රාවය

වනාතමුල්ලේ ප‍්‍රශ්න ඉවරද?

වනාතමුල්ලේ ප‍්‍රශ්න ඉවරද?

අපේ ඉඩම් අත්පත් කරගන්නේ නැහැ කියලා පොරොන්දු වුණාම තමයි අපිට කාලෙකට පස්සේ නින්ද ගියේ’’ වනාතමුල්ලේ පදිංචිකරුවකු කතාව පටන් ගත්තේ එසේය. සුනිල් අයියා උස්සාගෙන ගියාම බයවෙච්ච පිම්ම තාමත් බයයි. ඇෙඟ් ලේ වතුර වෙලා හිටියේ ඊළඟට කවුරු උස්සයිද කියලා. දැනුත් නන්නාඳුනන අය යනවා එනවා. බයෙන් තමයි ජීවත්වෙන්නේ. එහෙම වෙලාවක අපේ ගෙවල් කඩන්නේ නැහැ කියලා අහන්න ලැබුණාම සතුට කියාගන්න බැහැ.’’ ඔහු හැසිරෙනුයේ නිවසක අලූත පදිංචි වූ අයකු ලෙසය.

‘‘අපේ වතුවල තිබුණ සමඟිය තමයි මේ තරම් හරි හොඳ ප‍්‍රතිඵලයක් ලබන්න හේතුවුණේ. එහෙම කියලා දැන් ඔක්කොම හරි අපි ආරක්ෂිතයි කියලා විශ්වාසයක් තවමත් අපට නැහැ. අපි තවමත් ජීවත්වෙන්නේ දෙගිඩි යාවෙන්.’’ ඇය කීවේ පොදුවේ සැම සිටිනුයේද ඒ තැනයැ’යි කියමිනි. මේ සැම තවමත් නම් ගම් පින්තූර පළකරනවාට මැලිය. ඒ සුනිල් අත්විඳි අත්දැකීම නිසාය. සුනිල් රැුගෙන ගොස් ස්ථාපිත කළ හොරා පොලිස් සෙල්ලමෙන් දෙමටගොඩ ජනයා ශක්තිමත් වුණා සේම තවත් අතෙකින් සැකයෙන් දිවි ගෙවන මිනිස්සු බවටද පත්වූවෝය.

දෙමටගොඩ වනාත මුල්ල ජනතාවට නීතිඥ සුනිල් වටගල මෙන්ම නීතිඥ සංගමයෙන් ලද සහායද මේ තාක් දුර එන්නට හේතුවූ බව මොවුහු කිසිවෙක් අමතක නොකරති.

‘‘නීතිඥ මහත්වරු අපි වෙනුවෙන් ක‍්‍රියාකරපු හින්දා තමයි අපිට මේ හයිය ආවේ.’’ ඔවුන් එසේ කියනුයේ ජයග‍්‍රහණය කෙසේ වෙතත් ජයග‍්‍රාහී මාවතට හෝ මේ තීන්දුව හරහා එළැඹ ඇති නිසාය.

තීන්දුව

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වනාතමුල්ලේ ඉඩම් අත්පත් කරගැනීමට ගත් උත්සාහය වළක්වන ලෙසට මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිල්ල මාර්තු හයවැනිදා විභාගයට ගත් අවස්ථාවේදී එයට සහභාගි වූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ප‍්‍රකාශ කොට ඇත්තේ දෙමටගොඩ වනාතමුල්ලේ ඉඩම් හෝ නිවාස අත්පත් කරගැනීමේ කිසිදු අදහසක් තමන්ට නැති බවය. නීතිමය රාමුවෙන් පිට අත්පත් කරගැනීමට උත්සාහ කළ ඉඩම් නීතිමය රාමුවක් ඇතුළේ ක‍්‍රියාත්මකවේදැ’යි ගැටලූව මේ කිසිවකු අත්හැර නැත. ඒ කෙසේ වුවත් මේ මොහොතේ මෙවැනි තීන්දුවක් ලැබීම මේ මිනිසුන්ගේ ජීවිතවලට මහත් අස්වැසිල්ලක් බව කිව යුතුය.

ඉඩම් පවරා ගැනීමේ පනත් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය වනාතමුල්ල, බොරැුල්ල, 49, 36, 3, 51, 45, 89, 189ඔ සහ 20 යන වතුවල පදිංචි පුද්ගලයන් සහ සරණපාල මාවත, බේස්ලයින් පාර ප‍්‍රදේශවල පදිංචිකරුවන් සහමුලින් ඉවත් කොට යෝධ සංවර්ධන ව්‍යාපෘතියකට අතගැසීම ආණ්ඩුවේ අරමුණ විය.

