තිස්සට ප‍්‍රශ්න කෝටියක්

 

හම්බන්තොට අද ආශ්චර්යයේ මිහිදුම් සේලය දැවටී ගත් ප‍්‍රදේශයකි. රජය කියන්නේ එලෙසය. සේරම සංවර්ධන යෝජනා හම්බන්තොටට පමණයි. විපක්ෂය කියන්නේ එලෙසය. අධිවේගී මාර්ග, නවීන නගර, කී‍්‍රඩාංගණ, කී‍්‍රඩා ගම්මාන, වරාය, ගුවන්තොටුපොළ ආදියෙන් සුසැදි මේ රෝහණය අද දවස වන විට ඇත්තටම සංවර්ධනය ළ`ගාකරගෙන ද? දැන් මෙහි වෙසෙන ජනතවට ප‍්‍රශ්න නැතිද? ඔවුහු ආශ්චර්යයෙන් සුඛිතමුදිතභාවයට පත්වූවාහුද? 

තිස්ස… තිස්ස

නාධිපති මහින්ද රාජපක්ෂගේ සහ නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාගේ මැතිවරණ බල ප‍්‍රදේශ පසුකර අපි තිස්ස මහාරාමයට පැමිණියෙමු. තිස්ස කතානායක චමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කලාපය ය. තිස්සට යන බසයේ අපි දෙබරවැවෙන් බැස ගතිමු. හැමතැනම නිල්පාට, කොළපාට, රතුපාට බැනර් පෝස්ටර් වැසි වැස ඇත. මේ මැතිවරණ කාලයකි. සියල්ලෝම හම්බන්තොට දිනවන්නේ කෙලෙසකදැයි කතා දමති. දෙබරවැවට පැමිණි මට මුලින්ම දැනගන්නට ලැබුණේ රෝහල ඉදිරිපිට පාරට සමාන්තරව එක ගමකට එක වැඩක් යන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ව්‍යායාම මංතීරුව (ජොගින් ට‍්‍රැක්* කි. මෙහි බොහෝ ජනතාව උදෑසන සිට බිම් කළුවර වැටෙනතුරු කුඹුරේ ව්‍යායාම කරන නිසා ලක්ෂ ගණනක් මුදල් වියදම් කර තැනූ ජොගින් ට‍්‍රැක් එක කැලෑ වැදිලාය. ජොගින් ට‍්‍රැක් එක වෙන්කිරීමට ගැසූ කටු කම්බිද තැනින් තැන කඩාගෙන ගොස්ය. ජොගින් පාර කොන්කී‍්‍රට් ගල් අතුරා ක‍්‍රමානුකූලව සකසා ඇති අතර අද එය සම්පූර්ණයෙන්ම කැලෑ වැදිලාය. ඊට සමාන්තර මාර්ගයේ බොහෝතැන තැන අලි නාවන වළවල්ය. මේ ගමේ බොහෝ මිනිසුන් කියනුයේ ජොගින් පාර ජාතික අපරාධයක් බවය. ගැමිකම, ගොවිකම අඳුනන රජයකට කුඹුරු මැදින් ජොගින් ට‍්‍රැක් සාදනවාට වඩා වෙන වැඩ නැතිදැයි මේ මිනිස්සු අසති.

යෝධකණ්ඩිය

දෙබරවැව ජොගින් ට‍්‍රැක් පසුකර අපි තිස්ස-යෝධ වැවට ආවෙමු. තිස්සමහරාමය අතීතයේ සිට හේන් – කුඹුරු ගොවිතැනට ප‍්‍රසිද්ධය. මේ කලාපයේ වැව් බොහොමයකි. දෙබරවැව, වීරවිල, යෝධවැව ඒ අතරින් ප‍්‍රධානය. ලූණුගම්වෙහෙර ජලාශ යෝජනා ක‍්‍රමය කි‍්‍රයාත්මක වීමට කලින් මේ බොහෝ වැව් පිරුණේ අහස් දියෙනි. එනිසා මිනිස්සු බොහෝවිට එක කන්නයක් හේන් ගොවිතැන් කළෝය. දැන් තත්ත්වය වෙනස්ය. පෙර කල වැව හිඳෙන කාලයටද දැන් යම් වතුර ප‍්‍රමාණයක් ඉතිරිවෙයි. එය ගොවිතැනට ශක්තියකි. ජනතාවට වගාවට අවශ්‍ය ජලය සපයන මේ වැව්වලට අද උදාවී තිබෙන තත්ත්වය අතිශය ඛේදජනකය. බොහෝ ජලාශ වටකර හෝටල් බැඳ ඇත. ඔවුන් වැව් රක්ෂිතය පමණක් නොව වැවද බිල්ලට ගෙන ඇත. මේ සියලූ නොපනත්කම් සිදුවන්නේ මහින්ද චින්තන ආශ්චර්යයේ මහිමය තුළින්ය. තිස්සට යෝධයකු බදු යෝධවැව වටා අද තත්ත්වය කෙබඳුද?

