මදුරෝ ඉවත්ව යනු

පසුගිය 04දා සිට වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝට යන ලෙස බලකරමින් වෙනිසියුලාවේ දහස් ගණන් ජනයා වීදි බැස සිටිති. එතැන් සිට මේ දක්වා ඇති වූ ගැටුම්වලින් 14ක් මියැදී 150ක් තුවාල ලැබූ බව වාර්තාගත ය.

2013 මාර්තු 05 දින සිදු වූ හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට නිකොලස් මදුරෝ පත් වූයේ එම අපේ‍්‍රල් 19 පැවැති විශේෂ ජනාධිපතිවරණයෙන් තියුණු ජයක් ලබමිනි. පොදු ප‍්‍රවාහන සේවාවක බස් රියැදුරකු ලෙස නිරතව සිටි ඔහු ’80 දශකයේ මුල් භාගයේ දේශපාලනයට පිවිසියේ වෘත්තීය සමිති නායකයකු වශයෙනි. ඉන්පසු චාවේස් සමග සමීප ඇසුරකට පත් වූ හේ පස්වන ජනරජ ව්‍යාපාරයේ කි‍්‍රයාධරයකු වූ අතර චාවේස්ගේ නායකත්වයෙන් යුතු ව ඇරඹි එහි අනුප‍්‍රාප්තික එක්සත් සමාජවාදී පක්‍ෂයේ පක්ෂයේ නියෝජ්‍ය තනතුරක් දක්වා ඉහළ නැග්ගේ ය. 2000 දී ව්‍යවස්ථාදායකයට පිවිස ඔහු චාවේස් යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. ලිබියාවේ ගඩාෆි පාලනයට සහාය දීම ඇරඹියේත්, කොලොම්බියාව සමග පිරිහෙමින් පැවැති සබඳතා යථා තත්ත්වයට ගෙන එන්නට අඩිතාලම දැමුවේත් ඔහුගේ සමයේ ය.

චාවේස් සිය පිළිකා රෝගයට ප‍්‍රතිකාර ගැනීමට කියුබාවට යන්නට පෙර නියෝජ්‍ය ජනාධිපති ලෙස පත් කරන ලද්දේ මදුරෝ ය. ඒ අනුව එතැන් සිට දිගට ම එරට පාලනය කරන්නේ ඔහු බව කිවහොත් එය නිවැරදි වනු ඇත.

මදුරෝ කොමියුනිස්ට් මතවාදයෙන් ප‍්‍රබල ලෙස පන්නරය ලැබුවකු බව ප‍්‍රකට ය. එහෙත් ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවියට අනුව ඔහු චාවේස්ගේ ප‍්‍රතිසංස්කරණ ආපසු හරවන්නෙකි. ‘සිය පැවැත්ම සඳහා ඔහු ජාතිකත්ව අභිප‍්‍රායයන් සහ දේශපේ‍්‍රමී කණ්ඩායම් අන්තර්ගත දක්ෂිණාංශයට පීතෘ භූමිය ගොඩනැගීම සඳහා ආයාචනය කරමින් සිටියි.’

වෙනිසියුලාව, ඇමරිකා එක්සත් ජනපදය සමග ඇයි හොඳයිකම් නොපවත්වන බව ප‍්‍රකට කරුණකි. ජනාධිපති හ්‍යුගෝ චාවේස් ඇමරිකාව සමග විරසක කියුබාව, ලිබියාව සහ ඉරානය සමග සබඳකම් වැඩි දියුණුු කළ අතර ඒවා කි‍්‍රයාත්මක කළේ විදේශාමාත්‍යවරයා ලෙස මදුරෝ ය. එසේම චාවේස් – මදුරෝ හවුල විසින් සමස්ත ලතින් ඇමරිකාවේ ම ආර්ථික ස්වාධීනත්වයක් උදෙසා කියුබාව, බ‍්‍රසීලය වැනි අනෙක් රටවල ද සහායෙන් විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කරන ලදි. කලාපයේ රටවල් අතර ඇරඹුණු ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් එවැනි එක් කි‍්‍රයාකාරකමකි.

