රාවය

හම්බන්තොට පිපාසයට බඩල්කුඹුර බිලිදීම

මොනරාගල – බිබිල මාර්ගයේ මඳ දුරක් ගිය තැන මංසන්ධියකි. කුඹුක්කන් ඔය නිම්නයඉහළට විහිදුණු වංගු පාරේ කෙළවර බදුල්ලය. මාගේ ගමනාන්තය අතර ම`ග බඩල්කුඹුරය. බඩල්කුඹුර කුඩා නගරයකි. කඩවීදි අතර රබර්, කුරුඳු, කොකොවා, ගම්මිරිස් ආදී අපනයන බෝග අස්වැන්න මිලදී ගන්නා කඩ බහුලය. මෙනිසාම බඩල්කුඹුර මේ භෝගවලින් සශී‍්‍රකය. බඩල්කුඹුර නගරයේ කඩවීදිය මැදින් ඉහළට ගොස් පහළට වැටෙන ම`ග කරවිල නම් ගමය. අපූරු නමකි. අපූරු ගමකි. ගම මැදින් ගලා යන කුඹුක්කන හා එකතු වන ඔය මැදින් රන් කරවිලයක් මතු වූ නිසා ගම කරවිල නම් විය. මමත් රන් කරවිලය මතු වූ ගමට ගියෙමි. ඒ මන්ද?

කසුකුසුව

පන්සලක රජ විය යුත්තේ නිවී සැනහෙන ගුණයමය. එහෙත් දැන් කලක සිට කරවිලය පන්සලට නැත්තේමත් එයමය. මිනිසුන් පන්සල් බිමේ රංචු ගැසී කතා බහකය. ඒ ළ`ග ළ`ග එන විපතක් ගැනය. බොහොම අමාරුවෙන් ජීවිතය ගැටගසාගෙන අළු දුහුවිලි මතින් නැගිටි ගම්මානයක් යට කර එන ව්‍යසනයක් ගැනය. ‘‘අපේ ගමට පහළ වැවක් බඳිනවාලූ. අපේ ගම්මාන සේරම යටවෙනවාලූ. මේ වැව නිසා මොනවාද අපිට වෙන්නේ, අපේ ඉඩම්වලට මොනවාද වෙන්නේ, මේ මොකවත් අපි දැන්නෑ මහත්තයෝ. ‘‘මේ රැුස්වූවන්ගේ කතාබහය. සියල්ලෝම සිටින්නේ රජය සමග ආරෝවකය. අපි ඡුන්දය පාවිච්චි කළේ උන් හැටි තැන් අහිමි කර ගන්නද? ඔවුහු ප‍්‍රශ්න කරති.

මොකද්ද මේ ප‍්‍රශ්නය

මේ ප‍්‍රශ්නය පටන් ගන්නේ 2009 වර්ෂයේදීය. ඒ බඩල්කුඹුර කරවිල ආදී ප‍්‍රදේශ පසුකර ඇදෙන කුඹුක්කන් ඔය මී ගැරුල්ල ප‍්‍රදේශයේදී හරස්කර ඇනිකට් බැඳීම සඳහා පර්යේෂණ කටයුතු ආරම්භ කිරීම මතය. එහෙත් එය ඇනිකට් එකක්ය. එනිසා ගැටලූ නැත. ලොකු වේල්ලක කතාවක් එතන එකල ඇත්තේම නැත. එහෙත් දැනට මාසයකට පමණ පෙර කරවිලය, තැන්නේයාය, පල්ලේගම, කඳන්පාරුව ආදී ගම්මානවලට පැමිණි මොනරාගල මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීහු ගෙවල් දොරවල් මැදින් වතුපිටි මැදින් මැනුම් කටයුතු සිදුකරන්නට පටන් ගත්තෝය. ප‍්‍රශ්නය පටන් ගත්තේ එතැනින්ය. මේ මොන ම`ගුලක් ද සිදුවන දෙය නොමදැනී මිනිසුන් කල්පනා කරන්නට වූහ. මෙලෙස මැනුම් කටයුතු සිදුවන අතර මීගැරුල්ල ප‍්‍රදේශයේ කුඹුක්කන නිම්න භූමිය දෙපස පිහිටි කඳන්පාරු කන්ද, හොරගොල්ල කන්ද වේල්ලකින් එක්කාසු කරන බවද වේල්ලේ උස මීටර 265ක් පමණ බව ද ගම්මුන් අතර ප‍්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත්තේ නැත. තම ඉඩම් රජයේ නිලධාරීන් මනින කල ජනතාවගේ සිත් තුළ පැළ වූ සැකයට සාධාරණ පිළිතුරක් මෙම ප‍්‍රචාරය මතින් ලැබුණි. මිනිස්සු පන්සලට එකතු වී සාකච්ඡුා කරන්නට වූහ. බඩල්කුඹුර කරවිලය ප‍්‍රදේශය තුළ ජනතා නොසන්සුන්තාව දලූලන විට  පළාතේ සිටින ජ්‍යෙෂ්ඨතම ඇමතිනිය වන සුමේධා ජයසේන රැුස්වීමක් කැඳෙව්වාය.