යෝධ වැව

යෝධ වැව තිස්සට යෝධයෙකි. යෝධවැවේ දියවර ධාරිතාව අක්කර අඩි 8103කි. මේ යෝධ දියවරින් වගාකරන බිම් ප‍්‍රමාණය අක්කර 3267කි. පවුල් ප‍්‍රමාණය 3000කට අධිකය. ලූණුගම්වෙහෙර ජලාශය නිසා දැන් යෝධ වැව සිඳෙන්නේ නැත. එනිසා වර්ෂය පුරාවටම ධීවර කර්මාන්තයෙන් යැපෙන ප‍්‍රමාණය ද බොහෝය. එහෙත් දැන් දැන් යෝධ වැව පුංචි වෙමින් ව්‍යාපාරික යන්ගේ අයිතියක් බවට පත්වෙමින් තිබීම තිස්සමහාරාමයේ යෝධ කණ්ඩිය ප‍්‍රදේශයේ කුඹුරු ගොවිතැනින් ජීවිතය ගෙනියන දහස් ගණනකට සෘජු ගැටලූවකි.

‘‘මහත්තයෝ මේ වැව වටේ දැන් පරණ අය ඉන්නේ හතර පස්දෙනයි. අනික් අය සේරම කොළඹ ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට මේ ඉඩම් විකුණලා ඉවරයි. විකුණන ඉඩම අක්කර 1/2යි. හැබැයි මෙයාලා වැවයි, වැව් රක්ෂිතයයි සේරමත් එක්ක අක්කර 1/2ක් ගත්තොත් 1 1/2ක් වෙන්න කොටු කර ගන්නවා. මේ ඉඩම් කිසිම එකකට බලපත‍්‍රයක්වත් නැහැ. සමහර අය අවුරුදු 30-40 බලපත‍්‍ර ඉල්ලනවා. ඒත් මේ ඉඩම් ගන්න මුදලාලිලා දවසින් දෙකෙන් මේවාට ඔප්පු හදනවා. දැනට වැව වටේ හෝටල් 35ක් හදලා තියෙනවා. තව ඉඩම් කට්ටි 40ක විතර හෝටල් හැදෙන්න තියෙනවා. මේ සේරම හැදුණාම අපිට වැවට බහින්නවත් බැරිවෙයි.’’

රාවයට අදහස් දැක්වූවේ යෝධ කණ්ඩිය වීරෝදාර ගොවි සමිතියේ සභාපති ධම්මික මහතාය. එන්න එන්නම වැව පුංචි වීම, වැවේ ධාරිතාව අඩු වීම ගොවිතැනට සෘජුව බලපාන ගැටලූවකි. මෙම වැව වටේ ඉඩම් ලක්ෂ 30-40කට ලබාගන්නා බොහෝ ව්‍යාපාරිකයන් කරනුයේ වැවේ වතුර අඩු කළාට වැව තුළට වන්නට කොන්කී‍්‍රට් බැම්මක් ගසා වැව ගොඩකරන එකය. මේ නිසා අද යෝධ වැවට වැව් පිටිය අහිමි වී ඇත. හෙට දවසේ වැවද අහිමිව යෑමට නියමිතය. මෙවැනි දේ නිසා ගොවිතැනට තවමත් නිසි ලෙස ජලය නොමැති මේ කලාපයේ තත්ත්වය තව තවත් දරුණු වන අතර ඉදිරියේදී දින දෙක තුනක වැස්සකින් පවා පහත් බිම් යටවිය හැකි බවද ගම්මු පවසති.

මාළුත් කොටුකරගෙන

‘‘දැන් මේ වැව ගත්තොත් බෝධි මහාවිහාරය ගාව ඉඳලා කිඹුල්තුඩුව වෙනකම් වැව වටේට හෝටල් හදලා වැව් රක්ෂිතයත්් එක්කම එයාලා කොටු කරගෙන තියෙන්නේ. ඒ මදිවාට එයාලා වැවත් අල්ලගෙන කම්බි ගහලා. වැහි කාලෙට මාළු ඉන්නේ මේ කම්බි වැට අස්සේ. ඉතින් අපේ රස්සාවටත් හෙනහුරා වැදිලා. අපිට දැන් ඔරුවක් දියත් කර ගන්න තැනක් නැති වෙන හැඩ තියෙන්නේ.’’

