සර්ප උයනේ සිට ජීවිත උයනට

 

අපි හිටියේ දෙහිවල සතුන් වත්තේ උරග උයන ළග. ඒක ඉර බැසගෙන යමින් තිබුණු හැන්දෑවක්. ඒ පැත්ත මේ පැත්ත පෙරළිලා උරග මුළුව බිම දපල හිටියේ දවසේම මිනිස්සුන්ට රැු`ගුම් පෙන්නලා ඇතිවෙලා වගේ. ඒ සමහරු නිද්‍රාශීලීව වගේ සිටියත් ළ`ග පරිසරයේ සිදුවන පොඩි වෙනස්කමකට පවා ප‍්‍රතිචාර දක්වලා ඇස් ඇරලා බලනවා. සර්පයන් හු`ගක් සංවේදියි. එහෙම සංවේදි විෂ සහිත සතෙක් අතින් ඇල්ලීම ගැන මොකද හිතන්නේ. සර්ප උයන ඇතුළේ ඕනෑම වෙලාවක දරුණුම සර්පයෙක් වුණත් අතින් අල්ලන්න පුළුවන් කෙනෙක් සිටියා. සිහින් සිරුරක් ඇති තියුණු ඇස් ඇති කල්පනාවට බර මිනිහෙක්. ඔහු කල්පනාව සහ නිරීක්ෂණය ඒකාත්මික කරමින් ඉන්න හැටියකුයි දක්නට ලැබුණේ. මේ වෙලාවේ තමයි ඔහු පිටුපස හැරී බැලූවේ. ඒ කියන්නේ අපිට සම්මුඛ වුණේ.’’

පීරිස් අයියා

පීරිස් අයියා ජීවත් වුණේ පීරිස් අයියගේ දරුවොත් එක්ක. ඒ කියන්නේ සර්පයෝ එක්ක. නයා පොළගා කරවලා වගේ අපිට අනුව දරුණුම සත්තු පීරිස් අයියගේ දුවා දරුවෝ. පීරිස් අයියා තාත්තා කෙනෙක් ළමයි බලාගන්නවා වගේ මොන අමාරුකම තිබුණත් නයි පොළොංගු අත ඇරලා ගියේ නැහැ. කොහොමද මේ තෙල් කරවලා. පීරිස් අයියා තෙල් කරවලකු අතට අරන් ඒ සතාගේ ශරීරය පිරිමදින ගමන් අහනවා. මේකා හෙට අනින්දා හැව අරිනවා.
ප‍්‍රථම හැව ඇරීම වැදගත් සංසිද්ධියකි. හැව ඇරීම යනු යළි ජීවනය ලැබීමය. ප‍්‍රථම හැව ඇරීම යනු එක්තරා ආකාරයකින් සර්ප ගහනය අතර ලබන භෞතිස්මයකි. පීරිස් අයියා ලෙස කවුරුත් හඳුන්වන ජී.පේ‍්‍රමසිරි පීරිස් නම් වූ අපේ කතා නායකයාට ඇත්තේ උරග උයනේ මේ සියලූ සංසිද්ධීන් පිළිබඳ සාක්ෂිකාර භූමිකාවක්. ඔහු දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සර්පයන් පිළිබඳ අධීක්ෂණ නිලධාරියායි.
‘‘මම 1980දී ගොවිපොළ කම්කරුවෙක් විදියට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයිති ලිහිනියා ගොවිපොළට එක්වුණා. ඒ ගොවිපොළ ටික කලකින් ගුවන් හමුදාවේ භාරයට ගත්තා. 82දී සත්වෝද්‍යානයට සම්බන්ධ වුණා. උරග උයනේ කටයුතු පටන් ගත්තේ 83දී. දැන් අවුරුදු 31ක් වෙනවා. දැන් නම් උරග උයන ගෙදර වගේ. සත්තු ළමයි වගේ.’’

පිරිසිදුම සතා

සත්තු එක්ක වැඩකරන එක අමාරුද? පීරිස් අයියා කියන්නේ එය ලෙහෙසි බවයි. සැබවින්ම අපට උරගයන් ගැන ඇති හැ`ගීම කවරාකාරද? බය සහ අප‍්‍රසන්න බව ලෙස එය අපි කොටස් දෙකකට බෙදිය හැකියි. එහෙත් සර්පයන් යනු බිය යුතු කොටසක් නොවෙයි. හරි අපූරු සත්ව කොට්ඨාසයක්. සර්පයන්ට දහඩිය නොදමයි. අන් සතුන්ට මෙන් ඛේටය වැගිරෙන්නේ ද නැත. චකී‍්‍රයව හැව ඇර ශරීරය අලූත් කර ගනී. එසේ බලනවිට සර්පයන් මිනිස්සුන්ටත් වඩා පිරිසිදුයි. ඒ කෙසේවෙතත් සර්පයන් සමග ගනුදෙනු කිරීම වෙනම ඉගෙන ගත යුත්තක්. එහිද යම් මූලධර්මයක් ඇති බව කිව යුතුයි. ප‍්‍රථම හා වැදගත්ම කාරණය නම් සර්පයන් ඇල්ලීමට ඉගෙන ගැනීමයි.

