රාවය

බිල්ලෝ වාඩියේ කරවල වේලීමේ කලාව

බිල්ලෝ වාඩියේ කරවල වේලීමේ කලාව

ඉක්මනට නිදා ගත්තේ නැත්නම් බිල්ලෝ එනවා. එයාල ද`ගකරන නෝටි ළමයි අල්ලගෙන යනවා. ආයි කවදාවත් එන්න හම්බවෙන්නේ නැහැ. එයාලා ද`ග ළමයි ගෙනියන්නේ කරවල වාඩිවලට ඒවා තියෙන්නේ මුහුදෙන් එහා. පුංචි පුංචි දූපත්. බෝට්ටුවලින් ගිහින් දාලා එනවා. ආයේ එනවා බොරු. අම්මා අපිට මේ කතා කියන කොට අපි නින්දට වැටෙනවා ටක් ගාලා. කරවල බිල්ලෝ එයි කියල අපි අඹ, ජම්බු, නන්නං කඩන්නේ නැතුව ඉස්කෝලේ ඇරිල ගෙදර දුවනවා එක හුස්මට. කවදාවත් කරවල වාඩියට ගෙනිච්ච කෙනෙකුත් නැහැ. ඒත් අපි ගොඩක් බයයි. ඒ අතීතය. ඒ අතීතය මට මතක් වුණේ තලෙයිමන්නාරමේ පැරණි පාලමට ගියාට පස්සේ.

පැරණි පාලමේ කරවල වාඩි

ගිනි ගහන අව්ව අපේ ඇෙ`ග් තියෙන වතුර එක හුස්මට උරා ගන්නවා. අපිට ඉක්මණින්ම මහන්සි හැදෙනවා. පියරයේ ජැටිය ඉන්දියාව දිහාට අත දිග්කර ගෙන බලාන ඉන්නවා. පහන් කුලූන රාති‍්‍රය එනකම් නිදාගෙන ඉන්නවා. ලිහිණින් කෑගහනවා. පිටරටවලින් සංචාරයට ආපු කොක් රංචු රංචු වැල්ලේ දූපත් වුණ පුංචි දිය කඩිතිවල මාළු බානවා. කාක් කාක් හැමතැනම සුපුරුදු හ`ඩ. මාළුන්ගේ අතුනුබහන් අරගෙන උන් පියාඹනවා.

වෙරළේ එක පෙළට කරවල වාඩි හිටුවලා ලී ද`ඩු සිටුවලා පොල් අතු වහලන තියෙන මේ වාඩිවල මිනිසුන්ගේ දාහය නිවා දානවා බඩ වියත රැුක ගන්න දෑතේ කරුමාන්තයට සවිය දෙනවා. සුළ`ග ටිකක් අඩු කාලේ මේ. සුළ`ග පරයා, ලිහිණින් තරග කරනවා අහසේ පාවෙන්න. පහළ මිනිස්සු තරගයක ජීවත් වෙන්න. දැන් ටිකක් මාළු අහුවෙනවා.

සුරුක්කුව

ඉර මුහුදේ නානවා. මොහොමඞ් නජාෆ්ලා. සදාම් හුසේන්ලා කල්පනාවෙන්. යාත‍්‍රාව ඉදිරියට ඇදෙනවා. යාත‍්‍රාවේ ඉදිරියෙන්ම ඉන්න මන්නඩි කෑගහනවා. මන්නඩි කියලා කියන්නේ මාළු අහිනක් ඉන්නේ කොතැනද කියල ඇහැ ඉස්සර කොරන් යන කෙනාට කියල තමයි කියන්නේ. මට සදාම් හුසේන් හම්බවුණේ එහෙම ඇහැ ඉස්සර කොරන් යන කෙනෙක් විදිහට. එයාට කැරලි ගෑහෙන රංචු ගැහෙන මාළු රංචු පේනවලූ. රතු පාටයිලූ. දිලිසෙනවලූ. ඉතින් ඔන්න එයා කෑගහනවා එතකොට යාත‍්‍රාවේ අනික් කට්ටිය සුරුක්කුවෙන් මාළු කැළ වටකරන්නයි සූදානම. මේ කෙරුවාවට පාවිච්චි කරන්නේ සුරුක්කු දැල තමයි ඉතින්.