මෙලෙස අදහස් දක්වන උද්දකන්දර ධීවර ගම්මානයේ අජිත්ලාට තිබෙන ප‍්‍රශ්න අතිමහත්ය. ඔවුන්ගේ එකම ජීවනම`ග මාළු ඇල්ලීමය. උද්දකන්දර ධීවර ගම්මානයේ ධීවරයෝ පවුල් 218ක් පමණ වෙසෙති. යෝධකණ්ඩිය තිස්ස ප‍්‍රදේශයේ හෝටල් නිර්මාණ කටයුතු මෙලෙස කිසිදු පිළිගත් ක‍්‍රමවේදයකින් තොරව පුද්ගල සිතැ`ගියාවන් මතම වෙමින් තිබෙන වකවානුවක සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ සිට රාජ්‍ය සේවකයන් අදාළ ව්‍යාපාරිකයන්ට අවැසි කටයුතු සිද්ධකර දෙමින් උපයන අයථා ඉපැයීම් ද බොහෝ ඉහළය. මේ නිසා අවුරුදු 30ක් 40ක් කිසිදු ලියවිල්ලකින් තොරව වගා කටයුතු කරන ගොවියාට ඉඩම් ඔප්පු නැති අතර අද ඊයේ මේ බිමට පාත් වූ ව්‍යාපාරිකයෝ යහමින් මුදල් වියදම් කොට දින දෙක තුනකින් බලපත‍්‍ර හෝ ඔප්පු ලබාගනිති.

අහස් දියෙන්

තිස්ස – යෝධකණ්ඩියට යාව පිහිටි සියඹලාගස්වල, පලූගස්වල, තඹරවැව, දිවුල්පතාන, රොට වැව, බැන්දුවැව, නිමල වැව, අලිඔලූව වැව ආදී වැව් අහස්දිය එක්රැුස්කර වගාකරන වගා ප‍්‍රදේශයෝය. මෙහි බැන්දුවැව යන කොටසේ වගාකටයුතු ඇරඹී ඇත්තේ 1965 වැනි අතීතයකය. එකල සිට මොවුහු අහස්දියෙන් හේන් වගාකරමින් සිටිති. එහෙත් තවමත් ඔවුන්ට තම ඉඩම් සඳහා බලපත‍්‍රයක්වත් නැත. එකම ප‍්‍රදේශයක පිහිටි රජයේ යැයි සැලකිය හැකි මෙම ඉඩම් සම්බන්ධව රජය අනුගමනය කරන මෙම ප‍්‍රතිපත්තීන් දෙක කියනුයේ මුදල් ඇති එකාට ඕනෑ දෙයක් කර ගත හැකි බවද?
සියඹලාගස්වල ප‍්‍රදේශ යේ කලක සිට අහස් දියෙන් ගොවිතැන් කරමින් ජීවිතය රැුකගන්නා මිතිදාස මහතා පැවති සෑම රජයකින්ම පාහේ තමන්ට සිද්ධ වූ අසාධාරණය රාවයට මෙසේ කීවේය.

‘‘මම 1992 ඉඳලා තමයි මේ කොටසේ ගොවිතැන් කරන්නේ. අපේ වැව යටතේ පවුල් 48ක් වගා කටයුතුවල නිතරවෙලා ඉන්නවා. අපිට තවමත් ඔප්පු නැහැ. මැතිවරණ කාලවලට නම් ඉඩම් කච්චේරි තියලා ඔප්පු දෙන්න කියලා පෝරම පුරවලා අපිව රවට්ටනවා. හැමදාම වුණේ ඕකනේ මහත්තයෝ.’’
තම ඉඩම් සඳහා කිසිදු හිමිකම් පත‍්‍රයක් නැති බැවින් නිරන්තරව වන රක්ෂණ මහත්වරුන්ගෙන් කරදර හිරිහැරවලට ලක්වන්නට සිදුවී තිබෙන බව ඔවුහු කියති. අවුරුදු 5ට වඩා වයස ගස් කපාදැමිය නොහැකිය වැනි නියෝග පවා ඔවුන් නිකුත්කරන බවත් තමන්ගේ හේන් ගොවිතැන් බිම් ඩෝසරයක් උපයෝගි කර ගෙන සකස් කිරීමේදී අත්අඩංගුවට ගන්නා බවත් ඔවුහු වැඩිදුරටත් පවසති. මෙවැනි සියලූ දුෂ්කරතා හමුවේත් ඔවුන් ගොවිතැනම කරති. කෙලෙසක හෝ ඉඩම් සකස් කරගෙන ගොවිතැන කර අස්වැන්න ගෙට ගත් විට ඔවුන්ගේ ජීවිතවල සතුට දෝර ගලයි. ගොවිතැනට වියහියදම් කිරීමට වූ ණය ගෙවා දමා අලූත් ජීවිතයකට හීන දකින්නේ මේ රන් අස්වැන්නත් එක්කය. එහෙත් ඒ හීනයටද දැන් කණකොක් හ`ඩය.

