ජිනීවා ඇතිවුණේ මහින්ද චින්තනයෙන්

 

අපගේ හමුදා යුදබිමට ගියේ  එක් අතකින් තුවක්කුවත්  අනික් අතින් මානව හිමිකම් ප‍්‍රඥප්තියත්, උරහිසේ අසරණ අවතැන්වූවන්ට ආහාරත්, හදවතේ දරුවන්ට ඇති ආදරයත් දරාගෙනයි. : මහින්ද රාජපක්ෂ, 2011, විජයග‍්‍රහණ සැමරුම් කතාව.

රාජපක්ෂලා නිවැරදිය. ලෝකය තුළ ශ‍්‍රී ලංකාවට වැදගත් තැනක් නැතත් දැන් කැපීපෙනෙන අවධානයට ලක්වෙමින් සිටී. තමන් හතරවන ඊලාම් යුද්ධය ‘මානුෂික මෙහෙයුමක්’ ලෙස නැවත නම්කරද්දී ජයග‍්‍රහණය ලැබුවේ කිසිදු සිවිල් හානියක් නොවී බවත් මෙය ජාත්‍යන්තරය ආදර්ශයට ගතයුතු දෙයක් බවත් පවසද්දී තමන් වපුරන බීජවලින් මෙවැනි ඵලවිපාක ලැබෙතැ’යි රාජපක්ෂලා සිතුවේ නැත. ජිනීවා යනු බටහිරුන්ගේ ඊර්ෂ්‍යාව හෝ ඩයස්පෝරාවේ කුමන්ත‍්‍රණයකින් ඇතිවූවක් නොව මහින්ද චින්තනයෙන් ඇතිවූවකි.
අධිකරණය දණගස්වා ඇති පාර්ලිමේන්තුව ලවා 18 සංශෝධනය සම්මත කරගෙන දෙසතියකින් ජනාධිපති රාජපක්ෂ 100ක දූත පිරිසක් රැුගෙන නිව්යෝක්වලට සැපත් විය. කොටියා පරදවා ජයගත් පසු ෆොන්සේකා අභියෝගය ජයගෙන පරම්පරා පාලනයද සහතික කරගත් ඔහුට තම නම ලෝකයට පෙන්වීමට අවශ්‍ය විය. ඔහු විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට දෙනු ලැබූ වගවීමේ පොරොන්දුවත් ඉන්දියාවට දෙනු ලැබූ විමධ්‍යගතකිරීමේ පොරොන්දුවත් කඩකළ බව ඇත්තය. එහෙත් මේ පොරොන්දු කඩකිරීම් ජාත්‍යන්තර කීර්තිය හඹායන තමාට බාධා වෙතැ’යි සිතුවේ නැත. ඔහුගේ මුල්ම දේශනයට ජාත්‍යන්තර සහභාගිත්වය හීනවීම (එහි සිටියේ සයිප‍්‍රස්, ෆීජී සහ මාලදිවයින් නායකයන් පමණි.* ගැන ඔහු කලකිරුණේ නැත. ඔහු සතුවූ ත‍්‍රස්තවාදය මැඬලීමේ උපාය භාරගැනීමට බුෂ් යුගයේ නිලධාරීන්වත් කැමති වූයේ නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ 2010 එක්සත් ජාතීන්ගේ දේශනයේදී එල්ටීටීඊයට එරෙහිව ලත් ජයග‍්‍රහණය උලූප්පා ත‍්‍රස්ත විරෝධීත්වයට අලූත් මතවාදයක් ගෙන ඒමට යෝජනා කළේය. ජාත්‍යන්තර මානුෂීය නීති මුළුමනින් වෙනස් කර ත‍්‍රස්තවාදය මැඬලීම සඳහා පවතින රජයන්ට පූර්ණ නිදහසක් දියයුතු බව ඔහු කියා සිටියේය. ‘‘දැන් පවතින අවශ්‍යතා ඉටුකර ගැනීමට ජාත්‍යන්තර මානුෂීය නීති යටතේ හැකිවේදැ’යි සොයාගැනීම වැදගත්ය. පැවති නීති සකස් වූයේ නීත්‍යනුකූල වූ රාජ්‍යවල හමුදා අතර අරගලවලට අදාළව මිස ත‍්‍රස්තවාදී කණ්ඩායම් සමග කරන සටන් සඳහා නොවේ. රාජ්‍ය නොවන බලවේග ඇතිකරන කැරලි සම්බන්ධයෙන් පැනවෙන බැ?රුම් ගැටලූ පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව උනන්දුවෙන් සලකා බැලිය යුතුවේ.’’ මහින්ද චින්තනයේ ජාත්‍යන්තර මතවාදයේ මූලික අංගය වූයේ ත‍්‍රස්තවාදය මැඬලීමේ කටයුත්තේදී බලයට පත් රාජ්‍යයන්ගෙන් වරදක් සිදුනොවන බවය. පසුගිය ශතවර්ෂ කීපයක් තුළ මානව හිමිකම් අංශයෙන් ලැබූ ප‍්‍රගතිය ඉවත ලෑමට ඉන් යෝජනා වූයේය.