එහෙව් විදිහට ගොඩබිම් නොපෙනෙන ඉමක මාළු රංචු සොයා ගෙන ගිය නජාෆ්ගේ යාත‍්‍රාව ගොඩට ඇවිත්. දවස නරක නැති පාටයි. කරවල කෙරුවාවේ ඇරඹුම සටහන් වෙන්නේ මේ සුරුක්කුවෙන් තමයි.

‘‘මගේ ගම නොච්චියාගම. මම දැනට තලෙයිමන්නාරම ඕල්ඞ් පියරයට ඇවිත් අවුරුදු 4ක් වෙනවා. මෙහෙ රස්සාව හොඳයි. මට කොල්ලෝ දෙකයි එක කෙල්ලයි ඉන්නවා. අපි හැමෝම ජීවත් වෙන්නේ මේකෙන්. අපි උදේම දියඹට යනවා නැත්නම් හවසට යනවා. සාමාන්‍යයෙන් එක ගමනකට තෙල් ලීටර 60 -70ක් පුච්චනවා. අපි සතියේ හැම දවසකම වගේ මේ විදිහට රස්සාවට යනවා. සතියෙම ආදායම එකතු කරලා සිකුරාදාට තමයි ගණන් බේරන්නේ. සතියක ආදායම රු 2500 ඉඳල රු 6000 වෙනකම් විතර වෙනවා. මාළු අහුවෙන කාලෙට මේ රස්සාව හොඳයි නැති කාලෙට ටිකක් අමාරුයි. අපි අල්ලන මාළු එක්කෝ කරවල කරනවා නැත්නම් අයිස් කරනවා. ඒක ඉතින් අපෙන් ගන්න මුදලාලිගේ අතේ තියෙන වැඩක්. සුරුක්කුවෙන් මාළු අල්ලගෙන ආපු නජාෆ්ගෙන් පස්සේ මට ටිකක් කරවල ඉතිහාසය අවුස්සන්න හිතුණා.

කරවල ඉතිහාසය

ගොවිතැනින් ජීවත් වුණ මිනිසා තමන්ට ලැබෙන අස්වැන්න මතු කාලයට ඉතුරු කරන්න පුරුදු පුහුණු වුණේ අතීතයේ ඉඳලම. එයාල ධාන්‍ය වර්ග දඩමස් වගේ දේවල් අමාරු කාලවලට පාවිච්චි කරන්න කල්තබා ගන්න පුරුදු වුණා. ඒකට එයාල එක එක ක‍්‍රම අත්හදා බැලූවා. සමහර දේවල් සාර්ථක වුණා. ඉතින් මිනිස්සු ඉස්සරෝම කාලේ ඉඳලම මාළු අල්ලන් කන්න පුරුදු වෙලා හිටියනේ. ඒකාලේම එයාල මේක කල්තියාගන්න ක‍්‍රමත් කල්පනා කළා. හොඳම ක‍්‍රමය අව්වේ වේලන එක. එයාල දඩමස් දුන්ගහනවා වගේම මිරිදිය මාළු අව්වේ වේළුවා. මාළු අව්වේ වේලනකොට මාළුවගේ ඇෙ`ග් තියෙන වතුර කොටස් වාෂ්ප වෙනවා. බැක්ටීරියා වගේ ක්ෂුද්‍ර ජීවි කි‍්‍රයාකාරීත්වයන් අඩපන වෙනවා. පස්සේ කාලෙකදී හොඳ විෂ බීජ නාශකයක් වුණ ලූණුත් මේකට එක්කාසු කළා. ඔන්න ඔහොමයි කරවල කෙරුවාව පටන් ගත්තේ. හැබැයි ඉතින් දැන් ශීතකරණ ඇවිත් කරවල කෙරුවාව ටිකක් මන්දගාමී කරලා.