නීති විරෝධී ලෙස සිදුකරන මෙම කටයුත්ත නවතා දමන ලෙසට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමුවූයේ ඒ අනුවය. මුලින් මානව හිමිකම් කොමිසම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කැඳව්වද ඔවුහු කොමිසම හමුවේ පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළෝය. මානව හිමිකම් පැමිණිලි දොයිතුවකට මායිම් නොකළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු දිගින් දිගටම දෙමටගොඩ නිවාස කඩා දමන බව පවසමින් ඒ ප‍්‍රදේශවල මිනිසුන් බියවැද්දූ අතර එහි විශාල පිපිරුමක් ලෙස සුනිල් නමැත්තා මහ දහවලේ පැහැර ගැනීමට ලක්විය. ඔහු නැවත ආවද ඒ හරහා දෙමටගොඩ ඉඩම් අත්පත් කරගැනීමේ ආණ්ඩුවේ සැලැස්මේ ලැජ්ජාසහගත ස්වරූපය ලොවටම හෙළිවිය. ඒ බස්නාහිර පළාත් සභා ඡුන්දය කට ළඟ තබාගෙනය. ඡුන්ද මොහොතේ පිස්සු නැටීම ඡුන්දයට මරු පහරක් වන බව තේරුම් ගත් ආණ්ඩුව ඡුන්දයට සමගාමීව වනාතේ නිවාස ප‍්‍රශ්නය අහකට දැම්මේය.

එහි දෙවැනි අදියර ලෙස නැවත මානව හිමිකම් කොමිසම පැමිණිල්ල විභාග කරන විට එයට සහභාගි වන නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් කියා සිටිනුයේ තමන් මේ නිවාස ඉඩම් කිසිවිටකත් අත්පත් කර නොගන්නා බවය.
මානව හිමිකම් කොමිසමේ තීන්දුව එලෙස වුවත් මේ දිනවල දෙමටගොඩ වනාතමුල්ල ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරණ රැුලි පවත්වන ආණ්ඩුවේ දේශපාලකයන් ප‍්‍රසිද්ධියේම කියා සිටිනුයේ මානව හිමිකම් තීන්දුව අදාළ නොවන බවත් තව මාස හතරකින් මේ නිවාස, ඉඩම් සියල්ල රජය අත්පත් කරගන්නා බවත්ය.

එසේ නම් ඇත්ත ප‍්‍රකාශ කරනුයේ කවුද? නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මානව හිමිකම් කොමිසම හමුවේ මේ ඉඩම් අත්පත් කර නොගන්නා බව පවසා කැමති අයට මහල් නිවාසවලට යාහැකි බවත් එලෙස යන වතුවල වුව බහුතරය එකඟ නම් පමණක් මහල් නිවාස ලබාදිය හැකි බවත් පවසා ඇත. මේ සියලූ ප‍්‍රකාශ අවසානයේ කියනුයේ මේ ප‍්‍රශ්නය කෙළවරක් දැක නැති බවය. ඡුන්දය හේතු කොටගෙන ආණ්ඩුව නිහඬ වී ඇති අතර ඒ කාලය තුළ අමුතු රඟපෑමක නිරත වන බව බැලූ බැල්මට පෙනෙන්නේය.

‘‘ගිලෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනේ. තිලංග මහත්තයා හැමතැනම කිය කිය යනවා ඔය බොරු, මේවා නොකඩා ඉන්නේ නෑ. තව මාස හතරකින් කඩනවා කියලා. අපිත් එහෙම වෙයි කියලාත් හිතනවා. එහෙම නොවෙයි කියලාත් හිතනවා. ඒ අයගේ නීති හින්දනේ ඒ අය එහෙම කියන්නේ. එහෙම විශ්වාසයක් නැත්නම් මෙහෙටම ඇවිත් කියන්නේ නැහැනේ.’’ වනාතේ වැසියෙකු පැවසුවේ දෙකට දෙගිඩියාවෙනි.