අමාරුවෙන් ගත්ත සංවර්ධනය

‘තමන් දීර්ඝ කාලයක් මොනරාගල මන්තී‍්‍ර ලෙස කටයුතු කළත් දැනෙන සංවර්ධනයක් මොනරාගලට කරන්න බැරිවුණු නිසා බොහොම අමාරුවෙන් මොනරාගල සංවර්ධනය කරන්න ගත්ත මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න එපායැ’යි පසුගිය පෙබරවාරි 13 වැනි දින බඩල්කුඹුර ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය තුළ ප‍්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ රැුස්වීම් අමතමින් සුමේධා ඇමතිවරිය ප‍්‍රකාශ කළ බව ගම්මු පවසති.

රැුස්වීම දිග්ගැස්සීමේදී බොහොම අමාරුවෙන් ඇමතිතුමිය තම බල ප‍්‍රදේශයට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ දිග පළල ජනතාවට විවෘත වන්නට වුණි. පැමිණි බලධාරියෝ චන්ද්‍රිකා සිතියම් ගුවන් ඡුායාරූප ආදිය පෙන්වමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිසා අදාළ ප‍්‍රදේශයට සිදුවන හානිය අවම බව කියන්නට මහන්සි ගත් අතර බොහෝ තොරතුරු වහන් කරමින් කතා කළ බව ද තමන් ඇසූ ප‍්‍රශ්න කිසිවකට සාධාරණ පිළිතුරු නොදුන් බව ද ගම්මු ප‍්‍රකාශ කරති.

‘‘අපි සංවර්ධනයට විරුද්ධ නැහැ. සංවර්ධනය වුණ තැනක් විනාශ කරලා තැනක් සංවර්ධනය කරන එකටයි අපි විරුද්ධ. අනික මේ අපේ උපන් ගම. මේ ප‍්‍රදේශයේ කවුරු මොන සංවර්ධනය කළත් ගමේ ජනතාව විදිහට අපිට අයිතියක් තියෙනවා ඒ ගැන ප‍්‍රශ්න කරන්න. අපේ ඡුන්දයෙන් අදාළ තැන්වලට ගිහින් මේ ව්‍යාපෘති අරගෙන එන මැති ඇමතිවරු දැනගන්න  ඕනෑ ඇත්ත තත්ත්වය ජනතාවට පැහැදිලි කරලා දෙන්න. ඒත් මේ කිසි දෙයක් මෙතන නැහැ. එයාලා මේ සංවර්ධනය කරන්න හදන්නේ චණ්ඩි කමින් නම් අපි ඒකට විරුද්ධයි.

අපි ප‍්‍රාදේශීය ලේකම්ගෙන් ඇහැව්වා. ග‍්‍රාම නිලධාරිතුමාගෙන් ඇහැව්වා. මේ කිසිකෙනෙක් මේ ව්‍යාපෘතිය ගැන දන්නේ නැහැ. මම වාරිමාර්ග ඉංජිනේරුවාගෙන් ඇහැව්වා. මට කිව්වේ ජලාශයෙන් මැද ඉඳලා වටේටම කිලෝමීටර 7 ගානේ යට වෙනවා කියලා. එතකොට සුළු ප‍්‍රමාණයක් කියලා ද හිතන්නේ. මේ වේල්ල බඳින්න හදන තැන ඉඳලා වටේටම තියෙන්නේ මිනිස්සු වගා කළ සශ‍්‍රීක ඉඩම්.’’