සර්පයා අල්ලමුද?

නයා සහ පොළගා ඇල්ලීමට ක‍්‍රම දෙකක් තිබෙනවා. එල් හැඩැති පටියක් භාවිත කිරීම එක් ක‍්‍රමයක්. ඔයරුැ ත්‍සබටැරි ීහිඑැප හෙවත් ඇ`ගිලි තුනක් භාවිත කිරීමත් තමන්ට හුරු අත මුළුමනින් භාවිත කර නයා ඇල්ලීමත් මේ ක‍්‍රම දෙක ලෙස හැඳින්විය හැකියි. එල්ස්ටික් ක‍්‍රමය පොළ`ගා ඇල්ලීම සඳහා බොහෝවිට භාවිත කෙරෙන්නේ පොළ`ගා සාමාන්‍යයෙන් දරණය ගසාගෙන සිටීමට වැඩි රුචිකත්වයක් දක්වන තත්ත්වය තුළයි.
දෙහිවල විතරක් නෙමෙයි කොළඹට ආසන්න තවත් හු`ගක් තැන්වල ගෙවල්වලට සර්පයෙක් ආවම ඒ අය සාමාන්‍යයෙන් දෙහිවල සතුන්වත්තට කතා කරනවා. මම පුළුවන් හැම තැනටම යනවා. ගේන්න අමාරුම වගේ නම් සුදුසු තැනකට නිදහස් කරනවා. සතුන් වත්තට ගේන අවස්ථාත් තියෙනවා. ඕනෙම විෂ සහිත සතෙක් මට අතින් අල්ලන්න පුළුවන්. මේ විදියට මාසෙකට නයි පොළොංගු ඇතුළු සර්පයෝ 10-12 ක් ගෙවල්වලින් අල්ලනවා. අවුරුද්දකට බැලූවොත් සර්පයෝ 250-300ත් වන රක්ෂිතවලට නිදහස් කරනවා.

ලංකාවේ ජීවත්වන සර්පයන් අතරින් උග‍්‍ර විෂ සහිත තෙල් කරවලා, මුදු කරවලා, නයා, තිත් පොළ`ගා, වැලි පොළ`ගා වැනි සර්පයන් පමණක් නොව ලොව වෙසෙන තවත් උග‍්‍ර විෂ සහිත සර්පයන් සත්වෝද්‍යානයට ගෙන ඒමෙන් පසු ඒ සතුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේත් බේත් හේත් කරන්නේත් පීරිස් අයියායි. අපි‍්‍රකානු මහද්වීපයට ආවේණික බ්ලැක් මම්බා නමැති එලිවිඬේ කුලයට අයත් සර්පයකු මීට කලකට පෙර සත්වෝද්‍යානයේ සිටියා. සුවකළ නොහැකි දරුණු රෝගයකින් එම සතා මියයන තුරුම පීරිස් අයියා ඒ සතා බලා කියාගත්ත. ලොව විශාලතම විෂ සහිත සර්පයා ලෙස සැලකෙන රාජනාගයකු බලාගත්තේ ද පීරිස් අයියායි. දකුණු ඇමරිකානු පොළොං විශේෂයක් මෙන්ම බ‍්‍රෂ් ටාස්ටර් සහ ගැබුන් වැනි පොළොං වර්ග උරග උයන තුළ හසුරුවන්නේ පීරිස් අයියාගේ දෑතිනුයි. මොසැම්බික් දේශයේ සිට ගෙන ආ විෂ විදින සර්පයකු දෙහිවල සතුන් වත්තේ හිඳියි. ඒ සත්වයාට වැළඳී තිබුණු අසනීපයකදී සත්වයා අල්ලා පෙරළා බලා පීරිස් අයියා ප‍්‍රතිකාර කළේ අප සමග කතාබහ කරන අතරතුරදීමයි.

සර්ප දෂ්ඨන

සර්පයන්ට දරුවන්ට මෙන් කරුණාව පෑවත් පීරිස් අයියා ද මාරාන්තික සර්ප දෂ්ඨනවලට ලක් වූ ඕනෑතරම් තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ඔහු මරණයේ එළිපත්තටම ගොස් යළි ආවේය.

