකක් පසුගිය සතියේ දින කිහිපයක් තිස්සේම දක්නට ලැබිණි. තම පොලිස් ස්ථානය ඉදිරියේම එවැනි නීති කැඞීමක් අමු අමුවේ සිදුවීම නීතිය ක‍්‍රියාත්මක වන රටක නම් පොලිස් නිලධාරියකුට උහුලාගන්නට බැරි දෙයක් වනු ඇත. තමාගේ මුහුණට දමාගැසුවාක් සේ කෝපයක් ඔහුට පෙනෙනු ඇත. එහෙත් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා එය ඉවත්කිරීමට කිසිදු පියවරක් ගන්නා බවක් නොපෙනිණි. අවසානයේ එය ඉවත්කරන ලද්දේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික මැදිහත්වීමෙනි. පොලිස් ස්ථානාධිපතිවරයා තම දෑස් ඉදිරිපිටම නීතිය කඩකෙරෙද්දීත් එය නොදැක්කා ලෙස සිටියේ ඇයි? පිළිතුර පැහැදිලිය. සමස්තයක් ලෙස වැරදිකරන්නවුන්ට එරෙහි වන්නට දැන් ලංකාවේ රාජ්‍ය නිලධාරීහු බය ය. සමාජය තුළ ඒ බිය ඇතිකර තිබෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැන්නවුන් ප‍්‍රසිද්ධියේම නීතිය කඩා ඊට විපාක නොලැබ සිටිමින් දෙනු ලබන අපකීර්තිමත් ආදර්ශය විසිනි.

වගකීම ජනාධිපතිවරයාගේය

සාමාන්‍ය රාජ්‍ය නිලධාරියකු සම්බන්ධ විනය පාලනය හා ධුරයෙන් ඉවත්කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරෙන නමුත් අමාත්‍යාංශ ලේකම්වරයකු සම්බන්ධ යෙන් එවැනි පැහැදිලි විධිවිධානයක් නැත. ඒ නිසා ආ හැකි සරල නිගමනය වන්නේ අමාත්‍යාංශයේ ලේකම් වරයකු නීතියට අනුව වරදක් කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පියවරක් ගත හැක්කේ ඔවුන් එම ධුරවලට පත්කරන ජනාධිපතිවරයා විසින්ම බවය. එහෙත් ලංකාවේ ජනාධිපතිවරයා තම ආණ්ඩුවේ වගකිවයුතු නිලධාරියකුද, තම සහෝදරයාද වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පියවරක් ගනු ඇතැ’යි සිතීමට ඉඩක් නැත. අඩු ගණනේ ඒ සිදුවීම පිළිබඳව කනගාටුව පළකරන ප‍්‍රකාශයක්වත් ජනාධිපති වරයා කරනවා මේ වනතෙක් දකින්නට අසන්නට නැත්තේ ඒ නිසාය. එහෙත්, ජනාධිපතිවරයා ජනතාවට වගකීමට බැඳීසිටියි. ඔහු ජනතාවගේ ඡුන්දයෙන් තේරීපත්වන්නෙකු බැවිනි. දේශපාලනය කරන ජනාධිපතිවරයාට දේශ පාලන සදාචාරයක් තිබේ නම්, සිය සහෝදරයා නීති කැඞීම ගැන පියවරක් ගතයුත්තේ ඔහුය.

මැතිවරණ නීති

ලංකාවේ මැතිවරණ සම්බන්ධ නීතිය ඉතා ලිහිල් හා අවශ්‍ය ඕනෑම කෙනෙකුට රිංගායෑමට හැකිවන ලෙසත්, අසුවූ විට දඬුවමෙන් මිදී සිටීමට පහසුවන ලෙසත් සම්පාදනය වී තිබේ. ඉන්දියාවේ මැතිවරණ නීති හා සසඳන කල ලංකාව කෙතරම් පසුගාමීදැ’යි පැහැදිලි වෙයි. මේ තත්ත්වය මත මැතිවරණ කොමිසම හෝ කොමසාරිස්වරයාට කළ හැකි වන්නේ තමන්ගේ නොහැකියාව ගැන මැසිවිලි කියමින් කාලය ගතකරන්නටය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවට මේ මැතිවරණ නීති බලවන්ත කිරීමට කිසිම වුවමනාවක් නැත. ඔවුන්ගේ එකම දර්ශනය වී තිබෙන්නේ, හැකි තරම් තමන්ට වාසිදායක අවස්ථාවල මැතිවරණ පැවැත්වීමත්, කෙසේ හෝ ඒවා ජයග‍්‍රහණය කොට රටේ ජනතාව සිටින්නේ තමන් සමගයැ’යි අරියාදුකාර රටවල්වලට ප‍්‍රදර්ශනය කිරීමත්ය. එබැවින්, ඒ ගැන කැක්කුමක් තිබිය යුත්තේ, සාධාරණ මැතිවරණ හරහා ඊළඟට බලයට එන්නට බලාසිටින, එමෙන්ම වර්තමානයේ මැතිවරණ නීති කඩකිරීම් නිසා අසාධාරණයට ලක්වන විරුද්ධ පක්‍ෂවලටය. සාධාරණ හා නිදහස් මැතිවරණ නොපැවැත්වෙන තත්ත්වයක ඔවුන්ගේ බලය ගැනීමේ සිහිනය බොඳකරන බැවිනි. එහෙත්, අවාසනාවකට මෙන් ආණ්ඩුවේ සටකපට මැතිවරණ කාලසටහනට අනුව එන එන මැතිවරණ රැුලිවල තමන්ද ගිලී සිටිනවාට අමතරව කිසිවක් කරන්නට දැක්මක්, සූදානමක් හෝ වුවමනාවක්ද එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ විපක්‍ෂයට නැත.

එළැඹෙන සෑම ඡුන්ද විමසීමකදීම ආණ්ඩු පක්‍ෂයෙන් සිදුකෙරෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් ගණන් කරමින් තලූමරනවා විනා, මැතිවරණ දෙකක් අතර කාලය තුළ ඒ දුර්වල හා ඒ තරමටම බලරහිත නීති වෙනස්කර ගැනීමට ආණ්ඩුවට බලකැරෙන ව්‍යාපාරයක් ගොඩනැගීමට හෝ අඩුගණනේ ආණ්ඩුව එසේ කරන තෙක්, ආණ්ඩුවේ වුවමනාවට පවත්වන ඡුන්ද විමසීම් වර්ජනය කිරීමේ සාමූහික සූදානමක් හෝ විරුද්ධ පක්‍ෂ දක්වා නැත.

එහි ප‍්‍රතිඵලය වන්නේ ඡුන්ද විමසීමක් පැවැත්වෙන කාලය තුළ හැකි තරම් එම නීති කඩකිරීමත්, ඒවා හුදු සංඛ්‍යාලේඛන ලෙස ජනමාධ්‍යවලින් වරින්වර ප‍්‍රචාරය කිරීමත්, ඡුන්ද විමසීම අවසන් වූ පසු සියලූ දෙනාම කා බී ඊළඟ ඡන්ද විමසීමක් ආණ්ඩුව නියම කරන තෙක් තෙක් නින්දට යෑමත් ය.