තුට්ටු දෙකට වී

දැන් තිස්ස යෝධකණ්ඩිය ආශි‍්‍රත ප‍්‍රදේශයෙන් වී අස්වැන්න කපන කාලය එළඹී ඇත. මෙදා මාස්කන්නයට වැස්ස අඩු නිසා අස්වැන්න හොඳය. බොල් වී අඩුය. එහෙත් මිල ගැටලූවක්මය. තිස්ස ප‍්‍රදේශයේ වී මෝල් හිමියන් එකතු වී අටවා ගත් මෝල් සංගමයක් වී ගැනුම් මිල පහළ දමා ඇත. ඔවුන් එයින් ද නොනැවතී පිටත ප‍්‍රදේශ තුළින් වී ගැනීම සඳහා එන ව්‍යාපාරිකයන්ට පහරදී ඇත. බියවද්දා ඇත. දැන් දැන් තිස්ස ගොවීන්ට තිස්ස මෝල් සරණ පමණි.
රජයේ සහතික ගැනුම් මිල රුපියල් 32කි. රජය එක් ගොවියකුගෙන් එක් අක්කරයකින් වී ගන්නේ කිලෝ 2000ක සීමාවකය. එම ප‍්‍රමාණය විකුණා ගැනීමටත් ගොවියා පෝලිමේ සිටිය යුතුය. වී කිරන ශ‍්‍රමිකයාගේ සිට ඉහළටම යනකම් කොමිස් මුදල් දිය යුතුය. මේ සියලූ කරුණු එක පෙළට නිසා ගොවියාට තම අස්වැන්න සොච්චමකට පුද්ගලික ව්‍යාපාරිකයාට විසිකර හිස් අතින් ගෙදර එන්නට සිදුවී ඇත.

‘‘රජය වී ගන්නවා තමා මහත්තයෝ. එයාලා 32කට කිලෝ එකක් ගන්නවා. තෙත 14ට තියෙන්න ඕනෑ. ඒ මීටරයත් බොරුවක්. දැන් මෙහේ මධ්‍යස්ථාන 4ක් තියෙනවා. එයාලා වී කිරන්න පටන් ගන්නේ මේ කන්නේ කැපිලා ඉවර වෙනකොට. අපිට මේ ණය කන්දරාව හැටියට මේ අස්වැන්න ගේ ඇතුළේ තියාගෙන ඉන්න බැහැ. අනික අපි කියන්නේ පාලන මිල නම් ඒක රජයටයි පුද්ගලික අංශයටයි දෙකටම එකක් වෙන්න ඕනෑ කියලා. දැනට මෙහෙ පුද්ගලික මෝල් හිමියෝ කිලෝ එකක් 28ට වගේ කිරනවා. මේක 25ට විතර අඩු වේවි කියලා තමයි අපි නම් හිතන්නේ. අපි කරලා තියෙන වියදමේ හැටියට 25ට විකුණලා අපිට වහ බොන්න තමයි වෙන්නේ. අනික මහත්තයෝ දැන් රජය මීටරය 14 හරියටම අපෙන් බලනවා. ඒත් සමහර වෙලාවට අපෙන් වී ගන්නා පුද්ගලික වෙළෙන්දෝ තොග පිට රජයේ ගබඩාවලට දෙනවා. ඒවට නිලධාරි කොමිස් ගන්නවා. අපි පෝලිමේ ඉන්නවා.’’ කේ.එම්.අමරසිංහ මහතාගේ මේ හ`ඩ අපිට කියන්නේ කිසිදු දෙයකට ප‍්‍රතිපත්තියක් නැති රටක සාමාන්‍ය මිනිසාට විඳින්නට සිදුවී තිබෙන කරුමයේ තරමය. එහෙත් මේ කිසිදු ගැටලූවකට ස්ථීර විසඳුමක හ`ඩක් නැත්තේය. එනිසා කන්නයෙන් කන්නයට ගොවින්ගේ ගොවි ගැටලූ අලූත් වෙමින් තිබේ. එය දැන් ලාංකේය යථාර්ථයයි.