මෙලෙස රාවයට අදහස් දැක්වූ දෙහිපිටියේ නාරද හිමියන් ප‍්‍රකාශ කළේ තම ගමේ ජනතාව මේ කිසිවක් පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නිවැරදිව නොදන්නා බවය. මේ නොදන්නාකම නිසාම ඔවුහු ඉහේ කෙස්ගානට රාජ්‍ය නිලධාරීන් මුණ ගැසුණෝය. තම ගැටලූවට පිළිතුරු නොමැති කල එහෙන් මෙහෙන් කනින් කොනින් අසා දැනගත් දෑ සමග ඔවුන් ගමේ පන්සලේ නායක හාමුදුරුවන් පෙරටු කරගෙන ඌව මහ ඇමතිතුමා මුණගැසීමට ගියෝය. ප‍්‍රශ්නයට එතැනින් ලැබුණේ අපූරු පිළිතුරකි.

මහඇමතිතුමාගේ පිළිතුර

‘මහත්තයෝ දැන් මෙතන ලොකු ඩෑම් එකක් තමයි ගහන්න යන්නේ. අපිට පේන විදියට ලොකු ප‍්‍රමාණයක් යටවෙනවා. මේ යටවෙන ප‍්‍රදේශයේ ඔක්කොම පවුල් 3000ක් විතර ජීවත් වෙනවා. ඉතින් මේ ප‍්‍රශ්නය අපි හැමෝගෙම ජීවිතත් එක්ක දැන් බැඳිලා ඉවරයි. ඒ නිසාම අපි ඌව මහඇමතිතුමා හම්බවෙන්න කියලා ගියා. අපි එක හ`ඩින් කියුවේ මේ ව්‍යාපෘතිය අපිට ලොකු හානියක් කරනවා අයින් කරගන්න කියලා. මහඇමතිතුමා කිව්වේ කවුරු මොනවා කිව්වත් මේක කරනවාමයි කියලා. එතකොට මම කිව්වා එහෙනම් මහත්තයෝ අපිට වහ කන්න තමයි වෙන්නේ කියලා. එතකොට එතුමා ගත් කටටම කිව්වා එහෙනම් හාමුදුරුවනේ දැන්මම කන්න කියලා. අපේ ඡුන්දයෙන් ඔය පුටුවලට ගිය ඒ මහත්තුරු දැන් අපිට වහ කන්න කියනවා. අනික එතුමා කිව්වා අපි මේ ව්‍යාපෘතියට විරුද්ධව පවුල් 5000ක් ගේනවා නම් එතුමා පවුල් 10,000ක් පක්ෂව ගේනවා කියලා.’’ මේ කරවිල මහ පන්සලේ නායක ආනන්ද සාගර හිමිය. ජනතාව තමන්ට හෙට දවසේ කුමක් සිදුවනු ඇත්දැයි නිරන්තරව ප‍්‍රශ්න කරන්නේ පන්සලෙන්ය. එනිසාම විහාරය අද දවසේ මේ ගම්මානවල දේපළ සුරැුකීම සඳහා පෙරමුණ ගෙන ඇත.

ඇයි මේ ජලාශය හදන්නේ?

මොනරාගල, මැදගම, බඩල්කුඹුර ආදී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන තුළට ගොනුවෙන පල්ලේගම. ඇල්ල, තලාව, කරවිලය, මයිලගස්තැන්න ආදී වූ ගම් 30ක පමණ ජනතාව අද ගෙවන්නේ තරමක සුව පහසු දිවි පෙවෙතකි. අවුරුදු 30ක් 40ක් ඔවුන් තම දහඩිය කදුළු වගුරුවා කාස්ටක වෙල්ලස්ස පොළොව වෙනස් කර ඇත. මෙහි වෙසෙන බොහෝ දෙනෙක් අතිදුෂ්කර උක් ව්‍යාපාරයෙන් තම දිවි පෙවෙත අරඹා අද වන විට රබර්, ගම්මිරිස් වැනි ස්ථීර භෝග වගා ක‍්‍රමවලට මාරු වී මාසිකව ලක්ෂ ගණනින් ආදායම් ලබමින් සිටිති.

