ඔලිම්පික් සෙල්ලම ලෙල්ලම වේ

 

නොදන්නා කපුකම් කරන්නට ගොස් කී‍්‍රඩා අමාත්‍යවරයා ලෝක අමාරුවක වැටී ඇත්තේ මෙරට කී‍්‍රඩාව ද ලෝක විනාශයකට තල්ලූ කරමිනි. ඔලිම්පික් කමිටුවේ කි‍්‍රයාකලාපය හරි ද වැරදි ද සොයනු වෙනුවට මේ මොහොතේ කළ යුත්තේ එළඹි එක`ගතා කි‍්‍රයාවට නැ`ගීම වුවත් ඇමතිවරයා කරනුයේ නොකෙරෙන වෙදකම්ය. ව්‍යාජ අභිමානයකින් හිස උදුම්මවාගෙන සිටින කී‍්‍රඩා ඇමැතිවරයා සිතනුයේ තමාට ඉහළින් කපුටෙකුවත් නැති බවය. (කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ) එහෙත් ඒ මෙරටටය. ජාත්‍යන්තරය සමග ගළපද්දී අප බැඳෙන වෙනම යාන්ත‍්‍රණයක් පවතී. ඒ මෙරට ජාතික ඔලිම්පික් කමිටුවය. එබැවින් එය ජාත්‍යන්තරයේ ගහන ගැටයක් ගැලවිය යුත්තේ ගැටය ගහපු ඇත්තන්ම අල්ලාගෙන විනා තම අමාත්‍යාංශයේ වන්දිභට්ටයන් හරහා නොවන බව මේ ඇමැතිවරයාට නොවැටහේ. එසේ වැටහේ නම් කෙසේවත් අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම ලවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලියුම් නොලියන්නේය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගනුදෙනු කරනුයේ ඊට ආවේණික රටාවකට ඊට අනුබද්ධ අය සමගය. ඒ අනුව ඔවුන් පිළිගන්නා මෙරට ජාතික ඔලිම්පික් කමිටුවය. ඔවුන්ට මෙරට කී‍්‍රඩා ඇමති යනු හුදෙක් නිකංම නිකං චරිතයක් පමණි. මේ සුළු චරිතය මහා චරිතයට පණ පොවන්නට යෑම හරහා බාල්දු වන්නේ අපේ කී‍්‍රඩාවය. සායම සේදෙනුයේ මෙරට කී‍්‍රඩකයාගේය. ඒ බව සිහි වඩා ගත යුත්තේ මේ මොහොතේ අසිහියෙන් බොහෝ දෑ වන නිසාය.

ජිනීවා අර්බුදයට මෙරට සිට හ`ඩ න`ගන බාල ක‍්‍රමයටම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අරබයාද කි‍්‍රයා කරනු පෙනේ. මේවා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ යන ළාමක තර්කයට මොවුන් බැස ඇත. ඒ බව නොබෝදා කී‍්‍රඩා සංගම් කිහිපයක් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවෙන්ම ඔප්පු වේ. ඩිලාන් පෙරේරා ප‍්‍රමුඛ නඩය කී‍්‍රඩා ඇමතිවරයා ප‍්‍රධාන චූදිතයා කරමින් ර`ග දැක්වූ මාධ්‍ය නාටකයේ පිටපත අලූත්ගමගේගේ බව අපට නම් රහසක් නොවේ. එවැනි සිල්ලර සටන් පාඨ හරහා මේ ප‍්‍රශ්නය විසඳිය හැකිද?

දැනට මෙරට නිර්මාණය වී ඇති ඔලිම්පික් අවුල විසඳා ගත යුත්තේ ලූසෑන් ගොස් වැඳ වැටී පොරොන්දු වී ආ අයුරින්මය. අනෙක් තුට්ටු දෙකේ ක‍්‍රම තුට්ටුවක් නොවටින්නේය. ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට හානිකර යැයි සැලකෙන ජාතික කී‍්‍රඩා පනතේ රෙගුලාසි සංශෝධනයේදී මෙරට දක්වන ඇල්මැරුණු ස්වභාවය හේමසිරිට දෙහි කැපීමෙන් සමහන් නොවන බව පහුවී හෝ වටහා නොගැනීම අවැඩකි. මෙම සංශෝධන සඳහා පත් කළ කමිටුව නින්දෙන් ඇහැරවන්නේ දැන්ය. ඒ ජාත්‍යන්තරට ලියුම් ලියා ඒ ලියුම් කුණු බක්කියට විසිකොට අනතුරු ඇ`ගවීමේ ලිපි පෙරළා මෙරටට ආ කල දැන් සියල්ල පෙරළමින් පිළිතුරු සොයන්නේය.

හේමසිරි නිවැරදිව කි‍්‍රයා කළ අයෙක් යැයි අපි නොකියමු. ඔහු සම්බන්ධ විවේචන අපි ඇති පදම් ලියා ඇත්තෙමු. එකල අග්ගලා කෑ ගොලූවන් සේ සිටි අඳ ගොළු බිහිරි පිරිස් අද ප‍්‍රාතිහාර්යයකින් මෙන් දකින්නට අසන්නට කතා කරන්නට පටන්ගෙන ඇත්තේය. හේමසිරි නීති විරෝධීව කී‍්‍රඩා කරන කල ඊට උඩ ගෙඩි දෙමින් බඩපිනුම් ගැසූ අය අද මාධ්‍ය සාකච්ඡුා පවත්වා මෙන්න හේමසිරි මේක කනෝ යැයි මොර දෙති. එච්.යූ. සිල්වලා හේමසිරි සමග එකගෙයි කන යුගයේ රෙදි ඇඳගෙන සිටියාදැයි මතකයේ නැති නිසාදෝ අද ලජ්ජාව ගැන ලැජ්ජා නැතිව කතා කරති. සැමට සියල්ල පසක් වන්නේ බොහෝ ප‍්‍රමාද වූ පසුවය. එවිට පෙරහැර ගොස්ය. එබැවින් දැන් හේමසිරිගේ පදයට නටනු හැර වෙන තාලයක් නොපවතී. එයට කස්තිරම් අල්ලන්නට ගොස් පස්ස බිම ඇනගත් කී‍්‍රඩා ඇමති ගැන අපට කනගාටුවක් නැත. කනගාටුව ඇත්තේ මෙරට කී‍්‍රඩාව ගැනය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට එක ලියුමකින් මෙරට ඔලිම්පික් කමිටුව තහනම් කළ හැකිය. එවිට කුමන කායිවාරු ඇද බෑවද පලක් නොවේ. එවැන්නක් තමාගේ කාලයේ සිදුවිණැයි ලෝක අවමානයට පත්වීමට ඇමති බය බව සහතිකය. එබැවින් එකී බයට ඩිලාන් පෙරේරා ලවා පාලූ ගෙවල්වල වළං බිඳීමෙන් ඇති පලක් නැති බව සිතිය යුතුය.
කී‍්‍රඩා ඇමති හමුවීම හේමසිරි ප‍්‍රතික්ෂේප කරන බව බැලූ බැල්මට පෙනේ. කී‍්‍රඩා ඇමතිතුමාට ඔලිම්පික් කමිටු සභාපති සමග ගැටුමක් නැතැයි ඇත්තේ මත ගැටුමක් පමණක් යැයි ප‍්‍රසිද්ධියේම කියන්නේය. එහෙනම් ඒ මත ගැටුම විසඳා ගැනීම කාටත් හොඳ අත්දැකීමක් වනු ඇත.