අලූත් මතවාදයෙන් රාජපක්ෂලාට දෙයාකාර වාසියක් අත්වුණේය. පළමුවෙන්ම ඉන් හතරවන ඊලාම් යුද්ධයේ සිදුකළ අපරාධ සහ වැරදි නීත්‍යනුකූල කෙරුණේය. දෙවනුව අනාගතයේ තමන්ගේ පාලනයට එරෙහිව නැගෙන  ඕනෑම අභියෝගයක් මැඬලීමට සහෝදරයන්ට නීතියට ඉහළ තනි අයිතියක් ලැබුණේය. තුන්වැනි ලෝකයේ ඒකාධිපතියෝ සහ පළමුවැනි ලෝකයේ නව අධිරාජ්‍යවාදීහු එය වැදගත් දෙයක් ලෙස සැලකුවෝය. ලෝකය සාමාන්‍ය ජනයාට තවත් අනතුරුදායක තැනක් බවට පත්විය. ත‍්‍රස්තවාදය මැඬලීමේ මුවාවෙන් තමන්ගේ රටවැසියන්ගේ අයිතීන් උදුරාගැනීමේ අවශ්‍යතාවකට ලෝකයේ එකඟත්වය ගැනීමට රාජපක්ෂලා සිතුවෝය. තමන්ගේ පරපුරේ පාලනය කිසිදු අපල උපද්‍රවයෙකින් තොරව ගෙනයෑමට මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මානුෂීය විරෝධී ලෝකයක් පැවතිය යුතු විය. ජාත්‍යන්තරය තුළ මෙවැනි පසුගාමී යෝජනාවක් සම්මත වීමට හැකි අවස්ථාවක් තිබුණේ නම් ඉරාක යුද්ධ භූමිය තුළ හා රැුඳවුම් කඳවුරු තුළ එය ගෙවී ගිය බව තේරුම් ගැනීමට හැකියාවක් රාජපක්ෂලාට නොවීය. ත‍්‍රස්තවාදය මැඬලීමේ ඇති නග්න කුරිරුභාවය සහ එයින් ඇති කරන අමානුෂිකත්වයන් ලෝකය මැනවින් දුටුවේය. බටහිර කරන අපරාධ සහ බලය අයුතු ලෙස යෙදවීම් තිබෙන මුත් ඒ අපරාධ හා අයුතු බලය යෙදවීම් ලෙසටමය. සමහර ඒවා භාරගැනෙන අතර වැරදි කළවුන්ට ඉක්මන් දඬුවම් ලැබේ.

එහෙත් ජයග‍්‍රහණයේ බලයෙන් මත්ව සිටි රාජපක්ෂලාට මේ වෙනස්වන යථාර්ථය පෙනුණේ නැත. එක්සත් ජාතීන් ගොළුබෙලි ගමනින් හෝ වගවීමේ යාන්ත‍්‍රණයක් සකස් කරන විට රාජපක්ෂලා තමන්ගේ ත‍්‍රස්තවාදය මැඬලීමේ ආදර්ශය ලෝකයාට පිළිගැන්වීමට තතනමින් සිටියෝය. ආරක්ෂක අමාත්‍යාංශය ‘ත‍්‍රස්තවාදය පැරදවීම, ශ‍්‍රී ලංකා අත්දැකීම’ යනුවෙන් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සංවිධානය කළේය. මේ පිළිබඳව වොෂින්ටනයට හෝ ලන්ඩනයට ඇතුළුවීමට කුඩා දොරක් හෝ ඇද්දැ’යි ඔවුන් සොයා බැලූහ. එල්ටීටීඊය අවසන් කිරීම ගැන බටහිර ඇතුළු ලෝකයට කනගාටුවක් නැත. තුන්වැනි සාම ක‍්‍රියාවලිය තුළ ප‍්‍රභාකරන් තදබල දරදඬුකමක් අමානුෂිකත්වයක් හා උපරිම දේ ලබාගැනීමේ වුවමනාව පෙන්නුම් කළේය. 2009 වන විට කිසිදු බලගතු ජාතියකට ඔහු බේරාගැනීමේ වුවමනාවක් තිබුණේ නැත. 2009න් පසුව ‘මානුෂීය මෙහෙයුම්’ කිසිදු සිවිල් වැසියකුට හානි නොවීමේ බොරු නොකියා යුද්ධය යුද්ධයක් බව පිළිගෙන, සමහර සිවිල් වැසියන්ද යුද්ධයෙන් මියයෑමට ඇතැ’යි පවසා සීමා රහිතව බලය යෙදවූ අවස්ථා කීපයක් ගැන සමාව ගෙන, චූදිතයන් කීපදෙනකුට දඬුවම් කර, වින්දිතයන් කීපදෙනකුට වන්දි ලබාදී දමිළයන්ට තමන්ගේ මළගියවුන් වෙනුවෙන් වැළපීමට ඉඩ ලබාදුන්නේ නම් ලෝකයද ඊලාම් යුද්ධය අමතක කොට ඉන් සතුටට පත්වනු ඇත.