වාඩියේ කතා බස් එක

මතකනේ මුලින්ම කිව්වා බිල්ලන්ගේ කරවල වාඩි ගැන. ලංකාවේ වැඩියෙන්ම කරවල වාඩි තියෙන්නේ පුත්තලම, කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ් වගේ කලාපවල. අපි මේ ප‍්‍රදේශ අනුව කරවල රසත් වර්ග කරනවා නේ. සමහර අයට පුත්තලමේ කල්පිටියේ කරවලවලට වඩා මන්නාරමේ කරවල රසයි. ලංකාවේ ශුෂ්ක කලාපයේ වෙරළ මේ කරවල කෙරුවාවට ගොඩක් හොඳයි. කරවල වේලිල්ලට දවස පුරාම එකවගේ අව් රශ්මියක් ඕන. ඉතින් මන්නාරම ඔල්ඞ් ෆියරයට නම් ඒක ඉහටත් උඩින්. මුහුණේ ලූණු මිදෙනා කාෂ්ඨක අව්වේ තවත් මදක් කරවල වාඩියකට රිංගුවා. මට මුලින්ම මුලිච්චි වුණේ නිශාර් එයාට හොඳට සිංහල පුළුවන්.

‘‘මාළු බෝට්ටුවෙන් ගත්තට පස්සේ වාඩියට ගේනවා. ඊට පස්සේ මාළු කපන අයට මාළු ටික භාර දෙනවා. එයාල මුලින්ම වරල් කපනවා. ඊට පස්සේ මාළුව දෙකට පලනවා. ඊට පස්සේ මාළුවගේ බොකු බඩවැල් සේරම අයින් කරලා ලූණු දානවා. ඒ විදිහට ලූණු දාලා එක රැුයක් තියෙන්න ඇරල පහුවදා සෝදලා අව්වට දානවා. ඒපැත්ත මේපැත්ත පෙරළලා දවස් 1 1/2ක් වේලනවා. 1980 විතර වෙනකම් මෙහේ මාළු ජාඩිත් කළා දැන් කරවල විතරයි කරන්නේ’’

මේ විදිහට කරවල රස්සාව ලේසියට පෙනුණාට ඒක ටිකක් අමාරු වැඩක්. මන්නාරමේ මේ ඕල්ඞ් පියරයට කරවල රස්සාව කරන්න මුලතිව්, වව්නියාව, කල්පිටිය, මීගමුව වගේ ප‍්‍රදේශවලින් මිනිස්සු ඇවිත් ඉන්නවා. ඒ විතරක් නොවෙයි දකුණු ඉන්දියාවේ කට්ටියත් ඉන්නවා. ඔවුන් ගෙවන්නේ අන්ත දුප්පත් ජීවිතයක්.

කරවල රවුම

ගැහැනු රවුමට ඉඳගෙන මාළු කපන්න පටන් ගත්තා විතරයි. කාක් රංචුව ළ`ගම කැරකෙනවා. ඕපාදූප අහසට විසිකරන ගමන් එක්කෙනෙක් මාළුවගේ වරල් කපනවා. තවත් කෙනෙක් මාළුව දෙකට පලනවා. තවත් කෙනෙක් බොකු බඩවැල් ඉවත් කරනවා. ශ‍්‍රම විභජනය මෙතන. කරවල වාඩියේ අද කැපෙන්නේ අංගුළුවෝ. රසම රස කරවල වර්ගයක්. කොයි කලකත් තලෙයිමන්නාරමට අංගුළුවෝ හි`ග නෑ කියලා තමයි කියන්නේ. එයාල මෙහෙම කතා කරන ගමන් ආර්ථික අමාරුකම් වගේ දේවල් අහසට විසිකරල දානවා. ශාන්තිනී මාළුවා සුරුස්ගාලා දෙකට පලනවා. ඒවගේම ශාන්තිනී ටිකක් කටකාරයි. එයා මුලින්ම අපිට කතා කළා. නඩා එයාගේ වචන සිංහලට දැම්මා.

