Untitled-1

Untitled-1

ක්‍රිකට් මණ්ඩලේ කචල්


cricket

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නැවත උභතෝf කා්ටිකයකට හසුවූ හැඩකි. නොමැති නම් තමන් විහින් ම එවැන්නක් නිර්මාණය කරගත් සෙයකි. එළැඹෙන සිම්බාබ්වේ සංචාරයට කණ්ඩායමක් නම් කිරීම ඔවුන් වෙත පැවැරී ඇති පළමු වගකීම ය. එකී වගකීම ඉටුකළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම හෝ නොතැබීම ගැන ද සලකා බලා ය. ආරංචිය tadalafil vloeibaar අනුව ඒ ක්‍රිකට් පාලකයන්ගේ ඔපීනියන් එක ය.
කෙසේ වෙතත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් සහභාගි වෙන කණ්ඩායම මේ දක්වා ම නම් කර නොමැති යැයි පැවැසේ. එහෙත් සැබෑව නම් තේරීම් කමිටුව මගින් නම් කරන ලද කණ්ඩායම ක්‍රිකට් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ බලපෑම මත එළියට ඒ ම ප්‍රමාද කිරීමකි සිදුව ඇත්තේ.
ඔවුන් එසේ බලපෑම් කර ඇත්තේ මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික ගිවිසුමට අත්සන් නොතැබීම නිසා ය. දැන් ඔවුන්ගේ අදහස සිම්බාබ්වේ සංචාරය දඩමීමා කරගනිමින් ගිවිසුමට අත්සන් ලබා ගැනීමයි. මෙම ගිවිසුමට අත්සන් තැබීමට දී ඇති කාලය මේ සටහන තැබෙන දින සවස් වනවිට අවසන්වීමට යෝජිත වී තිබුණි.
යම් විදිහකින් මේ ගිවිසුමට ක්‍රීඩකයන් අත්සන් නොතබන්නේ නම් සිම්බාබ්වේ සංචාරය සඳහා දෙවැනි පෙළ කණ්ඩායමක් යැවීමේ සූදානමක් ගැන ද ක්‍රිකට් මහගෙදරින් ආරංචි වේ. ඒ සඳහා දැඩිව සිටිනුයේ ක්‍රිකට් පාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකි. කෙසේ වෙතත් මේ තීරණය කෙරෙහි ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ගේ විරෝධතාවක් ද එල්ල වී ඇති බවට ද ආරංචි ය.
“අපිට මේ විදිහට කටයුතු කරන්න බැහැ. අපි කරන්නෙ ජාතික වගකීමක්. ඒත් ඔවුන් අපිවත් පාලනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවත් පාලනය කරන්න හදනවා. ඒ ඒ ඒ අයගේ න්‍යායන්වලට. මේ විදිහට ගියොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිරි වෙන එකක් නැහැ.” ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය.
ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයක් වාර්ෂික ගිවිසුම අත්සන් නොකිරීම කෙරෙහි ක්‍රිකට් පාලකයෝ දැඩිව උරණව සිටිති. ඒ එහි වරද ඔවුන් වෙත එල්ලවීම නිසා ය. මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ ම දේශපාලනඥයෙකු ද ඉහළ ක්‍රිකට් නිලධාරියෙකුට තදින් දොස් පවරා තිබේ. එතැන් සිට ය මේ උරණ වීම.
“අපි වැඩ කරන්නත් ඕනෑ. බැනුම් අහන්නත් ඕනෑ. මේ ගිවිසුම මගින් අපි උත්සාහ කළේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් සැලකිල්ලට ගනිමින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වටිනාකමක් දෙන්න. බින්දු ගහන අයට සල්ලි දෙන්න අවශ්‍යතාවක් නැහැනේ? ඒ මුදල යන්න ඕනෑ සෙන්චරියක් දාන කෙනාට. මේ ක්‍රමවේදයටයි මේ ක්‍රීඩකයෝ අකමැති වෙන්නේ. අපි උත්සාහ කරන්නේ අපි ඔවුන්ට ලබාදෙන මුදලට ඔවුන්ගෙන් ද සේවයක් ලබාගන්න. කවුරු මොනවා කිව්වත් අපි, අපි ගත්ත තීරණයේ ඉන්නවා. යම් විදිහකින් ඒ අය මේ ගිවිසුමට අත්සන් නොකළොත් අත්සන් කරන දෙවැනි පෙළ කණ්ඩායමක් අපි ඉදිරියට ගෙනෙනවා.” ක්‍රිකට් විධායකයෙක් පැවැසුවේ ය.
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම අතර තරග සංචාරයේ තෙවැනි නිල නොලත් ටෙස්ට් තරගය සඳහා දිමුත් කරුණාරත්න වෙනුවට ළහිරු තිරිමාන්නට නායකත්වයේ කිරුළ ලබාදීම ද අප දකින්නේ ක්‍රිකට් පාලකයන්ගේ මුට්ටිය දමා බැලීමක් සේ ය. නිමා වූ තරග දෙකට ම සහභාගි වී සිටි ළහිරු තිරිමාන්න පිතිකරුවෙකු ලෙස සිටියේ අසාර්ථක මට්ටමේ ය. තෙවැනි තරගය ආරම්භ වීමට ප්‍රථම නිසි ලෙස නම් සිදුවිය යුතුව තිබුණේ තිරිමාන්න වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරීමය. එහෙත් තේරීම් කමිටු නිලධාරීන් සිදුකරන්නේ ලකුණු නොලබා පීඩනයෙන් සිටි තිරිමාන්නට නායකත්වය ද බාර දෙමින් අවසන් නිල නොලත් ටෙස්ට් තරගයට ද කැඳවීම ය. ක්‍රිකට් ආරංචි මාර්ග අනුව, යම් විදිහකින් එතැනදී තිරිමාන්න සාර්ථක වී නම් ක්‍රිකට් පාලකයන්ගේ අදහස වී ඇත්තේ වාර්ෂික ගිවිසුම් හුටපටය දඩමීමා කර ගනිමින් තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් දෙවැනි පෙළ කණ්ඩායමක් සිම්බාබ්වේ සංචාරයට එක් කිරීම ය. පාලකයන්ගේ අවාසනාවට ඒ උත්සාහය වැළකී ගියේ ය. කෙසේ වෙතත් මේ මුට්ටිය දැමීම තවම අවසන් නැත. ඒ එම තරගයේ සත්කාරකයන්ගේ දෙවැනි ඉනිම තවමත් ආරම්භ වී නොමැති නිසා ය.
ක්‍රීඩකයන්ගේ පාර්ශ්වයෙන් ලැබෙන ආරංචි අනුව නම් මේ ගිවිසුමට අත්සන් තැබීම අවසන් මොහොත දක්වා ම සිදු නොකිරීමට ය උත්සාහය. තැන තැන කතාවෙන ඔවුන්ගේ අදහස වී ඇත්තේ තමන් වෙත ලැබීමට නියමිත මුදල අඩුවීම බලවත් අසාධාරණයක් බවයි. එහෙත් ඒ අරබයා එළිපිට සටන් කිරීමට කෙනෙක් නැත. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ ද මේ අවස්ථාවේ සිටිනුයේ හිස් පහත් කර ගත් ගමන් ය. එබැවින් දෙවැනි පෙළින් උසස්වීම් ලද බොහෝ ක්‍රීඩකයන් අවසන් අවස්ථාවේ ක්‍රිකට් පාලකයන්ගේ බහට අවනතව ක්‍රිකට් ගිවිසුමට අත්සන් තබනු ඇතැයි දැනට පවතින ආරංචියයි.■