‘‘මගේ නම ආර්.එම්.ජයතිලක. මම මගේ මුල්ම උක් මෝල පටන්ගත්තේ 1982.10.28 වැනිදා. ඒ තැන්නයාය කියන ගමේ. එදා ඒ ගමේ හිටියේ පවුල් 10ක් විතර. අපි තිබුණ කැළෑ එළිකරලා ඒවා අස්වැද්දුවා වගා කළා. බොහොම අමාරුවෙන් තමයි මේවා ගොඩනැගුවේ. මට දැන් රබර් අක්කර 25කුයි ගම්මිරිස් අක්කර 5ක් තියෙනවා. මේ ව්‍යාපාරය ආවොත් ඒ සේරම යටවෙනවා. අපිට වෙන තැනකට ගිහින් දෙන බෝඩිමක් අරගෙන ආයෙත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා ද මහත්තයා හිතන්නේ.’’ ජයතිලක මහත්තයලාගේ ශ‍්‍රමය මේ බිමේ ඇවිදින  ඕනෑම කෙනකුට පෙනෙන එක වළක්වන්න බැරි බව සත්‍යය. ඉර එළිය පොළොව සිපගන්නේ කලාතුරකින්ය. ඒ රබර් දලූ අතරින් ගම්මිරිස් කරල් අතරින් පෙරී ඇවිදින්ය. දොඩම් රඹුටන් වැනි පලතුරු හැම ගෙවත්තකමය. මෙවැනි දෙපයේ වීර්යයෙන් නැගී සිටි මිනිස් කැළක් යටකර ජලාශයක් ඉදිකිරීමට පාලකයන්ට තිබෙන අවශ්‍යතාව මොකක්ද? බොහෝදෙනකු කියන්නේ මෙම ජලාශයෙන් වතුර හම්බන්තොට නගරයේ පිපාසය නිවන්නට බවය. නැතිනම් මොනරාගල, සියඹලාණ්ඩුව පැත්තේ බහුජාතික කෙසෙල් වගාකරුවන්ට බවය. මේ සියලූ දේ සත්‍යයේ ජනතා උස් හ`ඩට කන්නොදෙනවා නම් ඔවුන් මෙම ජලාශයට බිලි දෙන්නේ සශි‍්‍රක වගා ක‍්‍රමයක් මගින් ආදර්ශමත් ලෙස ජීවිතය ගොඩන`ගා ගත් තෝමස් මහත්තයා වැන්නවුන්ය.

තෝමස් මහත්තයාගේ ජීවිතය

තෝමස් රාජපක්ෂ මහත්තයා බඩල්කුඹුර මේ ප‍්‍රදේශයේ දුක්විඳ නැ`ගිට දැන් දෙපයින් ඇවිදින බොහෝ මිනිසුන්ගේ මාහැ`ගි නිදර්ශනයයි. තෝමස් මහත්තයා 25 හැවිරිදි තරුණයකු ලෙස විවාහ වී ජීවිතය ජයගන්නට එන්නේ දුම්මලතැන්නටය. ඒ බිරිඳ සමගය. ඒ වෙනකොට ඔහුට ඉඩම් නොමැතිය. එහෙත් ඒ පටන් ගත් ජීවිතයට අද වසර 64කි.

‘‘මම අවුරුදු 25න් පටන් ගත්තේ. 1978 අවුරුද්දේ තමයි මෙහාට උක් වගාව ආවේ. මම මේ ප‍්‍රදේශයට එනකොට මෙහේ මිනිස්සුන්ට වඩා හිටියේ අලි. වගා කරනවානම් මහන්සි වෙනවා නම් ඔය තරමට ඉඩම් තිබුණා. අපි හැමෝම ගොඩක් මහන්සිවෙලා වැඩ කළා. සමහර දවසට උදේට අරගෙන එන බත් එක හවසට ගෙදර අරගෙන යනවා කන්න වෙලාවක් නැහැ. දැන් මෙහෙ උක් වගාව කෙරෙන්නේ නෑ. රබර්, ගම්මිරිස් හොඳට මේ පැත්තට ගැළපෙනවා. දැන් මට රබර් අක්කර 60ක් තියෙනවා. ගම්මිරිස් වගාවකුත් තියෙනවා. මේ සේරම යට වෙනවලූ මහත්තයෝ. මම මේක කොහොමද දරාගන්නේ. මේ මගේ ජීවිතේ. මම දරුවෝ හැදුවා. එයාලාට ඉගැන්නුවා. එක දුවෙක් ජපුරේ විශ්වවිද්‍යාලයේ උගන්වනවා. තව කෙනෙක් ඉස්කෝලෙක උගන්වනවා. මට යන්න එන්න තැන් තියෙනවා. ඒත් අක්කර 2ක් 3ක් තියෙන කෙනෙක් කොහාටද යන්නේ. ආපහු එයාලා මුල ඉඳලාම ජීවිතයට මූණ දෙන්න  ඕනෑ නේද?’’ මාසික ආදායම ලක්ෂ 15කටත් වඩා වැඩි විය හැකි මේ පුද්ගලයා මා එහි යන විටත් රබර් වත්තට වී රබර් කිරි එකතු කරන්නන් සමග කතාබහකය. අපේ කතාබහේ අතරමග දී බොහෝ වාරයක් තෝමස් මහතා ඉකිබින්දේය. ඔහුගේ ජීවිතය වගේම ඉතාම මෑතකදී ජීවිතයෙන් ජය අරගෙන නැගිට සිටින බොහෝදෙනකුගේ ජීවිත වතුරේ ගසාගෙන යෑමට නියමිතය. වතුරේ ගසාගෙන යා හැකි ජීවිත ගණන දෙකක් හෝ තුනක් නොව දහස් ගණනකි. වර්තමානයේ ආණ්ඩුවට සංවර්ධනය මිස ජනතාව වැදගැම්මකට නැත.