වනාතේ නිවාස කඩා බිඳ දමන බවට අංක දමා තැබූ සලකුණු ගලේ කෙටූ අකුරු මෙන් නිවෙස් ඉදිරිපිට පවතී. මේ අසුබ සලකුණු සනිටුහන්ව ඇත්තේ නිවෙස්හි ඉදිරි බිත්තිවල නොව මේවායේ වෙසෙන මිනිස්සුන්ගේ හදවත්වලය. කොළඹ අවට නිවෙස් කඩා බිඳ එම ඉඩම් අත්පත් කරගැනීමේ මෙහෙයුම නාගරික සංවර්ධන අධිකාරිය නවතා දමා නැති බව පැහැදිලිය. ඒ බව නාරාහේන්පිට බේකරියවත්ත ප‍්‍රදේශයේ සහ කිරුළපන කොළඹගේ මාවත ප‍්‍රදේශයේ නිවාස කඩා බිඳ දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය මේ දිනවල ගන්නා උත්සාහයෙන්ම පැහැදිලිය. කිසිදු වන්දි යෝජනාවක් හෝ ස්ථිර සහනදායී වැඩපිළිවෙළකින් තොරව බලහත්කාරයෙන් කඩා බිඳ දමන මෙම නිවාසවල හිමියන්ටද ඇති එකම පිහිට මානව හිමිකම් කොමිසමය. ඒ අනුව ඔවුන්ගේ පැමිණිල්ලද මාර්තු 12 වැනිදා භාර දුන්නේය. ගිය සතියේ මානව හිමිකම් කොමිසම නිවාස නොකඩන ලෙස වනාතට තීන්දුවක් දෙන විට මේ සතියේ කිරුළපන, නාරාහේන්පිට ජනයා තම නිවාස ඉඩම් රැුකදෙන්නැ’යි ඉල්ලති. එසේ නම් මේ ප‍්‍රශ්නයේ කෙළවර බැකෝ යන්ත‍්‍ර සතු බව පැහැදිලිය.

‘‘එන විදිහට බලමු. කොහොම වුණත් අපි ඒ හැමදේටම මුහුණ දෙනවා. ඒකේ ආයේ දෙකක් නැහැ. අපි ආයේ පස්සට යන්නේ නැහැයැ’’යි කීවේ වනාතේ පිරිමියකු නොව ගැහැනියකි.

මානව හිමිකම් කොමිසමේ තීන්දුවද? ආණ්ඩුවේ දේශපාලකයන් කියන මාස හතරකින් නිවාස කඩන තීන්දුවද? නිවැරදි යන්න ඉතා කෙටි කලකින් දැකබලා ගත හැකිය.

පොරොන්දු කැඩුවොත් අරගල කරනවා  – නීතිඥ සුනිල් වටගල ( වනාතමුල්ලේ නිවාස සුරැුකීමේ සංවිධානය)

දැනට අපි ලැබූ ජයග‍්‍රහණය තවදුරටත් ශක්තිමත් කිරීමේ ක‍්‍රියාවලියක් අපේ සංවිධානය සාකච්ඡුා කරමින් ඉන්නවා. ආණ්ඩුව පැත්තෙන් අපිට ආරංචි එනවා ඡුන්දය ඉවර වුණ ගමන් නැවත මේ ඉඩම් අත්පත් කරගන්නවා කියලා. ඒ පිළිබඳ අපිත් විමසිල්ලෙන් ඉන්නේ. මොකද නාගරික සංවර්ධන අධිකාරිය මානව හිමිකම් කොමිසමේදී පොරොන්දු වුණා වතු ගණනාවක අක්කර 72ක භූමි ප‍්‍රමාණයක අදාළ ඉඩම්වල නාගරික පුනර්ජීවන ව්‍යාපෘති ක‍්‍රියාත්මක නොකරනවා කියලා. ඒ අවස්ථාවලට වනාතමුල්ල ජනතාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමකුත් නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් නීතිඥ දයානි බන්නැහැක මහත්මියත් පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සහ තවත් බි‍්‍රගේඩියර්වරයකුත් සහභාගි වුණා. එම තත්ත්වය සැහැල්ලූවට ගන්න බැහැ කියන එකයි අපේ අදහස.

මේක ශ‍්‍රී ලංකාව පිළිගත් විනිශ්චිත ආයතනයකින් දෙන ලද තීන්දුවක්. ඒකට ගරු කරන්නේ නැතිනම් මානව හිමිකම් කොමිසම මේ ආණ්ඩුව පිළිගන්නේ නැති මට්ටමකට එනවා. ඒකටත් පයින් ගහනවා නම් අපේ සාමාජිකයනුත් මීට වඩා ශක්තිමත්ව නැගී සිටිනවා. අයිතීන් ලැබෙන තෙක් ඉල්ලීම් දිනාගන්නා තෙක් අරගල කරනවා. ඒ ඇරෙන්න වෙන මගක් නැහැ.