එහෙත් රාජපක්ෂලා වගවීම පැත්තෙන් හෝ විමධ්‍යගත කිරීම පැත්තෙන් කිසිදු එකඟත්වයකට ඒමට කැමති නුවූහ. ඔවුහු එකහෙළා කීවෝ තමන්ගෙන් වැරදීමක් නුවූ බවයි. ලෝකයම තමන් අනුගමනය කළ යුතුයැ’යි ද තම ආදර්ශය පිළිපැදිය යුතුයැ’යිද ඔවුහු සිතූහ. රාජපක්ෂලා නව මං සෙවූ අය ලෙස ලෝකයේ කොටසක් පිළිගත් මුත් එම මගට බාධා කළ යුතු බවත් එම ආදර්ශ ඉවත දැමිය යුතු බවත් පැවසිණ.

කෆ්කා  ඕවල්ට බැන්දවීම

ෆ‍්‍රාන්ස් කෆ්කාට ජෝජ්  ඕවල් හමුවන්නේ ‘මානුෂීය මෙහෙයුම’ හා ‘කිසිදු සිවිල් හානි නොවීම’ තුළය. රාජපක්ෂ සොයාගැනීම මානව ඉතිහාසයේ සුවිශේෂීම දෙයකි. සුබසාධක ගම්මාන වැනි තවත් දේ තිබුණත් මේවා නම් අපූරුම සම්ප‍්‍රදායයන්ය. යුද්ධ, ‘සාමාන්‍ය යුද්ධ, සාමය සඳහා කෙරෙන යුද්ධ, යුද්ධ අවසන් කිරීමට කරන යුද්ධ’ ලෙස නම් කෙරේ. යුද්ධය මානුෂීය මෙහෙයුමක් ලෙස දැක්වීම විරෝධාර්ථ නගන්නක් වුවද ස්ථාපිත ඓතිහාසික සම්ප‍්‍රදාය තුළ පවතින්නකි. තමන්ගේ පක්ෂයට සුදුහුණු ගෑම සහ සතුරා කළු පැහැයෙන් දැක්වීම යුද්ධ කාලයේ පවතින භාවිතාවන්ය. රාජපක්ෂලා තමන්ගේ අපරාධ හා වැරදි අඩුවෙන් දැක්වූයේ නම් කවුරුත් එය එතරම් ගණන් නොගනු ඇත.

එහෙත් රාජපක්ෂලා ගත්තේ අලූත්ම මාර්ගයකි. ‘යුද්ධය’ යන්න ඉවතටම විසිකරන ලදි. මේ අතර ‘කිසිදු සිවිල් වැසියන්ට හානි නොවීම’ තුළින් මෙය තවත් උත්කර්ෂයට නංවන ලදි. එය අපේක්ෂිත එල්ලයක් නොව පවතින උරුම වූ නොවෙනස් යථාර්ථයක් බවට පත් කරන ලදි. මේ සංකල්ප කෙතෙක් දුරස්ථද යත් ලෝකයේ ඉතාම වංචාකාරී බොරු ප‍්‍රචාරක යන්ත‍්‍ර පවා ඉක්මවා යෑමක් විය. මහින්ද රාජපක්ෂගේ යුදභටයන් තුවක්කුව සමග මානව හිමිකම් ප‍්‍රඥප්තිය, අවතැන්වූවන්ට ආහාර සහ දරුවන්ට ආදරය ගෙනයෑමේ කතාව ගොබෙල්ස්වත් ලැජ්ජාවට පත් කරන කතාවකි.

සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැලිවේරිය සිදුවීමෙන් පසු කීවේ විරෝධතාකරුවන් හමුදාවට පෙට‍්‍රල් බෝම්බ ගසා වෙඩි තැබූ බවය. වැලිවේරියේ කළ මෘග පහරදීම නීත්‍යනුකූල හා සාධාරණ එකකැ’යි කියන රාජපක්ෂලාගේ ත‍්‍රස්තවාදය මැඬලීමේ ක‍්‍රමය ලෝකය භාරගනීද? වනාතමුල්ලේ සුනිල් සමරධීර ඔහුගේ කතාව කීමට ජීවතුන් අතර නොසිටිනු ඇත. ජිනීවා යනු රාජපක්ෂලාම හදාගත් අවුලක් වන අතර අප වෙනුවෙන් දිගු කළ පළිහකි.