ව්‍යාපෘතිය අරගෙන යන්න

‘‘අපි ජීවිතය ගැට ගහගෙන හොඳ ජීවිතයකට හුරුවෙලා තාම අවුරුදු 5ක් වත් නෑ. ඒ අපි හැමෝගේම මහන්සියේ ප‍්‍රතිඵල. මේ ගම්මානයේ තී‍්‍රවිලර් එකක් බයිසිකලයක් නැති ගෙයක් නැහැ. මේ කිසිදෙයක් අපිට කිසිම රජයක් දුන්න දේවල් නොවෙයි. අපි මහන්සියෙන් කැළෑ කොටලා හදාගත්ත දේවල්. ඒ හින්දා අපිට වන්දි  ඕනෑත් නෑ. විකල්ප ඉඩම්  ඕනෑත් නෑ. අපි මැරුවත් මේ තැනින් යන්නෙත් නැහැ. දැන් අපිට චණ්ඩිකම් දාන අය හිතාගෙන ඇති අපිව ලේසියෙන් එළවාගන්න. ඒත් ඒක එච්චර ලේසි වෙන එකක් නැහැ. මොකද අපි යන්නේ නැති නිසා.’’ මේ ප‍්‍රදේශයේ කිසිවකුට වන්දි ගැනීමේ බලාපොරොත්තුවක් නැත. ඉඩම් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ද නැත. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව මේ බිමේ මැරෙනකම් ජීවිතය ගැටගසා ගැනීමය. ඒ බලාපොරොත්තුව සමුද්‍රා රාජපක්ෂ මහත්මිය රාවයට ප‍්‍රකාශ කළේ එලෙසය.

‘‘දැන් මහත්තයෝ මෙයාලා කියන්නේ මේ කුඹුක්කන් ඔයේ වතුර හොඳ මෙතන විතරමලූ. දැන් මේවා රජවරු හිටිය තැන් නේ මහත්තයෝ. ඒ නිසා මේ නිලධාරීන්ට අපි කියන්නේ මෙතන නිධානයක් හරි මොනවා හරි තියෙනවා නම් අනේ අපිට කරදරයක් නොකර අරගෙන යන්න කියලා. වතුර වුණත් කොහේට ගෙනිච්චත් කමක් නැහැ. අපිට කරදරයක් කරන්නේ නැතුව. දැන් 1986 විතර මේ කුඹුක්කන් ඔයේ කිලෝමීටර 4කට විතර උඩින් පර්යේෂණ කරලා තියෙනවා. එතනට කියන්නේ නිදිකුම්බේ කියලා. එතනින් කඳු දෙකක් තියෙනවා. අපි කියන්නේ කරුණාකරලා මේක එයාලාට කරන්නම  ඕනෑ නම් එතනට අරගෙන යන්න. එච්චරයි.’’ මේ නාරද හිමියන්ගේ හ`ඩය. සංවර්ධන කාර්යයන් බලාත්මක කිරීම රජය සතු යුතුකමය. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම, විරුද්ධවීම, විකල්ප යෝජනා කිරීම ජනතාව සතු යුතුකමය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකෙන සමාජයක හැඩයය. එහෙත් දැන් ලංකාව තුළ නැත්තේද එයමය.