මදුරෝ පරිපාලනයට එරෙහි මේ විරෝධතා ව්‍යාපාරය පසුගිය 04දා එරට ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ටැචිරා සහ මෙරිඩා යන දුරස්ථ පළාත් දෙකේ අරඹන ලදි. උද්ධමනය, වීථිගත මංකොල්ලකෑම් සහ දුරාචාර මැඬලන්නට රජය අපොහොසත් වීම යන කාරණා මුල කැර ගනිමින් එම ව්‍යාපාර ඇරඹිණි. මදුරෝ වෙනිසියුලානු ආර්ථිකය භක්‍ෂණය කරන්නේයැ’යි ඔවුහු චෝදනා කරති. විරෝධතා සාමකාමී වූ අතර පසුව ඒවාට විපක්ෂය ද හවුල් විණි. එවිට රජය කළේ මර්දන කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීම ය. පෙළපාළිවලට කඳුළු වායු ප‍්‍රහාර එල්ල කරන ලද අතර වෙඩි තැබීම් පවා සිදුවිය. විරෝධතා ව්‍යාපාර නායකයන් කිහිපදෙනෙක් ම අත්අඩංගුවට ගන්නා ලදහ.

එයින් කැළඹුණු විරෝධතාකරුවෝ ඉන්පසු කැරකස් අගනුවරට සේන්දු වී විනාශකාරී කි‍්‍රියාවල නිරත වන්නට වූහ. මරණ සංඛ්‍යාව ඉහළ ගිය අතර රජයේ දේපළවලට කෙරෙන හානි ද අත්අඩංගුවට ගැනීම් ද කෙමෙන් ඉහළ නැංගේ ය. ලා සැලිඩා ව්‍යාපාරය නම් විරෝධතා ව්‍යාපාරය මුල දී සාමිකාමී පොළපාළි හා උද්ඝෝෂණවල නිරත වුවත් පසුව ප‍්‍රචණ්ඩ බවට පත් වූ හෙයින් එහි නායක පොපියුලර් විල් පක්ෂයේ නායක හිටපු කැරකස් නගරාධිපති ලියෝපොල්ඬේ ලෙපෙස් අත්අඩංගුවට ගන්නා ලදි.

මේ අතර ලතින් ඇමරිකානු සංවිධානය මේ කාරණයේ දී මැදිහත් වෙමින් මෙම විරෝධතා හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නවතා දමා රජය හා සාකච්ඡුාවලට එන්නැ’යි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ආරම්භයේ දී දළද`ඩු බවක් පෙන් වුව ද ජනාධිපතිවරයා දැන් විරෝධතාකරුවන් හා සාකච්ඡුාවලට එක`ග බැව් පැවසේ.

මේ අතර මේ දක්වා අත්අඩංගුවට ගෙන සිටින සියලූ විරෝධතාකරුවන්ට අභය දානය කරන ලෙස ටැචිරා පළාත් ආණ්ඩුකාර ජොසේ ග්‍රෙගොරියා වියෙල්මා මෝරා ජනාධිපති මදුරෝගෙන් ඉල්ලා ඇත. වියෙල්මා මෝරා යනු හියුගෝ චාවේස්ට වෙනිසියුලාව පිහිටුවන්නට විප්ලවීය ගිනිසි`ඵව දැල් වූ පස්වන ජනරජ ව්‍යාපාරයේ ව්‍යාපාරයේ ශක්තිමත් පුරුකක් වන අතර එම ව්‍යාපාරයේ මදුරෝට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි අයෙකි. ඒ නිසා ජනාධිපතිවරයා ඒ ඉල්ලීමට එක`ග වනු ඇතැ’යි අපේක්ෂා කෙරේ.

වෙනිසියුලාව යනු ෆොසිල ඉන්ධන සම්පතින් අනූන රටකි. චාවේස් එය මැනැවින් හඳුනාගෙන සිය රටේ වටිනාකම වැඩි කරන්නට සැම විටම උත්සාහ ගත්තේ ය. මේ නිසා වෙනිසියුලාවට සතුරෝ බොහෝ ය. 2002 වසරේ චාවේස් රජය පෙරළන්නට කුමණ්ත‍්‍රණයක් ලත් තැන ම ලොප් වු කුමණ්ත‍්‍රණයක් වී ය. ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවියේ සඳහන් වනුයේ එය අමෙරිකාවේ මෙහෙයුමෙන් කළ දෙයක් බවයි. මෙවර ඇති වී තිබෙන්නේ ද සමාන තත්ත්වයකි. මේ විරෝධතාවල දී පෙරමුණ ගෙන සිටින්නේ දක්ෂිණාංශික කණ්ඩායම් ය. ලොපෙස් 2002 කුමන්ත‍්‍රණයට ද සම්බන්ධ බවත් පැවසේ. ඔවුන්ගේ දුරකතන සංවාදවලට සවන් දීමෙන් ඔත්තු සේවා ඒ බව අනාවරණ කැරගෙන ඇතැ’යි පැවසේ. ‘2002 වගේ එකක් කරමු’ යන අරුත් ඇති සංවාද ඔවුනතර පැවැතී ඇත. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය මෙහි පසුබිමේ ද සිටිනා බවයි.