අසූ ගණන්වල මම සර්පයෝ එක්ක ජීවත්වීම ආරම්භ කරපු ගමන් තමයි භයානකම අත්දැකීමට මුහුණපෑවේ. එදා මං අල්ලලා තිබුණෙ දරුණුම පොළගෙක්. ඒ සතාගේ ඇෙ`ග් දිමියෝ වහලා හිටියා. මම ඒ දිමියෝ අයින් කරන්නයි සතාව ඇල්ලූවේ. සතා එක පාරටම මට දෂ්ඨ කළා. පීරිස් අයියාට එසේ මුලින්ම දෂ්ඨ කර තිබුණේ ඇමරිකානු මහාද්වීපයේ සිටින වළපොළො`ගුන් විශේෂයක් වන උග‍්‍ර විෂ සහිත සර්පයෙක්. මෙම සතා අධි සංවේදියි. ඉක්මණින් කළහකාරී වෙයි. විනාඩි දහයක් ඇතුළත ප‍්‍රතිකාරයක් නොකළා නම් එදා මං ඉවරයි. එහෙනම් සර්පයෝ අල්ලන මුල්ම දවසත් අවසාන දවසත් එදා වෙන්න තිබුණා. මගේ හදිස්සිය නිසා සර්පයන් දෂ්ඨ කරපු අවස්ථාත් ඒ දවස්වල තිබුණා. 84දී නයෙක් දෂ්ඨ කළා. බෙහෙත් පිටරටින් ගෙනල්ලයි මැරෙන්න ගිය මාව ගොඩ දැම්මේ. 2002 දීත් ඒ වගේම නයෙක් දෂ්ඨ කළා. එවෙලෙත් බේරුණේ අනුනමයෙන්.
මෙබඳු සර්ප දෂ්ඨන නිසා පීරිස් අයියා වකුගඩු හා අක්මාවේ ආසාදනවලින් පෙළෙයි. එහෙත් හෙතෙම මේ සර්ප මිනිස් සම්බන්ධතාව නම් කෙළවර නොකරයි.

නළගනගේ නයා

සමාජ ශාලාවක නටපු නළ`ගනගේ නයා පරීක්ෂා කරලා බලන්න කියලා මටත් එන්න කිව්වා. නයා බලපු ගමන් මට තේරුණා ඒ නයා අහිගුණ්ඨිකයකුගෙන් ගත් නයෙක් බව. විෂ දළ කඩලයි තිබුණේ. මං මේ බව කිව්වා. එතන හිටපු සමහරු පිළිගත්තේ නැහැ. ඒ ගොල්ලෝ මට වඩා නයි ගැන දන්න ගානටයි උන්නේ. සර්පයා නොදැක උගේ හැවෙන් සතාට තියෙන අසනීපය මට කියන්න පුළුවන්. හැව බලලා සහ බිත්තර දාන කාලෙ ද නැද්ද කියන එකත් මට කියන්න පුළුවන්. නයි නළ`ගනගේ නයා ගැනත් මම කියපු දේවල් පසුවෙලා ඒ කවුරුත් පිළිගත්තා

ඬේවිඞ් වොරල්

ඬේවිඞ් වොරල් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විශ‍්‍රාමලත් මහාචාර්යවරයෙක්. ප‍්‍රතිවිෂ මගින් සර්ප විෂට ප‍්‍රතිකාර කිරීම පිළිබඳ පර්යේෂණ ගණනාවක නියැලූණු ඔහු එම ක‍්‍රමවේදය සාර්ථකව අත්හදා බැලූ විද්වතෙක් වෙනවා. එමෙන්ම එම ක‍්‍රමවේදයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද ඬේවිඞ් වොලේය. මහාචාර්ය වොරල් සමග පීරිස් අයියා ද වරෙක මෙම කටයුත්තට දායක වූ බව අපට දැනගන්නට ලැබුණා.

එතුමා 1984 – 88 කාලය තුළ විටින් විට ලංකාවට ආවා. ඔහුගෙන් තමයි මම මේ ගැන මූලික දේවල් දැන ගත්තේ. අදටත් අපේ වෛද්‍යවරු සමහර රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට මට කතා කරනවා. විෂ නිස්සාරණයේදී ප‍්‍රතිවිෂ භාවිත කිරීම හරිම සාර්ථක ප‍්‍රතිඵල දෙන පියවරක්. මේ ක‍්‍රමයෙන් සර්ප විෂ නිසා මරණයට පත් වීමට නියමිතව සිටි බොහෝ දෙනෙක්ගේ ජීවිත බේරගන්න අපිට හැකිවුණා.

විෂඝෝර සර්පයා දැක

විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා යනුවෙන් යෙදුමක් ගැමි වහරේ ඇත. එහි ජනපි‍්‍රය තේරුම විෂඝෝර සර්පයා නිරුපද්‍රිතව යවන්නා මෝඩයෙක් බවයි. එනම් සර්පයා දුටු තැන මරා දැමිය යුතුයි. එම වාක්‍යය ජනපි‍්‍රය තේරුමෙන් එපිටට ගත්විට විෂඝෝර සර්පයා නොයවන්නේ මෝඩයාය. එනම් යවන්නේ දැනුම් ඇත්තෙක් ලෙසත් තේරුම් ගත හැකියි. පීරිස් අයියා වැන්නකුගේ අත්දැකීම් සලකා බලනවිට විෂඝෝර සර්පයකු සමග වුවත් බුද්ධිමත්ව ගනුදෙනු කිරීමේ හැකියාවක් පවතියි. පීරිස් අයියා කරන්නේ එය බව ගැඹුරින් කල්පනා කිරීමේදී පෙනී නොයයි ද?