‘‘අපිට එක මාළු කිලෝ එකක් කපනවාට වාඩියෙන් රුපියල් 6ක් දෙනවා. මාළු කිලෝ 10ක් කැපුවොත් රුපියල් 60යි. ඒක දැන් මෙතන හයක් ඉන්නවා හය දෙනවා අතරේ බෙදිලා යනවා. මාළු තියෙන දවස්වලට හොඳයි නැති කාලෙට මේ කෙරුවාව ඒ තරම් හොඳ නෑ. සමහර කාලවල සතියටම 1500ක් විතර තමයි එක්කෙනා ගන්නේ. සමහර කාල තියෙනව රුපියල් 5000 ගන්නවා.’’

ශාන්තිනීගෙන් හිස් වුණ හිත් තැන ලූවිෂ් අම්මා පිරෙව්වා. එයා 90 ඉඳලා 95 වෙනකම් ඉන්දියාවේ පාන්ඩිතේරිවල ඉඳලා තියෙනවා. මන්ඩමන් කෑම්ප් එකෙත් කාලයක් හිටියාලූ. එයා ඉන්දියාවේ හිටිය අතීතය ඇවිස්සුවා.

‘‘ඉන්දියාවේ අනාථ කඳවුරුවල හිටිය කාලේ ගොඩක් හොඳයි මහත්තයෝ කන්න බොන්න හැම දෙයක්ම නිකම්ම හම්බ වුණා. දැන් රස්සාව කරලා කනවා. ඒකත් හොඳයි. මේ ගමන යුද්ධ කාලේ අපි මෙහෙම හිටියා ඉන්දියාවේ 95ට පස්සේ ගියේ නැහැ. දැන් කරවල කරන්න මාළු කපල තමයි ජීවත් වෙන්නේ.’’
මේ බිමේ ගොඩක් අයට යුද්ධත් එක්ක ළ`ගින් ගැටගැසුණු ජීවිතයක් තියෙනවා. එයාල දැන් එක් කල්පනා කරන්නවත් කැමති නැහැ කියල තමයි කියන්නේ. මීළ`ගට අපි කරවල වාඩියේ අයිතිකරුවා ෆාරිෂ් ජිව්ෆාර් අයියත් එක්ක කතා කළා.

‘‘මම දැනට අවුරුදු 25ක ඉඳල මේ රස්සාව තමයි කරන්නේ. මේ පියර් එක තමයි මම ඉපදුණු ගම. මේ පැත්තේ ගොඩක් කරවල කරන්නේ කුම්බලාවා, අංගුළුවා, හුරුල්ලා, සාලයා වගේ පුංචි මාළු. කට්ටාව, බලය වගේ ලොකු මාළුත් සමහර කාලවලට කරනවා. මාළු වැඩිපුර අහුවෙන කාලයට මාළු ගාන හොඳටම බහිනවා. මාළු හි`ග කාලෙට මාළු මිල වැඩියි. එතකොට ඉතින් කරවල මිලත් වැඩිවෙනවා. අනික මාළු කිලෝ 1ක් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් කරවල ග‍්‍රෑම් 500ක් වගේ තමයි වේලන්න පුළුවන්. මේ රස්සාවේ වරදක් නැහැ. කරවල වේලූව ගමන් අපි ළ`ගටම මුදලාලිලා ලොරිවලින් ඇවිත් අරගෙන යනවා.’’

කරවල වියළන හැටි කපනහැටි ලූණුදාන හැටි සෝදන හැටි මේ සේරම බලලා මම ඕල්ඞ් පියරයේම කරවල කඩයකට ගොඩ වැදුණා. හැම තැනම කරවල. කීරමින් රුපියල් 100යි. සූඩයා 100යි. මිනිහා මට ගණන් කියා ගෙන යනවා.

කොළඹට වඩා කරවල ගණන් භාගෙට භාගයක් මෙහෙ අඩුයි. ඒවගේම මෙහෙ තියෙන්නේ කල් ඉකුත් නොවූ කරවල. ඒවා හරිම රසයි. මටත් කරවල කෑල්ලක රස බලන්න ඉක්මණටම ගෙදර යන්න හිතුණා. ඔල්ඞ් ෆියරයෙන් කරවල රාත්තලක් අරගෙන මමත් කොළඹ බසයට නැග්ගා.